Sunday, March 20, 2011

ඔබ නොදනී මුළු ලොවම දනී.. ( 09 කොටස )



                               තමන්ට මෙසේ කිරීමට හිතුනේ ඇයි..? ඒ තමන්ගේ පියාට වූ අසාධාරණය නිසා ය. එබැවින් තමන් නිවැරදිකරු නොවුනත් වැරදි නැත.මේ වැඩේ ආරංචී වූ දවසට චතූද තමන්  හා අමනාප වනු ඇත. මේ සියල්ල ගැන සිතා, කල බොරුව ඉක්මනින් යථාතත්වයට පත්කල යුතුයි යන තැනට විකුම්ගේ මනස හැදිනි. තමන්ගේ අතිජාත මිත්‍රයා පවා විහිළුවට හෝ ඔහුට එසේ කීවේ නම් අනික් උන් ගැන කවර කතාද..?

                               මේ අතර විනෝද සවාරිය පිලිබඳ අදහස යටපත් වූ අතර සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට සියළු දෙනා කතිකා කර ගන්නට විය.

"චමත්.."

"ම්ම්..?"

"ඔයාගෙ කටහඬ හරි ගති.. මම දන්නෙ නෑනෙ ඔයාට සිංදු කියන්නත් පුළුවන් කියලා"
චමත් ගයන ගීතයක් අසා සිටි යෙහෙලියන් විසින් කල වර්ණනාකිරීම් වලින් සිත තුටින් පිරුනු  තුෂී එතැනින් මිදී ගොස් චමත්ගෙන් විමසන්නට විය.

ඇයගේ දිදුලන දෙනෙත් වල ගිලෙමින් චමත්..
"කියන්නත්? ඒ කියන්නේ මම වෙන මොනවටද තව දක්ෂ.?"

"ම්ම්... ඇත්තට මොනවටද..?"
ඇය නිකටේ අතගසාගෙන බොරුවට බර කල්පනාවක යෙදෙන අයුරක් පෙන්වයි.

"ඔයා හිතන්නේ මම කියන්න හොඳ සිංදුව මොකක්ද..? ඔයාටනෙ ඕවා ගැන තේරෙන්නේ.."

"ම්ම්... ඔයා කියන්න අතුල අධිකාරිගේ සිරිලාල සිත නයනා සිංදුව... ඒක හරි ලස්සනයි.. මම හරි ආසයි.."

"අපොයි.."

"ඇයි....?"
ඇය නළල රැලිගන්වාගෙන පිලිතුරක් වෙනුවෙන් බලාසිටී.

"මගේ වොයිස් එකට ඒක ගැලපෙන්නෙ නෑනෙ ළමයෝ... මදෑ මමත් ඉදලා ඉදලා පණ්ඩිතයෙන්ගෙන් ඇඩ්වයිස් එකක් ගත්තා.."

"ඔහ්..!!!... හික්‍..."
ඇය දකුණතින් මුව වසාගෙන සිනාසෙන්නීය.

"ඔන්න බලන්න.. මම එදාට කියන සිංදුවෙන් ඔයා පුදුමෙනුත් පුදුමයට පත් වෙනවා.."

"ඔහ්...ඇත්තමද.. surprise..?"

"හ්ම්... "

"එහෙනම් මම තවත් අහන්නෙ නෑ... ඒක නෙවේ මටත් බැරිද ඔයාට අත්වැල් ගායනයක්වත් දෙන්න.."
තුෂීට ගායන හැකියාවක් විශේෂිතව නැත.

"හේ..හේ... බලමු බලමු.."

එදින රෑ 12ට චමත්ට කෙටි පණිවිඩ පෝලිමකි.ඒ අතර තුෂී විසින් එවූ පණිවිඩයක්ද විය. එහි වූයේ මෙවන් පණිවිඩයකි.

මගේම ආදරණිය චමත්,
මේ ලිපිය ඔයා වෙනුවෙන්මයි.එදා ඔයා හදලා දුන්න ඊමේල් ඇඩ්‍රස් එකට මම බ්ලොග් එකක් පටන් ගත්තා.. මේ ..හා..හා.. පුරා කියලා ලියපු ලියවිල්ල.. සුභම සුභ උපන්දිනක් MY Sweetu..!!!!
                          
චමත් පරිඝණකය වහා කුද්දාගෙන ලිපිය කියවන්නට විය.

