ජොවානා අවුරුදු 5ක් රහසින් සර්බස්ට්ට ආදරය කරනවා.අවුරුදු 14ක ජොවානා අවුරුදු 21ක සර්බස්ට්ට ගොඩාක් ආදරේ කරනවා.ඒ ආදරේ හටගන්නේ ක්ෂණයකින්.. ඊට කලින් සර්බස්ට් මුනගැහිලා තිබුනත් තමන්ගේ සොයුරියගේ නිවසේදී සර්බස්ට් මුනගැහුන වෙලේ ඇයට මොකදෝ වෙනවා..
ඇගේ පපුව හිරවෙන ගතියක් දැනුනාලු.. හුස්ම මොහොතකට නතර වුනාලු..
අවුරුදු 5ක් යන තුරුත් සර්බස්ට් තමන්ට දක්වන හැම ප්‍රතිචාරයක්ම ඇය වැරදියට තේරුම් ගන්නවා.. ඒ ඔහු තමන්ට ආදරය කරනවා කියලා..
ඒත්.. අවුරුදු 5කට පස්සේ සර්බස්ට් වෙන යුවතියකට විවාහ යෝජනාවක් ඉදිරිපත් කලාම ... ඇයට හැමදේම එපා වෙනවා.. ආයේ විවාහයක් ගැන වත් හිතන්නේ නෑ...
ඒත් නොහිතූ මොහොතක......................
සර්බස්ට් ඇයට ලස්සන කවක් පරණ කඩදාසියක ලියලා එවනවා.. ඒ කඩදාසිය කොටළු ගඳයි.. (ඒ වෙනකොට සර්බස්ට් ගරිල්ලා යුධ බිමක..ලිපිය එවන්නේ කොටළුවන් පිට පටවලා එවන බඩු ගොඩක හංගලා..) ඒක එහෙම වුනත්....ඒ ලිපිය ඇය යලි යලිත් කියවනවා.... ඇයට ඇස් අදහාගන්නට බෑ...
෴ ... ෴
මම මේ මොනවද අද කියවන්නේ... මම කියවූ පොත් වලින් මම ආසම ආදරේම කතා දෙකෙන් එකක් තමා ජොවානා.. ජීන් සැසන් තමයි මේ පොත ලියලා තියෙන්නේ.. ඒ නිසා වෙන්නැති නොදැනීම ඒ ගැන ලියැවුනේ...
ආදරේ ඒ වගේ දෙයක්.. මම ගොඩාක් අය තුලින් දැක්ක.. දෙයක් තමයි මේ..!
වෙනස්කරගන්න... අමතක කරන්න උත්සාහ කරත් අමතක කරන්න හිතන ගානට මතක් වෙන දෙයක්..
ආදරය කරන්න කාටවුනත් පුළුවන්.. ආදරේ ලබන්න හැමෝටම බෑ.. එහෙම තියෙද්දීත්.. එහෙම දැනෙද්දීත් ඇයි ඒ පසුපසම ලුහුබඳින්නේ..
මට හිතා ගන්නම බෑනේ..
ආදරය ලබන කෙනා යාළුකමට ඇඟෑලුම් කමට කතාබහ කරත් අනික් කෙනාට හිතෙන්න පුළුවන් ඇය හෝ ඔහු තමන්ට කැමතී ආදරේ කියලා.. අන්තිමට තේරුනාම තමනුත් ඇයට හෝ ඔහුට සමාන්‍ය කෙනෙක් කියලා... සමහරුනම් යතාර්ථය තේරුම් ගන්නවා.. සමහරු එහෙමත් නෑ..
ආදරය කරන කෙනා හිතනවා නම් "එයා"ට මුණගැහෙන්න පුළුවන් හොඳම කෙනා තමන් කියලා..(එහෙම හිතෙන එක ස්වාභාවිකයි) ඒක අසාධාරණයි කියලයි මට හිතෙන්නේ..
සමහර කතන්දර පටන් ගන්නේ විහිළුවට... යාළුවෝ විහිළු කරනකොට...
ඒත් නොදැනීම ඒක ඇත්ත ආදරේකට පෙරලෙන්න ඉඩ වැඩී..
