Wednesday, March 23, 2011

ඔබ නොදනී මුළු ලොවම දනී.. ( අවසාන කොටස )




                                ඒ වසර තුන පුරාවට චමත් ඇගේ සුවදුක් සොයා බැලුවේ ය.ඒත් ඒ ඇයට රහසින් ය. හද සාක්ෂිය අනූවත් ඔහුගේ හිතේ ඇඳී තිබූ යම් හැඟීමක් නිසාත් ඔහු තුෂී ගැන සොයා බැලුවේය.

                                මුලින් මුලින් දොඩමළු නොවූ තුෂී පසුව නොනවත්වා කියවන්නට විය.මානසික රෝහලේ ගත කරන තුන්වන වසර වනවිට ඇයට යම් සුවයක් තිබුනක් අතොරක් නැතිව කතා කිරීම නතර නොවිනි.

                                චමත් හා කසුන් පාසල් වියේ මිතුරන් වීම දයිවෝපගත සිද්ධියක් මෙන් විය.කසුන් පළමුවරම වයිද්‍යවිද්‍යාලයට ඇතුල් වූ අතර චමත් දෙවන වර විභාගයට මුහුණදී විද්‍යා උපාධිය සඳහා ඉගෙනුම ලැබීමට තේරිණි. 

                                බොහෝ කලකට පසු මෙම රෝහලේදී අහම්බෙන් හමුවන තම මිතුරා වන කසුන්ට චමත් සියලු සිද්ධිය නොවලහා කී අතර විකුම්ව පාවා දීමක් නොකලේ ය.චමත්ගේ කතාව අසන හැමදෙනෙකුටම මෙන් කසුන්ටද ඔහු ගැන දැඩි පිළිකුලක් ඇති වූ අතර එහෙත් එය නොඇඟවීය.කසුන් සිතූ එකම දේ නම් තුෂී මෙවන් දුකක් විදින්නේ ඇය කල යම් අකුසලයක් නිසා බවත් චමත් කල මේ බොරුවට කෙදිනක හෝ ඔහුටද විදවීමට සිදුවන බවයි.

                                රෝගයට හේතුව මෙතුවක් කල් සැඟවී තිබුනද දැන් එය හෙලි වූ නිසා තුෂීට ප්‍රතිකාර කිරීම තවත් පහසු වූ අතර ඒ නිසාම ඒ වසරේ අඟභාගය වනවිට ඇය සම්පූර්ණ සුවය ලැබුවා ය.ඇය මෙතුවක් අවුරුදු 3ටම චමත්ව දැක නොතිබුනි.චමත් සිතුවේ මේ වනවිට ඇයට ඒ අමිහිරි සිදුවීම අමතක වී ඇතැයි කියා ය.(හදිසි කම්පනයකින් හිත වුල් වන බොහෝ රෝගීන්ට එසේ වීමට හේතු වූ සිද්ධිය හරි හැටි පැහැදිලිව මතක් නැත.)

                                සුවය ලැබූ තුෂී තව මොහොතක් හෝ රෝහලේ ගත කිරීමට අකැමැති වූ හෙයින් ඇගේ දෙමාපියන් ඇය නිවසට එක්කන් ගියහ.

                               මේ අතර තුෂීගේ දෙමාපියන් ඇගේ කලවයස පසුවී යමින් පැවතීම ගැන දැඩි ශෝකයෙන් ඇයට හොඳ සහකරුවෙක් සොයන්නට විය. එහෙත් එය එතරම් ලේසි පහසු නොවිනි. ඇයට මානසික අසංතුලිතතාවයක් තිබූ බව කියූ පමණින් බොහෝ දෙනා ආ පයින්ම ගිය හ.

                               එහෙත් එක් දිනක් ඊට සපුරා වෙනස් දෙයක් සිදුවිය.ඇය බලන්නට සුපුරුදු පරිදි මනමාලයෙක් ,ඔහුගේ නෑදෑහිතවත්තු යනාදී සෑහෙන පිරිසක් පැමිණි අතර  නෑදෑයින් ඉඩකඩම්,දේපල පිරික්සන අතර ඔවුන් දෙදෙනාට තනි වන්නට මොහොතක් ලැබුනි.

"ඔයාගෙ නම මොකක්ද..?"

"තුෂී"

"මගේ නම අහන්නෙ නැද්ද..?"

