මේ ලෝකෙට මුලින්ම ආවට පස්සේ මම දැක්කේ මගේ අම්මගෙ පින්වන්ත මූණ.. ඊට පස්සේ අප්පච්චිගේ... ඔහොම ඔහොම හැමදාම ඇසුරු කලේ කෙනෙක් නෙතට හසු වුණාට පස්සේ.1,2,3 ඔහොම පාසල් කාලේ ගෙවෙනකොටත් මම කතා කලේ ,ඇඳිනුවේ නෙතට වැටුන කෙනෙක්.. හදවත අඳුරන්න කලින්.. නෙතින් අඳුරගත්ත කෙනෙක්.
සාමාන්‍ය පෙළ, උසස් පෙළ කාලේ ඒක තවත් උග්‍ර වුණා මිසක් අඩු වුනේ නෑ.අපේ පන්තියේ පිරිමි ළමයි විතරයි හොඳ.. අනික් අය එහෙම නෑ, එයාලා කට ඇරියොත් හරි වාත කතාවක් කියන්නේ,ඒත් අපේ යාලුවෝ එහෙම නෑ,... කතාව ඇත්ත... මොකද අපිට හොඳටම දැනුනා අපේ පන්තියේ යාළුවොන්ගේ යාළුකමට එහා ගිය සහෝදරකමක්. ඕන දෙයක් කියන්න පුළුවන්, ඕනෙ විහිළුවක් කරන්න පුළුවන්.. ගොඩක් වෙලා තරහාවෙලා ඉන්න බෑ..ඒත් රණ්ඩු නොවීත් ඉන්නත් බෑ.. ඒ යාළුවෝ තාමත් එහෙමයි..
මගේ පන්තියේ යාළුවෝ මුහුණු පොතේ ඉන්නෙ අඩුවෙන්.. ඒත් හිතේ අපෙ බැඳීම ගොඩක් වැඩී...
උසස් පෙළ පළමුවර කලාට පස්සේත් ඒ මතේමයි... බස් එකේ පන්ති ගියත් යාළුවෝ නොවන සමාන්තර පාසල්වල අයට හිනාවත් වෙන්නෙ නෑ... හ්ම්.. එහෙම කාලෙකුත් තිබුණා...
2010 අගෝස්තු මාසේ 28 වෙනකනුත් මම ඒ මතේමයි.. මෙහෙ අපි ඉංග්‍රීසි ප්‍රශ්න පත්තරේට හිදගෙන සූදානමින් ඉන්නවා.. අරෙහෙ මල්ලිලා (පලමුවර මුහුණදෙන) හරි සද්දෙන් ගහමරා ගන්නවා.එතනදීත් අපි කිවුවේ ඒ අපේ උන් නම් වෙන්න බෑ.. අපේ එවුන් ඔච්චර අණ්ඩපාල නෑ..( අනේ ඉතින් ඒ ටාසන්ලගේ වැඩ අපිට මතක නෑලු... 11දී ගහගත්ත ඒවා... ඒවා ඉතින් දැන් මතකම නෑලූ..)
අයියා මට මේ බ්ලොග් එක හදලා දෙනකම්ම... ඒත් මේ අඩවිය මගේ ගෙදර තරම් දැනෙනකම්ම මම හිටියේ අමුතු ලෝකෙකට ආව අමුතු සතෙක් වගේ...
ඒත් මම හද සාක්කි කියන post එක ලියුව දවසේ රත්ගමයා ඔයා,හසියා අයියා ඔයා, Hasitha අයියා ඔයා සහනිසල් ඔයා... එතනදී ලියලා තිබුන කොමෙන්ටු මගේ හිතෙ දුක පිහදාන ගමන්ම මගේ හිතෙ නොමැකෙන සටහන් සළකුණු කලා.
මම ඒ ලිපිය ඉවත් කලත් ඒකල ඔයාලා දුන්න කොමෙන්ටු මට හොඳට මතකයි.
දැන් මම විශ්වාස කරනවා නොදුටු සිත් වලටත් සහෝදරත්වය දැනෙනවා කියලා... මුහුණු පොතෙත් මට ඒදේ හිතුනා... හිත හිත ඉන්න මොහොතක.. ඕනෙම ප්‍රශ්නයක් බ්ලොග් එකේදී ඇති වුනොත් මගේම සොයුරෙක් සොයුරියක් ඉන්නවා මම වෙනුවෙන් කතා කරන්න කියලා මට දැන් හිතෙනවා.. හිතට හරිඅ සතුටක්..!