එහෙම ආදරය කරලා ඒ කෙනත් පෙරලා තමන්ට ආදරය කරොත්.. ඒ කෙනා ගොඩාක් වාසනාවන්තයි.එහෙම වුනේ නෑ කියලා වයිර කර කර ඉන්න එකේ නම් කිසිම තේරුමක් නෑ..
එච්චර අමාරුවෙන් ලබාගන්න ආදරයක් ගොඩාක් වටිනවා(ආදරේ කොහොමත් ගොඩක් වටිනවා)... හැමවෙලේම වගේ මතක් වෙනවා.. ගීතයක් ඇහුවත්... රෑ හඳ දැක්කත්... අපි හිතමු සමහරවිට පොල් සම්බෝලයක් දැක්කත් "කෙනෙක්" මතක් වෙන්න තරම් ලස්සන සිතුවිල්ලක් "ලු" ආදරය...:)
.... (හැබැයි ඔය ඇන්තූරියම් කනාටු පැලයක් දෙකක් දැක්කම මට නම් අපෙ මුළු පන්තියම මතක් වෙනවා.. ඒ කතාව පස්සේ කියන්නම්කෝ.. හැබැයි ඒක මඩ කතාවක්.. )
දවසක මුණ ගැහිලා කතාබස් කරලා සමුගත්තම බලන් ඉන්නේ අනික් දවස එනකම් ඇඟිලි ගැන ගැන..
අරලිය ලන්දට
සඳ පායන කොට
තුරුලිය මල් වට
බඹරු බමන විට
සිය සිය සිය දහසට
ඇඟිලි ගණිනා මට
ඔබ ගැන සිහිවෙනවා
එතකොට ගී පද ලියවෙනවා
ඔන්න ඉතින් කවි ගී ලියවෙන්නෙ එතකොටලූ... අනේ මංදා.. එතකොට ඊට කලින් ලියවෙන්නේ කවි ගී නෙවේ කතන්දරද දන්නෙ නෑ..:)
"මට ඔබව මතක් වෙන්නේ එතකොටයි" කිවුවම ..මුලින්ම අහනකොට මට නම් හිතුනේ... අරලිය ලන්දට හද පෑව්වෙ නැත්තම්.. ගස්වටේ බඹරු නැටුවෙ නැත්තම්... ඇඟිලි ගැන ගැන බලන් ඉන්න තරම් ඇයට ඔහු මතක් නොවෙනවා කියන එකද මේ කියන්නෙ කියල... (මගේ පුංචි මෝඩ මොළේ)..
රඹවන් හේනේ කරල් පැසෙනකොට
අඹ මල් ගානේ ගිරවු හඬන විට
දොඹ තුරු මානේ සෙවණ දකින මට
ඔබ ගැන සිහිවෙනවා
එතකොට සිතිවිලි ඉඟිලෙනවා..
(ටික ටික මොලේ පෑදිගෙන එනවා වගේ).. බලාගෙන ගියාම හැම වෙලේම මතක් වෙනවානේ....දවල් තිස්සෙම මතක් වෙනවා වගේ..
දඬුවැල් බෑ මී සුවඳ දැනෙනකොට
පඬුවන් අහසේ තරු පායන විට
හැඬුමට නොහැකිව දෙඇස වසන මට
ඔබ ගැන සිහිවෙනවා
එතකොට සිහිනය උපදිනවා..
උදේ දවල් රෑ යාම තුනේම ඇයට ඔහු මතක් වෙනවා..
උදෑසන තුරුලිය මල් වට බඹරු බමන කොට..
දවාලේ රඹවන් හේනේ කරල් පැහෙනකොට..
හවසට පඬුවන් අහසේ තරු පායන කොට
රෑ සඳ පායන කොට... .....................................ඇයට ඔහුව මතක් වෙනවාලු....
ඊට අමතරව...
ආදරයට ගී ලියැවෙනවලු..
ආදර සිතුවිලි ඉඟිලෙනවලු..
ලස්සන ලස්සන හීන මවනවලූ...
හරිම අහිංසක ආදරයක්...
ලු....
ReplyDeleteමෙයා බබා...
@තාරක දිල්ශාන් මල්ලී : හහ්... මෙන්න බලන්ඩ වැඩක්.. බබෙක් නොවුනත් ඕවා නම් " ලූ" තමා මල්ලී..
