හිරුගේ සිනාව කඳුලින් වසාලු වරුසාවක් මෙන් තුෂීගේ හදේ පිරී ඉතිරී දෝර ගලමින් තිබූ සතුට, දුක් ගංඟාවකින් සේදී ගියේ සතුටක රස බිඳක්වත් ඉතිරි නොකරයි.තමන් ලක් වූ මුලාවක තරම ඇයට සිතාගත නොහැක.
චමත් දිස්වූයේ කොතරම් නිර්ව්‍යාජ පුද්ගලයකු ලෙසද.. නිශ්ශබ්දව තමන්ගේ පාඩුවේ සිටි චමත් මෙතරම් බොරුකාරයෙක් දැයි සිතීමට ඇයට තාමත් නොසිතේ.උපාසක බළලුන් ඔහොමමැයි සිතා ඇයට සිත සනසාගත නොහැක. ඇයට සිතාගන්නටම නොහැකි කාරණය ඔවුන්ට තමන් විහිළුවක් වීමට තමන් කල වරද කුමක්ද කියා ය.මේ සිද්ධිය ගැන කතා කරන්නට ඇයට කිසිවෙක් නැත. ඔවුන් කතා වූ පරිදි තමන් විහිළුකාරියක් බව නොදැන සිටියේ තමන් පමණී.
තමන් වටේ ඉන්නා යාළුවන් කෙබඳූදැයි ඇයට ටික ටික වැටහිණි. ඇයට අදහාගන්නට බැරි තවත් දෙයකි.චතූත් මේ ගැන දැන සිටියා නම් ඇයි ඇය වත් තමන්ට මේ ගැන නොකීවේ යන්නයි.චතූ මේ ගැන අනිවාර්‍යෙන් දැනගත යුතුයැයි ඇය මේ වන විටත් උපකල්පනය කර හමාරය.
නැවත බෝඩිමට එනවිට තුෂී වැස්සට තෙමී තෙතබරිත වී සිටියා ය.ඇය ඇඳගෙන ගියේ අළුතෙන්ම මැසූ රතු හා කොළපාට මිශ්‍ර කොටු කොටු ගවුමකි.වැස්සට තෙමී සායම් දියවී එහි නියම ස්වරූපය දැන් හඳුනාගන්නටවත් බැරි ලෙස විකුර්ති වී ඇත.ඒත් ඒ දැන් පෙනෙන්නේ ඇඳූමේ නියම ස්වරූපයයි.හරියට අද දවසේ ඇයගේ ජීවිතය වැසී තිබූ අප්‍රසන්න මුලාවක් හෙලි වූවාක් මෙනි.
"තුෂී.... මේ මොකෝ.. හොඳටම තෙමිලා නේද,,? මෙහාට එන්න... සුපී.. ඔය ටවල් එක ගේන්න,මේ කෙල්ලට පිස්සු නේ.. හොඳටම වැස්සට තෙමිලා"
චතූ හැමවිටම තුෂීගේ යහපත පැතූ මිතුරියයි.ඇය තුෂීගේ සිත් වේදනාව ගැන නොදනී.
"ඔව්... මට පිස්සු..."
තුෂී මුහුණේ කිසිදු හැඟීමකින් තොරව ඔහේ කියවයි.
"අනේ අනේ... ඕක කියන්නත් දෙයක්ද... චමත් වගේ පිස්සු කොල්ලෙක් එක්ක යාළු වෙන්න අනිවාර්යෙන් ඔයාට පිස්සු චූට්ටක් හරි තියෙන්න ඕනේ."
චතූ අත වූ තුවාල තුෂීගෙ කෙස් රොදේ පටලා පිස දමමින් සිනාසිසී කීය.එහෙත් ඒ වදන් තුෂීට හෙණ පහරවල් මෙනි.
තුෂීගේ දෑසට කඳුළු උනයි.නමුත් එය කිසිවකුට නොපෙනේ.
"ඔය ඇති චතූ,...මට ඔයාගෙ ලැප් එක දෙන්න පුළුවන් ද?"
චතූ මොහොතකට පුදුමයට පත් විය.තුෂී කවදාවත් තමන්ගේ පරිඝණකය භාවිතා කරන්නේ අසා නොවේ.
"ඈ කෙල්ලේ... කවුද ගුඩ් මැනස් ඉගැන්නුවේ..? චමත් ද..?"
"දෙන්න පුළුවන් ද..? අදට විතරක්.."
තුෂී බයාදු විලාසයෙන් ඉල්ලයි.
'පිස්සී..."
චතූට තුෂීගේ හැසිරීම විහිළුවකි.
මිතුරියන් සියලුදෙනා නින්දට ගිය පසුත් තුෂීගේ නින්ද අහලකවත් නැත. ඇය නැඟිට්ටා ය.ලැප්ටොපය කුද්දාගෙන හිතුමතේ හිතට ගලන සිතුවිලි අමුනන්නට විය.ඒ ඇය ලියන්නට පටන් ගත බ්ලොගයේ දෙවැනි ලිපියයි.මේ ලිපියද කියවමින් "ඔවුන්" සිනාසෙන අයුරු හිතේ මැවෙද්දීත් ඇය ලිවුවා ය.
