Monday, September 27, 2010

‍‍‍රෑ අඳුර මට නම්..

තීරු පොල් අතු 
 අතර බිඳු බිඳු
 පෙනී නොපෙනෙන
 යලිඳු දිස්වන
 නලත් ගොයමත්
 එක්ව රඟදෙන 
 රෑ අඳුර මනරම්...

  සඳලුතලමත  
 සසල මා නෙතු
 ගතද සමඟින්
 සමවැදී 
 වරක් නුබවෙත
 යලිඳු අඳුරට
 යොමනු මට නොතරම්...

 පෙරමඟම මා දිවිමඟේ 
 අලුකරම්යැයි 
 අකුරු හරඹින් 
 එ සොඳුරු අඳුරට
 පිටුපාම හිද
 සිප් ගිලිම් කෙලෙසින්...

 අඳුර සොඳුරුම රෑ පුරා 
 අත දුරින් වූ වෙල සිසාරා
 අඳුරෙ මැලවුනු පහන දැල්වුනු 
 වේද මට එළි දිවිතුරා...? 

පීඩාවට පත් මගේ හිත සනසාගනු පිණිස..

10 comments:

  1. @සොරෝ,
    හ්ම්....බොහොම ස්තූතියි..!

    ReplyDelete
  2. අඳුරෙන් ආලෝකයට හෝ ආලෝකයෙන් ආලෝකයට ගමන් කරත්වා................

    ReplyDelete
  3. ටොම්බා අකුරු වලින්නේ ලියන්නේ....

    ReplyDelete
  4. @hasitha අයියා,ඔබේ මුවින් නික්මෙන එවන් වදනකුදු මට ආලෝකයකි....

    ReplyDelete
  5. @බිඟුවා....
    මට පොඩි අවුලක් තියෙනවා..ඒ නිසා මම කණ්ණාඩි පළදිනවා...ඉතින් ගැත්තාට අනුකම්පා කරනු ඇතැයි සිතමි...(හි..හි..)

    ReplyDelete
  6. ඉතින් මාත් කණ්ණාඩි දානවනේ...
    අකුරු ටිකක් පොඩි උනානම් කියවගන්න ලේසියි මයේ හිතේ

    ReplyDelete
  7. @බිඟුවා...හරි..හරි...මම අකුරු පොඩි කරන්නම්..

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...