විකුම් රස කරමින් තිරපිටපත කියන්න පටන් ගත්තා.
කතාව කියලා ඉවර වෙන්නත් කලින්..
"මේ..මේ.. විකුම , මේක මහ කැත වැඩක් බං...චී..චී... "
චේතිය නම් මේ වැඩේට උඩින්ම විරුද්ධ පාටයි.
"හරි..හරි.. චේතිය,නළුවා උඹ නෙවේ.. ඒක නිසා කට වහගෙන පැත්තකට වෙලා හිටපන්."
"එහෙනම් කවුද..?"
"කවු නම් නෙවේ බං.. අපේ කණ්ණාඩි පොළඟා... චමත්.."
" හෝ..හෝ.. එහෙනම් අපි shape.."
උඹ නිකං මොකෙක්ද එකෙක් වගේ ඇඟ බේරගන්ඩ හදන්ඩ එපා බන්ස්.. ඕකනේ උඹලත් එක්ක බැරි.. "
"හරි..හරි.. මොකක්ද අපෙන් වෙන්ඩ ඕනෙ.."
උඹලා මේ සීන් එකේ අප්‍රධාන නළුවෝ.. ඒ නිසා මේක ඇත්ත විදිහට වෙන්ඩ ..පොඩි පොඩි ඇක්ටික් ටිකක් ඕනේ.."
"හ්ම්.. ඕනෙ කෙහෙල්මලක් බන්.. "
එදා ඒ කතා වුන නාට්‍ය නිසා කෙනෙක්ගෙ ජීවිතෙ උමතු වෙන්න තරම් සිද්ධියක් වෙයි කියලා කවුරුත් නොහිතන්න ඇති..
මේ වැඩේට චමත්ම තෝර ගන්නත් හේතු ගොඩාක් විකුම්ට තිබුනා.ඔහු තුෂීව හොඳින් අධයනය කරලා තිබුන නිසා කිසිකෙනෙක් දැන නොසිටිය.. නමුත් තුෂී පමනක් දැන සිටිය ඒ රහස හොයාගෙනයි තිබුනේ.
ඊලඟ සතියේ සඳුදා දවසේ යාළුවෝ ටික කැම්පස් ඇවිත්.පොඩි නිවාඩුවකට පස්සේ නිසා ටිකක් වැඩ කරන්නත් හොරයි හොරයි වගේ. උදේ පාන්දරම තිබුන ලෙක්චර් එක නිසා ඒ ගතිය දහ ගුණයකින් විතර වැඩි වුනා.හවස එක නම් කට් කරනවාමයි කියන පරම අධිෂ්ඨානයට ඒ නිසා ගොඩාක් ශිෂ්‍යයෝ පෙළඹුණා.
හවසක පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේ ඇවිදගෙන යන එක හිතට පුදුම සහනයක්.හැමතැනම කොළ පාටයි.
පාර අයිනේ තියන ගොහොරු මඩකඩිත්තක වුනත් තියනවා අමුතු "ගතියක්".. ඊටත් වඩා.. සනීපෙට හමාගෙන එන සුළඟ... .. මේ වගේ වටපිටාවක් ගොළු වතක් දොඩමළු කරන්න හොඳටම ප්‍රමාණවත්. කොහොමත් මුඛරි කටක් ගැන එතකොට කුමන කතා ද..?
විකුම් හෙමීට හෙමීට චමත්ට විනෝද චාරිකාවෙදී කතා වුන සිද්ධිය ගැන අදහසක් ඔළුවට දැම්මා.
"මොකක්..? උඹට පිස්සු ද බන්,,?"
"ඇයි..? "
"යකෝ ඕකෙන් වෙන්න මට කෙල්ලක් සෙට් වෙන්න තියන අවස්ථාවත් නැති වෙලා යන එක.. උඹලට නම් මොකෝ.."