මට මේ දේ ලියන්න හිතුනේ ළඟදී රත්ගමයා සොයුරා එකපාරටම බ්ලොග් ලියන එක නැවැත්තුව නිසා.ඇත්තම් කිවුවොත් බ්ලොග් කීපයක ලිපි පල වෙනකම් මම බලන් ඉන්නෙ හරි ආසාවෙන්. ඒ එකක් තමා රත්ගමයා බ්ලොග් එක.. ඔය අතරේ ඊයේ ශානි නඟා (බ්ලොග් එකේම) මුහුණු පොතට පණිවිඩයක් එවනව
"ප්‍රාර්ථනා අක්කේ.. රත්ගමයා සහෝ... මුහුණු පොතෙනුත් ගිහින්නේ කියලා.."
ඒ අතරේ ළමයා චට චට ගාලා චැටේ ඉන්නකොට කියනවා
"මගේ කල්පනාව බ්ලොග් ලියන එක නවත්තන්නයි"
කියලා...
එහෙම වුණාම ඔච්චර ආසාවෙන් එයාලගෙ ලිපි කියවන්න ඉන්න අයට මොකද වෙන්නේ.. රත්ගමයා යාළුවා නම් නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඉවත් වෙන්න හිතන්න ඇති.. නැත්තම් කොහොමටවත් එහෙම දෙයක් කරන්නෙ නෑ.. හරිම දුකයි.. හමුවීමක්නම් වෙන්වීමක් තිබිය යුතුමයි කියන්නේ ඒක වෙන්න ඇති...
මම ඔයාලට කියන්නේ කරුණාකරලා "මම බ්ලොග් ලියන එක නවත්තනවා කියන්න එපා.. ලිපි ලියන්න කොච්චර කල් ගියත් කමක් නෑ.. හිතෙ අළුත් ලිපියක් වෙනුවෙන් බලාපොරොත්තුවක් ඉතිරි කරන්න... මේ මගේ හිතෙ ගැඹුරින්ම එන බලවත් ඉල්ලීමක්.. කවුරුත් ඒ දේට ඇහුම්කන් දෙයි කියලා හිතනවා..
අපි ජීවත් වෙන්නේ බලාපොරොත්තුවක් වෙනුවෙන් ... එහෙම නේද?
"අපි ජීවත් වෙන්නේ බලාපොරොත්තුවක් වෙනුවෙන් ... එහෙම නේද?"
ReplyDeleteමේක දැක්කාම මට පොඩි කාලේ කියවලා තිබුණු ග්‍රීක දේව කතාවක් මතක් වුණා. ඒකේ පෙලක් තැන මතක නැතත් මේ කතාවට අදාල ටික කියන්නම්.
පැන්ඩෝරා කියලා කෙනෙක් අතේ සියුස් මහ දෙවියා පෙට්ටියක් එවනවා මහ පොළවට. පැන්ඩෝරා එයාගේ සැමියාට කියනවා කවදාවත් මේ පෙට්ටිය අරින්න එපා කියලා. නමුත් එයා ඒක පිළිපදින්නේ නැහැ. අන්තිමට පැන්ඩෝරාත් යන්න යනවා. මිනිස් ලෝකේ අවුල් වියවුල් ඇතිවෙනවා.
ඒත් සියුස් මහ දෙවියා මේ ඔක්කෝටම හරි යන්න විසඳුමක් මිනිස්සුන්ට දෙනවා. ඒ තමා බලාපොරොත්තුව කියන එක.
මිනිසාව ජීවත් කරවන්නේ බලාපොරොත්තුවයි කියලයි මට හිතෙන්නේ. මොකද මාත් එහෙම තත්වයක ඉන්න නිසයි මාත් එහෙම කියන්නේ :)
යාළුවන්ගෙන් වෙන්වීම සැහෙන්න දුකක් තමයි.... රත්ගමයා මල්ලි මගේ මුහුණු පොතෙත් හිටියා... රත්ගමයාට මොකද උනේ කියන එක හිතාගන්න අමාරුයි...
ReplyDeleteමම හරි ආස කියමනක් තියෙනවා
Friendship is a sheltering tree.
යාළුවෝ අපි හෑමොටම ඉන්නවා..... අපිට යාළුවො නතිව ඉන්න බෑහෑ...
We can live without religion and meditation, but we cannot survive without human affection.
@Hasitha අයියා : :):):)අහ් !එහෙමත් එකක්ද..හික්ස්..
ReplyDeleteඔඋ අයියේ... බලාපොරොත්තු කියන දේ නැති වුණාම ඒ කියන්නේ අරමුණක් නැතිවුණාම ජීවත් වීමත් ප්‍රශ්නයක්..!... ඔහොමම ඉමු අයියා.. බලාපොරොත්තු හැබෑ වෙනකොට පුදුම සතුටක් දැනෙන්නේ..ඒත් අපි ගොඩක් ඉවසිල්ලෙන් බලන් ඉන්න වෙනවා..
