"චමත් තුෂීට කැමතී වගේ.."
දිවා ආහාරවේල ගන්නා අතරේ විකුම් චතුරිකාට කිවුවා.
"මොකක්ද..?... අහ්... "
චතුරිකාට ටිකක් පුදුමයි.
"ඇයි වෙන්ඩ බැරිද..?"
"නෑ..නෑ.. එහෙම නෙවේ.. ඒත් චමත් ටිකක් අමුතු කෙනෙක් නේ.. අනික තුෂීට හිනාවුන අය අතරෙ එයත් හිටියනේ.. ඒකයි මට ටිකක් හිතාගන්න බැරි.. අනික තුෂී කැමති වෙයිද.. කවුද දන්නේ..?"
"නෑ..නෑ.. තුෂී උඩින්ම කැමති"
මාළුවා නහින්නේම කට නිසා ය.
චතුරිකා ගැස්සී විකුම් දෙස බැලීය.
"මොකක්?.. ඔයා කොහොමද ඒක දන්නේ..? අපිවත් දන්නෙ නෑ නේ.."
"ඔහ්.. න්..නෑ..නෑ.. මම කිවුවෙ ඉතින් අකමැති වෙන්න හේතුවක් නෑ නේ.."
"ඒක මිසක්"
චතුරිකා කොචොක් හිනාවක් දැම්මා.
"ඒක නෙවේ චතූ... තුෂී ඇන්ඩ් චමත් ... කොහොමද... එල මැචින් කපල් එකක් නේ..?"
විකුම් දෑත් දිගහැර රඟදක්වමින් කියවන්නට විය.
"මේ විකුම්.. ඔයා අද ඇඳෙන් නැඟිට්ටේ අනික් දවස්වල නැඟිටින පැත්තෙම්මද..?"
චතූට විකුම්ගේ හදිසි වෙනස්වීම හිතාගන්නටවත් බැරිය.
"නෑ.. මම අද මයියගෙ රූම් එකේ හිටියේ..ඒ නිසා මට නැඟිට්ට පැත්ත මතක නෑ.."
"ඒක මිසක්"
"මෙ බලන්ඩ චතූ.. ඔයා මගේ ප්‍රියම්බිකාව කියලා.."
"මොකා කියලා..?"
චතූ හිස හරවා කට ඇද කර විකුම් ගෙන් ඇසීය.
"න්..නෑ.. මම කිවුවේ මගේ අනාගත බිරිඳගේ හිත සුව පිණිස.. උදව්වක් කරන්න ඉදිරිපත් වුනාම ඔයාගෙන් ලැබෙන සප් එක නම් හොදටම මදි.."
"තුෂීට හරියනවා නම් ඕනෙ දෙයක්.. දැන් ඉතින් චමත් තුෂීට කැමතී කියලා ඔයාට හොදටම ෂුවර් නේ..? "
"එහෙම අහන්ඩ එපා පිස්සී... හිතක් ගැන කවුද දන්නේ.. මම දන්න එකම දේ තමයි.. චමත් බලූ වැඩ කරන එහෙම නරක පොරක්නම් නෙවේ.."
"එහෙනම් එච්චරයි.. අපි දැන් යමුද විකුම්...? "
"හා.. යං මම ඔයාව ඇරලවන්ඩ එන්නං"
අවුරුදු 5කටත් වඩා විදෙව්වා කියලා හිතෙන මගේ ජීවිතේ ලස්සන කාලයක් වින්දා නේද කියලා කවදාහරි හිතන්න මට ඉතුරුවෙන්නේ මේ බ්ලොග් පිටුව තමයි ඉතිං..
මුලින්ම මම ලිවුවේ නිසදැස්.. ඒත් මගේ වුවමනාවට මිසක් පුළුවන්කමට නෙවේ.. ඒත් අද වෙනකොට මම ලියලා තියන දේවල් ගැන මට තෘප්තිමත් වෙන්න පුළුවන්.මම ලියන්න හරි ආසයි.
මම කොමෙන්ටුවක් වැටෙනකම් මඟබලාගෙන ඉන්නේ.. අළුතෙන් follwersලා වැඩි වෙලාද කියලා බලන්නේ පුදුම සතුටින්..
