ඔහු මියුරු සරින් ගී ගයයි.. වටේ පිටේ සියුම් කසු කුසු නැඟෙයි.ගැහැනු ළමයි,නැඟෙන සිනා සඟවාගන්නට බොරු උත්සාහ වල යෙදෙයි.සමහර පිරිමි ළමයින්ගේ කටවල් වලට බ්‍රේක් නැත.
"අයියෝ.. පොළඟා කාටදෝ.. නෑ..නෑ.. කවුදෝ පොළඟට ලව් කරලලු බං.. ඌ එහෙම නෑලු බං.. කවුරු උනත් දුකම තමා..."
"ඒක තමා නේද බං.. ඇත්තට කවුරු වෙන්ඩ පුළුවන්ද... අපි දන්න කෙනෙක්වත්ද බං.."
ඔවුන්ට එය හුදු විහිළුවක් පමණී..
මේ කිසිත් තුෂීට ගාණක් නැත. ඇය නිසොල්මනේ ඒ සිනාවත් වත දෙස දෑස් යොමා ඒ ගැඹුරු හඬ වෙත දෙසවන් යොමා සිටී.ඇය තව තවත් සිනාවෙන් වත සරසාගත්තීය. ඇය නොසැලී සිටියා ය. එහෙත් මොහොතකට පෙර චමත් කියූ වදන් ඇගේ කන් අඩි පැලෙන්න තරම් හඬින් ඇසෙන්නා සේ ඇයට දැනේ..හැඟේ..
"ඔන්න බලන්න.. මම එදාට කියන සිංදුවෙන් ඔයා පුදුමෙනුත් පුදුමයට පත් වෙනවා.."
"ඔන්න බලන්න.. මම එදාට කියන සිංදුවෙන් ඔයා පුදුමෙනුත් පුදුමයට පත් වෙනවා.."
"ඔන්න බලන්න.. මම එදාට කියන සිංදුවෙන් ඔයා පුදුමෙනු..........."
ඔහු එසේ නොකිවුවානම්.. ආයෙත් මතක් කල විට එය කියන විට ඔහුගේ දෑසේ කපටි පෙනුමක් ගෑවිලාවත් තිබුනේ නෑ නේදැයි ඇය සිතුවා ය.ඒත්.....
මේ අතරේ කෙනෙක් තුෂීගේ ප්‍රතිචාරයන් දෙස තියුණු දෑසින් යුතුව බලාහිදී.ඇය උසුළු විසුළු වලින් තබා ගීතයෙන් වත් සැලුනු බැව් නොදුටු ඔහු අන් කවරකුවත් නොවේ විකුම් ය.ඇය කවදාවත් ඔහුට වරදක් කරනැත. ඇගෙන් පලිගත්තා කියා තාත්තා ආයේ එන්නේද නැත.දුර දිග නොබලා තමන් ගත් තීරණය කොතරම් බරපතලදැයි ඔහු සිතයි.
හවස හතර පමණ වනවිට බෝඩිමට ගිය චමත්ට තද හිසේ ඇම්මක් දැනුනි.ඒ වෙනකක් නිසා නොව තමන් කරන මුලාව නිසා හිත නොසන්සුන් වීමෙන් ඇති වීමකැයි ඔහු සිතීය.ඔහු කොම්පියුටරය ක්‍රියාකරවා ඔහුගේ උපන්දිනය වෙනුවෙන් තුෂී ලියා පලකර තිබූ ලිපිය නැවත කියවන්නට පටන් ගත්තේ ය.
"ඇත්තම කියන්නම්,මට ඔය කතාකරන ඇස් දිහා බලන් කිසිම දෙයක් කියා ගන්න බෑ.ඒ ඇයි? අනේ මට නම් තේරෙන්නේ නෑ.කල්පයක් පෙරුම් පුරනවා ඔයාව දකින්න.ඒත් දැක්ක ගමන් හිත, බිම බලාගෙන යන්න."
සංදර්ශණයෙන් පසු ශාලාව අස්පස් කිරීමට ටික දෙනෙක් ඉතිරි විය.තුෂී චතූ සමඟ එක්ව ශාලාව අතු ගාන්නට විය. චමත් ඇඳුම් මාරුකරගෙන පැමිණ මිතුරන් හා එක්ව බඩු මුට්ටු එහෙමෙහෙ කලහ. සංදර්ශනය පටිගත කරතිබූ අතර රෑ බෝ වී එය නැරඹිමට චමත්ගේ බෝඩිං කාමරයට එක් වීමට විකුම් ඇතුලු පිරිස කතිකා කර ගත්හ.
