Tuesday, September 7, 2010

නුඹට මගේ කැමැත්තක තරම්..

බල්ලෙක් කිවුවම මුස්ලීම් අය කැමතිම නැති සතෙක්. කොරියාවෙ අය කැමතිම සතෙක්.හැබැයි.. කෑමට.
 ලංකාවේ අපිත් කැමතිම සතෙක්.ගොඩක් විට ආරක්ෂාවට.
 ඒත් අද මම කතාකරන්නේ මගේ කැමැත්ත ගැන.
 ලංකාවේ බහුතරයකගේ කැමැත්ත ගැන.
 මම පුංචි කාලෙ ඉදන් බල්ලන්ට හරි කැමති.හැබැයි වල් බල්ලන්ට.අපිට හැම තැනම දකින්න ලැබෙන,
 පොඩ්ඩක්වත් ගණන් ගන්නැති,ඒත් ගණන් ගතයුතුයැයි මම හිතන සතෙක්.
 උන් ඔහේ ඉපදෙනවා..ඔහේ මැරිලා යනවා.අපේ එවුන් නැති වෙනවා.පිටරටින් හොඳ බල්ලෝ ලංකාවට එනවා.උන් බෝ වෙනවා.අපේ උන් වඳ වෙනවා.වල් බල්ලෝ කියන්නේ අපේ එවුන්.විජය ලංකාවට එනකොටත් මෙහෙ හිටිය.
   


මගේ හිතේ ඒ අහිංසක අපේ එවුන් ගැන තියෙන කැක්කුම මගේ යාලුවො හැමෝම ළඟ ඇති කියලා මම හිතනවා.ඇත්තටම වල් බලු පැටවු,ලොකු බල්ලොන්ට මිනිස්සු කරන හිංසාව දැකලා දැකලා ඒකට එරෙහිව කරන්න දෙයක් නැතිකමින් ඔහේ බලාගෙන ඉන්න මගේ ප්‍රාර්ථනාව වල් බල්ලන්ට සුභ අනාගතයක් විතරයි.

10 comments:

  1. වල් බල්ලෝ දිනේවා !!

    ReplyDelete
  2. අපේ පැත්තේ වල් බල්ලෝ දුමීගේ වචන ඇහිලද කොහෙද මෙන්න නැට්ටවල් හාරසිය ගාණට වනනවා.

    ReplyDelete
  3. මගේ ‍ගෙදර 4 දෙනයි.... ආච්චයි.... දුවයි... මුණුපුරයි,මිණිපිරියි.....
    හතර දෙනාම මල් වගේ වල්....

    දුවයි, මුණුපුරයි බොහොම දරුණුයි...
    මුණුපුරා ඊයේ පෙරේදත් කාවද හපලා... බෙහෙත් විදලා හන්දා නෝ ප්‍රොබ්ලම්...
    දුමී හරි... වල් බල්ලන්ට ජය වේවා...
    (බල්ලන්ට දවසකට හාල් කිලෝ 1...)

    ReplyDelete
  4. අපොයි මට නං රාජකාරි දවසට ඛෙරන්න හැමදාම බලු වලි දෙක තුනක්වත් තියෙනවා. අපේ වැඩපොලේ බලු නඩය 13යි.. තව එක්කෙනෙක් හෙට අනිද්දට පැටවු ගහන්නත් ඉන්නවා..එතකං හරියටම ගැණ කියන්න බැහැ.
    බල්ලන්ට ජය වෙවා...

    ReplyDelete
  5. මාර හෝරාවට,
    මට තනියම සල්ලි හොයන්න පුලුවන් වුන දවසට වල් බලු අනාථාගරයක් දාන්නයි හිතන් ඉන්නේ.එතකම් ඔය බලු නඩ බලාගන්න.13 නපුරු නිසා එයාලා රෑන වැඩි කරගන්න හිතලා ඇති.

    ReplyDelete
  6. කිසිම දෙයක් ආපහු බලාපොරොත්තු නොව් අපිට ආදරය කරන අයගෙන් කෙනෙක් තමයි අපේ බලුස්, එ ගොල්ලො ගැන ගොඩක් අය කිසිම සැලකිල්ලක් නොදක්වන කාලෙක මෙහෙම සිරා කතාවක් ලියවට ස්තුතියි.

    ReplyDelete
  7. ‍බො‍හොම සතුටුයි ම‍ගේ හී‍නයම තියන තව ‍කෙ‍නෙක්ව අදුර ගන්න ලැබුනට.......
    පමා ‍වෙලා ක‍මෙන්ට් දානවට සමා ‍වෙන්න........

    ReplyDelete
  8. @iresh,අනේ...සමාවෙන්න ඕනේ.මම අද තමා commentඑක දැක්කේ....මම වගේ හිතන තව ගොඩක් අය ඉන්නබව හිතෙනකොට පුදුම සතුටක්...!

    ReplyDelete
  9. @හා පැටික්කී,මම ලඟදි දැක්කා ඔයා මේ ගැන articleඑකක් දාලා තියෙනවා.....මම කවදාහරි ඇතිකරන්නේ වල්බල්ලෝ...එයාලා හරි ෂෝක්...

    ReplyDelete
  10. @ jeew සහෝ...!
    "මල් වගේ වල්" බල්ලෝ ඉන්න එක කොච්චර දෙයක්ද නෙ?
    වියදම නම් වැඩි වගේ

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...