Tuesday, September 6, 2011

ෂැම්පු චක්‍රය..




                                       අද මම කියන්න යන්නේ ඔයාලා හැමෝම දන්න ඒත් අපි නොදන්නවා වගේ ඉන්න දෙයක් ගැන.මම ඔළුව හෝදන හැම වෙලාවකම මේ ගැන ලියන්න හිතනවා..ඒත් PC එක ලඟට ආවාම ලියන්න තියා හිතෙන්නවත් කිසිම කිසි දෙයක් නෑනෙ.

1 අදියර : 

රුවී T.V බලයි. 
ලස්සන දිලිසෙන යස වරලසක රහස SUNSILK SUNSHINE යැයි එහි කියයි.

මෙච්චර කල් SUNLIGHT තැවරූ රුවී කඩයට ගොස් ..

"අන්කල් ,මට ෂැම්පු පැකට් එකක් දෙන්න.." කියයි.
"ඇයි එකක්.. ඉල්ලන්ඩකො දෙකක්.." කඩේ මාමා ෂැම්පු පැකට් දෙකක්ම රුවීට දෙයි.


2 අදියර :

රුවී දිනපතා වරලස දිදුලනු වස් SUNSILK SUNSHINE හිසේ ගල්වයි.

1 ආනිසංසය : 

පෙර නොවූ විරූ ලෙස කොණ්ඩයේ හිස්සොරි හටගනී.
හිස්සොරි මුහුණට වැටී මුහුණේ Blackheads & White heads දක්නට ලැබේ.
කුරුලෑ ලප කැලැල් ගහන "හඳක්" වන් වතක් ලැබේ.

3 අදියර :

රුවී නැවත T.V බලයි.
ලප කැලැල් වලින් තොර සුසුදු සුසිනිඳු සමක සාඩම්බර හිමිකාරියක් වීමට නම් සති 3ක් Fair & Lovely පාවිච්චි කල යුතු යැයි එහි කියයි.

රුවී නැවත කඩයට යයි.
සති තුනක් ආලේපනය යොදයි.
ඵලක් නැත.. මුහුන තාමත් "සඳක්" මෙනි.

"ඔය black heads & white heads වලට solution එක hair treatments.. ප්‍රධාන හේතුව හිස්සොරි" යැයි සැලූන් එකේ අක්කා ඉංග්‍රීසි හුරුවට කියයි.
රුවීට කිසිත් නොතේරේ.හිස්සොරි අයින් කරගත යුතු යැයි පමණක් තේරේ..

ඇය නිතිපතා T.V බලයි.
එවිට හිස්සොරි වලට විසඳුම Zero Dandruff යැයි බීපාෂා බාසු කියනු දකී.

ඇය කඩේ මාමාගෙන් ඒ ෂැම්පු මිලට ගනී.


2 ආනිසංස :

හිස්සොරි මදක් අඩු වේ. 
කොණ්ඩට සට සට ගා ගැලෙන්නට පටන් ගනී.
පෙර කිතුල් රෑනක් වන් තිබූ වරලස බලු නැට්ටක් බවට පත් වේ.

4 අදියර : 

ඇය දිගටම ඉවසීමෙන් T.V බලයි.
මේ සඳහා Hair fall Controll පාවිච්චි කල යුතු යැයි එහි කියයි.
පැලුණු හිස කෙස් වලටද මෙයින් ප්‍රතිකර්ම ලැබෙන බව පරීක්ෂන මඟින් සොයාගෙන එම සොයාගැනීම් මෙහි යොදා ඇතැයි එයි කියයි.

අන්තිම වතාවට පෙර වතාව ලෙස රුවී කඩේට යයි.
ෂැම්පු පාවිච්චි කරයි දින කීපයක්.

3 ආනිසංස :

කොණ්ඩය යෑම මඳක් නවතී.
කොණ්ඩය වියලී.. තඹ පැහැ වේ.
අම්මා ඇයට "තම්ඹ පිස්සී" යැයි ගෞරව නාමයක් ප්‍රධානය කරයි.

5 අදියර :

මෙයට එකම විසඳුම Conditioner භාවිතා කිරීම බව සැලෝන් එකේ අක්කා නැවත කියයි.

දැන් රුවී ගේ ඉවසීමේ සීමාවේ පැනීමට ඔන්න මෙන්න ය. 
ඇය අවසාන වතාවට කඩේට යයි.ස්

සතිපතා conditioner භාවිතා කරයි.

4 ආනිසංස :

කොණ්ඩය දිදුලන කළු පැහැ වේ.

නමුත්...

කොණ්ඩය පීරන විට හිම වැටෙන්නාක් මෙන් හිස්සොරි ඇඳ හැලේ..

රුවීගේ ඉවසීමේ සීමාව ඉක්මවා යයි...



අවසානයේ ඇය... අනිත්‍යය මෙනෙහි කරමින් බවුන් වැඩීමට අවසන් තීරණයට එළැඹේ.







