Wednesday, March 16, 2011

දිවිය පුරා ආදරෙන් ඉදින්නම්..


  මේ සිංදුව අහන ගමන් කියවන්න හොඳේ..?
 
                             ඔයා ගැන මගේ හිතේ තියන හැමදේම ලියන්න හොඳම තැන තමා මේ බ්ලොග් එක. අද මම මේ මගේ කුළුදුල් ලිපිය ලියන්නෙත් ඔයා ගැනමයි.

                                ඇත්තම කියන්නම්,මට ඔය කතාකරන ඇස් දිහා බලන් කිසිම දෙයක් කියා ගන්න බෑ.ඒ ඇයි? අනේ මට නම් තේරෙන්නේ නෑ.කල්පයක් පෙරුම් පුරනවා ඔයාව දකින්න.ඒත් දැක්ක ගමන් හිත, බිම බලාගෙන යන්න.

                                 හෙට ඔයාගෙ උපන්දිනේ.අමුතුවෙන් විශේෂ දෙයක් අරන් තෑගිකරන්න තරම් මට තේරෙන්නෙ නෑනෙ.මට හිතෙනවා මම අලූතෙන්ම පටන් ගත්ත බ්ලොග් පිටුවේ හා හා පුරා කියලා ඔයා ගැනම ලියන්න,කමක් නැද්ද..? ඒත් මම මොනවද ලියන්නේ..ම්ම්.. ඇත්තටම මොනවද..?

                                   අපි මුලින් හමුවුන විදිහ.. මම මගේ හිත රවට්ටගත්ත විදිහ.. ටික ටික අපි ලංවුන විදිහ... ඒ ඇර තව කොච්චර දේවල් තියනවද ලියන්න.හ්ම්... ඔන්න හැමදාම වගේ මම වටේ යනවා කතාව නොකියා.

                                  එක කාලෙක පුංචි කුමාරියක් හිටියා "ආදරේ" කියන වචනේ විතරක්ම දැනගෙන හිටිය. ඇය හිතුවේ ජීවත් වෙන්න නම් ආදරේ තිබුනම ඇති කියලා.( ඔයා හිතයි "ඔන්න පටන්ගත්තා බොළඳ සීනිබෝල කතා" කියලා.. නෑ..නෑ.. එක්කො එහෙම හිතන්නෙ නැතිවෙයි නේද..? ඒ ගැන අපි පස්සේ කතා කර ගමු නේ..?..)..

                               ගොඩාක් කල් පෙරුම් පුරලා පෙරුම් පුරලා ඒ හිතට හමුවුනාලුනේ ලස්සන හිතක්.. අනේ ඉතින් ඔය හිතේ හිමිකාරයාගේ වැඩේම හිනාවෙන එකමලුනේ..(බටර්..බටර්.. ).හික්ස්...

"සිනා පිරුනු මුව නිරන්තරේ පෙනේවි නම්"

                               ගොඩාක්ම කලේ ඇස්වලින් හිනාවෙන එක.ම්ම්... බලන් ඉන්න ආසයි.
තනිය තනිකම මගේ සියුමැලි හිත පාරවද්දී කොහේදෝ ඉදන් ඇවිත් ඒ හැම වේදනාවක්ම නැතිකලාට ගොඩාක් පිං.. පිං ගොඩායි...හොඳේ,,? (උඩ ගියා නම් ඉක්මනට බිමට එන්න.. නැත්තම් මම අයෙත් තනියෙන්..:))

"පාළුව මකනා කවියක් සේ ඇසේවි නම්
මා සවනේ රැවු දි දී රැඳි ඉඳිවි නම්"

                              තව අවුරුදු දෙකකින් තුනකින් අපි අපේ වුනාම (ම්ම්..??? එතකොට දැන් අපි අපේ නෙවේද..? අපොයි.. ඒකෙත් හැටි.. ඔයා tubelight නෙවේ නේ..:D) මම ආසයි ඔයා ලඟින්ම ඉන්න.. (එපාද..? එපා නම් බලෙන් එල්ලෙන්නේ නෑ හොඳේ..? :)) ඔයත් මා ලඟින්ම ඉන්නවා නේද.? අනේ plzz...

