Saturday, November 19, 2011

මම හිතුවා වැරදී..

                                       අපි කෙනෙක්ට ආදරේ නැත්තම් එයාව රැක ගන්න උත්සාහ කරන්නෙ නෑ.. ඔහේ අපේ ජීවිත වලින් අයින් වෙලා යන්න ඉඩ දෙනවා. ඒ වගේම තමා අපි අපේ රටට ආදරේ නැත්තම්.. අපිට අපේ රට රැක ගන්න ඕනෙ වෙන්නෙත් නෑ.හැම මනුස්සයෙක්ම ලස්සන ලස්සන වාහන වල යනවා දකින්න ආස හිතෙන්නෙත් නෑ.. නගර පුරා අධිවේගි මාර්ග හැහදෙනකොට පපුව පිම්බෙන තරම් අභිමානයක් හිතට එන්නෙත් නෑ..නෑ..නෑ.. නෑමයි.

                                       මම Science College එකට යන්න මොන තරම් හීන මැව්ව ද..? ඒ නිසාම ඉස්කෝලෙ මට පෑගුන වැලි කැටයක් ගානේ මට මගේ කියලා හිතුනා.

                                       විශ්ව විද්‍යාලෙට ආවම Science College එක කියලා එකක් ලංකාවේ තියෙනවද කියලවත් බහුතරයක් නොදැන හිටියාම ඒ මගේ පුංචි ඉස්කෝලෙ ගැන අනුකම්පාවක් නෙවේ.. මහම මහ ලොකු දයාබර බවක්..මම මගේ ඉස්කෝලෙ රන් පාටින් බබලන්න තව මොනවද කරන්න ඕනෙ කියලා හිතිවිල්ලක් හිත මුදුනට නැඟුනේ ඒකයි..

                                       එහෙම හිතුව මට එක තැනකදී ලොකුම ලොකු වැරදීමක් වුනා නේද කියලා මට හිතෙන්න ගොඩාක් කාලයක් ගත වුනා..ඒත් "බඹර වලල්ල" බැලුවට පස්සෙවත් අද මට ඒ ගැන වැටහුන එක ගැන මම සතුටු වෙනවා.

                                       මම කාලෙක ඉඳන්ම දුක් වුනා අපේ කලාව ගැන. චිත්‍රපටියක් ගත්තොත් බහුතර ජවනිකා වල ඉන්නෙ මඩ නෑව, කෙටි සරම් කඩක් ඇඳගත්ත , තඩි බඩක් දරාගත්ත , මූණ පුරා රැවුල වැවුව ,උඩුකය නිරුවත් මිනිසුන්.

                                      ළමයි හිටියෙ වැඩි හරිය නිරුවතින්.. ඒ හැමදෙයක්ම මට පෙනුනේ අපේ දුප්පත්කම ලෝකෙට පෙන්නන "ගොන් පාට්" කියලා..

                                     පිට රැටියන්ගේ සිත් ඇඳගන්නාසුළු මුහුණු මුල.. අපේ චිත්‍රපටියක් තිරයේ පෙනුනත් නැඟිටලා යන තත්වෙක මම හිටියේ..( සරෝජා,සූරිය අරණ වැනි ඒවා හැර..)

                                     නමුත් හරි පුදුමයි... මට අද මොකක්දෝ නුවණක් පහල වුනා.. ඒ නුවණ මට කියලා දුන්නා.. "මෙන්න මේකයි අපේකම.. ඒකට ආලේ කරපන්..ගරු සරු දක්වපන්.. හැමදේම නුවණින් දැකපන් " කියලා..

ගාමනී.. බඹර වලල්ල.මචං. හා තවත් බොහෝ චිත්‍රපටි තියනවා, පුලූවන් නම් හොයන් බලන්න.මම දැන් දන්නවා..ගොඩාක් දක්ෂ නළු නිළියො"ත්" ලංකාවේ ඉන්නවා.



හරිම සතුටුදායකයි..!

19 comments:

  1. ගාමනී බලන්න ආසාවෙන් ඉන්නේ..තාම බැරිවුණා..ඒක ගැන අගය කරලා දාලා තිබ්බා පොඩි මෑන්ගේ බ්ලොග් එකෙත්...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් බලන්න.... බලන්න වටින නිසයි කියන්නේ... ^_^

      Delete
  2. ඇත්තට ම ගොඩක් දක්ෂ නළු නිලියෝ "ත්" ලංකාවේ ඉන්නවා...

    ReplyDelete
  3. ඔය කියන චිත්‍රපටිත් මාරම ලස්සනයි.
    ඒවයේ දුප්පත්කමත් අඩුවැඩි වශයෙන් තිබ්බට ඒ කතාවෙන් කියන්න උත්සහ කරන දේවල් ඇත්තටම වටිනවා !!!