ReplyDeleteමේ පොතේ කතාව මොන වගේද අක්කේ... මම නම් කියවලා නැහැ...
ReplyDeleteහ්ම්ම් ආදරය... ඒ ගැන නම් මොනවා කියන්නද???
සුන්දර සැබෑ ආදරේ එහෙම තමා.......
ReplyDeleteනිතර නිරතුරු
රැදෙයි සිත් ළඟ
සිතට එබිකම්
කරයි රහසෙම
ගෙවෙන තත්පරය
හැම විට
මැවෙයි මුව අඟ
සිනහ මල් කෙමි
මතක් වී ඔහු......
හැබැයි ඉතින් අද කාලේ ආදරේ විහිලුවක් නැත්නම් සෙල්ලමක් කරන්. දෙපාර්ශවයම. ඒ වගේ අය නිසා ආදරයට හිමි වටිනාකම ගිලිහිලා ගිහින්. ඒකනේ ඔය නංඟා දානවා වගේ "ලු" යනු දාන්නේ.
ඔය "ලු" යනු නොදා කියන්න පුලුවන් අයත් ඉන්නවා.
හා පැටික්කි අක්කත් එහෙම"ලු" නේද? :)
ReplyDeleteආදරයත් කිසිම තෙරුමක් නැති වචනයක් ලු නේ...
ReplyDeleteමේකේ තියෙන කතාව එහෙමයි කියමු කෝ....
ReplyDeleteමට තියෙන ප්‍රශ්නේ මේකයි...දිනේශ් අයියා මොකටද මෙයාට අක්කේ කියන්නේ....හික්,,
මම නම් මේ පොත කියවලා නෑ....
ශොර්ලොක් හෝම්ස් වගේ පොතක් නම් කියවන්න ඕනා :)
@දිනේෂ් : මේ පොතේ තියන කතාව ආදර කතාවක්.. පිරිමි ලමයි ආස වෙයිද දන්නෙ නම් නෑ.. ම්ම්... අරාබිකරේ සදාම් හුසේන්ට විරුද්ධ කුර්දි ජාතික තරුණියකගෙ කතාවක්.. පුලුවන් නම් හොයන් කියවන්න..:)
ReplyDelete@හා පැටික්කි අක්කා : අනේ අක්කේ ලූ යන්න දැම්මේ නම් මම ඔය ගැන හරියට නොදන්න නිසා... හැබැයි ගොඩක් විට දැන් දැන් විහිළුවට ආදරය කරන අය අඩුයි නේද අක්කෙ..? හැබැයි 50% විතර ඔහොම අය ඉන්නවා ඇති තමයි...
ReplyDelete@තාරක මල්ලී : හික්ස්.. ඔයාට ලූ යන්න පේන්න බෑ වගේ.. ඇත්ත තමා ඒ අකුර දැම්මම කොන්දක් නෑ වගේ.. මට දැනුයි කල්පනාවට ආවේ මම පෘෂ්ඨවංශිකයෙක් නේ..
ReplyDelete@නිම්ෂා : මොකො ඔයත් "ලු"...??? ම්ම්.. අර්ථයක් නැද්ද..? අර්ථය තෝර බේරා ගන්න බැරිද..සහෝදරී..?
ReplyDelete@රත්ගමස් : මෙච්චර මහන්සි වෙලා ලියපු පෝස්ට් එකට ඔයා එහෙම කිවුවා එහෙනම්..?:P:P...
ReplyDeleteහේ..හේ.. ඇයි එයා මල්ලි කෙනෙක් නෙවේද..? මට කොහොමත් අයියලා මල්ලිලා හරියට පැටලෙනවනේ.. මතකනේ එක්කෙනෙක්ට කටපුරා අයියා කියලා අන්තිමේට බලද්දී... අය්යෙකුත් නෙවේ මල්ලියෙකුත් නෙවේ..:)
අහ්.. ඔයත් හෝම්ස්ට ආසද..? අම්මෝ.. මට නම් පිස්සු වගේ.. මම ඒවට මාරම මාර ආසයි.. ඇත්තටම කිවුවොත් මම පොත් එකතු කරනවා... ලෝහිත පරීක්ෂණය , බිහිසුණු නිම්නය , සුනඛ ශාපය.... තව..තව...
