උදෑසන මනරම්
දිනිඳු සොමි ගුණයෙන්
පිණි කඳුළු බිඳු නෙතේ රන්දා
වැලපෙනා වනමල්..
(සමහර පුද්ගලයෝ ජීවීතේ ලැබෙන සොඳුරු අවස්ථා වලදී ඇල්මැරුණු ගතියෙන් ඒ දේවල් මඟ හරිනවා.)
රුවෙන් අග තැන්පත්
සුව සුවද පතුරන්
නටුව අග තැවෙමින්
හඬනු කිම කුසුමන්
(රුව ගුණ කුමක් තිබුණත් ජීවිතේ ගැන තෘප්තිමත් නෑ)
සොමි අරුණෙ වැලපී
සැඩ හිරුට හිනැහී
පෙර දිනය බොඳ වී
යලි නොඑයි පරවී
(සමහර විට හිතන්න බැරි විදිහේ අවස්ථාවල.. අනික් පුද්ගලයන්ට සොඳුරු නොවන අවස්ථාවල උපරිම සතුටින් හැසිරෙනවා.රිදවන්නම නෙවේ..ඒ කෙනාගෙ හැටි..ඒත් එයාලගෙ සතුටට වැඩි ආයුෂ නෑ)
රුව සොයා ඇඳෙමින්
මලේ පැණි උරන්
අතැර යන බඹරුන්
ඔහොමමයි උන් සිතන්
(සමහරු තමන්ට කිට්ටු වෙන හැමෝම මුළුමනින් තමන්ට අයිති කියලා හිතනවා.. ලෝකෙටම වය්ර කරනවා)
වනේ පීරා යමින්
රසැති පැණි රැස් කරන්
බඹරා ඇඳෙනා දෙසින්
බඹරි ඇත මඟ බලන්
(ඇත්ත තත්වෙ නම් අන්තිමට වෙන්නේ "අන්සතු හදකට පෙම් කල වරදට ලොව මට එරෙහි වෙලා" වගේ දෙයක්)
නටුවෙන් ගිලිහී යමින්
පෙමැති නෙතකින් බලන්
සිනිඳු අතකට ගොසින්
සැනසෙන් ඉතින් කුසුමන්
(ඒත් විය යුත්තේ තමන්ට ලැබෙන දෙයින් උපරිම තෘප්තිමත් වීමයි)
මිලින වී අදටත්
යලි හෙටත් උදෙන්
නෙතට කඳුළක් අරන්
විකසිත නොවෙන් ඉතින්..
(හැම වෙලේම ලෝකෙට වෙර බඳින අය ලෝකෙට වුවමනා ද?)
මේ මගේ 25වෙනි ලිපිය.. ඉතින් මට සතුටුයි.25ක්ම මම ලියලනේ කියලා.මම බ්ලොග් එකට ආවේ හිතේ කිසිම සතුටකින් නෙවේ.මුහුණු පොතට ඇබ්බැහි වෙනවට අයියගේ තිබ්බ අකමැත්ත නිසා බලෙන් හදලා දුන්න පිටුවක මම පලමු ලිපිය(හැදින්වීම) ලිවුවේ "අයියාට ඕනෙවට" .. ඒ ලිපියට comments එනවද කියලා මම පැයෙන් පැයෙට බැලුවා.එකක් ආවම අයියා කියනවා "මොනවද ඔයි.. තාම එකයි.. වැඩක් නෑ "කියල.මට හරිම upset. මම මුලින්ම කියෙව්වේ වේජනා අක්කගෙ පිටුවයි හසී සොයුරියගේ පිටුවයි.ඉතින් එයාලට followersලා ගොඩක් ඉන්නකොට මට මං ගැන ගොඩක් දුක හිතුනා.මුලින් ලිපි ලියුවේ අයියා බල කරපු නිසාමයි.ඒත් මම එතකම්ම නිසඳැස් ලිවුවේ මට පුළුවන් නිසා නෙවේ මම ආස නිසා.මම පත්තර වලට ලියවෙන කවි කියවලා ඇයි මට බැරි කියලා හිතුවා. මම කොහොම හරි ලියුවා.
