හන්තානේ මුලු පොලව පුරා විසිරිලා තිබුන කොල රොඩු වියලිලා ඒ සාරයෙන් තුරු මුදුන් හරිත වනින් කිරුලු පලදින කාලය උදා වුනා.වැහිබර සීතල මන්දාරම් ගතිය පහවෙලා ගිහින් ප්‍රබෝධමත් හිරු කිරණින් තුරු මුදුන් සිපගන්නා කාලය එලැඹුනා.අතු පතර විහිදුනු යෝධ තුරු පාමුල් වල තරුණ සිත් දොඩමළු වෙලා තිබුනා. ඒ තරුණ යුවලවල් අතර තුෂී හා චමත් නුහුරු නුපුරුදු දසුනක් නොවුනා.
"ඒ සිංදුව නම් පට්ට.. නේද තුෂ්..?"
"ම්ම්... පට්ටම නෑ නේ..?"
"ඇයි ඒ..?"
"ශබ්ද රසේ විතරයි.. අර්ථයේ මෙලෝ රහක් නෑ.."
"මගෙ අම්මෝ..!!.. ඔයා දන්න දේවල්.. නිකම් මට කලන්තේ වගේ.."
චමත් සිනාමුසු මුහුණින් ඇය තරහා ගන්වන අටියෙන් කිවුවා.
"හ්ම්.. මෙන්න වැඩක්... ඔයා පොඩි බබා..!!!"
"ඒක නෙවේ... අයිස්ක්‍රීම් එකක් කන්ඩ හොද වෙලාව.."
"ඔයාට ඇත්තටම ඔල්මාදෙ ද..?"
තුෂී නොසතුටෙන් කීය.
"ඇයි?"
"ඔයාට හොඳටම හෙම්බිරිස්සාව.. නහය ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා.. ඒ අස්සේ තව අයිස්ක්‍රීම් කන්ඩ කල්පනාව.අනේ අනිච්චං මෙහෙමත් සමයං කිවුවලු"
"අහ්.. එක්කො ඕනෙ නෑ.... මේ තුෂී, මං දැං යන්ඩ ඕනෙ.. ඔයාට බස්ටෑන්ඩ් එකට කවුරුහරි එක්ක යන්ඩ පුළුවන් නේද..? යාළුවෙක් ඉදී නේ..?"
"අහ්.. ඒක මොකක්ද... මම යන්නම්... තනිය මට හොඳට හුරුයි ඩලෝ.."
තුෂි පිඩලි ඇල්ලූ නිල්වන් තණපලස මතින් තාරපාරට එලැඹ ඒ දිගේ හිමින්සීරුවේ ඉදිරියට ඇදෙන්නට විය. තමන් කෙරෙන් ඈතට ඈතට ඇඳි, පසුව නොපෙනී ගිය ඒ කාන්තා රුව දෙස ඇසිපිය නොහෙලා බලා සිටි චමත්ට ඉබේටම සුසුමක් හෙලුනි.එකෙනෙහිම ඔහුගේ දුරකතනය නාද විය.
"හෙලෝ මචං පොළඟා,මම විකුමා කතා කරන්නේ.. උඹ නං මලහොල්මනක් නේ බං.. දැං මං කොච්චර වෙලා උඹට කෝල් කරන්ඩ ට්‍රයි කරාද.."
"හෝව්..හෝව්.. කෝච්චිය වගේ කියවං යන්නේ නැතුව ටිකක් හිටපං.. අද උඹ ගෙදර යනවද..? මට ටිකක් උඹ හම්බෙලා කතාකරන්ඩ ඕනෙ.."
"ඕ..කේ.. දැං වරෙං මචං"
"ප්‍රයිවෙට් ටෝකක්"
"හරි..හරි... නෝ ප්‍රොබ්ලම්.. ඕනෙ වෙලාවක වරෙං.."
"ම්ම්.. දැං වෙලාව තුනට කාලයි.මම තව පැය කාලකින් ඔහේ.. හරිනේ..?"
හත්වන කොටසට
හප්පේ අවාසියි....... මේක චුට්ටිම චුට්ටියි.......... :D
ReplyDeleteමෙන්න ඔබ නැවතත්...යුගයේ මහා රචිකාවිය....රුවන් සමග..
ReplyDeleteඑල එල...අම්මෝ....මුල මතක නෑ නේ මට...හිටින්න එහේ ඉදලා කියවන් එන්නම්
මේ හලෝ.. බෝම මදී ඈ.. කෝප වෙනවා මෙච්චර පොඩ්ඩක් ලියලා තියෙනවා දැක්කාම මේ වගේ ආසාවෙන් කියවන කතා වල.. නේද ඉරු & හා අක්කේ.. :\ :(
ReplyDeleteඅනෝ...අද නම් හරි පොඩ්ඩයි අක්කේ..මදි මදි... අප්පේ... :(
ReplyDeleteඊළග කොටස එනතුරු උපෙක්ශාවෙන් බලා හිදිමි...:)
ReplyDelete@හා පැටික්කී අක්කා : ව්ව්‍රි සොරි අක්කේ.. මට ඒක ගාණක් ගියේ නෑනේ..
ReplyDelete@රත්ගමස් : සමාවුව මැන මිස්ටර්.. පලවෙනි කතානේ.. තාම අද්දැකීම් ගන්නවා..:)
ReplyDelete@ළමයෝ : ඉල්ලීම පරිදි දැනම් අනික් කොටසත් දෙන්නයි මගේ කල්පනාව..
ReplyDelete@නිම්ශා : අනේ.. සොරි නඟේ..
ReplyDelete@දිනේෂ් : උපේක්ෂාවෙන් බලා ඉන්නවට ස්තූතියි අයියා..:)
ReplyDeleteඅඩේ ! අද නෙ මේක දැක්කෙ. මුල ඉඳලම කියවන්න ඕන....
ReplyDelete@nawammawatha : හී..හී... තාම කොටස් 7යි...:)
ReplyDeleteමොකද්ද දන්නේ නෑ හදිසි උවමනාව ? ඔයත් මාරම දක්ශයි නේ !!!!
ReplyDeleteකුතුහලය අවුස්සලා ගානට ඊලග පෝස්ට් එක ලියනවනේ !!! හොදා හොදා !!!!
@මධුරංග අයියා : හෙ..හේ... :):)
ReplyDelete