Thursday, August 2, 2018

ආදරණීය ලියැවිල්ල

ආදරණීය සඳවත වෙත සෙනෙහසින් ලියමි.
බොහෝ නෙත් දින දින මුණ ගැසුනත් දෙනෙත් ඇරෙන වැසෙන වර ඇහි පිය යට ලැඟුම්ගෙන සිටින්නේ නුඹමය.. නුඹේ නෙත්කළු දෙනයනමය
..
ඒ සොඳුරු සිනාවය..

දවස මුළුල්ලේ දෙසවන පිරී ඉතිරෙන තරම් ලතැවුල් ඇසුනත්
සවන තෙමන්නේ නුඹේ පිය තෙපුල්මය..
ඉතින් මේ හිත ඉතිරී යන්නේ
වදනින් කිසිදිනෙක නොඇඟෙවන සෙනෙහසමය..

නුඹ සමඟ ආ ගිය ගමන් බිමන් ... නුඹ සමඟ හිඳ කල කතා බහ.. නුඹ මුලින් කී කල දෑ මතකයෙන් බොහෝ දුර ගොස් ඇතිබැව් සැබෑය..
මුල් දින පටන් උදේ හවා සැපදුක් සෙවීමට අමතක වේ යැයි මා සිතුවේ නුඹටය..
නමුත් නුඹ තවමත් නොවරදවා උදේ හවා මා ගැන සොයාබලයි.. එය නිතර අතපසු වන්නේද මෙමටය..
ඉතින් දයාබර සුපෙම්වත..
මගේ නෙතේ කඳුළු වියලුවේ නුඹමය..
සිතට සැනසුම දුන්නේද නුඹමය..
හාදුවකින් අල්ලාගත නොහී බැදීමක්... සෙනෙහසේ ඇමතුමෙන් සවිමත් කරන්නට තරම් නුඹ සවිමත්‍ ය.. එය මා පුදුම කරවන තරම්‍ ය..
නුඹ ජීවිතේ බෙහෙවින් මුහුකුරා ගිය කෙනෙකි.. මා නුඹ ඉදිරියේ ඒ අතින් කුහුණුවකු තරම් යැයි මම දනිමි...
මේ සියල්ලම මට සිහිනයක් මෙනි.

මට දැනෙන්නෙ ඒකම දෙයක්.. මා ජීවිතයේ බොහෝ දේ පැතූ කෙනෙකි... නමුත් නුඹේ සිත ලද දින මා සියල්ල ලදිමි..

එනම් මගේ සියලුම සිහින ලඝුකොට දැක්වූවොත් එය තනි වදනකි

එය "නුඹ " නම් විය

1 comment:

  1. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
    1 ආදර අක්ෂර වින්‍යාසය
    2 නැවත ජය
    3 ගර්භාෂයේ ඵල
    4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
    5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
    6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
    7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
    8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...