මේ අතර තමන්ගේ ගීතයට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වමින් බිම බලාගෙන තමන්ගේ වැඩක තමන්ගේ පාඩුවේ නියැලෙන තුෂී දුටු චමත්ට මද නොසන්සුන් බවක් දැනුනි.බලෙන් කතා කිරීමට ගොස් ඇය විසින් අහන අතෝරක් නැති ප්‍රශ්න හමූවේ නිරුත්තර වන්නට බැරිය.ඒ අතරේ කතාවට පොටක් මතක් වූ චමත් තුෂී අසලට ඇඳෙන්නට විය.
"තුෂියො.."
"ම්ම්..?"
තුෂී පයට පෑගුන කඩදාසි කොලයක් අහුලා කසල බඳුනට දමන ගමන් ..
"ඔයා ලඟ මගේ ප්‍රොජෙක්ට් එකක් තියනවා නේද..? හරී ෂෝක්.. දැන් රිටන් කරන්න කල්හරි.."
යැයි විහිළුවට මෙන් සිනාවක් මූනේ තවරාගෙන ඇසීය.
"අහ්.. ඔව්මයි.. අනේ සොරි ඩලෝ.. මම... අද හවසට...."
"නෑ..නෑ.. මම එන්නං අරං යන්න.."
"හ්ම්... ටැන්කූ..."
ඇය මුහුණ ඇලකර සිනාසෙයි.
ඇය සිනාසෙන්නේ කඳුළු අතරින්ද නැත්නම් අව්‍යාජවදැයි වෙන්කර හඳුනාගැනීමට නිශ්පල උත්සාහයක යෙදෙන අටියෙන් මිනිත්තු කීපයක් ඒ වත දෙස බලාසිටි චමත් එතනින් ඉවත්ව ගියේය.ඔහු ඉවත්ව යන අයුරු බලාසිටි තුෂී නැවත කරමින් සිටි කර්යයට සිත යොමු කලා ය.
හවස හතර පමණ වනවිට බෝඩිමට ගිය චමත්ට තද හිසේ ඇම්මක් දැනුනි.ඒ වෙනකක් නිසා නොව තමන් කරන මුලාව නිසා හිත නොසන්සුන් වීමෙන් ඇති වීමකැයි ඔහු සිතීය.ඔහු කොම්පියුටරය ක්‍රියාකරවා ඔහුගේ උපන්දිනය වෙනුවෙන් තුෂී ලියා පලකර තිබූ ලිපිය නැවත කියවන්නට පටන් ගත්තේ ය.
"ඇත්තම කියන්නම්,මට ඔය කතාකරන ඇස් දිහා බලන් කිසිම දෙයක් කියා ගන්න බෑ.ඒ ඇයි? අනේ මට නම් තේරෙන්නේ නෑ.කල්පයක් පෙරුම් පුරනවා ඔයාව දකින්න.ඒත් දැක්ක ගමන් හිත, බිම බලාගෙන යන්න."
"අන්තිමට මට පිස්සු හැදෙයි වගේ.."
චමත් සිතයි.
"ටොක්..ටොක්.."
කවුරුන්හෝ දොරට තට්ටු කරන හඬ ඇසී ඔහු මොහොතකට පියවි ලෝකයට ආවේය.
"චමත් මේ අපි බං... "
විකුම් ඇතුලු මිතුරන් සංදර්ශනයේ වීඩියෝ පටය බැලීමට එන්න පොරොන්දු වූ බැව් ඔහුට මතක් වුනේ එවිටය.
ඔහුට මතක් වුනෙ එවිටය.මිතුරන් එනවිට කියවමින් සිටි බ්ලොග් පිටුව වසා දැමීමට ඔහුට අමතක විය.දැන්.. සියල්ල සිදුවී හමාරය.
"උඹලා එනවා කියලා මට අමතක වුනා නේ.. පොඩ්ඩක් හිටපන් මම කන්ඩ මොනවාහරි අරං එන්නං..."
එසේ කියා දනිපනි ගා එලියට බැසගත් චමත් ලඟපාත ඇති කඩමණ්ඩිය දෙසට පියමනින්නට විය.
