සැන්දෑ අහස ලා රක්ත වණින් පැහැවෙමින් තිබුනා.දවාලේ සොරබොර වැවේ සිසිල් ජලකඳින් උණුහුම පහකරගත් හෙයින් පන්සල් යන්නටැයි අමුතුවෙන් ස්නානය කිරිමක් නුවුමනා ය.දුෂ්කර සේවයට කියා මේ ප්‍රදේශයට මාරුවීම ලැබුනත් මට නම් මෙහි දුෂ්කර බවක් නොදැනේ.උදේ රැයින් පිබිදීමක් ද නැත. එන්න එන්නම ජීවිත සරල වී ඇත.ගයාන් කියන්නේද එයමයි.අපි දැන් පෙරටත් වඩා සතුටින්.මෙහි එන්නට තිබූ අකමැත්තට වඩා දැන් අපට ඇත්තේ තවත් මාස 3කින් මේ ප්‍රදේශය දමා යාමට අකමැත්තයි.
සුන්දරම දේ මෙයයි.මහියංගන වෙහෙර ඇත්තේ අපට පයින් යා හැකි දුරින්.දවස පුරා හිතට ,ගතට දැනෙන විඩාව නිවා මනසට සුවයක් දැනෙන්නට හොඳම තැන මෙයයි.
"ලක්මා... ඔයා ලෑස්ති ද..?"
"මම එනකම් ඔයා පොල්තෙල් බෝතලේට පොල්තෙල් වත්කරගන්නකෝ......හලාගන්න එපා.."
"අයියෝ..... ඔය පොල්තෙල් බෝතලයක් එතනින් ගතහැකි..."
"මේ..මේ.. එතන පොල්තෙල් ගිනි ගනන්.. නෙළුම් මල් ගන්නවා වගේ නෙවේ.."
"ඔව් ඉතින් ඔයාට අර පුංචි කටකාරි හොඳට හිතට අල්ලලා නේ.. ඕවා ලොකු මිනිස්සුන්ගේ උපක්‍රම.. ඔයා වගේ මෝඩ ගෑනු රැවටෙනවා නේ.."
ඔහු කෙදිනකවත් පැරදෙන්නට අකැමැති ය.
"ඔයාට වුනත් ආස හිතෙන්නේ නැද්ද අනේ ඒ පොඩි කෙල්ලගේ කටකාර කමට.. එක මලක් විකුණගන්න කොච්චර දුකක් විදිනවද..?මට නම් ගොඩාක් දුක හිතෙනවා"
"මල් කඩන්න ඊටත් අමාරු ඇති...."
"ඒ මල් නම් ලොකු මිනිස්සු කඩනවා ඇත්තේ... කොහොමද පුංචි එකෙක් ඕවා කරන්නේ.."
කොන්ඩය ගොතමින්ම මම එළීයට ආවෙමි. කොහොමින් කොහොමහරි පොල්තෙල් ,හඳුන්කූරු ,පහන්තිර ටිකත් අරගෙන අපි දෙන්නා පාරට බැස්සා..
මහියංගන පුදබිමට යන පාර දෙපැත්තේම මල් විකුණන අහිංසක මිනිස්සූ..
"අනේ නෝනා අපෙනුත් මල් ගන්න... අනේ මහත්තයා නෙළුම් මලක් රුපියල් දහයයි.."
විපරම් කරමින් අපි ඉදිරියට ඇඳුනේ සුපුරුදු සිනාමුසු විඩාබර මුහුන දකින අටියෙන්... ඒත්... ඒත් ඇය පේන්නට නැත... ඒ වෙනුවට එතැන ටිකක් ලොකු දැරිවියකි.
"සුදු නෙළුම කෝ...?"
කෝ.. ඇය.. පේන්නට නැත.
"සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාලෝස්වකේ
මල් නෙලා විකුණු පන්සලේ.."
'කෝ අද අර මෙතන අනික් දවස්වල මල් විකුණන..."
මට කියා නිම කරන්නට නොලැබුණි.
"අනේ නෝනා.."
එතැන මල් විකුණමින් සිටි දැරිවි අතේ තිබූ මල් ටික පසෙක තමා නෙතඟින් බේරෙන කඳුළු පිසින්නට විය.
මම මදක් වික්ශිප්ත වුනෙමි. ගිය සතියේ ආවාට පසු මට මහියංගනේ වඳින්නට එන්න ලැබුනේ අදයි.
