![]() | |
පැටී ජූනියර් |
"ඇයි පැටියෝ..?"
"මම හිතලා නෙවෙයි අම්මගෙ බඩට ආවේ.."
"කවුද එහෙම කිවුවෙ පැටියෝ..?"
"අද මට ඇහුනා"
"මොනවද..?"
"ගෙදර ළමයි කතා වෙනවා.."
"මොනවද..?"
"පූසොම තුනක් මැද හොඳ වෙලාවට එක පූසියක් ඉපදුනේ ලු.."
"මොනවා..?"
"ඔව් අම්මේ , ගෙදර නෝනා..අම්මාට කිරි හදලා දෙන නෝනා , ලොකු බොරුවක් කියලලු... පූසියෝ තමයි මීයෝ ගොඩක් අල්ලන්නේ කියලා.."
"ඉතින් ඒක ඇත්තනේ රත්තරන් , මම ඉන්නෙම වහලෙ නේ.. කෝ ඔයාගේ තාත්තා පැත්ත පළාතෙ එනවද..?"
"අම්මේ , එයාලා එහෙම කිවුවේ මාව දෙන්න කට්ටියත් තීරණය කරලා..ගෑනු සතා කවුරුහරි ගත්තොත් ලොකු බරකින් නිදහස් ලූ.."
"මොනවා..?දූට මොකටද ඔය පැහිච්ච කතා?"
"අනේ අම්මේ...."
"නෑ ... මම ඔයාව අරන් යන්න දෙන්නෙ නෑ.."
"මම තාම අම්මගෙ කුක්කු බොන නිසා තාම මං චූටි ලු.. මගෙ ඇස් නිල් පාට ලු... ඒ නිසා ඉක්මනට ලොකු වුණ ගමන් මාව ගන්න කවුරුත් කැමති වෙයි ලු.."
"කවුද කිවුවේ..?"
"මේ ගෙදර දුව... එයා මට ආදරේ වගේ , එයා කියවනා මාව තියා ගමු ලු.."
"ඉතින්..?"
"ගෙදර මහත්තයා ආසා ලොකු අයියා තියා ගන්න.. එයාට මිල්කි කියලා නමකුත් දාලා... "
"ඔයාලා හැමෝටම නම් දාලා නේ.."
"ඒත් අම්මේ... මාව තව මාසෙකින් දෙනවලූ.... "
"ඔය ඔයා බය කරන්න කියන කතා..පෙනෙන්නෙ නැද්ද හැමදාම මෙහෙ චූටි බබා , ඔයාවයි අයියලාවයි මල්ලිවයි තුරුලට අරන් නළවනවා , එයාලා ඔයාට ආදරේ.."
"ඒත් අම්මේ මාස තුනෙන් තුනට අම්මට පුංචි ඈයො හම්බෙයිලු... අපි දුන්නට එයාලට පාළු නැතිවෙයි ලු...."
"අනේ පැටියෝ... ඒ කතා කනකට ගන්න එපා..එන්න..!
එන්න මගෙ තුරුලට.. මම ඔයාව උණුහුම් කරන්න"
"අම්මේ.... ඇයි අම්මේ පිරිමි සත්තුන්ට මිනිස්සු ඔච්චර ආසා..????"
Very Creative..
ReplyDeleteස්තූතියි නදීර..:)
Deleteඅමුතු විදිහේ කතාවක්! ඒ වගේම හිතන්න ඕනේ කතාවක්....
ReplyDeleteතිත්ත ඇත්ත මිසක් වෙන මොනවද නාඩි..? :)
Deleteගෑනු සත්තු කරදරයිනෙ අෆ්ෆා.. පරිස්සම් කරන්න අමාරුයි. දෑවැදි හොයන්නත් ඕන. ඔක්කොටම වඩා උන් හෙන චපලයි
ReplyDeleteදෑවැදි..? ඇත්ත තමයි නේද..? තාමත් අපේ මිනිස්සු දෑවැදි ඉල්ලනවනේ , උගන්නන්න... ලොකු මහත් කරන්න අම්මලා කන කට්ටට අමතරව තව සල්ලිත් දෙන්න එපැයි නේද..? "ගෑනු ළමයා" = "බඩුව"ට සමාන කිරීම වැරදි නෑ නේද..? :(
Deleteඔව් අනේ කෙල්ලො මාර චපලයි.. අහිංසක කොල්ලො ටික අනාථයි.. හි..හී... :) :(
හොඳට හිතල ලියල තියෙනවා, අය අනේ ගනු සත්තු පැටවූ දානවනේ එකයි කැමති නැත්තේ, එත් ගැනු සත්තුන්ගෙන් තොර සත්ව ලෝකයක් නෑ කියල මිනිස්සුන්ට අමතකවෙලා...
