Saturday, March 19, 2011

ඔබ නොදනී මුළු ලොවම දනී.. ( 08 කොටස )

 "අනේ විකුමෝ.. මට නම් මේ පව් වැඩේට කරගහන්ඩ බෑ බං.. හොඳින් කියන්නෙ.. අපි මේ වැඩේ නවත්තමු.."

"දැං උඹ නවත්තන්ඩ හිතං ඉන්නෙ කොහොමද වස්සෝ..?
විකුම්ට අසූ හාරදාහට තරහා ඇවිත්ය.

"මම හෙමීට ශේප් කරලා දාන්නං.. ජෝක් එකක් කරේ කියලා.. ටිකක් තේරුම් කරාම තේරුම් ගනියි නේ.. "

"ඉතින් බං.. ඔය ටිකම තව මාස 3කින් විතර කිවුවත් දැං කිවුවත් වෙනසක් නෑ නේ.. අනික තුෂී ඇන්ඩ් චතූ ඇර ගොඩාක් කෙල්ලො දන්නවා උඹ ජෝක් එකක් කරන්නෙ කියාලා.. ඒ නිසා ඔය කේස් එකෙන් පස්සේ ටක් ගාලා උඹට කෙල්ලෙක් සෙට් කරගන්ඩ පුළුවන්.."

"උඹ මෙතන මඟුලක් කතා කරනවා.. මාස තුන හතරක් යනකොට කෙල්ල තවත් සිරා වෙනවා.. එතකොට නම් නිකම්ම පිස්සු හැදෙයි තමා.. අනික උඹ හිතන් ඉන්නේ අනික් කෙල්ලොන්ට මොලේ කියලා දෙයක් නෑ කියලද..? මම එක කෙල්ලෙක්ට බොරු කරාම අනික් ගැන්ග් එකම හිතන්නේ මම වස බොරුකාරයෙක් කියාලා.. ඒ නිසා දෙයියනේ කියලා මේ වාත වැඩ නවත්තලා අපි පාඩුවේ ඉමු බං"

"මොකක්ද බං.. ඕකෙන් මමත් ගස් යනවා.. හිමින් සීරුවේ මේකෙන් ෂේප් වෙමුකෝ.. ටිකක් හිටපංකෝ පණුගෙම්බා වගේ නලියන්නෙ නැතුව.. අනික මචං.. අනික් කෙල්ලොත් තුෂීට කැමති නෑ.. අනේ මංදා ඇයි කියලා.. ඒක අපිට වාසී..'

"එහෙනං ඉතින් වැටුන එකේ ලිදට, ලිං කටෙන්ම ගොඩ එන්ඩ කියලා උඹ මට කියන්නේ..? හරි.. හැබැයි තව මාස 3යි..හරි නේ..? ඊට පස්සේ මේ ෆයිල් එක ක්ලෝස් කරන්ඩ ඕනෙ.."

"අනිවා.. ඔන්න අද දවස.. පෙබරවාරි 23.. කිවුවා කියලා මතක තියාගන්ඩ.. හරිනේ..?"

"හරි..හරි.. මං දන්නෑ බං මොනවා වෙයිද කියලා... කමක් නෑ.. උඹටත් ලොකු හිත් අමාරුවක්නේ වෙලා තියෙන්නේ.. ඒත් බං මම මේ වැඩේට නම් කොහොමවත් කැමති නෑ.. හරි..?  එහෙනම් මම ගියා.. පුළුවන් නං නිවාඩු පාඩුවේ අපේ ගෙවල් පැත්තේ වරෙං.."

"ඕ කේ මචං...."

"ඒක නෙවේ .. මට උඹට කියන්ඩ බැරි වුනා විකුමෝ.. අපෙ බැච් ට්‍රිප් එක ලබන මාසෙ 16 යන්න තීරණය කරගෙන.."

"කවුද මචෝ අපිටත් නොකියා ට්‍රිප් ඔර්ගනයිස් කරන්නේ..?"

"නෑ..නෑ.. තාම අයිඩියා එකක් විතරයි.. ඒක ගැන කතා කරගන්ඩ චේතිය උඹට එන්ඩ කිවුවා.. උඹනේ ඉති මහලොකු ලොක්කා.. "

"හරි... මම යන්නං..."

"අනේ  උඹේ ලොකු කම... කරන්නෙම බලු වැඩ... අප්පිරියයි බං..'
චමත් සිනාවක් කටකොනට නඟාගෙන කීය.

චමත් එය එතරම් හිතා නොකිවුවත් බලවත් පහරක් ලෙස එය විකුම්ගේ හිතට කිදා බැස්සේ ය.

"උඹට ඉතිං ඊරිසියාව නේද පොළඟෝ.."

"කතාවෙන් කතාව පරක්කු වෙනවා බං.. මම යනවෝ.."

"හරි හරි දැන් ඉතිං පලයං.."

බයිසිකලයේ නැඟී නොපෙනී යන තම මිතුරා දෙස කෝප බැල්මින් යුතුව බලාසිටි විකුම් තමන් ගැනම සිතන්නට පටන් ගත්තේ ය.

නමවන කොටසට

9 comments:

  1. ‍කො‍හෙන් ‍කෙලවර ‍වෙයිද මංදා........ :(

    ReplyDelete
  2. ම්ම්ම්ම්..// ඉතින් ඊට පස්සේ...

    ReplyDelete
  3. මාස තුකන් යද්දි බොරුවට පටන් ගත්තු ආදරය ඇත්තකට පෙරලේවිද දන්නෑ...

    ReplyDelete
  4. @හා පැටික්කී අක්කේ : ඒක තමා.. :\

    ReplyDelete
  5. @ළමයෝ : ඉතින් ඊට පස්සේ..:P:P.... මතු සම්බන්ධයි ලූ..

    ReplyDelete
  6. @දිනේෂ් අයියා : ම්ම්.. ඒ වගේ වැඩක් නේද වෙන්න යන්නේ..?:)

    ReplyDelete
  7. @Mohd Hafifi : what is this..? is this your's?

    ReplyDelete
  8. බොරුවට පටන් ගත්ත ආදරය ඇත්තක් වෙයි ද ? එහෙමත් නැත්නම් මේ ආදරය බොරුවක්ම වෙයිද ?

    ReplyDelete
  9. @මධුරංග අයියා : ඇත්තක් වෙනවා නම්..

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...