("ඔහ්..මෙයානම් සිරාම මනමාලයෙක් පාටයි.." තුෂීට සිතුනි..)
ඇය මද සිනාවකින් නිහඬ විය.

"කියන්ඩ බලන්ඩ ඔයා ගැන විස්තර ටිකක්..."
එක එල්ලෙ තුෂීගේ දෑස දෙස නොබලා ඔහු ඇසීය.

"මට පිස්සු හැදිලා හිටියා.. දැන් හොඳයි.."
තුෂීට විවාහයක් ඕනෑ නෑත. ඇයට ආදරය,විවාහය බොරුවක් ලෙස දිස් වේ.එමෙන්ම මානසික අසනීපයක් තිබි ඇති බව එන ඕනෑම මනමාලයකුට ඇය පලමුවෙන්ම කියන දෙයයි,එවිට ඔහු තුෂ්නිම්භූතව බලාසිට පලා යයි.

"හෙ..හේ...ඇත්තට..? ඒ මොකෝ..?"
ඔහු හිතුවේ ඇය කරන්නේ විහිලූවක් කියා ය.විහිළුවට විහිළුවකින් පිලිතුරු දී ඔහු බලා සිටී.

"මම යුනිවර්සිටි ඉන්නකොට කෙනෙක්ට ආදරේ කරා............"
ලෙස පටන්ගත් කතාව ඇය කිසිවෙකුට මීට පෙර නොකී ලෙස විස්තර කර කීවා ය.

                                   මුලින් මුහුණේ මැවී තිබූ සිනාව මැකී ගොස් "ඔහු"ගේ මුහුනට බැරෑරුම් පෙනුමක් ආරූඩ විය. කතාවේ අවසානයට යනවිට ඔහුගේ හිතට කතාව තදින් කාවැදී තිබුණි.ඔහු ප්‍රේමය ගැන මීට පෙර උනන්දු වූවෙක් නොවූවද හොඳ හිතක හිමිකාරයෙක් විය.

එදා ඔවුන් පිටත්ව ගිය අතර  "ඔහුගේ" මුහුණෙ වූ හැඟීම, ඒ බැල්ම, ඇයට තේරුම් ගන්නට නොහැකි විය.

                                  මේ අතර චමත් සුපුරුදු පරිදි තුෂීගේ සුවදුක් දැනගැනීමට රෝහලට පැමිණියේ ඇය ගෙදර ගිය බව නොදැන ය. එතැනින් ඇයගේ ලිපිනය ඉල්ලාගත් ඔහු ඇය සොයා ඇගේ ගමට ගියේ ය. 

කීපදෙනෙක්ගෙන් ඇසු පසු ඔහුට ඇගේ ගෙදර සොයාගැනිමට අපහසු නොවීය.

                                 අඩියෙන් අඩිය ගෙදරට ලංවන විට ඔහුගේ හිත ,යලිහැරී යන්නටැයි කෑ ගසා කීය.නමුත් ඔහු එය බිඳකුදු ඇසුවේ නැත.හැමදිනකම ලෙස ඔහු තමන්ගේ හදවතට ඇහුම් කන් නොදුන්නේ ය.

                                ගේට්ටුව ලඟට විත් කවුරුන්හෝ සිටීදැයි විපරම්කල ඔහුගේ දෑස නතර වූයේ මිදුල අමදිමින් සිටි තුෂී ලඟය.ඔහු මොහොතක් නොසැලී සිටියේ ය.ඒ මිනිත්තු කීපයට තුෂී තමන් නියැලෙමින් සිටි කාර්යයෙන් මිදී ගේට්ටුව දෙස බැලුවේ යම් ඉවකින් මෙනි.ඇය තවත් තත්පර කීපයක් මේ ආගන්තුකයා දෙස බලාසිටියේ හරියටම අඳුනාගන්නටය.ඇය චමත් යලි මුණගැසිමට කෙදිනකවත් සිතුවේ නැත.
ඒ මොහොතේම ඇගේ මවද ගේට්ටුව ලඟ ආගන්තුකයකු සිටිනු දැක ගෙයින් පිටතට පැමිණියේ ය.

මවද පිටතට ආ බව දුටු තුෂී,

"එන්න ගෙට"
යැයි කිසිත් නොඅඟවා කීය.