ReplyDeleteවඳ සැත්කමක් කරානම් ඉවරනේ.. ඕකටත් මිනිස්සු එක එක තර්ක කරනවා තමයි.. ඒත් පාරේ බඩගින්නේ අනාථවෙලා ඉන්න බැල්ලියක් හදාගෙන ඌ වඳ කරාට පව් පිරෙයි කියලා මම නම් හිතන්නේ නෑ මොකද "චේතනාහං භික්කවේ - කම්මං වදාමි" නේ..
Deleteඔව් ඉතින් මරණ චේතනාව නැති නිසා ප්රාණගාති අකුසල් නැත , එහෙත් අරමුණ වඳ කිරීම නිසා ඊට සම්බන්ද අවාසනාවන්ත විපාක ලබෙනූ ඇත....
Deleteඑසේය මහ රජතුමනි.. :)
Deleteසමහරවිට ලැබෙයි.. ලැබුණත් මොකෝ.. පාරේ හොරිකඩ වෙලා හාමතේ වැටිලා ඉන්න බැලි කික්කියකුයි , කුක්කෙකුයි ගෙනත් උන් දෙන්නා ලොකුවෙලා පැටව් හම්බුණාම "වල් බල්ලෝ" ගන්න කවුරුත් කැමති නැති කොට , එයාලා මහ පාරට ගිහින් දාලා වාහන වලට යට වෙලා මැරෙනවා දකිනවට වඩා
උන්ට පැටව් හම්බෙන්නෙ නැති වෙන්න සැත්කම් කරලා බඩකට පුරා කන්න දීලා , හිත පුරා ආදරේ දීලා , දරුවෝ වගේ ඇති දැඩි කරලා මැරුන දවසක හත් දවසේ දානේ දීලා... පිං පමුණුවන එක උතුම් කියලයි මම හිතන්නේ...
අපූරු,වෙනස් සිතුවිල්ලක් ඔස්සේ මෙහෙයවිලා ලියල තියෙනවා.. ලස්සන සටහනක්,මගේ බ්ලොගේ නම් ලේබල් වලින් මම මේකට #හිතට දැනෙන කතා කියන ලේබලේ ටැග් කරාවි.
ReplyDeleteපිරිමි සත්තුන්ට ඔච්චර ආසා කිව්වට හැමෝම නෑ, බලන්නකෝ අපේ අම්මට දූ පැටියෙක් අහු උනොත් එහෙම,මම කැලේ! ගෙදර එකම එකා වුන හින්ද තමා මට මෙහෙම උනේ,තව කෙල්ලෙක් උන්න නම් ඔන්න මට ප්ලේස් මං කොල්ල හින්ද! කෝ ඉතින් :(
අදයි මේ ඉසව්ව ඇහැ ගැටුනේ.. ඔන්න මමත් පස්සෙන් එනෝ මීට පස්සේ.. ජය වේවා!
බොහොම ස්තූතියි කරූ... :)
Deleteඔව් හැබැයි කොලු පැට්ටෝ විතරක් ඉන්න අම්මලා කෙලි පැටික්කියොන්ට හරිම ආදරෙයි ලු.. :)
මට මේක කියවපුවාම සතෙක් සම්බන්ධ කරන් හදල තියෙන Ratatouille කියන කාටුනය මතක් වුනා. අපි නොහිතුවාට උන්ටතු මේවා තේරෙනව දැනෙනව ඇති. කියාගන්න බැරිකම මිසක්. පිරිමි පූසොම හොයන්නේ උන් පැටව් දාන් නැති නිසා. පූසියො අවුරුද්දට පාරක් දෙපාරක් පැටව් දැම්ම උන්ව නඩත්තු කරන්නත් එපැයි.
ReplyDeleteඔව් අනේ , අපේ ගෙදරට ඉස්සෙල්ලාම ගෙනාවේ බලු පැටියෙක්.. එයාගෙ තනියට බැලි පැටියෙක් ගෙනාවා.. ඔක්කොම වීදි බලු කුලේ..
Deleteදැන් ගෙදර හැමෝම වැඩිපුර ආදරේ බැලි පැටික්කිට.. එයා හරි අහිංසකයි..හුරතල්.. :)
මේ ලඟදී අවන්හලක කෑම කනකොට අප්පච්චි කියනවා "මේවයින් ටිකක් බ්රවුනි(බැල්ලකි)ටත් අරං ගියා නම්" කියලා... එයාට අප්පච්චි එච්චර ආදරේ..