@Dnesh ; හ්ම්.. ඒක ගොඩක් හිතට වැදුනා.. හොද යාළුවෙන්.. කියලා වැඩක් නෑ..
ReplyDeleteහසිත සහෝදරයා ගොඩක් ස්තූතියි කතන්දරේ මතක් කරලා දුන්නට...මම පහුගිය දවසක නිසල් මල්ලිට ඕක කිව්වා.හැබැයි මටත් හරියට මතක තිබ්බේ නෑ.....
ReplyDeleteඇත්ත මිනිසා ජීවත් කරවන්නේ බලාපොරොත්තුව.....
මම මේ කලාවට අතගහලා තාම මාස කීපයයි.ඒ කාලය ඇතුලත මට හම්බවුන හොඳම අඩවි වලින් එකක් තමා රත්ගමයා කියන්නේ........
මම ප්‍රාර්ථනා කරනවා රත්ගමයා ආපහු පැමිණේවා කියලා.....
ප්‍රාර්ථනා සහෝදරිය බොහොමත්ම ස්තූතියි මෙවන් සටහනක් තැබීම පිළිබඳව.....
@ මකුළුවා......
ReplyDeleteස්තුතියි මිත්‍රයා ඒක මතක් කළාට......... :)
ඒක ඇත්ත රත්ගමයගේ කතා අහන්නේ නැතිව ලොකු පාළුවක් දැනෙනවා
ReplyDeleteඔයගේ කතාව හරි ඇයි අපි කාගෙවත් හිතකට දුකක් දෙන්නේ , හැමෝටම බලාපොරොත්තුවක් දෙන්න ඕන .
""මම බ්ලොග් ලියන එක නවත්තනවා " ඔය වචනේ අපි තහන්ම් වචනයක් බවට පත්කරමු !
සිංහල බ්ලොග් කලාව ජයවේවා !!
යාළු මකුළුස්.. : හ්ම්.. Hasitha අයියාගෙ කතාව වටිනවා තමා.
ReplyDeleteමටත් එහෙමයි..රත්ගමයා බ්ලොග් එක පැත්තේ එන්නෑ වගේ.. නැත්තම් පුංචි සටහනක් කාගේ හරි පිටුවක තියනවනෙ..
ස්තූතියි කරන්න ඕනේ නෑ යාළුවා.. මෙවා ලියනවා නෙවේ ලියවෙනවා...
අහ් මමත් එහෙම කිව්වාද? හික් හික්.. මමත් "මම බ්ලොග් ලියන එක නවත්තනවා " කියන එක තහනම් වචනය කරගන්නවා..
ReplyDeleteඅනිත් එක.. මේ සයිබර් අවකාශයේ ඉන්න සමහර අය, අපිට හැමදාම හම්බවෙන ලගින්ම ඉන්න අයට වඩා හදවතින්ම ලං වෙන වෙලාවන් තියෙනවා.. අපි නොහිතන විදියට අපේ ජීවිත වෙනස් කරන්න පුලුවන් අය.. හොඳම යාලුවෝ විදියට.. මට හිටියා වගේ... :D
නිල් අහස :ඔව් තහනම් වචනයක් කරමු ... ඒක හොඳයි.
ReplyDelete@ලමයා : ළමයාගේ ටිකිරි මොළේ පෑදිලා...ඇති යන්තම්..
ReplyDeleteඅනේ රත්ගමයා...ආයෙත් එන්නේම නැති වෙයිද...????
ReplyDeleteමම හරිම අසාවෙන් තමා රත්ගමයාගේ බ්ලොග් කියවන්නේ....හරිම දුකයි.....මට හොදටම මතක බ්ලොග් 1ක තමා....බ්‍රරිතාන්ය කව්න්සිලයට ගියපු කතාව....මට බ්ලොග් ලියන්න හිතුනෙත් රත්ගමයාගේ බ්ලොග් අඩවිය දැකපු නිසා.....(මගේ බ්ලොග් 1කට මුලින්ම කමෙන්ට් 1කක් දැම්මෙත් රත්ගමයා තමා)
ම් ....රත්ගමයාගේ ප්‍රස්නය නම් මොකක් උනත් ...බ්ලොග් ලියන්න තිබුනා ...යාලුවොත් 1ක දුක බෙදා ගන්න තිබුනා කියලා තමා මට හිතේන්නේ......
