Thursday, August 2, 2018

ආදරණීය ලියැවිල්ල

ආදරණීය සඳවත වෙත සෙනෙහසින් ලියමි.
බොහෝ නෙත් දින දින මුණ ගැසුනත් දෙනෙත් ඇරෙන වැසෙන වර ඇහි පිය යට ලැඟුම්ගෙන සිටින්නේ නුඹමය.. නුඹේ නෙත්කළු දෙනයනමය
..
ඒ සොඳුරු සිනාවය..

දවස මුළුල්ලේ දෙසවන පිරී ඉතිරෙන තරම් ලතැවුල් ඇසුනත්
සවන තෙමන්නේ නුඹේ පිය තෙපුල්මය..
ඉතින් මේ හිත ඉතිරී යන්නේ
වදනින් කිසිදිනෙක නොඇඟෙවන සෙනෙහසමය..

නුඹ සමඟ ආ ගිය ගමන් බිමන් ... නුඹ සමඟ හිඳ කල කතා බහ.. නුඹ මුලින් කී කල දෑ මතකයෙන් බොහෝ දුර ගොස් ඇතිබැව් සැබෑය..
මුල් දින පටන් උදේ හවා සැපදුක් සෙවීමට අමතක වේ යැයි මා සිතුවේ නුඹටය..
නමුත් නුඹ තවමත් නොවරදවා උදේ හවා මා ගැන සොයාබලයි.. එය නිතර අතපසු වන්නේද මෙමටය..
ඉතින් දයාබර සුපෙම්වත..
මගේ නෙතේ කඳුළු වියලුවේ නුඹමය..
සිතට සැනසුම දුන්නේද නුඹමය..
හාදුවකින් අල්ලාගත නොහී බැදීමක්... සෙනෙහසේ ඇමතුමෙන් සවිමත් කරන්නට තරම් නුඹ සවිමත්‍ ය.. එය මා පුදුම කරවන තරම්‍ ය..
නුඹ ජීවිතේ බෙහෙවින් මුහුකුරා ගිය කෙනෙකි.. මා නුඹ ඉදිරියේ ඒ අතින් කුහුණුවකු තරම් යැයි මම දනිමි...
මේ සියල්ලම මට සිහිනයක් මෙනි.

මට දැනෙන්නෙ ඒකම දෙයක්.. මා ජීවිතයේ බොහෝ දේ පැතූ කෙනෙකි... නමුත් නුඹේ සිත ලද දින මා සියල්ල ලදිමි..

එනම් මගේ සියලුම සිහින ලඝුකොට දැක්වූවොත් එය තනි වදනකි

එය "නුඹ " නම් විය

1 comment:

  1. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...