ඒත් දැන්.. මම හරිම ආසවෙන් බ්ලොග් පිටුවට එන්නේ.. කියවන ඔයාලා නොසිටින්න බ්ලොග් ලියන එක මම නවත්තලා හුඟක් කල්.හිතට දුකක් ආව වෙලාවට.. සතුටක් ආව වෙලාවට මට ඒ දේවල් බෙදා ගන්න හිටියේ ඔයාලා තමයි.දැන් මගේ හොඳම යාළුවෝ දෙන්නෙකුත් බ්ලොග් ලියන්න පටන් අරන්.ලියන අයට මම හරි කැමති.මොකද කියලා මම වත් දන්නෑ... 25 සමරන්න මට තේරෙන්නෙ නෑ.. ඒත් විශේෂයක් ඕනෙ නේ.ඒ නිසා මම ඉටිපන්දම් පත්තු කරලා සැමරීම කරන්න හිතුවා..
(50...100...)
(50...100...)
කේක් ගෙඩියක් කපලම සමරමු නේ....
ReplyDeleteහික්....ඔන්න සුබ පැතුම්..මම බ්ලොග් එක පටන්ගත්තු දවස්වල ඉදලම ප්‍රාර්ථනා රත්ගමය පැත්තේ නිතරම ආව ගියා නේ..ඇත්තම කියනව නම් මටත් බ්ලොග් එක ලියන්න සෑහෙන්න ආසවාක් ඇති උනේ ඔයාගේ කොමෙන්ට් දැකලා...
(ඒ වෙනකොට වෙන කිසිම ස්ත්‍රී පරානයක් රත්ගමය පැත්ත පලාතේ ආවේ නෑ නේ ..හික් )
මම ගොඩක් ආසාවෙන් කියවපු බ්ලොග් එකක් තමා මේක..මුලින් නම් එන්න ටිකක් අදි මදි කරා..ඇයි වදේ නිසැදැස්ම විතරයි නේ..අනික ඕවා මට තේරෙන්නෙත් නෑ නේ...ඒත් බොලේ මෙන්න පස්සේ නියම ලිපි වගයක් දාන්න ගත්තා..එන්න ආස හිතිනා..නිතරම බ්ලොග් අප්ඩේට් වෙන තැන බලන්නේ ප්‍රාර්ථනා අලුත් ලිපියක් දාලද කියලා...
ඔන්න ඉතින් ආයේමත් සුබ පැතුම් ( නංගි ) හික්.
ඔයාට හදවතින්ම සුබ පතන
මම
෴ රත්ගමයා ෴
වත් අක්කෝ අමනාප නොවන්න...චූටි මලයා පොඩ්ඩක් කොපි කොරාට
@රත්ගමයා සහෝ..
ReplyDeleteකේක් එකක් කපන්න වෙයි තමා "අයියා":):)මම නම් ඉතින් ඔයා තරම් ප්‍රවීණයෙක් නෙවේ..ඒකනේ ඉතින් මුලින් අයියා කියලා කට පුරාම කිවුවේ..
මම ඉතින් ලියනවාට වඩා කලේ කියවන එකනේ.. ඔයාගේ ලිපි කියවලා බැලුවම ඕනෙ යකෙකුට තේරෙනවා ලියන්නෙ අලුත් විදියකට කියලා..ඉතින් කොහොමද එතකොට "රත්ගම"පැත්තෙ නෑවිත් ඉන්නේ.
ගොඩාක් ස්තුතියි රත්ගම සහෝ.. මොකද ඔයාලාගේ කොමෙන්ටු නොවෙන්න මම මේ තාක් දියුණු වෙන්නෑ..ඇත්ත ඒකයි.
ආයෙත් කියන්නේ "බොහොම ස්තුතියි"..
