Saturday, February 11, 2012

දන්නෙම නැතුව 100යි..




                                       ප්‍රාර්ථනා ලිපි 100ක් ලියලා.. මේ 100වෙනි ලිපිය නම් නෙවේ... 100වෙනි ලිපිය ලියලා කොමෙන්ටු 2ක් වැටෙනකම්ම මට වගේ වගක් නෑ මේ 100වෙනි ලිපිය කියලා.. ඉතින් ඔන්න ඔහොමයි මම 100වෙනි ලිපිය ලිවුවේ...
                                       ඒ ලිපිය යටින්ම පොඩි සඳහනක් 100 වෙනුවෙන් කරන්න හිතුවත්... එහෙම වුනොත් කොමෙන්ටු වලින් ඒ ලිපිය ගැන කතා කරන එක පැත්තකින් තියලා මෙච්චර ලිපි ලියැවුනු එක ගැන කතාවෙයි නේද කියලා හිතලා.. ඒ ලිපියට අසාධාරණයක් නොවෙන්න ... මේ මගේ ආදරණිය බ්ලොග් එක ගැන ටිකක් කතා කරන්න හිතුවා..

අතීතයක් අමතක කරලා කොහොම කතා කරන්නද අනාගතයක් ගැන..? ඒ නිසාම අතීතයෙන් පටන් ගමු..^_^

                                      පතක නොඇඳුනු සිතක සිත්තම් ඉපදුනේ "පියගැටපෙල අද්දර" කියල නමෙන්... ඒ 2010 අගෝස්තු 30 වෙනිදා... ඇරඹුම ලෙසින්..

"බ්ලොග්වලට එකට මම නවකයෙක්. ඉතින් ඉදිරියට ගොඩක් දේවල් ලියන්න බලාපොරොත්තු වෙනවා. හැම අතින්ම මම බ්ලොග්වලට අලුත්. මම ලියන්න ගොඩක් ආසයි. ඒත් ලියන දේවල් පළකරන්න ක්‍රමයක් හිතුනෙ නෑ. මම ලියන දේවල් ගෑන ඔය හැමෝම හිතන දේවල් දෑන ගන්න මම හරිම ආසයි. ඉතින් නවකයෙක් හෑටියට මට බ්ලොග් ප්‍රවීනයන් උදව් කරයි කියලා මං හිතනවා. " ජීවිතයේ පියගැටපෙල අද්දර " මේ විදිහට................"

එදා මගේ ගමනට සුභ පැතූවන් අතර නිමන්ති අක්කා , කතන්දර කාරයා අයියා , තිස්ස නාගොඩවිතාණයන් , මාර අයියා , කතා හසී අයියා , සුදු මහත්තයා අයියා , TMb9 හිටියා.. 
  
                               මේ තමා මම අතින් හා හා පුරා ලියැවුනු අකුරු පෙල... ඒ අකුරු වල තිබුනෙත් අපේ අයියාගේ අනන්‍යතාවය.. මොකද ඒ වෙනකොට මට key board එකේ සිංහල අකුරු හොයන්න අවුරුද්දක් විතර ගියා...:P:P

මගේ අතින් ගී සංකල්පනාවක් විදිහට ඉස්සෙල්ලාම ලියැවුනේ හොඳට හිතලා ලියන දෙයක් 

 
"මන්දාරම් අහස
හරි කලුවරයි        
මම ඒ බව දැක්කෙ
අහම්බෙන්  කවුලුවෙන් එලිය බලනකොට
 
හිතේ තිබුන කිසි දෙයක්
ඉටු නොවෙනකොට
 සිද්ධවෙන දෙයක්
 ඔහේ වුණාවේ කියලා
 මට හිතුනා
නිකමට.............."
                                        එහෙම ලියවෙන්න පටන් ගත්ත කවි සිතුවිලි දැන් නිසඳැස් 25කට පෙරලිලා.. ඒ අතරින් මම ආසම කරන නිසඳැස තමයි රහසකි නිබඳ මා හද කඳුළින් තෙමන..
ඔය අතරේ නිකමට හිතට නැඟුන අදහස් මට මෙහෙම හිතුනනේ ලෙසත් , පෞද්ගලික ජීවිතය හා බැඳුනු දෑ හද සාක්කි ලෙසත්  ගොනු වුනා.

පාසල් මතක සටහන් පසෙක ගොනු වෙද්දී කැම්පස් ජීවිතේ ගැන ලියැවුනු ලිපි තුනක් සඟවා තැන්පත් කර තබා ගන්න සිදු වුනා..:(:(:(...