හැමවෙලේම මට හිතෙනවා බ්ලොග් ප්‍රවීණයන් වගේ ලස්සනට ලියන්න වැකි මගේ හිතට ගලාගෙන නොඑන්නේ ඇයිද කියලා.. ඒ හැමදෙකටම පස්සේ කොහොමින් කොහොමහරි.......... මම ලිපි 50ක්ම ලියලා..
ඉටිපන්දමක් දෙකක් දල්වලා 25 සැමරුවා වගේම 50ත් සමරන්නයි මගේ කල්පනාව..:) මේ තාක් ලිපි ලියන්න මූලික වුනේ අපේ අයියා මට හදලා දුන්න මේ බ්ලොග් පිටුව.."පියගැටපෙල අද්දර.." ... අයියාට ගොඩාක් පිං..
50 වෙනි ලිපියේ ඉදන් මුලින් තිබුන නමම තියන්නද කියලා හිතුවත් ආයේ ඒ අදහස වෙනස් කරා..
රත්ගමස් , ළමයා , දිනේෂ් අයියා , හසි අයියා , කතාහසීඅයියා , ඉලංදාරි අයියා , හසී අක්කා , සොඳුරු වත් අක්කා , මාලන් මල්ලී , පූසා , දෙවෙනි අයියා , මකුළු අයියා , තාරක මල්ලී , නිම්ශා නඟා , නිසල් , හා පැටික්කී අක්කා , ඉශානි කෙල්ස් , ශානි නඟා , ධනු අයියා , තුසිත , මාර අයියා , මම , රුවන් අයියා ඇතුළු බ්ලොගය නිසාම මට මුණගැහුනු යාළුවෝ ඔක්කොම මම මෙ මොහොතේ මතක් කර සිටිනවා..(100...)
තව තව ලියන්න ..දිගටම
ReplyDeleteදිගම දිග ගමනක් යන්න මගෙනුත් ඔන්න කෙටි සුබ පැතුමක්
ප්‍රාර්ථනා නංගිට හදවතිම සුභ පතනවා.. දිගටම ලියන්න...
ReplyDeleteදිග කතාව හරිම ආසාවෙන් කියවන්නෙ.......
අයියෝ මෙයාලා ඔක්කොම එකතු වෙලා අර අහිංසක කෙල්ලව රවට්ටන්න වගේයි යන්නේ...
ReplyDelete(පොස්ට් පනහට හදවතින්ම සුබ පතනවා අක්කේ...තව මේ වගේ ගොඩාක් ලස්සන පොස්ට් අරන් එන්න... :) )
සුබ පැතුම් නංගියෝ... දිගටම ලියාගෙන යන්න.. මේ කථාව ඊයේ තමා දැක්කේ.. ලස්සනයි..
ReplyDeleteහප්පේ මං නාව දවස් දෙක තුනට ගිහින් තියන දුරක්. උදේම ඔක්කොම වැඩ පැත්තක තියලා කතාව කියෙව්වා. ඒත් මේ කමෙන්ට් දාපු කස්ටිය කියන ඒවට මට ටැපලෙනවනේ...... අනේ මංදා......
ReplyDeleteසුභම සුභ පැතුම් නංගියා........ නංගියට දිගටම මේ වගේ ලස්සන ලිපි ලියන්න අදහස් තව තවත් ගලා ඒවායි ප්‍රාර්ථනා කරනවා මුළු හදින්ම.......!!!!!
ඒ කතාව ඒ පාර මේකට අරගෙන....හික්
ReplyDeleteහරි හරි ඔන්න 50ට සුබ පැතුම්..දැන් එක දිගට ලියනව නේ ඩොක්ටර්....එල එල...දිගටම ලියලා 100ත් ගහමු....
ඉශානි කෙල්ලත් ඉන්නේ මේ...හික්
ප්‍රාර්ථනා... ඔන්න 50ට සුබපැතුම්.... දිගටම ලියන්න... අපි ඉතින් සැමදා මේ පැත්තේ එනවා... :)
ReplyDelete@නිම්ශා.. කවුද දැන් රවට්ටන්නේ? "මෙයාලා" කියන්නේ?? :පී
@සඳරු : බොහෝම ස්තූතියි හිස් අහස... හික්ස්.. කෙටි සුභ පැතුම..? නෑ..නෑ.. ඒකෙ හැමදේම අඩංඟුයි..:)
ReplyDelete@දිනේෂ් අයියා : ස්තූතිය්..ස්තූතියි බොහෝම ස්තූතියි අයියේ.. ^_^.. දිග කතාව හොඳද..? අහන්නත් හරි සතුටුයි අනේ..!