මගෙනුත් උණුසුම සුභ පෑතුම් අක්කේ..... අක්කා ලියන දේවල මම ලගදි තමයි කියවන්න පටන් ගත්තේ.... අක්කා ලියන දෙවල් ලස්සනයි වගේම ගොඩක් අර්ථවත්... අක්කාගේ උත්සාහයට අපේ සුභ පෑතුම්... අපි හෑමදාම අක්කා එක්ක ඉන්නවා.....
ReplyDelete(අක්කා කියල කිව්වට මම දන්නේ නෑහෑ මට වඩා වෑඩිමල්ද කියලා... ඔය වගේ දෙවල් වෙනවනේ... කොහොමනමුත් මම 1988... මම ආමන්ත්‍රනය කරනවා හරිද වෑරදිද කියලා මට කියන්න )
වැඩියමක් මම කියන්නේ නැහැ නංගී. ඒත් සිංහල බ්ලොග් අවකාශේ දිග ගමනක් යන්න තව තවත් ශක්තිය ධෛර්ය හම්බවෙන්නේ කියලා හදවතිනම ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනා නඟාට..............
ReplyDelete@Dinesh මල්ලී : බොහෝම ස්තුතියි...ඔයාට සුභ පැතුමට..
ReplyDeleteමට මේ කොමෙන්ට් ගොඩක් වටිනවා..ගොඩා...ක්... ඇත්තමයි.
මට දිගටම අක්කා කියන්න.. කිසිස් ප්‍රශ්නයක් නෑ..හොඳේ.?
@Hasitha අයියා : බොහෝම ස්තුතියි අයියණ්ඩි..
බ්ලොග් එක මට දැන් ගෙදර වගේ.. ඔයාලා මගේ සහෝදර සහෝදරියෝ වගේ..
හරි හරි.. කේක් ඕනි මටත්......... තැපෑලෙන් හරි එවන්න හරිද??
ReplyDeleteඔන්න ළමයාගෙනුත් සුබපැතුම්.. සිංහල බ්ලොග් අවකාශයේ දිග.......... ඒ වගේම සාර්ථකම ගමනක් යන්න ලැබේවා........
ළමයෝ තැපෑලෙන් මොකටද ගෙදරටම ගෙනත් දෙන්නම් කෝ.. නුවර නේද..? මම මාතලේ..
ReplyDeleteබොහෝම ස්තූතියි..
මගෙනුත් සුභ පැතුම් ඔන්න..25....250....2500...25000...බ්ලොග් කරණය දිගම දිග (ඒ කිව්වේ පට්ට දිග) ගමනකට සුභ පැතුම්!
ReplyDeleteබොහෝම ඉස්තූතියි..ළහිරු අයියා.. අපෙ අප්පේ... ලොකු දුරක් නෙ.. :):):)... පුළුවන් කල් ලියනවා... බ්ලොග් එක දාලා යන්නෙ කොහොමද හිතකින්..
ReplyDeleteමත් ඉතින් සුන ගමන් කිව්වා ( නොකිවිවත් මන් එක හිතින් හැමදාම පතනවා යාලුවා ) :)
ReplyDeleteඅනේ ඉතින් මම නොදන්නවැයි නිසල්... බොහොම ස්තූතියි..හොඳේ..?
ReplyDeleteවාසනාවන්ත ඉදිරි ගමනකට සුඛ පැතුම්....
ReplyDeleteහෙහෙ හොදමයි ප්‍රර්තනා :)
ReplyDelete@මකුළු යාළුවා ,බොහොම ස්තුතියි !
ReplyDeleteඑල එල.
ReplyDeleteකෝ අපිට කේක්?
25, 25000 වෙනතුරුත් ලියන්න හැකි වේවා!!!
/බිඟූ...!
හික්ස්..:):)... කේක්.. ම්ම්... කේක් දෙන්න හිතුවේ 100ක්වත් ලියුවට පස්සේ...:):)
ReplyDeleteබොහෝම ස්තූතියි බිඟු අයියා..