දිනක් ගෙමිදුලේ ලී බංකුවක් මත තරුණ පුතෙක් තම මහළු පියා සමඟ ඈදි ගෙන සිටියහ.පුතා පුවත් පතක් කියවමින් සිටි අතර පියා ඊට බාධා නොකර නිසොල්මනේ සිටියේය.
මඳ වෙලාවකින් පුංචි ගේ කුරුල්ලෙක් පියාඹාවිත් ඔවුන් අසල තිබූ අන්දර වැටේ අත්තක වැසුවේ ය.
ඒ දෙස විපරමින් බැලූ පියා,
"ඒ මොකෙක්ද..?"
යැයි පුතාගෙන් අසන්නට විය.
බලමින් සිටි පුවත්පතෙන් මදකට දෑස් ඉවතට ගත් පුතා ඕනෑවට එපාවට,
"ම්ම්... පුංචි ගේ කුරුල්ලෙක් තාත්තේ.."
යැයි කියා නැවත තම දෑස පුවත්පත වෙත යොමු කලේ ය.
තවත් සුළු මොහොතකට පසු නැවතත් පියා තවමත් ගේ කුරුල්ලා අන්දර වැටේ ඉනු දැක..
"ඒ මොකෙක්ද..?"
යැයි පුතාගෙන් අසන්නට විය.
එවර පුතා මදක් ඕනෑකමින්
'ගේ කුරුල්ලෙක් තාත්තේ.."
යැයි කීය.
ටික වේලාවක් එලෙස සිටි ගේ කුරුල්ලා එතැනින් පියාඹාගොස් පියා සහ පුතා ඈඳිගෙන සිටි බංකුව ලඟම බිම කොන්ක්‍රීට් ලෑල්ලක් මත වැසුවේ ය.
ඒ බව දුටු පියා නැවතත්..
"ඒ මොකෙක්ද..?"
යැයි ඇසුවේ ය.
එවර නම් පුතාගෙ ඉවසීමේ සීමාව පැන්නේ ය.
නරඹමින් සිටි පුවත්පත පැත්තකට දැමූ ඔහු..
"තාත්තා !! ඒ ගේ කුරුල්ලෙක්.. ඇහුනද..? ගේ... කු..රු..ල්..ලෙ..ක්.."
යැයි කියා පියා දෙසම දෑස් යොමු කරන් තරහෙන් පිපිරෙමින් සිටියේ ය.
"අර මොකෙක්ද..?"
පියා නැවතත්..
"මොකක්ද මේ වැඩේ තේරුම..? ඇයි තාත්තා ඔයා ඔහොම කරන්නේ..? ඒ ගේ කුරුල්ලෙක්ක්ක්ක්ක්....!!"
පුතා මහ හඬින් කියන්නට විය.
හිඳ සිටි බංකුවෙන් නැඟිටගත් පියා එතැනින් ඉවත්ව නිවස දෙසට පියමනින්නට විය.
"ඒ පාර කොහෙද යන්නේ...?"
තවත් කිසිවක් කතා නොකරන ලෙස අතින් සන් කල පියා නිවස දෙසටම පිය මැන්නේය.
පියා නික්මුණු පසු තමන් එසේ ගෝරනාඩු කිරීම ගැන පසුතැවිලි සිතින් යුතු පුතා අත වූ පුවත් පත බිමට හෙලී ය.
ටික වේලාවකින් පුංචි පොත් පිංචක්ද අතැතිව පැමිණි පියා පුතා ලඟින්ම වාඩි විය.ඉන්පසු තම අත වූ පොතේ පිටුවක් පෙරලා එය පුතා අත තැබීය.
පුතා මදක් වික්ශිප්තව ඒ දෙස බලා සිටියේ ය.
එබැව් දුටු පියා දුටු බවක් නොඅඟවා..,
"හයියෙන් කියවන්න"
යැයි කීය.
"අවුරුදු තුනක් වයසැති මගේ පුංචි පුතා සමඟ මම අද ගෙමිදුලේ බංකුවේ වාඩි වී සිටින විට පුංචි ගේ කුරුල්ලෙක් පැමින අප ඉදිරියේ අත්තක වැසුවේය. ඒ දුටු මපුතු 21ක් වරක්ම ඒ මොකෙක්දැයි මගෙන් අසන්නට විය.ඒ ඇසු හැම වරකදීම මා ඔහුට ඒ ගේ කුරුල්ලෙකැයි පිළිතුරු දුනෙමි....................... ඒ හැම වරම මා ඔහු ලයට තුරුලු කරගෙන පුංචි හාදුවක් දුන්නේ මගේ පුංචි කොලු පැටියා යැයි උතුරා යන සෙනෙහසිනි. කිසිදු තරහකින් හෝ සිත් තැවුලක් මා සිත නොවීය."
දෑස තුනී කඳුළු පටලයකින් තෙමී යද්දී තරුණ පුතු තම පියා තරයේ වැළඳ ගත්තේය.
The most beautiful things in the world can't be seen or even touched.. They must be felt with the heart
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....මමත් මේ කතාව අහලා තියනවා මීට කලින්....