                               එය හොඳ නිමිත්තකැයි චමත් හිත සැහැල්ලු කරගත්තේ ඔහු එවන් පිලිගැනීමක් බලාපොරොත්තු නොවුනු නිසාවෙනි. නමුත් එසේ කීමට තුෂීට හේතු ගොඩකි.එකක් නම් ඇගේ මව මේ කිසිවක් තවම නොදනී.අනික නම් ඇය බැනවැදී චමත්ව එලවාගත්තේ නම් අහලපහල මිනිස්සුද සියල්ල දැනගනු ඇත.

"අහ්.. මේ කවුද දරුවො..?"
අම්මා ඇසුවේ තුෂීගෙනි.

"මම චමත්.."
පිලිතුර චමත්ගෙනි.ඔහු කවදත් කටදැම්මේ තමන්ට අයිති රාජකාරි වලට නොවේ.

"දෝණිගෙ යාළුවෙක් වෙන්ඩ ඇති... දැන් මේ දරුවා මොකද කරන්නේ..?"

"මම දැන් රජරට යුනිවර්සිටි එකේ ලෙක්චර් කෙනෙක්.. මේ පැත්තේ නෑදෑ ගෙදරක ආව එකේ තුෂීවත් මුණගැහිලා යන්න හිතුවා.."
ඔහු මුසා දොඩයි.

                             තුෂී කෝපයෙන් වෙව්ලයි.ඇයට ඇගේ මුළු ජීවිතයෙන් අවුරුදු 15කටත් වඩා කාලයක් ඉගෙනගත් දෙයින් පල නෙලා ගන්නට නොහැකි වූයේ චමත් නිසා ය. 

"ඉන්නකෝ.. මම ඔය ළමයට රණවරා වතුර ටිකක් ගෙනත් දෙන්න.. මේ පැත්තට බස් නෑනේ පුතේ වැඩිය. ඇවිදං ඇවිත් මහන්සිත් ඇතිනේ.."
එසේ කියූ මව ගේ ඇතුලට ගියා ය.

ලද අවසරයෙන් තවත් පමාවිය නොහැකි ව චමත්,
"තුෂී..."

"ම්ම්..."
ඇය නොරිස්සුම් හඬින් පිළිතුරු දෙයි.

"මට.... සමාවෙන්න...'"
ඔහුට ඇගේ ඇස් දෙකට කෙලින් කතාකල නොහැක.ඒ ඔහු ඇය ඉදිරියේ බොරු කාරයෙක් වි අවසන් නිසාවෙනි.

"ඕනෙම බලු වැඩක් කරලා සමා වෙන්න කිවුවම... ඔයා හිතනවද චමත් ඔක්කොම හරි කියලා..?
මම අද රස්සාවක් නැති කෙල්ලක්... ඔයාට පුළුවන්ද මට ඒ නැති වුන හැමදේම දෙන්න..? 
බෑ.............. 
ඔයා මහ නරුමයෙක්..!!!
තව ආවා ආයෙත් මට පරණ දේවල් මතක් කරලා හිත පාරන්න.. 
ඇයි ඔයා ආවේ...?"
ඇය නොහඬයි.. නොහඩා සිටීමට වෙහෙස දරයි.ඒත් නෙතඟින් නිරායාසයෙන් කඳුළුකැට එලියට පනී.

"ම්,...මම... ආවේ..."

"තව මොනවද ඔයාට කියන්ඩ ඉතුරු වෙලා තියෙන්නේ..? පිං සිද්ධ වෙයි... ආපු අතක් බලාගෙන අපෙ අම්මා එන්ඩ ඉස්සෙල්ලා ආපහු යන්ඩ.. 
මගේ අහිංසක  අම්මා දන්නේ නෑ මට මොකක්ද වුනේ කියලා.."
ඇය පුළුවන් තරම් ආවේගය කෝපය පාලනය කරගෙන කීවා ය. ඇගේ මානසික තත්වයට ඇද වැටුනු ඉන්නා කෙනෙකුට එය ලේසි පහසු නොවේ.

චමත් නැඟිට්ටේ ය.කසුන් සිතුවාක් මෙන් චමත් විදවිය යුතුය.ඔහු සෙමින් සෙමින් ඉදිරියට ඇඳෙයි.හරියටම "එදා" තුෂී පාර දිගේ ඉදිරියට ඇදුනාක් මෙනි.

