අද මම ලියන්නේ ප්‍රධාන අරමුණක් නැතිව... අද දවසේ මේ වෙලාව වන තුරු ඒ කියන්නේ සිදුවුන සිදුවීම් ගැනයි.
අද උදේම පොඩි කට්ටක් කන්න වුණා.. මොකද මට අද කොම්පියුටර් පන්ති.කට්ට ඒක නෙවේ.. මට පන්ති තියෙන්නේ 8.30ට.ඒත් අම්මත් එක්ක අම්මගෙ ඉස්කෝලෙ ලඟට(අම්මගෙ ඉස්කෝලෙ කියුවට ඒ මගේ ඉස්කෝලෙ..9ට එනකම්ම ඉගෙන ගත්ත..)යන්න ඕනෙ.. එතන පැයක් විතර වාත වෙන්න ඕනේ.. මම ඉතින් අපේ ගෙදර ඉදන් town එකටවත් යන්න බැරි "පොඩි බබා" නෙ ඒකයි..(අම්මලා හිතන් ඉන්නේ එහෙම..:))
ඈතින් නකල්ස් කදු පන්තියත් ලස්සනට පේනවා.ඒ අතරේ උදේ ප්‍රබෝදමත් හිරු එළිය ඊයේ වගේ මලානික නෑ.ටිකක් හොඳට අහන් ඉන්නකොට ළමයි කෑ ගහන සද්දෙයි කුරුල්ලෝ කෑ ගහන සද්දෙයි ටැපලෙනවා..
ඔය ඔක්කොම එක්ක මට කවි සිතුවිලිත් පහල වෙනවා..ඉතින් හිතෙනකොටම මම "ටක්"ගාලා කොලයක් අරගෙන හිතට එන දේවල් කටු ගෑවා..
නකල්ස් මුදුන සෙනෙහෙන් සිඹ නීල නුබ
සොමි හිරු සොඳුරු වත පිරිමැද අරුණ විද
පැටළුනු නන් නදින් නද දෙන විහඟ රොද
මා සිත දැවෙන ගිනි පිඹ පිඹ නිවන රඟ
සිනා තවර පිබිදුනු මා වතට යට
හඬා වැටෙන සිත පිරිමැද නිහඬවම
උදේ මිහිරි සුව විදිනට සරිසි ලෙස
කැන්ඳන අයුරු විය ඉමිහිරි දසුන් මට
ඔහොම ඔහොම කාලය ගතවුණා.. මම ඉතින් මගේ යාළුවත් එක්ක පන්ති ගියා.අපි දෙන්නට කතා කරන්න දේවල් කෙලකෝටියයි."අරයා"ගැන එයා කියනවා.."මෙයා"ගැන... ම්ම්... කියන්න මට දෙයක් නෑ.. ඉතින් අපි ළඟදි ප්‍රතිඵල එන එක ගැනයි අනං මනං ගොඩක් කතා කර කර class ගියා.
class ඉක්මනට ඉවර වුනා.ඊට පස්සෙත් වෙලාව ඉතිරි.ඉතින් අපේ සර් මනෝ විද්‍යාව ගැන කතා කරන්න ගත්තා
."ෂා... මමත් ඉතින් කවුරුහරි කතාවක් කියනවානම් අහන් ඉන්න හරිම කැමති කෙනානෙ..ඒකනේ මම ලියනවාට වඩා වැඩිපුර බ්ලොග් එකේ කැරකෙන එක කරන්නේ"
මිනිහෙක්ට සියදිවි නසාගන්න හිතෙනවා නම් එයා කවදාවත් ඒක කෙලින් කියන්නෑලු.ඒත් එයා කොහොමහරි ඒක අඟවනවලු..(මේ..මේ.. ඔය බොරුවට මැරෙන්න හිතන අයත් හොඳට අදුර ගන්න පුළුවන් හොඳේ..:))
එයා එහෙම කියන්නේ "කොහොමහරි මාව බේරගන්න" කියන්නලු.ඉතින් කවුරුහරි දිගින් දිගටම කියනවානම් "මට දැන් ජීවත් වුනා ඇති කියලා හිතෙනවා..එහෙම නැත්තම් මම දැන් ජීවත් වී සිටීමෙන් වෙහෙසට පත්වෙලා ඉන්නේ කියලා.. ඔයා කෙලින්ම බය නැතිව අහන්න "ඒ කියන්නේ ඔයාට මැරෙන්න ඕනේ කියන එකද?" කියලා.මොකද එහෙම තමා මුලින්ම අපිට ඒ ගැන දැනගන්න පුළුවන්.