22 comments:

  1. අනේ පව් රුවී. මේ නගාට වුන දෙයක්ද කියලත් හිතෙනවා. :D

    මේ, කමෙන්ට් වල පාට හරි අවුල් නගෝ. කියවන්න හරි අමාරුයි.

    ReplyDelete
  2. මේක නම් ඇත්තද මන්ද :)

    මේ එක නෙවේ, කමෙන්ට් වල පාට වෙනස් කරන්නකෝ. කියවන්න අමාරුයි :(

    ReplyDelete
  3. රුවීටත් තිබ්බේ ඔයා වගේ මූණේ අලිගැට ෆේර ගාන්න නෙහ් :D

    ReplyDelete
  4. @තාරක මල්ලී : මොකට බොරු කියනවද.. ;)

    ReplyDelete
  5. @කසුන් අයියා : මේ අපි අපි නේ.. බොරු කියන්න ඕනෙ නෑනෙ.. පොඩි අතිශයෝක්තියක් එක්ක එදිනෙදා සිද්ධවුන දෙයක් තමයි.අන්තිමට පරණ ක්‍රමේ තමා හොඳම ක්‍රමේ කියලා දැනගෙන කොහොඹ , සුදු හඳුන් සහ කොකුම් පොතු වලට යොමුවුන ටික "සත්‍ය අවබෝධ " කර ගත්තට පස්සේ සිදුවුනු "අදියර".. එහි ආනිසංස "සතුටුදායකයි".

    ReplyDelete
  6. @Deeps සහෝදරී : මේ ඇත්ත තමයි dr.:D..
    ඔන්න font colour එක වෙනස් කරා..දැන් කොහොමද..?

    ReplyDelete
  7. @රොෂාන් : අහ්.... ඔව්මයි.. ලේසි ඒත් හොඳ ක්‍රමයක්.. :)

    ReplyDelete
  8. @මහීම : හරි හරි ඉතිං.. වැරදෙනකොට හිනා වෙන්ඩ එපා ඉතිං.. අපි යාළුවො නේ..:D

    ReplyDelete
  9. මේ රුවී කියන්නේ ප්‍රාර්ථනාමද?? හැබැයි කොහොම උනත් කතාව එක්ක මාත් එකගයි.. අනිත්‍ය මෙනෙහි කරන වෙලා තට්ටේ ගෑවනම් කලින් තිබුන කොන්ඩෙම ටික කාලෙකින් ආයෙත් එනවා..

    ReplyDelete
  10. ‍කොණ්‍ඩේ නම් ම‍ගෙත් යනවා ඔය කිසි ජරාවක් ‍නොගා.............

    ReplyDelete
  11. අපරාදේ බවුන් වඩන එක කලින්ම කරන්න තිබ්බනම් ලොකු ගානක් ඉතුරු කරගන්න තිබ්බා !!!! හික්ස් :)
    නංගිටත් හිතෙන දේවල්.

    ReplyDelete
  12. @ හා පැටික්ක (MS) : අක්කේ, නාන්නේ නැති වුනාමත් ඔහොම වෙනවලු :D :D

    ReplyDelete
  13. @ තාරක Dilsh@n

    හැ..... හැමදාම නෑවම ‍කොණු‍ඩේ යනවා කිව් නිසා දවසක් ඇර දවසක් නානවා. ඒ පාර ‍නොනෑවමත් ‍කොණ්‍ඩේ යනවලු..... :P

    ReplyDelete
  14. mama nan naavama konde yana nisa sathi 2 kakata sarayak nanava

    ReplyDelete
  15. @ධනුශ්ක අයියා : කවුරු ගැන ද???..දන්න කියන කෙනෙක් ගැන වගේ එහෙම නෙවේ ඕන්...:P

    ReplyDelete
  16. @මධූරංග අයියා : දෙයක් තේරුම් ගන්න ටිකක් කල් යනවා ..ඒකයි මේ..:D

    ReplyDelete
  17. @Ano : ගොඩක් හොඳයි.. වතුර බිලත් අඩුයි.. ෂැම්පු,සබන් වලට යන වියදමත් බිඳකින් හරි අඩු වෙනවනේ..
    ආර්ථික උද්දමනයක් තියන රටකට ඒ වගේ පිරිමැසීමක් ලොකු දෙයක්..:D
    අනික කෙශැලීමටත් නියම විසඳුමනේ...

    ReplyDelete
  18. මම නම් කොන්ඩෙට සබන් පාවිච්චියක් කරන්නේම නැත. හැමදාම උදේට නාද්දී මොකක් හරි ෂැම්පු එකක් තියෙනවා නම් ඒක ගානවා.

    නැත්තම් හෝදනවා විතරයි එච්චරයි. කොන්ඩේ නියමෙටම තියෙනවා.

    ReplyDelete
  19. @කතාහසී අයියා : ඔයාගෙ කොණ්ඩෙ හොඳකම තමා අයියා.. ඇස්වහක් කට වහක් නෑ... ! ^_^

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...