ඉන් පස්සේ තමයි මම ආසම කරන ලිපි ලියැවෙන්න පටන් ගත්තේ.. ගීතයක් තුලින් මතු වුනු කතන්දර ගීයක් කොඳුරයි රහසින් ලෙසින් කරලියට එද්දී හීනෙනුත් හිතුනේ නෑ ලිපිය මගේ ප්‍රියතම ලිපිය වුනා ඒ අතරින්.

ඉන් පස්සේ මගේ අතින් කුළුඳුල් බොළඳ ආදර කතාවක් ලියවුනා :D:D:D ඔබ නොදනී මුළු ලොවම දනී ලෙසින්. ඒ දිග කතාවට පස්සේ ලියැවුනු පිඟන් කටු මගේ හිත් ගත්තා..:)

මේ විදිහට ලිපි 25ක් , 50ක් ලියවිලා දැන් 100ක්ම ලියැවිලා... :):)...

මේ මුළු කාලය පුරාවට මාත් එක්ක ඉන්න හැමදෙනාටම ගොඩාක් ස්තූතියි... ආයෙත් හැමදාම වගේ කියන්න ඕනෙ මම මේ ලස්සන තැනට අරන් ආව මගේ ආදරණිය අයියණ්ඩීට ගොඩාක් පිං... !!!!

ඉඩක් ලැබුනම ලියන්නම්... පැතුම එයයි ම ඉතිරි කර යන... කිසි දින සමු නොගන්නෙම්...
 

38 comments:

  1. සුභ පැතුම් නංගියේ.. කැම්පස් වැඩ නිසා දැන් ඔයා වැගිය නොලිවුවත් අපි ලියන දේවල් බලන්න එනවා.. සුභ පැතුම්.. දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. මගෙනුත් උණුසුම් සුබ පැතුම්
      101 ඉදලා පුලුවන්නම් මේ වෙනස්කම් කරන්න කියලා යෝජනා කරනවා
      1. බ්ලොග් එකේ තීම් එක ඩාක් වැඩි නිසා ඇහැට අමාරු නැති තීම් එකක් දාන්න ( කැමතිනම් )
      2. ආ ගිය උදවිය widget එක පහලට දාලා ඔයාගේ බ්ලොග් පොස්ට් ඒ හරියට දාන්න ( කැමතිනම් )
      3.font colour dark වැඩි නිසා එකනම් කියවන්න ගොඩාක් අමාරුයි

      Delete
    2. @දිනේෂ් අයියා : ඔයාට ගොඩාක් ස්තූතියි අයියා දහසක් වැඩ අස්සේ මේ පැත්තටත් ඇවිත් යනවට... ^_^.... බ්ලොග් එකට ගොඩ වෙන්න වැඩි වැඩියෙන් වුවමනා මට දැන් ඉන්න තත්වෙත් එක්ක තමා.. හිතට නිදහස දැනෙන්නෙ ලියනකොට විතරනේ අයියා... ඒකයි... ලඟදිම මම රාගම ඉදන්ම ලියන්න පටන් ගන්නවා... :):)

      Delete
    3. @All in one : ස්තූතියි ඔයාට... ^_^

      දැන් වෙනස හොඳ ද දන්නෙ නෑ...?

      Delete
  2. තව තවත් නිර්මාණ කරන්නට සුබ පැතුම් නංගියෝ.. :)

    ReplyDelete
    Replies
    1. @නන්ඳු : අනේ ගොඩක් ස්තූතියි අක්කේ... !!!

      Delete
  3. මගෙනුත් ඔන්න උණුසුම් සුබ පැතුම්! ජය!

    ReplyDelete
    Replies
    1. @ විසිතුරු : ස්තූතියි විසිතුරු... :):) මට මතකයි මගේ කතාව කියවන්න ඔයා මේ පැත්තට ආවා... ?

      Delete
  4. 100 ක් ලිව්වට ඔන්න මගෙනුත් සුබපැතුම් ....

    ReplyDelete
    Replies
    1. ^_^ ස්තූතියි ..පුළූවන් තරම් කල් මේ පැත්තේ රැඳී ඉන්න...

      Delete
  5. Replies
    1. ස්තූතියි පූස් අයියා... :):) ඉතින් ඉදිරියටත් මගේ ලිපි කියවලා දිරියක් වෙන්න...

      Delete
  6. සුභ පැතුම් මගෙනුත්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සබිත් අයියා... !!!

      Delete
  7. සුභ පැතුම් නංගියෝ.. මම බ්ලොග් ලියන්න පටන් ගත්තෙත් ඔයාගේ සහ තවත් දෙතුන් දෙනෙකුගෙ බ්ලොග් බලලා.. දිගටම ලියන්න සුභ පතනවා ඔයාට

    ReplyDelete
    Replies
    1. අනේ අක්කේ , මට ගොඩාක් සතුටුයි ඒ වගේ දෙයක් කෙනෙක් කියනවා අහන්න ලැබුන එක... ^_^ ගොඩාක් ස්තූතියි ඔයාට..