සිතට තාවකාලික සැනසුමක් දැනුනු හෙයින් ඇය නින්දට ගියා ය.
ඒ ඇය මතක ඇති කාලයක ලැබූ හොඳම නින්දයි.එයින් පසු බොහෝ දෑ වෙනස් විය. ඇය ලෙක්චර්ස් කට් කරන්නට වූ කල,ඔහේ බලාගත්ත අත බලාගෙන ඉන්නට වූ කල, මිතුරියන් ඒ ගැන සැලකිලිමත් විය.මිතුරියන් පමණක් නොව මිතුරන් කීපදෙනෙක්ද ඒ ගැන ලතැවුනි.
චමත් වේදිකාවේ ගැයූ ගීය හමුවේත් තුෂී නොසැලී සිටි නිසා විකුම් සිතුවේ තුෂීට මේ සමුගැනීම දරාගත හැකි කියා ය.ඒත් එය එසේ නොවිනි.මෙය විරහාවක් පමනක් නොව මුලාවකි.
තුෂූගේ සහ චමත්ගේ සම්බන්ධය නිවෙස් වලින්ද නොදැන සිටි නිසා තුෂීගේ දෙමාපියන්ට දුවගේ හදිසි වෙනස්වීම සිතාගන්නටවත් නොහැකි විය.
ඇයට ඇත්තේ මනසේ වේදනාවකැයි සිතන්නටවත් ඒ දෙමාපියන් අකමැති වූහ. ඔවුන් ඇය ගමට එක්කන් ගිය හ.ඒ ගිය ඇය වැඩිපුරම කාලය ගතකරන්න කැමති වූයේ කුඹුර අසබඩ වූ ඉඩමේ ය. එහි වූ ලෑලි බංකුවක් මතට වී ඇය ඔහේ බලාගත්ත අත බලාගෙන සිටියා ය.
මේ බලාසිටිය නොහැකි වූ දෙමාපියන් අකමැත්තෙන් හෝ අවසානයේ තුෂීව මානසික වයිද්‍යවරයකුට පෙන්වීමට තීරනය කල හ.ඒ චතූ ඇතුළු මිතුරියන්ගේද අනුදැනිම මතයි.
මේ අතර ඇගේ අඩුව බරපතල ලෙස දැනෙන කෙනෙක් විය.
චමත්ට පේරාදෙණි සරසවියේ පියනඟන පියවරක් ගානේ ඇය සිහි වේ.ඒ සිතිවිල්ල ඇයට කල බොරුව නිසා ඉපදුනු "අනුකම්පාව"කැයි ඔහු කොතරම් හිතට බොරු කරත් ඒ සෙනෙහසක් මිස අනුකම්පාවක් පමනක්ම නොවේ..
ඔහු දන්නා එකම දෙය නම් ආයේ ගව් ගණනකින්වත් ඇයට ලංවන්නට නොහැකි බවයි.කෙනෙක්ගේ වටිනාකම හොඳාකාරවම දැනෙන්නේ ඔහු හෝ ඇය තමන් ලඟ නැති විටය. එය ඔහුට දැන් හොඳාකාරවම දැනේ.
"විකුම්... අපි තුෂීගැන ටිකක් හොයලා බැලුවොත් නරකද..?"
"උඹට පිස්සුද බං..? අපිට ගහලා පන්නයි.."
"තව ටික කාලෙකින් මටත් පිස්සු හැදෙයි තමයි බං.. ගහලා පන්නන්ඩ වටින වැඩේනෙ බං.."
"මම චතූගෙන් විස්තර ඇහුවා බං..."
විකුම් කුමක්හෝ කියන්නට කර අදී.ඒත් නොකියයි.
"ඇයි..උඹ නිකං මූන දෙල් කරගෙන..? තුෂී ගැන මොකක්හරි ආරංචියක් තියනවද..?"
චමත් නොඉවසිලිමත්...
"ම්ම්... මේක කිවුවා කියලා උඹ අප්සෙට් ගහන්ඩ එපා"
"තෙපරබාන්නේ නැතුව කියපං... මොකක්ද වෙලා තියෙන්නේ..?"
"තුෂී ඇඩ්මිට් කරලා ලු...මචං මේක සේල් වුනොත් ඉවරයි.ඒ නිසා උඹ පිස්සු නටන්න එපා..චතූ කිවුවේ මට කාටවත් කියන්ඩ එපා කියලා.."
"චතූ තාම උඹ එක්ක යාළු එක මට නං පුදුමයි බං.. මෙච්චර් දෙයක් වෙලත්.."
චමත්ගේ හිත වේදනාවෙන් පිරී ඇත.ඒ තරම්ම ඔහුට තමනුත් විකුමත් අප්පිරියා වී ඇත.
"තුෂී මුකුත්ම කියලා නෑ බං... චතූලයි ඔක්කොමලා හිතන්නේ මානසික ආතතියක කියලා.. studies නිසා ඇතිවුන.."
