අපි විවාහ වුනේ යෝජනාවකින්.ඒ කියන්නේ යෝජිත විවාහයක්.ඔහු එක්ක කතාබහ කරපු දින දෙක තුනට මට හිතුනා ඔහුගේ කඩවසම් වතට යට ඊටත් වඩා සිත්ගන්නාසුළු සිතක් තිබුනු බව.
නිම්සර නිහඬ පෙනුමක් තිබුනු කෙනෙක්.ගොඩාක් කෙටි උත්තර පාවිච්චි කරපු කෙනෙක්.. ඒ කෙටි උත්තර වලින් කුතුහලය ගොඩක් ඇවිස්සුව කෙනෙක්. ඒ ගතිගුනත් එක්ක මම අනාගතය ගැන ගොඩාක් හීන මැව්වා.විවාහ උත්සවේ චාමෙට ගත්ත එක හොදට ගියා.ඒකෙන් ඉතුරු වුණ සල්ලි වලින් අපි කුලියට ගේ පොඩ්ඩක් ගත්තා.
මම හීන මැව්වෙම උදේ පාන්දර නැඟිටින,හොඳ රසට ගුණට කෑම උයන පිහින,සැමියා ගෙදර එනතුරු හවසට මඟබලාගෙන ඉන්න,රෑ කෑම එකට ගන්න බිරිදක් වෙන්න..
මම පැතුවේ නිම්සර උදේම නැඟිටලා බිරිදත් එක්ක කුස්සියට ඇවිත් කෑමමේසෙ ලඟට වෙලා කතා කර කර ඉන්න,හැම වෙලේම හිනා වෙලා ඉන්න, සැමියෙක් වෙනවා දකින්න.
ඒත් .... ගත වුනේ බොහොම ටික කාලයයි..
පතා පැමිණි සුරපුරවර
වෙලා ගැනුනි ගණ කළුවර
දෑස පුරා දුටු සිනා කවට කෙලි
කඳුළු කතාවක කෙලවර
"හෙලෝ.."
"හලෝ.."
"ම්..මේ.. නිම්සර.."
"ඔව් නිම්සර තමයි.. මේ ෆෝන් එකෙන් වෙන කෙනෙක් කතා කරන්න හේතුවක් නෑ නේ.."
"න්..නෑ.. මම නිකම් කතා කරේ.."
"නිකම්..? ඇයි..?"
"අද ඔයා ගෙදර එන්න ඇයි පරක්කු..?"
"මේ ගෑනියේ,ගෙදර එන්ඩ මම පරක්කු වුනේ අද විතරද..? උඹට මොකද වෙලා තියෙන්නේ..? තොත්ත බබෙක් වගේ හැසිරෙන්නෙ නැතුව ඉන්නවා.."
සලා සොළස පිරි පුර හඳ
අතැර ගොසින් සිය පිය බඳ
එදා කියූ මුදු වදන් අසන්නට
බලා හිඳී සිත පිළිසිඳ
"මම ඔයා ආසම කෑම ඉවුවා.. ඔයා..එ.."
"මම පිටින් කෑවා.. අද මේ යාළුවෝ ටිකක් එක්ක සෙට් වෙලා ඉන්නේ.මම එනකං ඉන්නෙ නැතුව කාලා නිදා ගන්නවා..."
"මට පාළුයි නිම්.."
අසන් හිමියනේ
කාට කියන්නද මේ දුක
ඔබ හැර..
"එක එකාගෙ පාළු මකන්ඩ මට බෑ ඕයි.."
"මම එක එකා වෙන්නෙ කොහොමද..?"
"මඟුල් කතා නොකර තියනවද.. නැද්ද ෆෝන් එක.."
"නොතිබ්බොත්.."
"මේ.. මගෙ යකා අවුස්සන්නෙ නැතුව හිටපං.."
රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
දුකද දැනේ බියද දැනේ
රුදුරු වුනේ ඇයි හිමි සඳුනේ...
(වදනක් වදනක් ගානේ හද තුලටම කිදා බැස ඇති හෙයින් )
:O මොනවා කියන්නද මොනවා අහන්නද මට හිතා ගන්න බෑ
ReplyDeleteහ්ම්ම්ම්ම්ම් සමහරු ඔහොම තමා. යෝජිත නෙමෙයි අවුරුදු ගනන් ආදරේ කරලා බැඳලත් ඔහොම හැසිරෙන අය මේ සමාජයේ ඕන තරම් ඉන්නවා. කියනවා වගේම නියමයි.