"ඒ මගේ චූටි නංඟී..."
මම ගයාන් දෙස බැලීමි.ඔහුටද මෙය ප්‍රශ්නාර්ථයක් වී ඇති සැටියකි.
"එදා අපේ අප්පච්චිට අසනීප වුනා.."
ඇය කුමක්හෝ කතාවක් කියන්නට උත්සාහ කරයි.අපි එයට බාධා නොකර බලා සිටියෙමු.
"ඒ නිසා නංඟි තමයි හවස තනියම ඔරුව පැදන් මල් කඩන්න ගියේ..."
"ඉතින් එච්චර පුංචි නංඟි ගියේ ඊට වැඩිමල් කවුරුත්ම හිටියේ නැද්ද..?"
මට ඇති වුයේ පුදුමයකි.
"ඒ වෙලේ මම හිටියෙ කඩේ... අනික නංඟිට වැවේ ඔරු පැදලා හුරුයි... ඒත් එදා.....'
"වැවට කළුවර යා වුනා
සංසාර දුක බෝ වුනා"
ඒ වගේම එදා මන්දාරමත් තිබුනා.. ලොකු වැස්සක් නොආවත් සෑහෙන වැස්සක් වැස්සා... අනේ මගේ චූටි නංඟී..."
ඇය දරා සිටි කඳුළු කැට සියල්ල සට සට ගා පසෙක වූ නෙළුම් මල් මත පතිත වනට විය.
"සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු වෙළුම් මල දෑස පිය වී
මෙහා ඉවුරට පා වුනා"
"ගිය සතියේ සඳුදා තමයි නංඟි නැති වුනේ... අන්තිමට......... අන්තිමට නංඟිව හොයාගන්නකොට එයාගේ අතේ නෙලාගත්ත නෙළුමල් හතරක් හිරවෙලා තිබුනා,,,"
"නෙළු මල්මිට ඉහිරුනා
එහා ඉවුරට පා වුනා"
මිනිස් ජීවිත කොතරම් විවිධාකාරද..? ඈ එතරම් පුංචි සංදියේදී ජීවිතයෙන් සමුගත්තේ දඟකාරවැඩක් කර නොවේ , සෙල්ලමක් කර නොවේ... ඒ පුංචි නොමේරූ දඟකාර වතට යට මුහුකුරා ගිය පවුලක වගකීම් අඳුනන සිතක් සැඟවී සිටි නිසාවෙනි.ඒ වගකීම් ඉටු කරන්නට ගිය නිසාවෙනි.
කළුවරට නුබ භාරදී අවරගිරේ නොපෙනී යන මලානික හිරු මඬල තුලින් අවසාන වරට ඒ ලපටි සිනාව මවාගන්නට මම උත්සාහයක යෙදුනෙමි.
ඔය එක මලක් විකුණගන්න... මල් කෙල්ලෝ... කොච්චර දුක් විදිනවා ඇද්ද..?
හ්ම්ම් එකනම් ඇත්ත.. ගොඩක් අය ව්හිලුවට ගත්තට ඒ ජිවිත හරිම දුක් සහගතයි
ReplyDeleteමල් කෙල්ලො.......:) කතරගම සිද්දි ආයේ මතක් උනා නේ....
ReplyDeleteඒක නෙමේ...
මම මේක අහලා නෑ නේ....අහලා බලන්න ඕනා සිංදුව...
--- මම මිසටර් රත්ගමස්----
ම් ම්... අපි අතරෙම විවිධාකාර ජීවිත කොච්චර තියෙනවද?
ReplyDeleteසංවේදියි අක්කේ..
මට මතක විදිහට නම් ඔය ගීතය ලියල තියෙන්නෙ රත්න ශ්‍රී විජේසිංහ.. ගායනය පණ්ඩිත් අමරදේව.. සංගීතය ගැන නම් මට මතකයක් නෑ.. කොහොම උනත් ඒ සිංදුවෙන් කියන කතාවනම් සින්දුව තරම් ලස්සන නෑ.. වචනෙන් වචනෙ ගලපල සීරුවට ලියපු මේ ගීතය අස්සෙ කියවෙන කතාව සංවේදී ඕනම කෙනෙක්ගෙ හිත සංවේගයෙන් පුරවන්න සමත්.. ඉතිං ඒක විඳින්න නම් සිංදුව අහන්නම ඕන.. මේ පෙළ ගස්වල තියෙන ලිපියෙ නිර්මාණශීලීත්වයත් අගය කරන්නම ඕන..