තමා මගේ favourite..
මටත් ඉස්සර හොම්ස් ගෙ පොතක් කිවුවොත් වෙන මොනවත් ඕනෙ නෑ.
ReplyDeleteචන්දන මෙන්ඩිස් පරිවර්තනය කරපුවට තමා ආසම
දැන් මෙතන කතා වෙන්නේ හෝල්ම්ස් ගැනද?
ReplyDeleteජොවානා ට මොකද උනේ....
අපොයි...දිනේශ් අයියා....
අවුරුදු දෙකක් වැඩුමල්.....
අයියලා මල්ලිලා පැටලීම නම් හොද නැත...මම ඉතින් කොහොමත් අයියා උනා නේ... හික්
@ රත්ගමයා & ප්‍රාර්ථනා : මට වැරදීමක් සිදුවී ඇත්ද?? මම මේ බ්ලොග් එකට ආපු අළුතම මට ඔය ගැටළුව ආපු නිසා මම ප්‍රාර්ථනාගෙන් ඇහුවා මම ආමන්ත්‍රණය කරන්න ඔන කොහොමද කියලා... "අක්කේ" කියන්න කියපු නිසා මම ඊට එහා මුකුත් ඇහුවේ නැහැ.. මොකද කාන්තා පාර්ශවයෙන් වයස අහන එක හොද නැති නිසා.. කොහොම උනත් මට දැන් 23යි.. මම ආමන්ත්‍රණය කරන්න ඕන කොහොමද කියලා ප්‍රාර්ථනා කීයාවියි කියලා මම හිතනවා..
ReplyDelete@තාරක මල්ලී : හ්ම්.. මමත් ආසම චන්දන මෙන්ඩිස් පොත් වලට.
ReplyDelete@රත්ගමස් : අහ්.. නෑ.. ජොවානා ගැන වත් හෝම්ස් ගැනවත් නෙවේ මෙතන කතාව "අරලිය ලන්දට.." ගැඅන නේ..:)
ReplyDeleteඅයියලා මල්ලිලා පැටලීම හොඳ නැත්තේ ඇයි..? බ්ලොග් එක මුහුණුපොත වගේ නෙවේ නේ.. අපි කොහොමද වයස දැන ගන්නේ.. අහ්..? ඔයාට වුනත් මම මුලින් අයියා කිවුවේ ලිපි වල තිබුන පරිණතකම නිසා මිසක් වයස අඩුවෙන් කියාගන්න නෙවේ.. හොඳේ..? ඒක මම ඒ කාලෙම ඔයාට කිවුවනේ රත්ගමස්..මම මගෙ වයස කියන්න බය නෑ..:):)...
හික්ස්.. මමත් බයේ හිටියේ මල්ලියෙක්ටදෝ අයියා කිවුවේ කියලා.. මතකනේ...
@දිනේෂ් : හ්ම්... මගෙන් වස වැරැද්දක් වෙලා වගේ අයියා... සමාවෙන්න ඕනෙ.. මම 1990 කෙනෙක්.. මම ආයේ ඔක්කොම පෝස්ට් ටිකයි ඒවට ලැබුනු කොමෙන්ටුයි බැලුවා.. ඇත්ත මම එහෙම කියලා තියනවා.. sorry k..?
ReplyDeleteහ්ම්.. එහෙනම් ඉතින් දැන් අයියා මල්ලි ප්‍රශ්නෙ අහවරයි හොඳේ..?
ඒකට කමක් නැහැ.. කොහොම හරි දැන් ගැටළුව විසදුනානේ...
ReplyDelete"අමතක කරන්න උත්සාහ කරත් අමතක කරන්න හිතන ගානට මතක් වෙන දෙයක්.." ආදරය
ReplyDeleteආ පොත පොත.. කියවලා නම් නෑ.. හොයාගෙන කියවලා බලන්න ඕනි.. හැබැයි මම පොත් කියවන්න හිතනවා විතරයි.. කියවපු කාලයක් මතක නෑ..
ReplyDelete@ළමය : ඒ කතාව හරි නේද..? නැද්ද..?
ReplyDeleteඅහ්.. එහෙමද..? එ මොකො..? කියවන්න ආස නැද්ද.. වෙලාවක් නැද්ද..?