@ශානි : නඟෝ ඔයා හරි.. එයාට බ්ලොග් එක ලියන්නයි තිබුනේ.. ඒත් කියලා තිබුණා බ්ලොග් ලියපු එකෙන් එයාට ගොඩක් දේවල් නැති වුනාලු.. නැති වුණ දේවල් ආයේ ලැබෙන්නෑ ලූ.. ඉතින්.. අපි ප්‍රශ්නේ මොකක්ද කියලා දන්නෙ නැතිව මුකුත් කියන්නත් බෑනේ..
ReplyDeleteකියන්න දෙයක් ඉතිරි නෑ වගේ.....
ReplyDeleteඕකනේ කියන්නේ හමුවීම දුකක් කියලා.කට්ටිය කියයි වැරදියි හසියා කිව්වා කියලා..ඒත් හමුවීම සතුටක් බව ඇත්ත...ඒ තාවකාලික සතුට තියෙන්නේ වෙන්වෙන මොහොත දක්වා විතරයි නේද?
තාවකාලික සතුටක් දිර්ඝකාලීන දුකක් ගෙනත් උරුම කරනවා....
ඉතිං ඇයි හමුවීම සතුටක් කියන්නේ....?
"අපි ජීවත් වෙන්නේ බලාපොරොත්තුවක් වෙනුවෙන් ..."
මේක කවුරු නෑ කිව්වත් ඇත්ත ඕකයි....සමහරු කියන්නේ අපි හෙට ගැන හිතන්නේ නෑ...අද විතරයි හිතන්නේ කියලා...ඒත් අද ගැන හිතන එකත් බලාපොරොත්තුවක් නෙවේද?අද දවසේ හොදට කන්න බොන්න ඕනි කියලා කෙනෙක් හිතනවනම් ඒකත් බලාපොරොත්තුවක් නෙවේද?
ම්ම්ම්ම්ම් ඒක නෙවේ නංගියෝ.... අළුතින් හම්බවුණ දැන් මගේ හොද යාළුවෙක් (මුණට මූණ හමුවී නැතත් මුණු පොතේ හමුවීඇත) මගෙන් උදව්වක් ඉල්ලුවා....ඒත් මට ඒක අදවෙනකම් කරන්න බැරවුනා...ඒ ඇත්තටම මම මේ දවස් ටිකේ බිසී නිසා...දැන්නම් ආයෙත් යථාතත්වයට පත්වෙනවා..ඒ කෙනා තරහා වෙලාද කියලා දුකක් දැනෙනවා....
මම නම් රත්ගමයා ගැන වැඩිය දන්නෙ නෑ ඒත් බ්ලොග් කියන එක නවත්ත්න හෙතුවට මොකක්ද වුනත් ඒ තීරනේ නිසා ගොඩක් අයගෙ හිත් රිදුන බව නම් දන්නවා!
ReplyDeleteසහ ඔයාගෙ කියමන
"අපි ජීව්තන් වෙන්නෙ බලපොරොත්තුවක් වෙනුවෙන්"
ඇත්ත...
@හසි අයියා : ඔයා දන්නවානම් මම බලාපොරොත්තු නිසා දුක් වුණ තරම්.. ඒ වගේම සතුටු වුන තරම්.. ඒ නිසා මම දන්නවා ඒවා අපිට කොච්චර වටිනවාද කියලා..
ReplyDeleteඅනේ අයියණ්ඩිය... මම හිතන්නෙ එ යාළුවා ඔයා එක්ක තරහ නෑ..
අනේ..අනේ... එහෙමත් තරහ වෙලා පුලුවන්ද හසි අයියත් එක්ක..
:):)
@ නිසල් : හි..හි.. ඉතින් ඒ කතාව ඇත්ත..."මාව විදවන.. මාව හිනස්සන වචනේ බලාපොරොත්තුව.."
ReplyDeleteඔන්න ඉතින් රත්ගමයා පොඩ්ඩෙක් වෙලා ආයෙත් ඇවිත්...
සිදංගනාගේ බොලොග් එක හැමදාම කියවපු මාව දිරිමත් කරපු මාව බ්ලොග් ලියන්නියක් කරපු රත්ගමයා මල්ලිත් යන්න ගියා..........
ReplyDeleteඇත්තමයි ප්‍රාර්තනා මාත් හිතුවා ආයෙ නොලිය ඉන්න ඒත් මේ දැන්ම ඒ අදහස වෙනස් කරගන්නවා..............
ඔව් අක්කේ.. අනේ කරුණාකරලා ලියන එක නවත්තන්න නම් එපා.. ඒක අපිට කරන අසාධාරණයක්..
ReplyDelete