ඈතින් එන මිනිස් රුව දෙස විමසිල්ලෙන් බැලූ චමත්,
"ඔහ්... මගේ සිහිකල්පනාව නං... "
"ඔයා ආවේ නැති නිසා මං හිතුවා කැන්ටින් එක ලඟට ඇවිත් කෝල් එකක් දෙන්න"
ඒ තුෂී ය.
"මට අමතක වුනා නේ... ෂික්... මගේ සිහිය නං අන්තිමයි..."
ඇය මද සිනාවක් නඟා නිහඬ වූවාය.
"බෝඩිමෙ ඇන්ටි අදත් ඔයාව මතක් කරා.. දකින්නත් ආසයි කිවුවා.. යමු ද..?"
"හා..හරි ෂෝක්... මටත් ගොඩාක් කාලෙකින් නන්දනී ආන්ටිව මීට් වුනේ නෑනේ.."
ඔවුන් දෙදෙනා කඩයට ගොස් බිස්කට් ටින් එකක්ද රැගෙන නැවත බෝඩිමට හෙමින් හෙමින් ඇවිදගෙන යන්නට විය.නමුත් කතා බහ කල කාලයට වඩා නිහඬව සිටි කාලසීමාව වැඩි ය.
මිතුරන් මහ හඬින් සිනාසෙනු ඇසුනු චමත්,
"උන්ට මගේ සිංදුව ජෝක් එකක් වෙලාද කොහෙද.."
යැයි කීය.
ඒ අතර ,
"මේ බලපං බං... මේකි ලියලා තියෙන එක.. අයියෝ බ්ලොග් පිටුවක් පිරෙන්න පොළඟා ගැන ලියලා... "
"එක අතකට පව් බං.. ඔය බොරුව දැනගත්ත දවසට වහකාලා මැරෙයි.."
"ඇත්ත බං... දැන් ඉතින් ඒක ඔක්කොමලා දන්නවනේ... මේ පොලඟත් මාර එකා.. මේ ලව් ලෙටර් එක ගැන අපිටවත් කිවුවෙ නෑනෙ... ආවාම අල්ලගමුකෝ බෙල්ලෙන්ම"
ඔහුට මතක් වුනෙ එවිටය.මිතුරන් එනවිට කියවමින් සිටි බ්ලොග් පිටුව වසා දැමීමට ඔහුට අමතක විය.දැන්.. සියල්ල සිදුවී හමාරය.
චමත් හිටියේ තුෂීට පිටුපාය. එනම් ඔහු හිටියේ ගේට්ටුව අරිමින්ය.ඔහුගේ කන්දෙකෙන් දුම් පිටවෙන්නාක් මෙන් විය.මිතුරන් නොනවත්වා කියවයි.ඒ හැම වචනයක් ගානේ නිරවුල්ව පැහැදිලිව තමන් සහ තුෂී සිටින තැනට ඇසේ.. ඔහුට දැන් නම් ඇඟේ මූණ බැලීමටවත් බැරි අයුරකි.ඇයට කුමක් සිතෙනවා ඇද්ද..? එහෙත් දැඩි ධයිර්යයෙන් ඈ වෙතට හැරුණි.
ඇය ගල් ගැසී ගේට්ටුවෙන් අතුලත බෝඩිම දෙස බලාහිඳී.. ඇඟේ දෙනෙත් කඳුලින් පිරී ඉතිරී ක්ෂනයෙන් කඳූලු දාරා වත දිගේ බේරෙන්නට විය. ඇයට සියල්ල වැටහුන සැටියකි. අවසානයේ ඇය චමත්ගේ මුහුණ දෙස බැලීය.
මිනිත්තු කීපයක් එසේ බලා සිටියදී ඒ බැල්ම දරාගත නොහැකිව චමත් බිම බලාගත්තේ ය.
මේ අතර බිස්කර් පැකට්ටුවක් ගෙන ඒමට කඩේට ගිය තම මිතුරාගේ පැමිණිම පරක්කු ඇයි දැයි බැලීමට විකුම් ඇතුලු මිතුරන් බෝබිමෙන් පිටතට පැමිණිය හ.
"මූ ෆැක්ටරියට ගිහින් බිස්කට් හදනව ද දන්නෑ..... ......"
"ඉවරයි.!!!!"
ඔවුන් සිද්ධිය දුටුවේ එවිටය.
තුෂී අවසානයේ ආයාසයෙන් වචන ටිකක් ගලපාගත්තා ය.
"ඇයි මේ....???"
චමත් නිහඬව සිටියේ ය.ඔහු හිස ඔසවා ඇය දෙස බලා යමක් කීමට සැරසුනා පමණී..