විකුම් ඈත රූස්ස ගස් මුදුනක් දෙස දෑස් යොමාගෙන කලකිරුණු සිතින් යුතුව කීය.ඔහුට චමත්ගේ වදන් වලින් අමුතු වේදනාවක් හිතට දැනුනේ නැත.ඔහුට ච්මත්ව තේරුම් ගන්නට පුළුවන.
චමත් දෑතට හිසේ බරදී බිමබලාගෙන කල්පනා කරන්නට විය. අවසානයේ ඔහු තීරණයකට එලැඹිණි.
"මම යනවා බං තුෂී බලන්ඩ.."
"උඹ එයාට තියෙන අසනීපේ තවත් වැඩි කරන්ඩද යන්නේ.?.. පැත්තකට වෙලා හිටපං චමත්.. "
එදා හවස චමත් නිකමට මෙන් නැවතත් තුෂීගේ බ්ලොග් පිටුවට පිවිසුනේ ය. ඒ ඇගේ හදවතයි.හිතට ආ හැමදේම කුරුටු ගෑ...
"ඔහ්.."
ඔහුට එසේ කියවුනේ ඈ අවසානයට ලියූ ලිපිය කියවීමෙ පසුවය.ඔහු දිග සුසුමකින් හිත සැහැල්ලු කරගත්තේ ය.
" ඒ රුව දකින්න ආසවෙන්... ඒ හඬ අහන්න ආසාවෙන්.. තාමත් මේ හිත මඟබලන් ඉන්නවා.. "
ඇය ලියා තිබූ ඒ වැකිය නිසා ඔහු අවසාන තීරනයකට එලැඹුනි.
ඇය රෝහලට ඇතුල් කරන විට ඇගේ වයස අවුරුදු 25කි.ඉන් පසු ගතවූ අවුරුදු 3ම ඇගේ ජීවිතය ඉදිරියට ගලායාමකින් තොරව එකතැන නතර විය.
අවසාන කොටසට
අවසාන කොටසට
මග ඇරුන එව්වත් කියවලා එන්නම් :)
ReplyDeleteහ්ම්ම්ම්.. හැමදාම කමෙන්ට් නොකලාට කියවනවා හොඳද..
ReplyDeleteමඟ ඇරිච්ච කතා වගේකුත් තිබ්බ.
ReplyDeleteකතාව දිගටම ලියන්න අක්කා...
අන්තිමට තුෂී නැවතුනේ මානසික රෝහලක...:(
ReplyDeleteහෆොයි..! :(
ReplyDeleteමම මේ කතාව කියවන්නේ හරිම ආසවෙන්.. අන්තිම දුකක් වෙන කතා වලට නම් මම බයයි එහෙම නම් කරන් එපා අක්කා... කොහොම උනත් ආදරයකට ඇති කරන්නත් නැති කරන්නත් පුලුවන්..
ReplyDeleteතව උපරිම කොටස් දෙකකින් විතර නවත්තලා දාන්න නැත්තම් රබර් වෙයි වගේ....අවසානය පාඨකයට හිතාගන්න ඉඩදෙන විදියට...හරිම ලස්සනයි නංගී.
ReplyDeleteඇත්ත ආදරේ කියන්නේ ලබා දෙන්න ඕනේ දෙයක් මිසක් පෙන්නන්න ඕන දෙයක් නෙවේ....තව දෙයක් කියන්න ඕනේ (මෙහෙම කියනවට අනික් උදවිය අමනාප වෙන්න එපා ඕං...) මේ කතාවේ හාත්පසින්ම විරුද්ධ සිදුවීමත් වෙන්න පුළුවන්.....
@මිස්ටර් රත්ගමස් : හොඳා..:)
ReplyDelete@හසී අක්කා : ස්තූතියි අක්කේ..
ReplyDelete@තාරක මල්ලී : හේ..හේ... ඒවත් කියවලා එන්නකො මල්ලී..
ReplyDelete@දිනේෂ් අයියා : ම්ම්...:\
ReplyDelete@ළමයා : හ්ම්.. අනේ අපොයි..:(
ReplyDelete@නිම්ශා නඟා : අවසානය ශෝකජනක නෑ නඟා..:)
ReplyDelete@මකුළු අයියා : ඔව්..දැන් කතාව ඉවරකරන්න කල් හරි අයියා.. ම්ම්.. ඒක නෙවේ ඔයා අදහ්ස් කරපු දේ මට වැටහුනේනෑනේ.. ඒ කියන්නේ කපටි සෙල්ලංකාරයි කියන කෙනෙක් තුල හොඳ කෙනෙක් ඉන්න පුළුවන් කියන එකද..?
ReplyDeleteඅපොයි පුදුම දුකක දැනෙන්නේ. අවුරුදු තුනක් ජීවිතේ ආපස්සට ගිහින් තුෂීගේ.
ReplyDeleteපව් අහිංසක කෙල්ල
@මධුරංග අයියා : හ්ම්.. පව් තමා..:(
ReplyDelete