ReplyDelete@නිම්ශා නඟා : ඔව් ඔව්... පව් නේද..? :(:(
ReplyDeleteටැන්කූ වෙරි මච් නංඟෝ..:)
@හසී අක්කේ : මම බ්ලොග් ලියන්න පටන් ගත්තට පස්සේ ඉස් ඉස්සෙල්ලාම කියෙව්වේ අක්කාගෙ පිටුවයි වේජනා අක්කගෙ පිටුවයි..:) ඉතින් අක්කා අද මගේ බ්ලොග් ජීවිතේට සුභ පතන එක මට ලොකු දෙයක් අක්කේ..
ReplyDelete@හා පැටික්කි අක්කේ : හික්ස්.. ඔය කතාව ලියන්න පටන් අරන් ගොඩාක් කල්.. :).... ඒකයි කතාව ගොඩ ගැහුනේ..
ReplyDelete:).. ස්තූතියි අක්කේ..
@රත්ගමස් : මට බ්ලොග් දෙකක් කරගෙන යන්න බෑ මිස්ටර්..:) ඒක නිසා මම කතාව මෙහෙට ගත්තා..:)
ReplyDeleteහික්ස්.. ලියන්න හිතුනාම එක දිගට ලියවෙනවා මිස්ටර්..:) දැට් ඊස් ද රීසන්..හික්ස්..
ඉස්තූතියි...
@ළමයා : ටැන්කූ ළමයෝ... ^_^.. ගොඩාක් ටැන්කූ.. හැමදාම එන්න.. හැමදාම සාදරයෙන් පිළිගන්නවා..
ReplyDeletelassnai prathana :D
ReplyDelete@නිසල් : ස්තූතියි නිසල්..:)
ReplyDeleteඅදහස් නොකීවට මමත් ඔයාගේ අදහස් හැමදාම බලන කෙනෙක්...
ReplyDeleteමගේ බ්ලොග් පිටුවේ ඔයාටත් ඉඩක් වෙන වෙලා තියෙනවා ඔයා දකින්න ඇති...
එහෙනම් අද මුකුත් නොකිය යන්න හිත දුන්නේ නෑ නංගෝ...
හදවතින්ම සුබපැතුම්...
~ Mahesh4ever ~
@m.හසන්ත අයියා : බොහෝම ස්තූතියි අයියා.. ඔයාගෙ බ්ලොග් එකේ අන්ධ අය ගැඅන තියන පෝස්ට් එක නම් හරිම ලස්සනයි.. හැඟීම්බරයි..
ReplyDeleteමෙන්න මෙයත් හාෆ් සෙන්චරියක් ගහලා...
ReplyDeleteඅදයි දැක්කෙ අක්කේ.
සුභ පතනවා 50ට සහ අනාගත 100ට :)
magenuth suba pathum.....
ReplyDeletekiwwa ong ,,,,obe 100 wani upandineth 1agadima labathwa kiyala wish karanawa,,,,,akke,,,,
@තාරක මල්ලී : ඒකනේ මල්ලී... දැනට මාස 7කුත් ගිහින් නේ බ්ලොග් එක පටන් අරං.. ස්තූතියි මල්ලී..^_^
ReplyDelete@ශානි : මගේ?:O:O... හේ..හේ.. ස්තූතියි නඟෝ...
ReplyDeleteසමා වෙන්න රුවන් කුමාරි කතාවේ මේ කොටසත් එක්කම මේ ලිපිය මිස් වෙලා.
ReplyDeleteඔන්න දැනුයි කියවන්න ලැබුනේ.
ඔයාටත් ඔයාගේ බ්ලෝ එකේ අනාගතයටත් එක සිතින්ම සුබ පතනවා !!!!!
@මධුරංග අයියා : මම ඔය කතාව ලියන එක නැවැත්තුවා.. ඒත් පස්සෙ හිතුනා එහෙම කරන එක නෙවේ වැඩේ ඒ කතාව කොහොමහරි ලියන එක කියලා..:)
ReplyDeleteස්තූතියි අයියා..!