"ඔහුගේ පපුව මහ හඬින් කෑ ගහන්නට විය..
"චමත්.. ඒ අහිංසක කෙල්ල රවට්ටන්න එපා..!!!!"

ඔහු නොසිතාම දෙවරක්,බ්ලොග් පිටුවට පිවිස කොමෙන්ටුක් යෙදීය.

"ඔයාට පිස්සු හැදෙයි තුෂී... මම දැන් මොකද කරන්නේ.."
චමත්ට ඔහුගේ උපන්දිනය මේ යැයි සතුටක් හිත අහලකවත් නොවීය.

ඊලඟ දිනයේ එනම් චමත්ගේ උපන්දිනයට් පසුදිනයේ සංගීත සංදර්ශනය පවත්වන්නට නියමිත දිනය උදා විය.

"අනේ මයි හැන්ඩි 'වෙන්ඩ හබියෝ' ඔයා අද හරිම ස්මාර්ට් අනේ.."
තුෂී ඔහු අසල දැවටෙන්නට විය.

ඉතා ඉක්මනින් ඇයට ඇත්ත වැටහෙන අයුරුත් එයින් මතු ඇය ඔහු ආයේ නොබලන අයුරුත් මැවි මැවී පෙනුනු චමත් ,
"කාටද ආඩම්බර නේද..?"

"ඒකනේ... මේ ඔයා කියලා තිබුනා වගේම මට අද හවස නම් හොඳ වැනිලා අයිස්ක්‍රීම් එකක් ඕනෙ..හොඳේ..?"
ඇය හැසිරෙන්නේ පොඩි ළමයකුගේ ගාණටය.

"දෙන්නම්කෝ.. එකට දහයක්.... ම්ම්.. තුෂී.. තව එක සැරයක් ප්‍රැක්ටිස් කරන්න ඕනෙ.. මම දැන් යන්නද..?"

"හ්ම්.."
ඇය තවමත් සිනාසෙයි.

වේදිකාව පිටුපසට ගිය චමත් ඔහුට නියමිත ගීතය පුහුණු වන්නට විය.මේ ගීතය තෝරන ලද්දේ මීට බොහෝ දිනකට පෙර විකුම් ප්‍රමුඛ ඔහුගේ මිතුරු කැළයි.
හදිසියේ දඩිබිඩියේ ඔහු සොයා පැමිණි විකුම්..

"මේ මචං... උඹ ප්‍රැක්ටිස් වුනේ ඒ සිංදුව විතරද..?"

"ඔව්.. මචං.. බයවෙන්ඩ එපා.. මම හොදට කියන්නං..."

"ඒක නෙවේ බං.. උඹට වෙන සිංදුවක් කියන්ඩ බැරිද..?

"දැන් ඉතින් ඔය තමුන්වහන්සේ මගේ යකා අවුස්සන්ඩයි හදන්නේ.. තව පැය කාලකින් මම සිංදුව කියන්ඩ ඕනේ විකුමෝ..'

"නෑ මචං.. මම ඊයෙ ගොඩාක් කල්පනා කරා.. සතෙක් වගේ මම මේ කරන්ඩ යන වැඩේ කැතයි කියලා මට හිතුනා.. ඔය සිංදුව කිවුවොත්.."

"දැන් ද.. පුත්තලං බූරු පැටියෝ උඹට ඕක තේරුනේ.. මොකෝ.. උඹ කකුල් දෙකෙන් එල්ලිලා හිටියද ඊයෙ මොලේට ලේ බහින්ඩ..'

"නෑ මචං.. මම ඊයෙ දවසම වාඩිවෙලා පාඩං කර කර හිටියෙ ඒකයි.. මේ.. "

"දැන් වෙනස් කරන්ඩ බෑ බං.. කොහොමත් අපිට මේක තුෂීට කියන්ඩ වෙනවනේ... එදාට වෙන දේ අපි දෙන්නම බාරගමු.. වෙන මොනවා කරන්ඩද..?"

"අහ්... මචං උඹේ turn එක.. හොඳට කියපං.."

මීළඟට ඔබේ දෙසවන ගැඹුරු සිත්කළු හඬකින් පිනවන්නේ ..............චමත් බලසූරිය. පිලිගන්න වේදිකාවට ඔබේ අත්පොළසන් නදකින්...