ReplyDeleteමටත් කතරගම මතක් උනා.. අපි ඉතින් එහේදි තමා ඔහොම මල් ගන්නේ..
ReplyDeleteප.ලි - මල් විකුනන අයගේ අපි නොදන්න ජිවිතෙන් එක පැත්තක් විතරයි ඔය.. ඔය වගේ තව කොච්චර දේවල්; ඒ මිනිස්සුන්ගේ ජීවිත වල හැන්ඟිලා තියෙනවා ඇත්ද...
ඇත්ත අපිත් ඔන තරම් ඔය මල් විකුණන අය දැකලා ඇති... ඒත් ඒ හිනාවට එහායින් එයාලගේ ජීවිත වල තියෙන දුක අපි වැඩි දෙනෙක් තාම හරියට තෙරුම් අරන් නැහැ...
ReplyDelete"ඈස්කෙවෙනි බොදවෙලා අකුරු නොපෙනීගියා"
ReplyDeleteජිවිතේ කියන්නේ විසද් අගන්න අමරු ප්‍රෙහෙලිකාවක් .. ඔය ඔබ දෑකලා අපිට කීව එක කතාවක් විතරයි...ජිවිතය ඈත්තෙන්ම සටනක්..
ජිවිතේ සටනක් නොවී තියේවිද... පාන ගෙඩියක මිල කපගන්න පුලුවන් අඩුම ගනකම වෙච්චි සෙන්ටිමිටරේ පෙතිවලින් බෙදලා බලන්න.. පාන පෙත්තක මිල කීයද කියලා... ජිවිත සටන හරිම බයන්කාරයි කියලා හිතේන්නේ නෑද්ද..
"පුංචි මල් කෑකුලේ ඔබට නිවන් සුව "
@නිසල් : ඔව්.. මිනිස් ජීවිත ගොඩාක් ඒ වගේ.. හරියට ඔයා ඔයගෙ බ්ලොග් එකේ ලියපු කෙනාගේ ජීවිතේ වගේ..
ReplyDelete@රත්ගමස් : කතරගම මල් කෙල්ලෝ.. :):).. හරි හරි.. ඔය ලොන්ක් එකෙන් ගිහින් අහන්නකෝ සිංදුව"සොරබොර"
ReplyDelete@තාරක මල්ලී : ඒ අතරේ අපි කොච්චර වාසනාවන්තයොද නේද මල්ලී..?
ReplyDelete@සුදර්ශන : මේ ගීතය ලිවුවේ රත්න ශ්ඉ බව නම් මම දැනං හිටියේ නෑ... හැබැයි මේ මල් ගන්න ගිය කෙනෙක්ගේ ඇත්ත අද්දැකීමක් කියලා නම් දන්නවා.. ඒ එහෙනම් රත්න ශ්‍රී මහත්මයාගේ අද්දැකීමක්..
ReplyDeleteස්තූතියි සොයුර.
@සොරෝ : හ්ම්...සූක්ෂ්මව බැලුවොත් මිසක් ඒ දේවල් පේන්නෙ කාටද..?...
ReplyDelete@දිනේෂ් අයියා : ඔව්.. සමහර විට අපිට එයාලව විහිළුවක් විතරයි..
ReplyDelete@ඉලංදාරි අයියා ; හ්ම්... ගොඩාක් සංවේදී පදවැලක් හා ඒ තුල වූ කතාවක් අයියා..:(
ReplyDeleteඑහෙම තමයි මේ ලෝකෙ හැදිල තියෙන්නෙ. කෙනෙක්ට ඕන හැම දේම නිකන්ම ලැබෙනවා. තවත් කෙනෙක් ජීවිතේ ගැට ගහගන්න ලෝකෙ නැති දුක් විඳිනවා. ඒ විඳින දුක ගොඩක් වෙලාවට අපි දකින්නෙ නෑ. ඒත් ඒ මිනිස්සු හැමදාම විඳවනවා.
