"අනේ මම දන්නෑ අර සක්කරවට්ටම... අපේ පුතාව අල්ලගත්තේ කොහොමද කියලා... දන්න මායම් ඔක්කොම දාන්න ඇති... "
"ඇයි කමලා ඔයා ඕකට ඔච්චර කලබල වෙන්නේ.. ඒක කොහොමටවත් වෙන්න අපි ඉඩ දෙන්නෙ නෑනේ... අනික පුතා අපේ වචනෙකට පිට යන්නෙ නෑ.. එක අතකට කෙලින්ම ඇවිත් අපි එක්ක මේ ගැන කතා කරපු එක හොඳයි.."
"ඔයා නම් කියයි විමලෙ... ඉලංදාරි වයසට කරන දේවල්.... මේ කාලේ ඉන්න කොල්ලෝ හරිම හිතුවක්කාරයි. ඔය කෙල්ල එක්ක අපේ කොලුවා ගියොත් මොනවා... කරන්නද..? ගමේ උන් මොනවා නොකියයිද..? "
අනිකුන්ගේ කතාවලට හොරෙන් ඇහුම්කන් දීම නොහොබිනා මුත්.. සුජිත්ට ඒ කතාව අසා නොසිටීමට නොහැකි විය.චමත්කාට දෙමවුපියෝ මෙතරම් අකමැති එකම එක හේතුවකටය.. එයද ඇගේ වරදක් නොවේ.. ඇය එසේ වී ඉපදිමේ වරදයි.අනික් අතට ඔහුට දෙමවුපියන්ට පිටුපාන්නට නොහැක. මේ තාක් ජීවීතේ ඔවුන් තමන් වෙනුවෙන් කොතරම් වේදනා උහුලන්නට ඇද්ද..
තිරණයක් ගැන සිතිමට පවා නොහැකි මෙවන් මොහොතක ඔහුගේ එකම පිහිට තරිඳුය.
"හෙලෝ.. මචං තරිඳු... මට උඹව මුණගැහෙන්න ඕනේ.. ප්‍රශ්නයක් මචං... "
"හ්ම්.... අහ්! හිටපං.. මම එන්නං.."
"එපා බං... ඒ දේවල් මෙහෙදී කතා කරන්න බෑ... මම උඹේ දිහා එන්නං.... "
"හරි මචං එහෙනම් වරෙං"
සුජිත් අම්පිටිය ප්‍රදේශයේ වංශවත් පවුලක වැඩිමහල් පිරිමි දරුවාය.ඔහු ඒ ගමේම යුවතියක් වන චමත්කා සමඟ ආදර සම්බන්ධයක් අරඹා දැනට අවුරුදු 2ක් පමණ වේ.. චමත්කා උගත් , ගුණයහපත් තරුණියකි.. නමුත් කුලමල බේද මඟින් වර්ගීකරණය කර ඇති එක් කුලයකට අයත් කෙනෙකි... ඒ කුලය සුජිත්ගේ කුලය හා යාකල නොහැකි යැයි සමාජය සම්මත කල එකකි...
"සුනිල්වන් නුවන්යුග වසා උතුර උතුරා
ගැලූ කඳුළු ගංඟාවෙ රැයදැන්හිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
වැදූ මවුනි පිය තුමනි කරුණාව පාලා..."
"උඹ ඕක කෙලින්ම තවත් අම්මලා එක්ක කතාකරපම් බං.. උඹට රැවුලත් ඕනේ.. කැඳත් ඕනේ.... ඒකයි අවුල.."
"ඒකත් හරි තමා..."
සුජිත් අවසානයේ මේගැන දෙමවුපියෝ සමඟ කතා කරන්නට සිතුවේය..
සුභදායක පැත්තට සියුම් බලාපොරොත්තුවක් ඔහුගේ සිත තුල විය..
ඒත් කතාව පටන් ගැනීමට විදිහක් ඔහුට නොතෙරේ..
"අම්මේ..."
"ම්ම්..... මොකද පුතා හොර ගල් අහුලන්නේ..."
"
නෑ.. මේ..... මේ.... මට කාරණාවක් ගැන ටිකක් කතා කරන්න ඕනේ..."
"ඉතිං කියන්න පුතා...."
කමලා මහත්මිය කරමින් සිටි වැඩේ මොහොතකට නවතා සිය අවධානය පුතා වෙත යොමු කලාය..
"හ්ම්... දැනුයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ.."සුජිත් සිතන්නට විය..
"ඒත් පුතා... ඔයා ඔය කතා කරන්න යන්නේ අර මායාකරි ගැන නම්.... මේ කතාව නවත්තමු.."
අයෙත් ඇඟෙ ලේ වතුර වේගෙන යන බවක් සුජිත්ට දැනෙන්නට විය.
"ඇයි අම්මා ඔහොම කතා කරන්නේ... මේ හණමිටි අදහස් කවදද අත අරින්නේ.. මෙච්චර කල් මම අම්මලා කියන් කියන හැමදේටම එකඟ වුණා .. ඇයි අම්මලාට බැරි මේ මම කියන දේට එකඟ වෙන්න.."
"මේ.. පුතා.."
කමලා මේ කතාවට කොහොමත් අකමැතිය..
"ටිකක් ඉන්න අම්මේ.. අද මට කතා කරන්න දෙන්න..