    අපිත් පතමු ලංකාවේ ප්‍රේක්ෂක රසාස්වාදය වෙනුවෙන් මේ වගේ චිත්‍රපටි හැදෙන්නෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. අනේ හැදේවා... හැදේවා.. හැදේම වේවා..!!!

      Delete
  4. "ගොඩාක් දක්ෂ නළු නිළියො"ත්" ලංකාවේ ඉන්නවා."

    ඒක නම් ඇත්ත නගෝ. ඒත් බහුතරයක් චාටර් නළු නිලියෝ නිසා දක්ෂයාට තියන තැනත් නැති වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් කොහෙත් වෙන දෙයක් නේ අයියා.. දැන් බලන්න ෆැකල්ටියේ dancing items වලට ගන්නේ කවුද..? නැටුම් කරලා තියෙන අය... ඒත් සිංදු කියන්න නම් ඔක්කොමලා එනවා.. සමහරවිට නැටුම් කරලා තියෙන අයට වඩා චිත්‍ර , සංගීතේ කරපු අයට හැකියාව තියෙන්න බැරි ද..? පුළුවන්.. :D

      Delete
  5. මම ගාමිණි බලලා නෑනේ... :(

    ReplyDelete
    Replies
    1. ඬිතිං නැති වෙයිද හොයා ගන්න විදිහක්..?

      Delete
  6. මමත් වැඩියෙ සිංහල ෆිල්ම් බැලෙන කෙනෙක් නෙමෙයි.මොකද කියනවනම් පිටරටේ පෙන්නපු ෆිල්ම් එකක පිටපතක්ම සිංහලට පරිවර්ථනය කරන එකනෙ කරන්නෙ. ඒත් අනිවා හොඳ ෆිල්ම් එකක් ආවොත් බලනවාම තමා. කාලෙකට පස්සෙ හොඳ ෆිල්ම් එකකට මම දකින්නෙත් ගාමනී. මම ඒක දෙපාරක්ම බැලුවා.බබර වලල්ලනම් මම බලලා නෑ :D

    ReplyDelete
    Replies
    1. බඹර වලල්ලත් බලන්න... ටිකක් අත්බූතයි.. ඒත් අමුතුයි... ම්ම්... ජුගුප්සාජනකයි... අවසානය සතුටු දායකයි... ^_^

      Delete
  7. නංගී අද ගොඩක් දෙනෙක්ට අපේකම කියන දේ අමතක වෙලා....ලංකාවේ ‍විදියට ෆිල්ම් හැදුවොත් ඒවා බලන්න යන්නේ අපි වගේ ඇම්ම තියෙන ඩයල් විතරයි....හැබැයි ලංකාවේ කියලා පිටරට කොපියක් අතෑරියොත් එව්වා බලන්න බුරුතු පිටින යනවා.ඕක යථාර්ථය.ඕක තේරුම් ගන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයික්....

    ReplyDelete
  8. මමත් මුලින් හිතුවෙ නැහැ ගාමිණී කියන්නෙ එතරම් විශිෂ්ටයි කියල. ඒ ඔබ අර කලින් සදහන් කළ කාරණා නිසා.ඒත් බැලුවට පස්සෙ තෙරුණා ලංකාවෙත් හොද චිත්‍රපට හැදෙනව කියල.

    ඔයා කියපු කතාව ඇත්ත.ඒ කිව්වෙ අපි හැමදාම හොද චිත්‍රපටියක් කියල බලන්නෙ උඩුකය නිරුවත් දුප්පත් ළමයි ඉන්න අපට කවදාවත් අනාගතය පිළිබද සුබ සිහින නොපෙනුණ චිත්‍රපටි තමයි. ඇරත් ඒ වගේ චිත්‍රපටි වලට විතරයිනෙ සුද්දො සම්මාන දෙන්නෙ.

    ගාමිණී ෆිල්ම් එකෙන් කොටි පාහරයොන්ට හොදට ගහනව. ත්‍රස්තවාදය කියන දෙයට අර්ථකථනයක් ලබාදෙනව. හැබැයි ෆිල්ම් එකට නම් ජාතන්තර සම්මාන ලැබෙන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒකට හේතුව ගාමිණි එකේ සංගීතය ප්‍රබල නැති එක.. අපෝ ඒ ගැන නම් කතා කරන්න ඕනෙම නෑ.ඒ වගේම සටන් ක්‍රමත් ටිකක් ප්‍රාථමිකයි කියලයි මට හිතෙන්නෙ...

      Delete
  9. kelle oya movies walata godak asa nam me paththata nawith inne na

    www.cinelanka.net

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි , මොකද මම movies වලට පිස්සුවෙන් වගේ කැමතී... ^_^

      Delete
  10. puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

    meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

    meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

    WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

    if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

    ReplyDelete
    Replies
    1. thank you for the link ^_^ coz u help me to find a nice tele... some says lld is gold no..? Now i'm eager to watch it.. coz u mentioned here "WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE.."... thnx..thnx again my dr friend...

      Delete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...