ප්‍රාර්ථනා ඇයි පෙනෙන්න නැත්තේ කියලා හිතෙන්න ඇති නේද...? කොහොම කියලා ඉවර කරන්නද අනේ ...ප්‍රාර්ථනාගේ ජිවිතේ ලොකු ලොකු වෙනස්කම් වුනා.. :-) :-)
ප්‍රාර්ථනා කැම්පස් ජිවිතේට පස් වුනා.දැන් ඉන්නෙ අඩි ගාණක් යට.ආයේ බේර ගන්නවා බොරු..
විභාග අභාග කර ගත්තා ...
ජිවිතේ වින්දා.. විදෙව්වා..
ලොකුම ඕපදුපෙ තමයි ප්‍රාර්ථනාගේ හිත පවුල් පන්සල් වුනා..
හිතුවක්කාර හිතක් අනේ... මම කියන කිසි දෙයක් කනකට ගත්තේ නෑ..
ඉළංදාරි හිතකට හිත වැටුනලු ... ආයේ ඒ හිතෙන් අත් මිදෙනවා බොරු කිවුවලු..
කඳුළට කුඩම්මාගේ සැළකිල්ල ලු... බ්ලොග් නිවහනට නොසැලකිල්ල ලු..
අනේ කාලේ වනේ වාසේ කිවුවා ලු..
"මේ අතීතය ගැන නම් නොවේ... මේ තමා වත්මන.. මේ තමා අනාගතය ..
දුක හිතට තනි රැක්කා ඇති කියලා හිතුනා
ආදරය හිතට දැනුනා..."
මේ කතාව ටිකක් අමුතුයි.. ඒ නිසා ටික ටික ඒ කතාවත් මේ පතේම ලියන්නම්... පරණ කතා අලුත් කතා... ඔය ඔක්කොම හරි හරි රස කතා තමයි..
දැන් ඉතින් ප්‍රාර්ථනාට වඩා එයාගේ හිත කාර්යබහුලයි.
කවි හිත කවිකමට නලියන්නයි..
සෙනෙහස සිත් අහසක සුරුවමට සිත්තම් කරන්නයි ...
ලේසිද පහසු ද වැඩේ..?
මේ හඬ මගෙ නොවේ මගෙ සිතේ
මා අමතන්නේ නුඹට නොවේ නුඹෙ සිතටයි...
මම නුඹට
කෙම් බිමක්
සිසිල් සඳ මඬලක්
වෙන්නම්...
නුඹ මට ...
සොඳුරුම සොඳුරු
මියුරු රහසක් නිසා ....
ඒ රහස මේ මගෙම විතරක් නිසා ...
කඳුළක් ළඟට දුර තව දුරස් කළේ නුඹයි...