සිය දිවි නසා ගන්න යන කෙනෙක්ට එහෙම කරගන්න තියෙන අවදානම මනින්නේ මෙහෙම..
SAD PERSON
මේ එක එක අකුරෙන් තේරුම් තියනවාලු.. ඒත් අපිට ඔක්කොම කියන්න වෙලා මදි වුනා.එකක් තමා ගෑනු ද පිරිමි ද කියන එක.ගැහැනු අය සියදිවි නසාගන්න තියන සම්භාවිතාවය පිරිමි අයට වඩා වැඩීලු.
අනික තමා වයස.වයසට යන්න යන්න ඒත් අවදානම වැඩි ලු.
ඉතින් ඔය දිවි නසා ගැනීම් කතාවෙන් පස්සේ අපි ආසාවෙන් හිටියේ භූත කතා අහන්න.. මොකද සර් ඒ ගැනත් කියන්න හිටියේ.. භූතයෝ ඉන්නවලු.. ඒත් අපි කරදර නොකරනකම්ම අපිට කරදර නැල්ලු. ඒ වගේම එයාලට අපිට දෘෂ්‍ය වෙන තරම් ඝනීභවනය වෙන්නත් පුළුවන්ලු."අප්පේ...." ඒ වෙලේ මට හීන් දාඩියත් දැම්මා.. fan එකට පිං සිද්ධවෙන්න ඒක කාටවත් මාට්ටු වුනේ නෑ..මම ලොක්කා වගේ අහන් හිටියා.. හැබැයි රෑ වෙනකොට ඕකේ ඵල විපාක තියෙයි..:):)
අපේ මතකය මරණයෙන් පස්සෙත් තියනවා කියන එකයි සර්ගෙ අදහස.ඒකලු සමහරුන්ට මෙලෝ විදියකින් ඉංග්‍රීසි කතා කරන්න බැරිවුනත් හීනෙන් ගජරාමෙට කඩ්ඩෙන් කොටන්නේ..(මට නම් ඉතින් හීනෙන්වත් බෑ..:( ..............)
මට හරි ආස හිතුනා මනෝ විද්‍යාව ඉගෙන ගන්න.
පන්ති ඉවරවෙලා ආපහු එනකොටත් මටයි,චතූටයි,අපිත් එක්ක ආව අක්කටයි තවත් කතා ඉතිරිවෙලා තිබුනා කතා කරන්න..(ඒවා ඉතින් ඉවරවෙන කතා යෑ... )
ඉතින් ඔහොම තනියම..(එක එක අතුරු පාරවල් වලදී එකින් එකා හැලුනා.. දැන් මම විතරයි..)..එනකොට මට කොච්චර දේවල් හිතුවද..?
ම්ම්.... මම ආසම වර්ගෙ බලු කුක්කෙක් පාර අයිනේ හිටියා.. මෙයාව ගෙදර අරන් ගියොත් අම්මා කොච්චර වෙලා දේශන පවත්වයිද..? එහෙම හිතුන ගමන් ඒ දේශනේ සිත්ගන්නාසුළු කන්කළු බව නිසාම මම හිතෙ අදහස එතනම තියලා පය ඉක්මන් කලා..
ගෙදර ළඟම තියන වල් වැදුන ඉඩමක් දැකලා..මේකේ අවුරුදු උත්සවයක් තිබුනා නම්.. කියලත් හිතුනා...
ගෙදරත් පහුකරන් අඩියක් විතර ගියානම්..."ඉස්සර වගේ අයියයි,නංඟයි එක්ක වෙලේ දුවන්න තියනවා නම්.. ආයෙත් ඉස්සර වගේ ඉන්න තියනවා නම් කියලා හිතෙයි..
