පුළුන් රොඳක සැහැල්ලුව
දැනුන නිසාම සිතට
පාවෙන්න සිතුනා ඈතට
ළඟාවිය නොහැකි දුර ඈතට
උණුවී දියවන හදට
සිසිල ගැල්වූ හෙයින් නිබඳ
දමා යන්නට නොහැකි තරම් දැනෙන
හැඟීමක් නැඟුනා සිත මුදුනට
සිහිනයක ලැඟුම්ගන්න
යලි මෙලොවට නොපැමිණ ඉන්න
කඳුලින් නෙත දොවන අතර
මට දැන් සිතෙනවා නිතර
අමතකයේ ගිලී මියැදෙන්න නොහැක
ඉපිලේ රූ පටයක් විලසින්ම මතක
ලැඟුම්ගෙන සිටින සිත පවා නොදැන
ගුලිගැසී සිටින්නෙමි හැකිතරම් කල් මෙතැන
" I'm starting to like you less...
Becouse.. ,
I'm beginning to love you more.........!!! "
ලස්සනම ලස්සනයි වෙනදාවාගෙම
ReplyDelete"මතකයේ ගිලී මියැදෙන්න නොහැක
ඉපිලේ රූ පටයක් විලසින්ම මතක
ලැඟුම්ගෙන සිටින සිතවත් නොදැන
ගුලිවී සැඟවී සිටිමි හැකිතරම් කල් මෙතැන"
බොහෝම ස්තූතියි..!!(හි...හි...වැඩේ මාට්ටු වුණා වගේ....)
ReplyDeleteහික් හික් හික්....කමක් නෑ...ඒත් ලස්සනයි නේ........
ReplyDeleteමම වෑරදක් කිවා නෙවෙ මම මට ලස්සන කෑල්ල එතනට දෑම්මේ...
ReplyDeleteමට හම් අවෙලේම් අකුරු වරදිනවා..හේ..
@රත්ගමයා අයියා..
ReplyDeleteහික්...ස්තූතියි අයියා..!
@ඉලංදාරියා අයියා...
මම කිවුවද ඔයා වැරැද්දක් කිවුවා කියලා..හ්ම්..?
ලස්සණ නිර්මාණයක්,ඒත් පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක් නේද?පෝස්ට් එක එඩිටි කරන්න යාලුවා.ජය වේවා!!
ReplyDelete@ස්තූතියි.පුබුදුවා අයියා..
ReplyDeleteඉලංදාරි අයියත් කියලා තියනවා..මොකක්ද වැරැද්ද කියලා කියන්න පුලුවන්ද?මට පේන්නෑනේ..
හරි ලස්සනයි නොවැ :))
ReplyDeleteස්තූතියි අයියේ..මොකෝ හිනා වෙන්නේ:):)
ReplyDeleteමනුස්සමකට නොවැ නඟා.....
ReplyDeleteඅහා...!! ඇත්තද අයියේ...
ReplyDelete