ඔහු ගේට්ටුව පසුකරන විටම, ඔහු හැරයන මඟ දිගේ විත්, ගේට්ටුව ලඟ මෝටර් බයිසිකලයක් නතර විය.


                                   ෴ සමාප්තයි෴



If you win, you need not have to explain..
If you lose,you should not be there for explain...

32 comments:

  1. කතාවේ අන්තිම තා ටිකක් පැහැදිලි කලානම් හොඳයි.....මට සමහර තැන වලදී ඇස් වලට කඳුළු ආවා.....හරිම ලස්සනයි කතාව..............

    ReplyDelete
  2. කතාව මට මග ඇරුන නේ...පෙරේදා කියවන්න ඉදියේ ඔක්කොම..ඒත් වෙලාවක් නැති උනා..අද නම් කියවනවා... :)

    ReplyDelete
  3. ඒ මඟුල හරි ගිහින් වගේ..
    චමත්ට කෙල්ලගෙන් සමාවක් බලාපොරොත්තු වෙන්න බෑ කවදාවත්ම

    ReplyDelete
  4. මොනා වුනත් දැන් චමත් පවුත් හිතෙනවා.. අයියෝ මන්දා.. මට නිකං සයිකො වගේ.. හිහ් හිහ්..

    ලස්සන කතාවක්.. මම ඉතින් මුල ඉදලාම කියෙවුවානේ... ආයිත් අහන්න තියෙන්නේ "ඉතින් ඊළඟට" කියලා තමා.. :D

    ReplyDelete
  5. ඉතිං ඊට පස්සේ, ඊලඟ කතාව එන්නෙ කවද්ද??

    ReplyDelete
  6. තුෂිට අපු මනමාලයා කැමතියි වගෙ...

    උන හැමදෙකටම වගකියන්නෙ ඉන විකුම්... මොකද එයාගෙ පළිගැනිමෙ චෙතනාව නිසයි මෙ ඔක්කොම උනෙ..

    නමුත් චමතුත් වැරදියි.. යාළුවො කොහොම කිවුවත් වැරදි දෙයකට සහය නොදි ඉන්න චමත්ට තිබුනා.. හැමදෙකින්ම උනෙ තුෂිගෙ ජිවිතෙ ලස්සන කාලය නැති උන එක...

    ReplyDelete
  7. @සිතුවිලි : ම්ම්.. නොපැහැදිලි තැන් මොනවද කියන්න පුළුවන්ද..? මම ටිකක් තේරුම් කරන්නම්..

    ස්තූතියි ඔයාගෙ කොමෙන්ට් එකට..:)

    ReplyDelete
  8. @රත්ගමස් ; හික්ස්..:P:P

    ReplyDelete
  9. @තාරක මල්ලී : කතාව ලියද්දී මටත් එහෙම හිතුන නිසයි මම එයාව කපාහැරියේ..:) ඒත් තුෂී වෙනුවට එතන හිටියේ මම නං මම චමත්ට සමාව දෙනවා..ඒ.. මම තුෂීටත් වඩා ගොඩාක් මෝඩ නිසා..:)

    ReplyDelete
  10. @ළමයා : මටත් හිතෙනවා චමත් පව් කියලා.. මේ කතාවේ මම ආසම කෙනා තමා චමත් කියන්නේ..ඒ නිසා තමයි මම හිතුවේ එයා කරපු ගොංකම් වලට අන්තිමට හොඳ දඬුවමක් ලැබෙන්න ඕනෙ කියලා..

    ReplyDelete
  11. අහ්.. තාරක මල්ලී...: ආයේ කතාවක්..? :\.... බලමුකෝ.. මට නම් අයේ කතා ලියන්න හිතෙන්නේ නෑ..:)

    ReplyDelete
  12. @දිනේෂ් අයියා ; ඔයා තේරුම් ගත්තා හරියටම හරි.. විකුම්ට ලැබුණු තෑග්ග කොයිවගේ දෙයක් වෙන්න ඇද්ද..? මට නං හිතෙන්නේ චතූ එයාව දාලා යන්න ඇති... එහෙම නොගියානං තමා පුදුමේ..