ඒ නිසා මම එච්චර දුර නොයා නතර වුනා..
කොහොම කිවුවත් මට ආයෙත් ඒ ලස්සන කාලෙට යන්න බැරි විදිහට ඒ කාලේ මට අහිමි වෙලා..
ඇත්තටම මනෝ විද්‍යාව කියන්නේ ඉගෙන ගන්න වටිනම විශයක්....මමත් ටිකක් විතර පොත් පත් කියවලා තියෙනවා..... ඔය මනෝකාය ගැන... එතකොට පුනර්භවය ගැන....කොහොම උනත් සියදිවි නසා ගෑනිම ගැන මේ විද්‍යාව ගැන අපිව දැනුවත් කලාට බොහොම ස්තුතියි.......
ReplyDeleteඑහෙම තමයි නගා...තව ටික කාලෙකින් ඔය කාලෙත් නැතිවෙනවා.ඇයි අනේ එහෙම වෙන්නෙ.හැමදාම මේ කාලෙම තියනවනම්............
ReplyDeleteමටත් හිතෙනවා දැන්නම් ජීවත්වුනා වැඩියි වගේ කියලා.......හොදටම එපා වෙලා මේ කෙහෙල්මල් ජීවිතේ....
ReplyDeleteමේ නංගියෝ...ඔයා මනෝ වෛද්‍යවරියක් වුනොත් ඉස්සෙල්ලම මට බෙහෙත් දෙන්න...හැබැයි ඉතිං ඔයාගේ පළමුම පළමු ලෙඩා සුවවෙයිද කියන එකනම් දන්නේ නෑ...ඒ තරම්ම මැන්ටෝල් කේස් එකක්.....
මේ පැත්තේ ආවේ ගොඩ දවසකින් අනේ....සමාවෙන්ට ඕන්.....
Dinesh : ඔව් මමත් කියවනවා.මම ඒත් ගොඩක්ම කැමති අපරාධ පරීක්ෂණ ගැන ලියවුනු ඇත්ත කතා වලටයි,විෂ වේදයටයි.ඉතින් මේ පැත්ත ගැනත් හොයලා බලන්න මට දැන් හිතෙනවා.
ReplyDeleteසිය දිවි නසා ගැනීම් වලින් එක්කෙනෙක් හරි බේරගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් නේද?...ස්තුතියි comment එකට..
denesh අයියා : ඔව් අයියා..ඒක ඇත්ත.. මටත් අද දවස ඉවර නොවී තියනවානම් කියලා හිතෙනවා..
ReplyDeleteහසියා අයියේ..මැන්ටෝල් ඩොකෙක් ගෙන් බෙහෙත් ගන්න එන්න එපා අයියා..
ReplyDeleteඔයාට එපා වුන කෙහෙල්මල් ජීවිතේ අනික් අයට ගොඩාක් වටිනවා.. මම වුනත් ජීවත් වෙන්නේ මේ කෙහෙල්මල් ජීවිතේ වටින අයත් ඉන්න නිසා.. අපි එහෙම හිත හදාගෙන ඉමු අයියණ්ඩි..හොඳේ..?
ඔයා කිවුවා නේද යාළුවෝ සමාව ඉල්ලන්නෑ කියලා බොරු හේතු වලට..ම්ම්..? අමතක වුනා නේ..?
man wadiya blog kiyawala na nagii.mokada mata wada karana paya gaana 13k ..nidanna uyanna kanna wagema fbook eke rasikainta kawiyak chitrayak denna thiyenne bohoma keti kaalayak nisaa..ithin mata kiyanna ona eka newei..balapu blog walin nagi liyanne hugak wenas saralawa raswidiya haki,kawi kathaa hamadeyakma upayoogee karagena samaajayata danumak dena paniwidayak..eka rasawidinna lesi..ea wagema eken labena prayojanath hugak wadi...mage blog ekata awith giyaata nangita hugak sthuthi.,.tc.budusaranai..