ReplyDeleteනංගෝ පුංචි ඉල්ලීමක් පුලුවන්නම් "සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්" සිංදුවටත් මේ වගේ එකක් ලියන්නකෝ. ඔයා ආස නැත්නම් එපා. මට ආස හිතුන නිසයි කිව්වේ. නොලිව්වට ඉතින් කිසි තරහක් නැති බව දන්නවනේ මේ අක්කගේ හිතේ.
මේකනම් ෆට්ටා.... අක්ක සින්දුව දිග අරිනවද කතාවකට?
ReplyDeleteයෝජනාවකින් බැන්දත් ආදරය කරලා බැන්දත් ඔය වගේ වෙනස් උන අය ගැන කතා නම් අපි ඔන තරම් අහල දැකලා තියෙනවනේ... ඒත් වැරැද්ද කොතනද කාගෙද කියල තමයි දන්නේ නැත්තේ....
ReplyDeleteමේක මම ඊයේම දන්නවා නේ...ඒත් මේකට ඔයා දාවි කියලා හිතපු කතාව නෙමේ දාලා තියෙන්නේ.....ඒක හොදා..එතකොට මට කතා දෙකක් අහන්න ලැබුනා එකම සින්දුවට.....
ReplyDeleteසින්දුව කතාවකට හරවන විදියනම් හරිම අපූරුයි.
ReplyDeleteතැන්කූ ලින්ක් එකකුත් හොයල දැම්මට
ආදරයත් ජීවිතයත් කාල ගුනය වෑනිය
ReplyDeleteහරිම ලස්සනට විස්තර කරලා තියෙනවා.......අද වෙද්දී කාර්යබහුලත්වයත් එක්ක පවුල් ජීවිතේට වෙලාවක් තියෙනවද කියන එක හරිම ප්‍රශ්නයක්....එහෙව් එකේ ඔය විදිහේ දේවල් ඇතිවිම එක අතකට පුදුම වෙන්න දේකුත් නෙමේනේ.....
ReplyDeleteකාට කියන්නද මේ දුක ... :( කාලයත් එක්ක වෙනස් වීම ..
ReplyDeleteකතාව ලස්සනයි කියනවට වඩා හිතට දැනුනා කියන්න කැමතියි.. කතාව ගලා යන විදිය එකට ගොඩක් හේතු වෙන්න ඇති ... ( කතාව ලියා ඇති විලාසය අපූරුයි ) ..
@පූසා : ම්ම්... ඒ කියන්නේ මේ postඑකට පක්ශව හා විපක්ශව කරුණු ගොඩයි ඔයා ලඟ..
ReplyDelete@හා පැටික්කි අක්කා : ඔව් අක්කේ.. ඒක නම් එහෙම තමා.. මෙතනදි දෙන්නට දෙන්නා හොදට තේරුම් ගත්තා නම් මේ කිසිස් අවුලක් නෑ..
ReplyDeleteමම හිතලා බලන්නම් අක්කේ.. ඒ සිංදුව අහනකොට කතාවක් හිතට ආවොත් මම අනිවාර්යෙන් ලියන්නම් හොඳේ..?
@මාලන් මල්ලී : ඔව් මල්ලී.. මේ posts එහෙම නිර්වචනය කරන එක හරි කියලයි මාත් හිතන්නේ..:)
ReplyDelete@දිනේෂ් : හ්ම්... වැරැද්ද තියෙන්නේ කර්මේ.. ක
ReplyDeleteරුමේ..කරුමේ..
@තාරක දිල්ෂාන් මල්ලී : ස්තූතියි මල්ලී...
ReplyDelete@රත්ගමස් : හ්ම්.... ඔයා කිවුවට පස්සෙයි මට හිතුනේ.. මේකට තව කතාවක් එන්න පුලුවන්.. මම දන්නෙ නෑ ඔයා හිතන කතාවමද කියලා.. ඒත් ඉන්නකෝ.. කතාවක් තියනවා මේකට තවත්..
ReplyDelete@ ඉලංදාරි අයියා : හ්ම්.. කියන්න බෑ.. වෙනස්වීම් කොයිවෙලේද කියලා..
ReplyDelete"දිල්ශාන්" හොඳේ :)
ReplyDeleteඅහ්..හරි හරි මල්ලී.. සමාවෙන්න ඕනේ printing mistake එකට..:)
ReplyDelete@මකුළු අයියා : හ්ම්.. ඔයා හරියට හරි.. වැඩ වැඩි වෙනකොට අකිනෙකා ගැන හොයලා බලන්නවත් වෙලාවක් නැති වෙනවා..
ReplyDelete@මුතූ : කාලයත් එක්ක වෙනස් වීමම නෙමේ මට නම් හිතෙන්නේ.. මුලින් වෙස්මූණු පැලඳ සිටීම නේද මුතූ..?
ReplyDeleteඑහෙම නොවුනනම් මෙහෙම වෙන්න බෑනේ..