"මලට රේණු සේ ඔබ ලඟ ඉන්නම්
සඳට තරුව සේ තනිය මකන්නම්
නෙතට කඳුළ සේ නෙත ලඟ ඉන්නම්"


                                කී දවසක් නම් නුවර වැව රවුමේ එහාට මෙහාට බොරුවට ගාට ගාට කෙඳිරුව රහස්, පතක නොලිවුවට මගේ හිතේ සිත්තම්වෙලා තියනවා හරි අපූරුවට.වචන බොහොම ටිකයි.. හිතන්න දේවල් ගොඩායි...:)

"ආල කතන්දර හොර රහසේ කියාවි නම්
ඔබේ තුරුල්ලේ උණුසුම් සුව ලැබේවි නම්"

                                          මේ ගීතය මම නොකිවුවට, මවා ගන්න මගේ ස්වීට් වොයිස් එකෙන් මේ සිංදුව කියවෙනවා.. පුළුවන් නේ..? ආව්.. ආව්.. කොහොමද මම නන්දා නැන්දා වගේ "මලට රේණු සේ.." කියන්න පටන් ගත්තම.. කාටද ආඩම්බර,..... හෙ..හේ.... 

                                           කියන්න ඕනෙ වුනේ මෙච්චරයි... මෙච්චර වටයක් ගියේ මේ දේ කියන්න තමයි. මගේ හිත රිද්දන්නේ නැතුව (ඔය පොඩි පොඩි අවුල් අපි ගණන් ගන්නෙ නෑ ..දන්නව නේ..?  :D) ජීවිත කාලෙ පුරාවටම ඉන්නවා නම්...............................


"ඔබ කිසිදා මා සිත නොතලා රැඳේවි නම්"
                                 අනේ ඉතිරි ටික ඔයා ම හිතා ගන්න.. මට ලැජ්ජයි ලැජ්ජයි වගේ.. :\ එක්කෝ... මෙච්චර පිටුවක්ම ලියපු එකේ කොන්ද කෙලින් තියන් කියන්නම් කෝ එහෙනම්..

"මම ඔයාට හරි ආදරෙයි ඔන්න.. "( හොඳට හිතලා බලලා කිරලා මැනලා කියපු දෙයක් හොඳේ,..? ඔයා නොදන්නවැයි මගේ හැටි නේ...?ඒක නෙවේ මේ කී වෙනි සැරේටද මම එහෙම කියන්නේ.. ම්ම්.. මට මතක නෑ නෙ.. ඔයාට මතකද..?)
"මියෙන තුරා ආදරේ කියන්නම්"

                                                                                 සුභම සුභ උපන්දිනයක් ඔයාට..!!
                                                                                        මීට ,
                                                                                        තුෂී (වාත බෝට්ටුව)



 comments :-

Anonymous said ,

මගේම වාත බෝට්ටුවට ලියමි.. මම ඇනෝ නොවෙමි.. එබැව් යලි යලිදු නොකියමි. මුවින් නොදෙඩූ දහසක් දේ ඔබේ නෙතු අඟින් රූරා වැටී ඇති අයුරු මට හිතා ගන්නවත් බැරිය... ජීවිතෙන් ඔය සා සුළු දේවල් ඔබ බලාපොරොත්තු වෙන්නෙ ඇයි..?  
දැන් වත් තේරුම් ගත්තා නම් ලොකු දෙයක් "කාලයක් හිත රවට්ටගත්තා" කියන දේ නම්.. :):) 
 බටර් මතින් මම ලිස්සා යමි.. 
අනික තමයි උඩ යනවා නම් වාත බෝට්ටුවත් ඒ එක්කම අරන් යන බව අමතක වුනේ කොහොමද.. ඒකට නම් මගෙන් සමාවක් නෑ නෝනේ.. 
හික්ස්... මරු හිනාව අහ්... කොහෙන්ද දන්නෑ ඉගෙන ගත්තේ..