ReplyDeleteමමත් ඔහොම හිතපු කාලයක් තිබ්බා.හැබැයි දැන් නම් "නැව ගිලුනත් බෑන්ඩ් චූන්-ගිලෙන්න ගිලෙන්න තවත් චූන්" න්‍යාය තමා අනුගමනය කරන්නේ.ජීවිතේ දිහා යථාර්තවාදීව බලන්න ඕනේ කියලා මට තේරුම් ගියා සමාජවට පිටාවේ සිද්ධවෙන සහ පෞද්ගලිකව මට සිද්ධවෙව්ව සිදූවීම් එක්ක.ඒ හින්දා දැන්නම් කිසි අවුලක් නෑ.මම කරන්නේ නිවැරදී දේ කියලා මට විශ්වාසනම් ඇති.අනිත් අය මොන දේ කිව්වත් මට කමක් නෑ.
ReplyDelete(මේ සිතුවිලි හින්දා යාලුවෝ අතරේ මාව ප්‍රසිද්ධ වෙලා තියෙන්න පිස්සෙක් විදිහට.....)
දැන් නඟාට ඉස්සරට වඩා හුඟාක් දේවල් තේරෙනවා කියලා මට හිතෙනවා. ඇත්ත නේද ?
ReplyDelete@ruwan අයියා : ගොඩක් අඩු කාලයක් තිබිලත් මගේ බ්ලොග් පිටුවේ comment එකක් පලකරලා..මාව දිරිගැන්නුවාට ගොඩාක් ස්තුතියි සොයුර.
ReplyDeleteමකුළු සොයුර : ඔයා හරියට හරි.තමන්ට තමන් ඉන්නවා නම් තම්න් අයිති තමන්ටමයි කියලා හිතෙනවානම් එතකොට කිසිදේකට බයවෙන්න දෙයක් නෑ..අපි කාටද පිස්සු නැත්තේ.. ටික ටික හැමෝටම තියනවා නේ..
ReplyDelete@Hasitha අයියා : ඔයා හරියට හරි අයියා.. මටත් එහෙම හිතුනා.
ReplyDeleteෂා...ෂා... මරැවට ලියලා..හරිම ලස්සනයි..
ReplyDeleteමේක මේ බ්ලොග් සිතුවිල්ලට අදාල දෙයක් නම් නෙමේ.කවුරුහරි කියනවද මට රත්ගමයට මොකද වුණේ කියලා......
ReplyDelete@නිපූ : ස්තුතියි සොයුරිය,,!
ReplyDelete@ මකුළුස් : රත්ගමයා යාළු අයේ බ්ලොග් ලියන්නෑ කිවුව.. කිවුවට ආයේත් ලියයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හරි දුකයි..මොකෝ අඬගහන් එන්න රත්ගමට යන්න ඇහැකි යෑ... හරි දුරයි නෙ.. ඒත් .. රත්ගමයා එනකම් අපි බලන් ඉන්නව... අළුත් ලිපි ගොඩක් අරන්..
ReplyDelete"අම්මගෙ ඉස්කෝලෙ කියුවට ඒ මගේ ඉස්කෝලෙ".මේ ලිපියේ මම ගොඩක්ම ආස ඒ කතාවට..මොකද අපේ ඉස්කොලෙන් ගියපු ගොඩක් අයට අපේ ඉස්කොලේ අමතක උනා අක්කි,,,,,,මම එකට පොඩ්ඩක් වත් කමති නැ....එත් ඔයා එහෙම නැ "
ReplyDeleteඔයාගේ ආසම බලු කුක්කා..වල්ටේෂ්න් ද? එයාලනේ පාර අයේනේ එන්නේ.. :P
හේ හේ ශානි නඟෝ.. ඔව් ඔව්.. වල්ටේශන්.. එළ නේ..?..
ReplyDeleteඔයා නෙවේ.. මමත් ඒකට කැමති නෑ නඟෝ.. සංඝමිත්තා මගේ ඉස්කෝලෙ හැංඟිලා තියන මතකයන්.. කවදාවත් හිතෙන් මකා දාන්න බෑ.. එහෙව් එකේ ඒ "මගේ ඉස්කෝලෙ" නෙවේ නම් වෙන කාගේ ඉස්කෝලෙද නංඟී..