ප්‍රාර්ථනා ලිපි 100ක් ලියලා.. මේ 100වෙනි ලිපිය නම් නෙවේ... 100වෙනි ලිපිය ලියලා කොමෙන්ටු 2ක් වැටෙනකම්ම මට වගේ වගක් නෑ මේ 100වෙනි ලිපිය කියලා.. ඉතින් ඔන්න ඔහොමයි මම 100වෙනි ලිපිය ලිවුවේ...
ඒ ලිපිය යටින්ම පොඩි සඳහනක් 100 වෙනුවෙන් කරන්න හිතුවත්... එහෙම වුනොත් කොමෙන්ටු වලින් ඒ ලිපිය ගැන කතා කරන එක පැත්තකින් තියලා මෙච්චර ලිපි ලියැවුනු එක ගැන කතාවෙයි නේද කියලා හිතලා.. ඒ ලිපියට අසාධාරණයක් නොවෙන්න ... මේ මගේ ආදරණිය බ්ලොග් එක ගැන ටිකක් කතා කරන්න හිතුවා..
අතීතයක් අමතක කරලා කොහොම කතා කරන්නද අනාගතයක් ගැන..? ඒ නිසාම අතීතයෙන් පටන් ගමු..^_^
පතක නොඇඳුනු සිතක සිත්තම් ඉපදුනේ "පියගැටපෙල අද්දර" කියල නමෙන්... ඒ 2010 අගෝස්තු 30 වෙනිදා... ඇරඹුම ලෙසින්..
"බ්ලොග්වලට එකට මම නවකයෙක්. ඉතින් ඉදිරියට ගොඩක් දේවල් ලියන්න බලාපොරොත්තු වෙනවා. හැම අතින්ම මම බ්ලොග්වලට අලුත්. මම ලියන්න ගොඩක් ආසයි. ඒත් ලියන දේවල් පළකරන්න ක්‍රමයක් හිතුනෙ නෑ. මම ලියන දේවල් ගෑන ඔය හැමෝම හිතන දේවල් දෑන ගන්න මම හරිම ආසයි. ඉතින් නවකයෙක් හෑටියට මට බ්ලොග් ප්‍රවීනයන් උදව් කරයි කියලා මං හිතනවා. " ජීවිතයේ පියගැටපෙල අද්දර " මේ විදිහට................"
එදා මගේ ගමනට සුභ පැතූවන් අතර නිමන්ති අක්කා , කතන්දර කාරයා අයියා , තිස්ස නාගොඩවිතාණයන් , මාර අයියා , කතා හසී අයියා , සුදු මහත්තයා අයියා , TMb9 හිටියා..
මේ තමා මම අතින් හා හා පුරා ලියැවුනු අකුරු පෙල... ඒ අකුරු වල තිබුනෙත් අපේ අයියාගේ අනන්‍යතාවය.. මොකද ඒ වෙනකොට මට key board එකේ සිංහල අකුරු හොයන්න අවුරුද්දක් විතර ගියා...:P:P
මගේ අතින් ගී සංකල්පනාවක් විදිහට ඉස්සෙල්ලාම ලියැවුනේ හොඳට හිතලා ලියන දෙයක්
"මන්දාරම් අහස
හරි කලුවරයි
මම ඒ බව දැක්කෙ
අහම්බෙන් කවුලුවෙන් එලිය බලනකොට
හරි කලුවරයි
මම ඒ බව දැක්කෙ
අහම්බෙන් කවුලුවෙන් එලිය බලනකොට
හිතේ තිබුන කිසි දෙයක්
ඉටු නොවෙනකොට
සිද්ධවෙන දෙයක්
ඔහේ වුණාවේ කියලා
මට හිතුනා
නිකමට.............."
ඉටු නොවෙනකොට
සිද්ධවෙන දෙයක්
ඔහේ වුණාවේ කියලා
මට හිතුනා
නිකමට.............."
එහෙම ලියවෙන්න පටන් ගත්ත කවි සිතුවිලි දැන් නිසඳැස් 25කට පෙරලිලා.. ඒ අතරින් මම ආසම කරන නිසඳැස තමයි රහසකි නිබඳ මා හද කඳුළින් තෙමන..
ඔය අතරේ නිකමට හිතට නැඟුන අදහස් මට මෙහෙම හිතුනනේ ලෙසත් , පෞද්ගලික ජීවිතය හා බැඳුනු දෑ හද සාක්කි ලෙසත් ගොනු වුනා.
පාසල් මතක සටහන් පසෙක ගොනු වෙද්දී කැම්පස් ජීවිතේ ගැන ලියැවුනු ලිපි තුනක් සඟවා තැන්පත් කර තබා ගන්න සිදු වුනා..:(:(:(...
ඉන් පස්සේ තමයි මම ආසම කරන ලිපි ලියැවෙන්න පටන් ගත්තේ.. ගීතයක් තුලින් මතු වුනු කතන්දර ගීයක් කොඳුරයි රහසින් ලෙසින් කරලියට එද්දී හීනෙනුත් හිතුනේ නෑ ලිපිය මගේ ප්‍රියතම ලිපිය වුනා ඒ අතරින්.
ඉන් පස්සේ මගේ අතින් කුළුඳුල් බොළඳ ආදර කතාවක් ලියවුනා :D:D:D ඔබ නොදනී මුළු ලොවම දනී ලෙසින්. ඒ දිග කතාවට පස්සේ ලියැවුනු පිඟන් කටු මගේ හිත් ගත්තා..:)
මේ මුළු කාලය පුරාවට මාත් එක්ක ඉන්න හැමදෙනාටම ගොඩාක් ස්තූතියි... ආයෙත් හැමදාම වගේ කියන්න ඕනෙ මම මේ ලස්සන තැනට අරන් ආව මගේ ආදරණිය අයියණ්ඩීට ගොඩාක් පිං... !!!!
ඉඩක් ලැබුනම ලියන්නම්... පැතුම එයයි ම ඉතිරි කර යන... කිසි දින සමු නොගන්නෙම්...
