දඬුමොනරේ පිහිටෙන් චමත් විනාඩි පහලොවක් ඇතුලත විකුම් මුනගැහෙන්නට ගියා.
"අහ්.. චමත් වරෙං..වරෙං..
මට විනාඩි පහක් දීපං... චතූට කෝල් කරලා බලන්ඩ ගෙදරට මේ වෙනකොට ගිහින්ද කියලා'
"හරි..හරී... මට හදිස්සියක් නෑ.."
චතූට දුරකථනයෙන් අමතා ඉන්පසු විකුම් චමත් ලඟම පුටුවකින් වාඩි විය.
"හා.. දැන් කියපං.. මොකක්ද ප්‍රශ්නේ..?"
"තාම ප්‍රශ්නයක් නෑ බං...ඒත්.."
චමත් බිමට නැඹුරු කරගත් නෙතින් යුතුව කීවේය.
"ඇයි..ඇයි..? හොර ගල් අහුලන්නේ නැතුව කියං කෝ.."
"ඇයි බං උඹ තුෂීට bite කරන්ඩ හිතුවේ... මාර අහිංසක කෙල්ලක්නේ බං... '
චමත් එක එල්ලේ විකුම්ගේ මුහුණ දෙස බලාගෙන කීය.
"අහ්.."
විකුම් සමච්චල් හිනාවක් පෑවේය..
ඉන්පසූ..
"එහෙනං.... මේ ඒකයි....
මොකෝ මොකෝ.. මේ...
උඹට සිරා හිතක්වත් පහල වෙලා නෙවේ නේ..?
ෂික් බං.. දිව දෙකේ වැඩනං කරන්ඩ එපා.."
"ටිකක් හිටපංකෝ .. උඹට ඔල්මාදෙ ද..? මම ඒකිත් love කරන්ඩ..? අප්පෝ.. මගෙ බල්ලටවත් එපා... මේක ආදරේ ගැන ප්‍රශ්නයක් නෙවේ බං.. අනුකම්පාව ගැන අවුලක්..
මේ බලහං...
තුෂී මට හතුරුකමක් කරලත් නෑ.. එහෙම තියෙද්දී මම දිව දෙකේ කොන්ද පණනැති මොකද එකෙක් වගේ රවට්ටනවා... "
"මෙන්න අහගනින් එහෙනං ඕකට හේතුව..
තුෂානි ඉන්නේ අපේ ගමට අල්ලපු ගමේ.. එකිගේ මහැවුන් ලෝබ කුණෝ... අපෙ අම්මලා උන්ගේ ගෙදර ලඟින් ඉඩමක් අරං තිබුනා.."
"හරි..හරි.. නවත්තපං.. ඉඩං හුට්ටප්පරයකටද උඹ මේ කෙල්ලෙක්ගේ ජීවිතේ එක්ක සෙල්ලං කරන්නේ..?"
චමත්ට තමන් ගැනම පිළිකුලක් ඇති විය.
"පොඩ්ඩක් හිටපං.. ඔක්කොම කියලා ඉවරකරන කං.."
"එහෙනම් කියපංකෝ.. වටේ යන්නැතුව.."
"ඉතිං ඒකිගෙ තාත්තා ඉඩං දෙක මැදින් වැටක් බැන්ඳා අපේ ඉඩමෙං කෑල්ලක් යන්ඩ.. ඒ කාලෙ අපේ ආර්ථිකේ හොදටම වැටිලා තිබුනේ.. මමත් හයේ හතේ හිටිය පොඩි බච්චා සංදියේ කොල්ලා.. ඉතිං අපෙ තාත්තට කරකියාගන්ඩ දෙයක් නැතිවුනා.ටික ටික උන් අපෙ ඉඩම ආක්‍රමනය කරගෙන ආවා.. තාත්තා ඒ ඉඩමට මාර කැමතී.. මොකද කිවුවොත් ඒ ඉඩම තිබුනේ කුඹුරක් අයිනේ..
ඒ කාලෙ අපේ පවුලටම වැදිච්ච අපලයක් තිබිලද කොහෙද එක පාරටම අපේ තාත්තව රස්සාවෙන් අස් කරා.දේපල කියලා ඉතුරුවෙලා තිබුනේ අපේ ගෙදර තිබුන ඉඩං කෑල්ලයි මම කලින් කිවුව ඉඩමයි විතරයි.. දවසක් ඒ ඉඩමත් සින්න වුනා කියලා ලියුමක් ගෙදරට ආවා.