ReplyDeleteමේ සමාජයේ අපි ඇත්තමට කිව්වොත් ඉන්නේ ගොඩාක් වෙලාවට එක රාමුවක හිරවෙලා....මල් කෙල්ලෝ විතරක් නෙමේ,වැලි ගොඩ දාන මිනිස්සු,තේ දළු කඩන අය ඒ ඇරුණට අපි අවට ඉන්න සමහරුන්ගේ ඇතුලාන්තය හරිම දුක්බරයි...අපිට හිතාගන්නවත් බැරි කඳුලු කතා ගොඩක් ලස්සන හිනාවකින් වහගෙන වැඩ කරන මිනිස්සු අනන්තවත් ඉන්නවා...ඒ දේවල් තේරුම් ගන්න අපි ඉන්න රාමුවෙන් පොඩ්ඩක් ඉවත්වෙලා බලන්න ඕනේ...අන්න ඒ දේවල් තේරුම් ගත්ත මනුස්සයෙකුට තමා හොඳින් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ.....
ReplyDeleteලස්සනට අකුරු ටික අමුණලා තියෙනවා නංගී....
හ්ම්..මොනා කියන්නද කියාලා මට හිතා ගන්න ත් බැ.. පිටින් දකින හිනාවෙලා කටකාර කමට මල් විකුණන එ පොඩි කෙල්ලගේ ජිවිතේ අදුර කොච්චරක්ද ..සල්ලි තියෙන අම්මලා ලමයෙක්ව තනියෙම පාරක වත් යවන් නැ..එත් මේ මිනිස්සු..බැරිකමක් උනොත් කාගේ පිහිටක්ද.. දකින සරල බවට වඩා ලොකු යතාර්ථයක් එ මිනිස්සුන්ගේ හිත් වල තියෙනවා..
ReplyDelete@Kasun : ඔව්.. මම හිතුවේ මිනිස්සුන්ට සතුට දුක සම සමයි කියලා.. කොච්චර පොහොසත් කෙනෙක් වුනත් සමහරෙක් ලඟ සිතේ සැනසීම නෑ.. කොච්චර දුප්පත් පවුලක් වුනත් සමහර පවුල් වල සතුට ඉතිරෙනවා... එහෙමයි මම හිතුවේ.. ඒත් ඒක වැරදී කියලා දැන් මට තේරෙනවා..
ReplyDelete@මකුළු අයියා : හ්ම්... ඒ හැමදේටම සංවේදි හිතක් තියෙන්න ඕනෙ.. නැත්තම් අනික් කෙනෙක්ගේ හදවත අඳුනගන්න අමාරුයි..
ReplyDelete@නිම්ශා නඟා : ඔව්... එයාලා ජීවිතෙන් ඇති තරම් පදම් වෙනවා.. දුක් කරදර වලින්ම එයාලව දරදඬු කරලා තියෙන්නේ.. අපිට සමහර විට කජු විකුණන ගෑනුලමයි,මල් විකුනන උදවිය හා අනික් පුන්චි පුන්චි රස්සා කරන ගොඩාක් දෙනාගේ දුක් ජීවිත පේන්නෙ නෑ...
ReplyDeleteමටත් ඔය අත්දැකීමම තියනවා....
ReplyDelete@ඉෂාර : ඔහ්... එහෙමද..?:(:(
ReplyDeleteඔව් ඒක ඇත්ත එයාලගේ ජීවිත වලට පොඩ්ඩක් එබිකම් කරලා බැලුවම එයාලා කොච්චර දුක් විදිනවද කියලා හිතා ගන්න පුලුවන්.
ReplyDelete@මධුරංග අයියා : ඔව්.. නැත්තම් පේන්නෙ එයාලගේ සැරපරුෂ වචනයි,මිනිස්සුන්ට විහිළුවක් වෙන විදිහයි විතරයි..:(
ReplyDeleteඅමරදේවයන්ගේ සිංදුවලින් මම කැමති සිංදුවක් තමා මේක. සමාජේ අපිට පේන්නේ නැති තේරෙන්නේ නැති මේ වගේ සිද්ධි කොච්චර නම් තියෙනවාද .......
ReplyDelete@තනුවෙත් හොදට තේරුම තවරලා තියෙනවා කියලයි මට හිතෙන්නෙ අයියා..:(
ReplyDeleteඒ දුක් විඳින පුංචි දරුවො වෙනුවෙන් අපිටත් යමක් කරන්න ඇත්නම්.........
ReplyDelete@කල්හාර අයියා : හ්ම්... හැකි අයුරින් වත්..
ReplyDelete