පිස්සු කෙල්ලේ නොකිවුවත් ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි කිවුව ටික නම් නොලිවුවත් මම දනිම්.. :)... 

මේ තෑග්ග මට නම්  කෝටියක් වටි.. :D... මොනවද ඕන..? හොඳ වැනිලා අයිස්ක්‍රීම් එකක්..? නරකද..?:)


මියෙන තුරා ආදරෙන් ඉදින්නම්

17 comments:

  1. :)
    මීට වඩා දෙයක් මේ ලිපියට දුන්නොත් මේකෙ තියන ලස්සන නැති වෙනවලු

    ReplyDelete
  2. එයාට සුබම උපන්දිනයක්..

    ReplyDelete
  3. ඔයා ඔච්චර ලස්ස්නට ලියන්නේ කොහොමද..? ගුරුමුෂ්ඨි නැතුව මටත් කියනවාද..?

    අදාල කෙනාට.. සුබ උපන්දිනයක් වේවා..

    ReplyDelete
  4. හපොයි උපන්දිනේට සුභ පතන්න අමතක වෙලානේ
    සහොදරයා ඔයාට හැ‍ෆිම හැ‍ෆි උපන්දිනයක් වේවා!

    ReplyDelete
  5. මමත් ඇනෝ නොවෙමි....මම පරන රත්තාම වෙමි..මේක හරි කෙලියක්යැයි මම නොකියමි...කුශීට ලියමි...ඇනෝටත් ලියමි...අපිට විවාහය කිව්වෙ නැතොත් කපමි..මම එමි..හොයාගෙන එමි..මාතලේ දෙවනත් කරමි..මට දැන් හොයා ගැනීමට ලේසිය..මාර්තු 17 වැනිදා උපන්දිනය ඇති ඇනෝවෙක් හොයා ගෙන තඩි බාමි...
    දැන් මම යමි..ඡන්දය දමන්නට ඉගිලෙමි......සුබ මෙව්වා එකක් වේවාය!!!!

    ReplyDelete
  6. @MaRLaN : මමත් ගොඩ කාලෙකට පස්සේ තෘප්තිමත් වෙන විදිහට මේ පෝස්ට් එක ලියවුනා.. ඇත්තමයි ..මම හරි ආසාවෙන් හිටියේ මේක publish කරනකම්..
    මල්ලී(ඔයා මල්ලි එකෙක් නේ..?)මට ජංජාලෙන් ලැබුන දේවල් ගොඩායි..මම ගීත අහන්න ආස වුනාට පහුවුන අවුරුදු 5ට මම ආස සිංදු අහ අහ ඉන්න බැරි වුනා.. ඒත් ලඟදී ඉදන් හිතූ හිතූ සිංදු මට අහන්න ලැබෙනවා.. ඒකට මගේ අප්පච්චිටත් ස්තූතුවන්ත වෙන්න ඕනෙ... මොකද දැන් මගෙ වැඩේ ෆොන් කට්ටෙන් සිංදු අහන එකම තමා..

    මේ සිංදුවේ පුදුම "ගතියක්" තියනවා.. ගොඩාක් ධනාත්මක සිංදුවක්.. තුෂීගෙ "වෙන්ඩ හබී"ට මමත් සුභ පතනවා ඔන්න.. (ඇයි ඔයාල විතරක්..)

    හික්ස්.. :):)...

    ReplyDelete
  7. @නිම්ශා කෙල්ස් : හරි..හරි.. හැබැයි ඔය සුභ පැතුම් අහන්ඩ තුෂී කෙනෙක්වත් එයාගෙ boyfriend කෙනෙක් වත් ඇත්ත ලෝකෙ නම් නෑ කෙල්ල.. හික්ස්...