වේදිකාවට සෙමින් පියමැන්න චමත් ප්‍රේක්ෂකයන් සිසාරා නෙත් යොමුකලත් අන්ධකාරයේ ඔහුට එක් වතක්වත් හඳුනාගන්නට නොහැකි විය.

පසුබිම් වාදනය ඇරඹිණි...

"ඇයි කලේ මුළුහදින්ම ඔබ මට ආදරේ
නැතිදෝ ඔබ මා ගැන දන්නේ...

නෑ කලේ කිසිදිනකදි ඔබහට ආදරේ..
නැතිදෝ ඔබහට එය වැටහුනේ...."

දසවන කොටසට




14 comments:

  1. කතාවටම ගැලපෙන් සින්දුව...
    සින්දුව ඇහුවට පස්සෙ තුෂිට මොනවා හිතෙයිද??

    ReplyDelete
  2. පව් තුශි..... :(

    ReplyDelete
  3. තුෂී චමත් විකුම් චතූ අන්තිමට ඔක්කොම නැතිවෙලා අනික් පැත්ත ගැහෙයි වගේ.......

    ReplyDelete
  4. හෆොයි.. දුක තමා තුෂියෝ.. හැබැයි......

    ReplyDelete
  5. @දිනේෂ් අයියා : සිංදුවෙන් පස්සෙත් මොකුත් නොහිතුනොත් නම් කුෂී කියන්නෙ ගොඩාක්ම මෝඩ කෙල්ලක්.. >:(

    ReplyDelete
  6. @නිම්ශා නඟා : එයා මුල ඉඳන්ම පව් නේද නංඟා?

    ReplyDelete
  7. @හා පැටික්කි අක්කා : ම්ම්.. කවුරු නැතත් චමත් & විකුම් වෙනස් වුනොත් නම් හොඳයි..

    ReplyDelete
  8. @ළමයා: ඇයි "හැබැයි..?"

    ReplyDelete
  9. අද තිබ්බ පේපර් එක කෙලවෙච්චි හින්දා....මේ කතන්දරේ කියවන්න ගත්තා....දිගටම ලියන්න නංගී....ගලා ගෙන යන විදිහ නම් ලස්සනයි....කතාව ඉවර වෙන තැනකදී මගේ අදහස කියන්නම්.....

    ReplyDelete
  10. @මකුළු අයියා : මේ කතාව අතාත්විකද අයියා..? මට කතාව ඉවරවුනාම කියන්න හොඳේ..? මේ මම ලියන පලවෙනි කතාව.. සමහර විට අන්තිම කතාව.. මට දැන් දැ හිතෙනවා මට කතා ලියන්න බෑ කියලා.. :):).. ඒකට කමක් නෑ... ඔයාගෙ අදහස කියන්නකෝ.. හොඳේ..?

    ReplyDelete
  11. මේතාක් දුරට නම් අතාත්වික නෑ....ලස්සනට ගලාගෙන ගිහින් තියෙනවා....අයියෝ ඔයාගේ ලිවීමේ හැකියාව සෑහෙන්න හොඳයි නේ....සක්වල තක්සලාවකට ගොඩවුනාට පස්සෙත් ඕක දිගටම තියාගන්න...නැත්තම් වෙන්නේ ඒක වැනසිලා යන එක...අනික ඔයාගේ ලිවීමේ හැකියාව හොඳ හින්දානේ මේ බ්ලොග් එක කට්ටිය කියවන්නේ.......

    ReplyDelete
  12. @මකුළු අයියා : ස්තූතියි අයියා ඔයාගෙ වචන වලට..

    ReplyDelete
  13. තුෂීට මොනවා හිතෙන්න ඇත් ද ??? මොකද අප්පේ මේ එකපාරටම උනේ.
    මම හිතුවේ චමත් එයාගේ ආදරේ සිංදුවෙන් කියයි කියලා. අනේ මන්දා මුකුතු හිතාගන්න බැරි උනා !!!!!! අපෝයි.............

    ReplyDelete
  14. @මධුරංග අයියා : එයාට එයාගේ ආදරේ ගීතයකින් කියන්න තිබුනා.. ඒත් එයා කොන්ද පණ නැති කොල්ලෙක්... ඒකයි මේ... අනික් අය කියන කියන පදේට නටන්නේ..

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...