පිරිමි කොමත් හොදයි .. :D ප්‍රාර්තනාට දුක හිතිලා ..
ReplyDeleteහරිම හැගුම්බරයි ... ජිවිතේ ඇත්ත ටිකක් තියෙනවා ...
පැතුම් කියන්නෙත් ප්‍රාර්ථනා වලට නේද ...
ඇයි අනේ වෙනසක්..? නැද්ද සුළඟ..? පිරිමි ගැහැණු.. ඔක්කොම අහිංසක සත්තු නං... :)
Deleteපැතුම් කියන්නේ ප්‍රාර්ථනා වලට නේද කියලා ඇහුවේ මම "සුළඟ ඔබ ද..?" කියලා ඇහුව නිසා නෙවේ නේද..? :)
නැ .. ජිවිතේ මගේ හොදම යාලුවෙක් උනේ ප්‍රාර්ථනා කියලා කෙනෙක් නිසා .. එයාට ගෙදරට කියන්නේ පැතුම් .. අපේ ගමේ ග්‍රාම නිලදාරී තුමාගේ දෝනි .. අහිංසක . නිහතමානි .. හැදිච්ච දරුවා .. මගේ වයස .. අපි ඉස්කෝල දෙකක .. ගොඩක් ලස්සන මතකයක් තියෙනවා .. දහම් පාසලේදී විතරයි හම්බ වුනේ ... එත් හොදම යාලුවෙක් .. අද කාලේ දැරිවියෝ එක්ක බලද්දී වාසනාවක් .. ඒ වගේ කෙල්ලෙක් .. ලස්සන සල්ලි හැමදේම තිබිලත් හරිම නිවුණු තැන්පත් චරිතයක් ...
Deleteඔයත් ඒ වගේද කියලා හිතුනා .. :D
ඒ වගේ ළමයි ඉන්නවා සුළඟ , මට හමුවෙලා තියෙනවා.. ඔයා පිළිගන්නෙ නෑනෙ..
Deleteහොඳ පිරිමි ළමයි වගේම ගෑනු ළමයිත් ඉන්නවා.. මගෙ නම් ජීවිතේ තාමත් පුංචි හෙවණැලි වගේ ඉන්නෙ ඒ හොඳ මිනිස්සු තමයි..
හොඳම යාළුවෝ හම්බුණේ නම් පාසල් කාලේ.. මම ගියේ 9න් පස්සේමිශ්ර පාසලකට.. මට හිටියා හොඳම හොඳ අඹ යාළුවෝ කියලා හිටියා දහයක් විතර.. ම්..ම්.. සාරා , උපේ , කාන්චා , වැලියා , ඉඩම් , මෝල්ඩර් , මැක්ස් , බණ්ඩා , ප්‍රතී , ප්‍රභාෂී , හේලකී , අශාන් e.t.c.. කැම්පස් එකෙත් ඉන්නවා යාළුවෝ මධූකා , සුභෝ :)
අර ඉස්කෝලේ යාළුවෝ තාමත් හමුවෙනවා..නොවුණත් හිතට අවුලක් ආවම තාම මං ලඟ ඉන්නවා වගේ දැනෙනවා.. msg එකක් හරි දෙනවා.. සමහරු දැං ජොබ් වල... අපි තාම ඉගෙනගන්නවා..
ජීවිතේ හම්බුණ බොහොම හොඳ යාළුවෝ ටිකක් තමා මට ඉස්කෝලෙ කාලෙ හම්බුණේ..
ඔයාගෙ යාළුවත් ඔයාට එහෙම දැනෙන්න ඇති කියලා හිතනවා..
මම නම් ඔහොම නැතුව ඇති.. එහෙම ද දන්නෙත් නෑ.. මොකද මං ගැන එක එක්කෙනා කියන්නෙ එක එක දේවල්...
ඔයාගෙන් කවුරුහරු ඇහුවොත් සුළඟ ඔයා "මෙන්න මේ" වගේ කෙනෙක්ද කියල..? ඔයාට උත්තරක් තියනවද..?
මං ගැන නම්.. මට කියන්න තේරෙන්නෙ නෑ..
එකක් කියන්නම්.. :) මම ලස්සන නම් නෑ... actually I'm a කළු කෙල්ල..;)
මෙන්න වෙනසක් ^_^
ReplyDeleteපරන එකට යන්න හෙව්වා පරන පෝස්ට් බලන ගැජට් එක.. ඒක නෑනේ :O
ඔන්න ඔයා කියපු නිසාත් එක්ක චුට්ටි වෙනසක් කරන්න හිතුවා මලේ..:)
Deleteකොයි එකද..? :)