    ReplyDelete
  13. ඔය තියෙන්නේ.......අන්න හරි නංගී...මේක තමයි කතාවට දෙන්න පුළුවන් හොඳම අවසානය...චතු,විකුම්,චමත්...ඒ චරිත පාඨකයාට බාද දෙන්න ඕනේ....මං අදහස් කරපු දේ තමා මේ කරලා තියෙන්නේ....නියමයි.....

    ReplyDelete
  14. අවසානය නම් මරු හොඳේ... තව කතාවක් ලියන්නකෝ....

    ReplyDelete
  15. හරිම ලස්සනයි අක්කා..මමත් මේ කතාව මුල ඉදන්ම පෙරෙතකමෙන් බලන් උන්න කෙනෙක් නේ..මම ත් අක්කා වගේ ඔය තැන උන්නා නම් සමාව දෙවි කියලා මට හිතෙනවා..එත් හොදම දේ සමාව නොදුන්න එක ...

    ReplyDelete
  16. @මකුළු අයියා :^_^... හරි සතුටුයි අයියා නිමාව ගැන ඔහොම කියපු එක.. නැත්තම් මගෙ කතාවක් ටෙලියක් වගේ ගලාගෙන ඇවිත් අන්තිමට කා ගනීද කියලයි මම හිතුවේ..

    ReplyDelete
  17. @නුවන් : ස්තූතියි..බොහෝම ස්තූතියි නුවන්.. ම්ම්... තව කතාවක්..? බලමුකෝ...

    ReplyDelete
  18. @නිම්ශා නඟා : ඔයාගේ කොමෙන්ටුත් මට ලොකු හිතට හයියක් වුනා නංඟා කතාවේ ගලායෑමට.. ස්තූතියි හොඳේ..? ඔව්.. හොඳම දේ සමාව නොදුන් එක..

    ReplyDelete
  19. එක්සලන්ට් !!!!!! කතාව ලස්සනට ඉවර කරලා තියෙනවා. මේ කතාව නව කතාවක් කලා නම් අනිවාර්යෙන්ම හිට් වෙනවා. ඒ තරමටම ලස්සනයි. ඔක්කොම කොටස් ටික මේ දෑන් කියවලා ඉවර කලා විතරයි !!!!

    තව කතාවක් ලියන්න.ලස්සනයි මේ කතාව !!!!

    "ඔඹ නොදනී මුළු ලොවම දනී.............."

    ReplyDelete
  20. @මධුරංග අයියා : ^_^.... ප්‍රීතී..ප්‍රීතී. මට හරිම ප්‍රීතී..^_^
    මම නොදනී මුළු ලොවම දනී කියන දෙයින් අදහස් කලේ... කොයි වගේ දෙයක්ද අයියා..? :):).. බලමු බලමු අයියා.. තව කතාවක් ලියන එක ගැන..:D

    ReplyDelete
  21. @ප්‍රාර්ථනා :
    ඔබ නොදනී මුලු ලොවම දනී කියලා කිව්වේ මම මේ කතාවට කොච්චර ආස කලාද කියන එකයි.

    අහන්න අමතක උනා. පේරාදෙණි විශ්ව විද්‍යාලයට එන එක හීනයක් කියන්නේ ඇයි ?

    ReplyDelete
  22. @මධුරංග අයියා : මේකයි.. මම ආස පේරාදෙණියට.. මම මේ සැරේ විශ්වවිද්‍යාලෙට තේරුනා.. ඒත් ගිය සැරේ පේරාදෙණියට මෙහෙන් ගත්තේ 10යි.. මේ සැරෙත් 10ක් ගත්තොත් මම අහු වෙන්නේ රාගමට.. මම 11... ඒකයි මම කිවුවේ අයියා..:)

    ReplyDelete
  23. මුලින්ම කිව්වා ඕං සමා වෙන්න ඕන මටත්...මේක ලියන්න මෙච්චර කල් ගිය එක ගැන...

    ඇත්තටම මම මේ කතාව මගේ රීඩරේ දෙතුන් විටක්ම දැක්කත් දිග ලිපි පෙළක් හින්දා එකතු කරලම කියවන්න හිතාගෙන හිටියේ...