අපෙ කරුමෙට ඒ ලියුම ආවේ අපේ තාත්තාට.පුළුවන් නං නඩු කියන්න කියලා හැමොම කිවුවත් අතේ සතේ තිබුනෙ නෑ බං... ඉතින් අර විදිහට තිබ්බ සන්තකෙත් තමන්ට නැති වුනාම තාත්තා විකාරෙන් කියවන්න පටන්ගත්තා...
වටේ මිනිස්සු කිවුවේ අපේ තාත්තට පිස්සුයි කියලා..."
"හ්ම්..."
චමත්ට ටික ටික දැන් කාරණාව පැහැදිලි වේගෙන එයි..
"අපි ඔක්කොම නම්බුකාරකම් ගේ මුල්ලේ තියලා ගියා ඔය තුෂීගෙ ගෙදර මේ ගැන ටිකක් කතා කරලා බේරුමක් කරගන්ඩ.."
"අපි කිවුවේ..?"
"ආපි කිවුවේ බං.. අපෙ අම්මයි අක්කයි..
මම ඉතින් පොඩි කොල්ලනේ... මම ඕවාට ගාවගත්තේ නෑ ඒ කාලේ..
ඒත් උන් අපිව තඹසතේකට ගණන් ගත්තේ නෑ.."
"ඊට හරියටම අවුරුද්දකට පස්සේ ගොඩාක් දුක් විදලා අපේ තාත්තා නැතිවුනා... "
"එතකොට දැං උඹට ඕනෙ උන්ගෙන් පලිගන්ඩ.. ඉතින් ඇයි මහඑවුන්ගෙන් නැතුව මේ කෙල්ලගෙන් පලිගන්නෙ..?"
"අපේ තාත්තගෙ ඔළුව හොඳ නැතිවුනේ උන් හින්දා.. එදා අපිට දැනිච්ච වේදනාව තුෂිගේ මහැවුන්ට දැනෙන්න සලස්වන්නයි මට ඕනේ.."
Mata nam Coil... Anith tika liyanda ikmanata
ReplyDeleteමොකක්ද මේ වෙන්න යන්නේ....ලියවෙන වේගේ නම් එල රුවන්.... :)
ReplyDeleteකතාව ශෝක ජනකයි..
ReplyDelete@ධනු අයියා : හ්ම්..හ්ම්.. ටිකක් කොයිල් ..:P:P... ඔව් ඔව්.. ලියමින් ඉන්නේ..
ReplyDelete@රත්ගමස් : මම ඉතින් එක සැරේකුත් කතාව මඟ නවත්තලා ලොකූ අසාධාරණයක් කරානේ.. ඒකට හරියන්නත් එක්ක දැන් ලියනවා..:)
ReplyDelete@තාරක මල්ලි : ඔව් නේද..?:(
ReplyDeleteමලා.. මාර කේස් එකක්නේ වෙන්න යන්නේ... හැබැයි අසාධාරණයි...
ReplyDeleteමේ සිරාවටම මෙන්න මේම ලියන්නකෝ දිගටම... :D
පලිගැනිම නම් එච්චර හොද දෙයක් නෙමෙයි.. මිනිස්සු විනාස වෙන එකයි එකෙන් වෙන්නෙ...
ReplyDeleteබලමුකො ඉතුරු ටිකත්.....
@ළමයා : අසාධාරණයි... හරියට හරි..:)
ReplyDeleteඕකේ.. :P:P
@දිනේෂ් අයියා : ඔව් අයියා.. මටත් පේන්න බෑ..පලිගැනීම.
ReplyDeleteවැඩේ නම් බෝම නාකයි......... :(
ReplyDeleteකතාව නම් බෝම හොඳයි........ :)
@හා පැටික්කි අක්කා : අපි ගාමුද කැරල් අලේකින්...:)
ReplyDeleteඇත්ත ම තමයි දිව දෙකේ වැඩ...දෙමාපියෝ කරපුවාට දරුවෝ පලි නැනේ.. අර ගෙම්බා චමත් මී හරකා... මැට්ටා ඔලුව වනනවා ද ඔහෝම ඕන එකකට...මම වගේ නම් දෙනවා රත් වෙන්න..
ReplyDelete@නිම්ශා : හ්ම්.. ඇත්ත නංඟා.. චමත්ට නම් කොන්දක් නෑ..:P
ReplyDeleteආයෙමත් කුතුහලය අවුස්සලා නවත්තලා තියෙන්නේ. මොනවා කරන්නද ඊලග එක කියවනවා මිසක්
ReplyDeleteලස්සනයි රුවන් කුමාරි මේ කතාව නම්.
@මධුරංග අයියා : හික්ස්..:):)
ReplyDeleteස්තූතියි අයියා..!