"නෑ..නෑ.. බං.. එහෙම වෙන්නෙ නෑ,.. උඹ මොකටද ඒ ගැන බය වෙන්නේ.. මේක මාස දෙක තුනකට විතරක් රඟපාන්ඩ වෙන පොඩි නාට්‍යයක් විතරයි.."
"අනේ මංදා බං.. උඹට නම් පිස්සු.. "
චමත්ට හිනා..
"එහෙනම් උඹ ok නේ මචං..?"
"හරි..හරි.. හැබැයි මචෝ.. මාත් එක්ක අපායට යන්ඩ උඹත් එන්ඩ ඕනේ,,, නැත්තම් මම උඹ දඬුකඳේ ගහනවා.."
අම්මෝ ඇති යන්තන් ගොඩ කාලෙකට පස්සේ රුවන් කුමාරිගෙන් පෝස්ට් එකක් කියවන්නේ. රුවන් කුමාරිත් පේරාදෙනියේද ?
ReplyDeleteමොකද්ද ඇත්තටම ඔය නාට්ටිය ?
අනේ සමාවුව මැන ... කාලෙකින් හරි අයෙත් ලියනවා අයියා..
ReplyDeleteමම පේරාදෙණියේ නම් නෙවේ,ඒත් ගොඩාක් කාලෙක ඉදන් පේරාදෙණි කැම්පස් එකට යන්න ආසාවෙන් හිටිය,දැන් නූලෙන් ඒ හීනෙ miss වුන,තාමත් පේරාදෙණි යන්න ආස කරන,ඒ ඇතුලෙදී නෙතට කඳුළක් පවා උනන... මාතලේ කෙල්ලක්..
නාට්‍ය ගැන ඉස්සරහට යස අගේට කිය්වෙයි අයියා.
owada prashna.. eth me kiyala tiyena dewal nam angata danenewa athtatama...
ReplyDeleteඇති යන්තම්,,,,,,,හික්...හවසට ආයේ මුල ඉදලා කියවන්න ඕන....මේ ඔය නමේ රුවන් කුමාරි අයින් කරලා රුවන් කියලා විතරක් දාන්න....නැති නම් මලී උනත් හොදයි
ReplyDelete@රත්ගමස් : අනේ හෝව්.. මම කතාව ටික ටික ලියන්නේ.. ඒ නිසා කාලෙකට සැරයක් තමා මේ පැත්තේ එන්න වෙන්නේ..
ReplyDelete@Dhanu අයියා : ම්ම්... ඕවා මම ලිවුවේ දවසක අද්දැකීම් වලින්.. ඒකෙ ඇතුලෙ ඉන්න අයට ඒ සනීපෙ කොහොම ඇද්ද නේ..?
ReplyDeleteකෙල්ලට ගේමක් දෙන්න වගේ...
ReplyDeleteමේක ඇත්ත කතාවක්ද...
ReplyDeleteකට්ටියම එහෙනම් නාට්‍යට සුදානම්... බලමු ඉතුරු ටිකත්....
ReplyDelete@තාරක මල්ලී : ඒ වගේ නේද..? ඒත් ඒකට හේතුවක් නෑ වගේ..
ReplyDelete@නිම්ශා නඟා : අපෝ නෑ.. නම් ගම් විතරක් කල්පිත නෑ.. මුළු කතාවම කලිපිතයි.. මේකට යොදන්න නම් නැතුව මම අහල පහල අයගෙ නම් දාලා.. ආයෙ හිතුවා කවදාහරි එයාලා මේ කතාව කියෙව්වොත් හිතයි එයාලා ගැන ලියවිලා කියලා.. එහෙම හිතලා නම් වෙනස් කරා..
ReplyDelete@දිනේෂ් අයියා : හ්ම්... හැමදේම ලෑස්තී..:)
ReplyDeleteආයෙත් මුල ඉදලා කියවන්න වෙනවා වගේ.................. :\
ReplyDelete@ළමයා : මගේ අතින් වෙච්ච ප්‍රමාද වීමට සමාවෙන්න යාළු..:)
ReplyDelete