    මොකද දැකපු දෙබස් වලින්ම තේරුනා කියවන්න වටින ලස්සන කතාවක් කියන එක..මට ඉස්සර ඉඳලම පොතක් බාගෙට කියවලා නිදා ගන්න බැරි ලෙඩක් තියේ..පහුවදාට මොන වැඩ තිබ්බත් කියවන එක ඉවර කරලා මිස නිදා ගන්න බැහැ..ඒ හින්දා මට මේකත් කෑල් කෑල්ල බලලා ඉවසන් ඉන්න බැරිවෙන විත්තිය තේරුන නිසාම පස්සේ එකතු කරලාම කියවනවා කියලා...

    ඒත් දවසක් මම දැක්කා කතාව ඉවරයි කියලා..ඒ උනාට ඒ වෙනකොට මට නිදහසේ කියවන්න තරං වෙලාවක් හොයාගන්න බැරි උනා..අද කාලෙකට පස්සේ ටිකක් නිදහසේ හිටියේ..ඒත් එක්කම මට මේ කතා පෙළ මතක් වෙලා හොයාගෙන ඇවිල්ලා නිදහසේ කයවලා ඉවර කලා.

    කතාව ගැනනං කියන්න දෙයක් නැහැ..බොහෝම ලස්සනට කතාව ගලාගෙන ගිහිල්ලා තියෙනවා..අමාරු භාෂාවකුත් නෙවෙයි බොහෝම සරලයි..ඒත් සරලව ලියන දේ කෝලමක් නොවෙන්න නම් හොද ලිවීමේ හැකියාවක් තියෙන්න ඕන...

    නැත්තං සරල උනත් කියදේ නිකං හෑල්ලක් වගේ වෙනවා..මුළු කතාව පුරාවටම මට හරිම පැහැදිලි ගතියක් තිබුනා.ඒ ඔයාගේ ලිවීමේ දක්ෂතාවය හින්දයි.

    චමත්ට සමාව දීම හෝ නොදීමවත්..විකුම්ට කරපු වරදට දඩුවමක් නොලැබීමවත් ගැටළු නෙවෙයි...කතාවට ඒ හැම දේම උදව් වෙලා තියෙනවා පොලොවේ පය ගහගෙන ලියවෙච්ච කතාවක් බවට පත් වෙන්න. නැත්තං මේකත් හින්දි ෆිල්ම් එකක් වගේ වෙනවනේ...

    එහෙම බැළුවම කතාව නියම පාරේ තමන්ට ඕන අතටම ගිහින් තියෙනවා...

    ඒ වගේම අතර මගදී දැක්කා 50 වෙනි ලිපියේ සැමරුමත්...

    ඉතින් එතනදීවත් නැවතිලා සුභ පතන්න මට උනේ නැහැ..ඒ කියවලා ඉවර කරන්න තියෙන හදිසිය නිසා.

    ඒ හින්දා මම මෙතනම අවස්ථාවක් කරගන්නවා 50 වෙනි ලිපියට සුභ පතන්නත්... මේ කතාව වෙනුවෙන් මහන්සි වීම ගැන ස්තූති කරන්නත්...

    දිගටම ලියන්න න‍ගේ...ඔයා යන පාර හරි ලස්සනයි...

    ඔන්න යාන්තං සෑහෙන දවසක ඉඳලා කරන්න බලා හිටි වැඩක් අද අහවර කලා...

    ReplyDelete
  24. ලස්සනම ලස්සන කතාවක්. මම මෙච්චර දවස් හිතාගෙන හිටියෙ සහ කියවල තිබුනෙ හිනායන, විහිලූ කතා ,නිසදැස් ,කවි බ්ලොග් විතරයි. ඒත් මේක දැක්කම හිතුන මේ වගේ දෙයක් කොච්චර අගේද කියල. ඔයා ලස්සනට ලියල තියෙනව. කතාවෙ ගලාගෙන යෑමට සහ අවසානයට මම කැමතියි. ආයෙ එකක් ලියමු.. :)

    ReplyDelete
  25. @මාරයියා : ^_^ ^_^ ^_^ මගේ සතුට කියලා නිම කරන්න බෑ අයියේ.. හිතුවේ නෑ කවදාවත් අයියා වගේ ප්‍රවීණයෙක්ගෙන් මේ වගේ කොමෙන්ට් එකක් මට ලැබෙයි කියලා.. අද මට ඒකත් ලැබුනා.. බොහෝම ස්තූතියි.. හැම වචනයකටම..
    :):):):):)