      Delete
  8. තව තවත් ලියන්න මගෙනුත් සුබ පැතුම්.......

    ReplyDelete
    Replies
    1. මම අප්‍රේල් නිවාඩුව හම්බෙනකම් බලන් ඉන්නේ ඔයාගේ තව ලස්සන කතා ටිකක් කියවන්න අක්කේ... බ්ලොග් ලියන්න මම ඔයාගේ බ්ලොග් එකෙන් ඉගෙන ගත් දේවල් බොහෝමයි... ස්තූතියි ඔයාට!

      Delete
  9. මගේ සුභ පැතුම් නගෝ. ඔයා ගොඩක් හිතෙට වදින්න ලියන්න දන්න කෙනෙක්. චිරාත් කාලයක් තව ලස්සන ලස්සන දේ ලියන්න හැකියාව, වාසනාව ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ඔයාට ගොඩක් විට ලියවෙන්නෙ මම ලියන්න ඉන්න දේවල්... :):) මතකද අර ලස්සන කතාව,...? ඉතින් අයියේ ඔයාටත් ගොඩාක් ස්තූතියි... !!!

      Delete
  10. ඔන්න ඉස්සරහටත් හොඳ හොඳ නිර්මාණ කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථමා කරනවා අක්කේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියෝ.. ඔයා ලියන විදිහට මම ආසයි.. ^_^!

      Delete
  11. රුවන් න‍ගේ...දිගින් දිගටම ලියන්න ධෛර්්‍ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මකුළු අයියේ... ^_^...!!! මට මකුළු දැලේ මගේ මුල්ලට කාලෙකින් ගොඩ වෙන්න බැරි වුනා..:/....

      Delete
  12. මගෙනුත් සුබ පැතුම් !!!
    නංගි ලියපුවෑයින් මම් ගොඩක් ආසම අර කැම්පස් එකෙ නවකතාවට !! ඒ කතාව ඇත්තටම මරු !
    නංගිට බ්ලොග් එක ඉදිරියට කරගෙන යන්න දිරිය ශක්තිය ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් අයියේ රුවන්කුමාරි කියලා බොරු නමකින් සීතල සිතුම් කියලා වෙනම බ්ලොග් පිටුවකින් නේ ඒ කතාව ඔයා මුලින්ම දැක්කේ... ඔයාගේ කොමෙන්ටුවක් මුලින්ම වැටුනෙත් ඒ කතාවට නේ..:):) අප්පෝ.. මම ඒ කතාව කොච්චර කල් ඇද්දා ද..? :D:D.. ස්තූතියි අයියා..!

      Delete
  13. Replies
    1. ස්තූතියි සොරෝ අයියා..! ^_^

      Delete
  14. ෂහ් මම මුලින්ම ඔයාගේ බ්ලොග් එකට ගොඩ වැදිලා තියෙන්නේ 100 ලිපිය කියවන්නනේ එහෙනම් අයියෝ මට 99ක් මිස්වෙලා කොහොම හරි 100 ලිපිය කියවලා මුලින්ම කොමෙන්ට් කලේ මමනේ එල එල ඈ තව ගොඩාක් ලොකු ගමනක් යන්න බ්ලොග් ලෝකේ නවකයෙක්ගෙන් ලොකූ සුභ පැතුමක්.... ජය වේවා...(මම පහුගිය ලිපියට කොමෙන්ට් කලේ ඔයා අයියා කෙනෙක් කියලා හිතාගෙන හි හි)

    ReplyDelete
    Replies
    1. අනේ මේ භාෂාව දැකලා ද එහෙම හිතුවෙ මල්ලී..? අකමැත්තෙන් වුනත් ඒ භාෂාව පාවිච්චි කරන්න වුනේ කතාව තාත්වික කරන්න... :):)

      Delete
  15. සුභ පැතුම්.....

    ReplyDelete
  16. නියමයි.. සුභ පැතුම් :)

    ReplyDelete
  17. ඇයි දැන් ලියන්නේ නැත්තේ..දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාAugust 2, 2013 at 1:34 AM

      අනිවාර්යෙන් ලියනවා.ඉඩක් කඩක් ලැබෙනකම් හිටියේ ලියන්න.
      ඉදිරියටත් මේ පැත්තේ එයි කියලා බලාපොරොත්තු වෙනවා.ස්තූතියි කමෙන්ටුවට..:)

      Delete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...