    ReplyDelete
  8. @චතුවා : අනේ මෙහෙමත් යාළුවෙක්.. මගේ කොමෙන්ට් එකෙන් මටම කොචෝක් දානවා නේද..?

    ReplyDelete
  9. @රත්ගමස් : අහ්.. ඇයි ඔයා විතරක්.. මමයි මේ පෝස්ට් එක ලිවුවේ .. මටත් නොකියා ඒ ජෝඩුව වෙඩින් එක ගත්තොත් මගෙනුත් බේරිල්ලක් නැතිය.. මාතලේ ආවාට වැඩක් නැත... ඔයා යන්නේ වැරදි පාරේය.. හික්ස්..

    හොයලා මටත් කිවුවනම් යෙහෙකි..:)

    හා..හා.. දැන් ඡන්ද බලෙත් තියනවා එහෙනං.. හොඳා හොඳා...:)

    ReplyDelete
  10. Ano ලියමි : මාලන් මලයා , නිම්ශා , චතුවා & රත්ගමයා : හෙ..හේ.... ස්තූතියි යාළුවනේ..

    ReplyDelete
  11. @මාලන් මල්ලී : අයිස්ක්‍රීම් වලට තුෂී ගොඩාක් කැමතී ලු.. හික්ස්

    ReplyDelete
  12. නන්දා නැන්දාගේ මම ආසම කරන සිංදුවක්...නිර්මාණය ගැන ඉතින් කියලා වැඩක් නෑ...ඒ හින්දා කියලා වැඩකුත් නෑ.(ඒ කියන්නේ ඒ වෙනුවෙන් විසිකරන්න වචන නෑ....සුපිරිම ගණයේ නිර්මාණයක්...)
    සෑහෙන කාලෙකින් පරණ විදියටම සිතුවමක් කරලා වගේ....

    ReplyDelete
  13. @මකුළු අයියා : මම මේ පෝස්ට් එක ලිවුවේ නෑ.. ලියවුනා.. ඒ සිංදුව අහ අහ ඉන්නකොට.. ඉතින් මට නම් හිතෙන්නේ මේ තාක් ලිවුව ලිපි වලින් මම නම් ආසම මේ ලිපියට.. ^_^.. ඒ නිසා ස්තූතියි අයියේ කොමෙන්ටුවට..:)

    ReplyDelete
  14. කියවන්න ගොඩක්ම ප්‍රමාද උනා. ඒ උනාට ලස්සනයි මේ ආදරයත්.

    ගොඩක් කියවගෙන යන්න බෑ. දුක හිතෙනවා (අපට කොයින්ද ආදර කතා)

    ReplyDelete
  15. @මධුරංග අයියා : මේ තමා මම ලියපු ලිපි අතරින් මම ආසම ලිපිය අයියා.. ඒ නිසා මේ පෝස්ට් එකට ලැබෙන කොමෙන්ට් මට ගොඩාක් වටිනවා.. ඒ නිසාම ස්තූතියි ඔයාට මේ ලිපිය කියෙව්වට..!

    මෙහෙම ලියවෙන්නෙ.. මේ වගේ දේවල් දැනිලා නෙවේ.. මවාගෙන හිතලා අයියා..:)

    ReplyDelete
  16. ඔබ කිසිදා මා සිත නොතලා රැඳේවි නම්, මියෙන තුරා ආදරේ කියන්නම්.........

    මම හුඟාක් ආසා පේළි දෙක තමා ඒක. ඒත් ඒක කියාගන්න කෙනෙක් නැති එක තමා දුක :(

    ReplyDelete
  17. @හ්ම්.. ම මේ ගීතයෙ හැම පද පේලියකටම ආසයි අයියා.. මේ පෝස්ට් එක ලියවුනෙත් ඒ ගීතය අහනකොටයි..
    "කියා ගන්න කෙනෙක් "තාම" නැති එක.." එන්න එහෙම කියන්න...

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...