    ReplyDelete
  26. @හිම කුමාරී : ගොඩාක් ස්තූතියි අක්කේ... ^_^
    මේ කතාවට මට ලැබෙන comments මට විශේෂයි..මොකද මේ තමයි මගේ කුළුඳුල් කතාව...
    ආයේ එකක් ලියන්න නම් ආසයි.. ඒත් ඊට හොඳයි..දැන් දැන් බ්ලොග් එකේ පලවෙන ලස්සන කතා කියවන එක.. ඉඩක් ලැබුනොත් ආයෙත් බලමුකෝ.. :):)

    ReplyDelete
  27. මුළු කතාවම කියෙව්වෙ අද... කවදාවත් කතාවක් මේ තරම් හිතට වැදිලා නෑ. පළවෙනි වතාවට බ්ලොග් එකක කතාවක් ඇස් දෙකට කඳුළු පිරෙව්වා. ඒ තරම් මේ කතාව හදවතට දැනුනෙ ඇයි කියනවනම් මේ කතාවෙ පුංචි අඩු වැඩිවීම් ටිකක් උනානම් මන්තරකාරි දන්න ඇත්ත කතාවක් වෙනවා...

    ReplyDelete
  28. @මන්තරකාරී : ප්‍රබන්ධයට වඩා සත්‍යය රසවත්.. ඒකයි මේකට හේතුව මිතුරී... :)

    ReplyDelete
  29. ලස්සනම ලස්සන කතාවක්..ඇතත්ම කියනව නම් මගෙ ඇස් වලට කදුළුත් ආවා..අද තමයි මම ඔයාගේ බ්ලොක් එක පළෙවෙනියෙන් කියවන දවස.. ගොඩාක් හොදයි අක්කි.. දිගටම ලියන්න හරි ආසාවෙන් මම දැන් හැමදාම ඔයාගේ බිලොක් එක කියවන්න එනවා..මම ඔයාට සුභපතනවා දිගටම ලස්සනට ‍බ්ලොක් එක ලියන්න කියලා

    ReplyDelete
  30. ස්තූති‍යී අමා නඟෝ... මට හරි සතුටුයි මේ කතාව ගැන කෙනෙක් ඔහොම කියනවා ඇහෙනකොට.. මම හරි ආසාවෙන් හිටියේ කතාවක් ලියන්න.. මේ තමා ඒ කතාව... ස්තූතියි නංඟා.. ආයෙත් මේ පැත්තේ එන්න.. ඔයත් ලියන්න... :)

    ReplyDelete
  31. prarthana....hithe tiyena de liyaganna oyata taramlassana wachana nm ne mn gawa.et saralawama kiyanawa nm godaak aduna me kathawa kiyawaddi..except the last two chapters,rest is same as a part of my true life story.He is from the same town..we are from the same uni..Kiyawaddi hitune godaak aya dan nati mage jivithe yata giya kathawak oya kohomada denagathte kiyala.. :) thushita taram lesiyen matath e boruwa denaganna tibuna nm...!

    mage ge issarahath wena bike ekak newatuna..et magen niyama agantuka sathkara labenawada kiyala nm hariyatama kiyanna dan ne tamath..

    lassanai..hitha awrudu 4 k apassata diwwa..!!!

    Love this...bt...hate the story..!!!!

    ALL THE BEST.!!!

    ReplyDelete
    Replies
    1. හෝඩියේ තියන අකුරු අරන් මේ ඔක්කොම ලේඛකයෝ ලියන්නේ කොහේ හෝ ඉන්න , කවදාවත් හමු නොවුන , කවදාවත් නොඇසුව , නමුත් කාගේ හෝ ජිවිත තමයි තිලූ..

      අජානේය ඉස්කූටර් කුමාරයාට හිත පිරෙන තරම් ආදරේ දෙන්න උත්සාහ කරන්න.. ඔයාට බැරිවෙන එකක් නෑ...

      බොරු වංචාකාරයොන්ට ඒ ඒ විපාක ලැබේවී... ඇත්ත ඒකයි... :)

      වටිනාකම් , ඇඟයීම් , කිසි ලෙස..නිසි කල හඳුනගන්නෙ නැත්තම්... වෙන කොයි කාලෙක අඳුන ගත්තත්.. ඒකෙ කිසිම වටිනාකමක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ..

      ස්තූතියි මේ පැත්තේ ආවට.. :)
      ආයෙත් එන්න..

      Delete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...