"මුකුත් කියන්න එපා... මට හැමදේම හොඳට තේරෙනවා... "
එසේ කියා තවදුරත් එතැන රැඳී සිටිය නොහැකිව එනම් ලැජ්ජාවෙන් මියැදෙන්නට නොහැකිව ඇය ආපසු හැරී ආමග දිගේම ඉදිරියට ඇඳුනා ය.. ඉතාම සෙමින්...බොහොමත්ම සෙමින් ඇය ආපසු යයි.. ඒ අතර පෙනෙන නොපෙනෙන දසුන් බොඳ කරන කඳූළු කැට පිස දමයි..
චමත් ඈ නවත්වන්නට නොගියේ ය. ඒ එයින් වැඩක් නොවන නිසාවෙනි.
වසන්තය නිමා විය.මේ තුරු මුදුන් ඇටසැකිලි මෙන් දිස්වන අවදියයි. මන්දාරම් කළුවරින් පළාතම අඳුරු වෙද්දී සිහින් වැහිපොද ඇඳහැලෙමින් මුළු පරිසරයම ගුප්ත බවකින් වෙලාගන්නා අවධිය යි.
එකොළොස්වන කොටසට
එකොළොස්වන කොටසට
මේක ඇත්ත කතාවක් නෙමෙයි කියල මං හිතනවා, මොනවා කියන්නද කියල තේරෙන්නේ නෑ
ReplyDeleteඔය විකුම් පේරාදෙණියේ කොහේද දන්නෙ නෑ නේද ඉන්නේ.. :\
ReplyDeleteපවි තුෂි... මට නම් තුෂි ගැන දුකයි.. වැඩිහිටියන්ගෙ වැරදි වලට එ කෙල්ල පලි නෑනෙ.. අනික විකුම් කියන ඔය සිද්ධිය තුෂි දන්නෙත් නැතුව ඇති..:(
ReplyDeleteකතාව ඉවරද අක්කේ... එහෙම නම් කරන් එපා..පව් අර කෙල්ල...
ReplyDeleteකතාව දිගටම යයි නේද?මම කියවන්න පටන් ගත්ත දවසේ ඉඳන් වැඩ ඉවර වෙලා ගෙදර එන්නේ මේකේ අළුත්ම කොටස කියවන්න බලාගෙන....මීට වඩා හොඳ අවසානයක් ලබල දෙන්න කතාවට(මේක අවසානය නම්.....)....තව දුර ගෙනියන්න පුළුවන්....
ReplyDelete@dishan : මේ ඇත්ත කතාවක් නෙවේ.. මුළුමනින්ම ගොතපු කතාවක්.. කොමෙන්ටුවට ස්තූතියි යාළුවා..
ReplyDelete@ළමයා : ඇයි අනේ නිකම් වලියට වගේ..? අල්ලන් දෙකක් අනින්න හිතෙනවද විකුම්ට..?
ReplyDelete@දිනේෂ් අයියා : මටත් හිතෙන්නේ තුෂී මේ ගැන දන්නේ නැතුව ඇති..
ReplyDelete@නිම්ශා නඟා : මම හිතුවේ මේ කතාවට ශෝඛජනක අවසානයක් දෙන්නදෝ කියලා.. ම්ම්.. නෑ..නෑ.. ඒක මේ චරිතෙට කරන අසාධාරණයක් වෙයි නේද නංඟා..
ReplyDelete@මකුළු අයියා : මම හිතුවේ මේ කතාව ඇල්මැරුණ boring කතාවක් වෙන්න ඇති කියලා.. ඒ නිසා ඉක්මනින් ඉවර කරන්න හිතුවේ.. දැන් නම් ඒ අදහස වෙනස් කර ගන්න හිතෙනවා..
ReplyDeleteඔවු හලෝ.. දෙන්න හිතෙනවා හාන්තාන මුදුනට විසි වෙන්න.. :/
ReplyDelete@ලමයා : හික්ස්.. මටත්..
ReplyDeleteදැන් අර කෙල්ලට මොකද වෙන්නේ රුවන් කුමාරි ? ලස්සනයි කිය්න්නේ කොහොමද දුක හිතෙන අවස්ථාවක.
ReplyDeleteපව් තුෂී......
@මධුරංග අයියා : තුෂී පව්.. හැමෝටම විහිලූවක් වුන...
ReplyDelete:):).. ස්තූතියි අයියා කොමෙන්ටුවට..