ReplyDeleteහැබැයි වෙනස් විදිහකට....
ඒ පාර ඉදියේ ගේ කුරුල්ලෙක් නෙමේ..වෙන සතෙක්..
අද සිංදුවක් නෑ නේ ඉතින්
ම්ම්.. වීඩියෝ එක මම බලලා තියෙනවා.. වීඩියෝ එක බලද්දී වගේම ගොඩාක් හිතට දැනෙන්න ලියලා තියෙනවා..
ReplyDeleteහ්ම්... මේකනම් ගොඩක් සංවේදියි... අන්තීම ටික තමයි ගොඩක්ම
ReplyDeletehttp://syndi.lankablogger.info
ReplyDeleteමමත් ඕකේ වීඩියෝ එක බලලා තියනවා. බොක්කට වදින්න ලියලා තියනවා..........
ReplyDeleteනියමයි නංගී....නියමෙට ලියලා තියෙනවා....මේ වගේම කන් ඇහෙන්නේ නැති ගෑණු ළමයෙක් හා පිරිමි ළමයෙක් අතරේ කතන්දරයක් තියෙනවා....ඒකත් බලන්න......
ReplyDeleteහරිම ලස්සනයි අක්කේ.... කියන්න වචන නැහැ... පිය සෙනෙහස ඒ තරමටම උතුම් දෙයක්..... මගේ තාත්තත් ඔය වගේමයි.........
ReplyDelete@මිස්ටර් රත්ගමස් : ඔව් මෙක ටිකක් ප්‍රසිද්ධ කතාවක් වෙන්ඩ ඇති..:)
ReplyDeleteඔව් අද සිංදුවක් ගැන නම් නෙවේ..
@ළමයා : ඒක තමා චතුර... මම බයේ හිටියේ මේකෙ වීඩියෝ එකට අසාධාරණයක් වෙයිද කියලා.. ඒත් මට මෙ ගැන ලියන්නම් ඕනෙ කියලා හිතුනා..
ReplyDelete@මාලන් : ඔව් මාලන්.. මටත් ගොඩා....ක් දැනුනා...
ReplyDeleteඅද තමා මම කළු සුදු බ්ලොග් එකට ගියේ.. එළ බ්ලොග් එකක්..
ස්තූතියි පැමිනියාට...
ReplyDelete@panhida : ස්තූතියි පන්හිඳ.. මම රෙජිස්ටර් වුනා ඒ පිටුවේ..
ReplyDelete@කල්හාර : ස්තුතියි අයියේ.. අළුත් කෙනෙක් වගේ මේ පැත්තට.. මම ඒ පැත්තෙත් ගියා හොඳේ..? සුන්දර තැනක්..
ReplyDelete@මකුළු අයියා : බොහොම ස්තූතියි අයියා.. ^_^... මම google search කරලා හොයන්න බැලුවා හොයා ගන්න බෑනේ.. කොහොමද මම හොයාගන්නේ....ම්ම්... ලින්ක් එකක් තියේ නම් දෙනවද අයියා..?
ReplyDelete@දිනේෂ් : ස්තුතියි අයියේ..(හික්ස්.. මම අක්කා ඔයා අයියා.. කමක් නෑ අයියා.. මේ බ්ලොග් ලෝකෙ වෙනස්ම එකක්..:))
ReplyDeleteඔව් අයියා.. මෙ වීඩියෝ එක බලනකොට අපෙ අම්මට නම් ඇඬුනා.. වචන වලින් කියන්න බැරි කොච්චර ලස්සන හැඟීමක්ද සෙනෙහස කියන්නෙ නේද..?
@මාලන් : ^_^
ReplyDeleteඅහ් අපිට අපේ වසන්ත සර් ඔය විඩියො 1ක පන්නුවා,,,එදා තමා මම දැක්කේ.....මාරම දුක හිතුනා..
ReplyDelete@shani නඟා : හ්ම්.. දුක හිතෙනවා සහ අම්මලා අප්පච්චිලා ගැන ලොකූ ආදරයක් ඇති වෙනවා..
ReplyDeleteඔය වීඩියෝ එක බලපු වෙලේ මගෙ ඇස් දෙකට කඳුලුත් ආව
ReplyDelete@තාරක මල්ලී : අම්මා හෝ අප්පච්චී ජීවත්වෙලා ඉන්න කාලෙම එයාලගේ අගේ තේරෙනවා කියන්නේ ගොඩක් ලොකු දෙයක් මල්ලී..:'(
ReplyDeletehttp://www.youtube.com/watch?v=QyB_U9vn6Wk සමාවෙන්ට ඕනේ පරක්කු වුනාට....අද තමා මේක හොයාගත්තේ...පළවෙනි වතාවට මූණු පොත අනික් පැත්තට පෙරලුවා......
ReplyDeleteඅනෙ මකුළු අයියේ,සමාවෙන්න ඕනෙ කරදරයක් වුනා නම්.. ගොඩාක් ස්තූතියි හොඳේ..?
ReplyDeleteගොඩාක් සංවේදී කථාවක්
ReplyDeleteස්තූතියි චමින්ද ^_^
Delete