මට ගැලපෙන කෙනා තේරෙන්නේ අම්මලාට නෙවේ මට.. මම බඳින කෙනා කවදාහරි ජීවත් වෙන්න ඕනෙ අම්මලත් එක්ක නෙවේ මාත් එක්ක.. දේපල ,ඉඩකඩම් , යාන වාහන අස්ථීරයි... අනික ඕවා බඳිනකොටම තියෙන්න ඕනෙ නෑ... අපේ මහන්සියෙන් හම්බකරගන්න ඕනේ දේවල්... "
"පුතා.. අපි ඒවා ගැන කිවුවද..? අපි දුප්පත් පොහොසත් කම් බැලුවද..? අහ්..? කියන්න බලන්න.... අපි දන්නවා ඒ දැරිවි හරි උත්සාහවන්තයි, දක්ෂයි ,ඒ අයටත් යමක් කමක් තියනවා... ප්‍රශ්නේ ඒක නෙවේ.."
"ඔව් අම්මා ප්‍රශ්නේ ඒක නෙවේ... කොහෙටවත් නැති දෙයක්... ඉපදෙනකොටම අරන් එන දේවල් වලින් කොහොමද කෙනෙක් මනින්නේ... කොහොමද ... මට කියන්න.."
"මෝඩ විදිහට කතාකරන්න එපා පුතා.. ඔහොම කෙනෙක් බැන්ඳම ප්‍රශ්නේ එයාට නෙවේ..ඔයාට.. මඟුලකට මුත්තෙට්ටුවකට නෑදෑයෝ එකතු වුණාම.. හිත රිදෙන කතා කියවෙන්න පුළුවන්... කොන් වෙන්න පුලුවන්.. ඒක සාමාන්‍යෙන් වෙන දෙයක්... ඒ අහිංසක කෙල්ලටත් පව්.... අපි වුනත් අය පවුලට වද්දගන්නේ නෑ.. ඒකයි ඇත්ත.. ඔය පහත් මිනිස්සුගේ ගති පැවතුම් වුණත් පහත්... කරන්නෙම පහත් වැඩ.."
"මොනවද අම්මා මේ කියවන්නේ... උසස් කුලවල මිනිස්සු... කරන තරමක් කරන්නෙත් පහත් වැඩ තමා... මුළු ජාතියක් පාවලා දුන්නේ ඔය අහිංසක මිනිස්සු නෙවෙ... මහ උසස් රදළ කුලේ ඇහැලෙපොල... "
"පුතා ඔයා ඔය මොනවා කිවුවත්.. ඔයා දැන් කිසිම දෙයක් ඉදිරිය පෙනෙන්නැති තත්වෙක ඉන්නේ.... කෝක කිව්වත් ඔච්චරයි... ඔයාට මේ දේවල් තේරෙන දවසකුත් එයි..
"ඒත් අම්මා.....!"
"මට මේක දඟගෙයකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුළ එකසේ දරා මං
සැනසී සිටින්නෙම්ද ඇඟෙ දුක දරා දැන්
සුව සෙත පතා දෙන්න ආසිරි දයාවෙන්.."
"අම්මා... මම පොඩි ළමයෙක් නෙවේ.. මට ජීවිතේ ගැන තේරෙනවා... මට ලෝකෙ මිනිස්සු කියන දේවල්වලින් වැඩක් නෑ... මට ඕනේ අම්මලා අප්පච්චිලා මේ ගැන හිතන දේ විතරයි.. ඒ මිනිස්සු මම වෙනුවෙන් නිදි මැරුවේ නෑ... මම රස කෑම කද්දී දන්කුඩ කෑවේ නෑ.. මම විභාග වලින් හිත් රිදුම් ඇති කරගන්න කොට ඒ හැම දුකක්ම දරාගෙන දිරි ගැන්වුවේ නෑ... ඉතින් මට ඒ මිනිස්සුගේ කතා මොකටද..? මට ඕනේ අම්මලාගෙ වචන විතරයි... "
"රජ දහන වැලි කතර වුව උරුම වෙ නම්
මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්."
තවත් අම්මලා එක්ක කතා කරලා ඵලක් නෑ... ඒකයි සුජිත් වටහා ගත්ත ඇත්ත.. ඔහුගේ හිතෙ අහස අල්ලන්න තරම් බලාපොරොත්තු නෑ.. නෑ නෙවේ.. දැන්ම නෑ... පවුලෙන් පිටුවහල් කලත් ඇය හිමි වෙනවානම් ඕනෙම දුකක් විදින්නට ඔහුගේ හිත සූදානම්... ඒත් හිත තාම නොසන්සුන්...
"මගෙ ජීවනේ ගීයෙ ඇඟෙ හඬ නොවේනම්..
හඳ වෙණෙහි සත්සර සදා ගොළු වුනාදෙන්.."
අන්තිමට ඔහුට හිතුණේ එහෙමයි.. ජීවිතේට රිද්මයක් වුවමනායි.. ඒ දේ නැති වුණාම නොදැනීම තමන්.. වටේ ඉන්න අයත් රිඳවනවා.. ඒත් ඒ තමා ඔහුගේ ජීවිතෙ ඉරණම වුනේ...
ඇය නොමැති ලෝකෙක ඔහුටත්.... ඔහු නොමැති ලෝකෙක ඇයටත් සැනසෙන්නට සිදුවුණා...
(සත්‍ය කතාවයි මෙ ගීතයට පාදක වුනු.. නම් ගම් මනංකල්පිතයි... ගී පද රචකයා සෝමතිලක ජයමහ ගායකයානන් "තරිඳු"ගේ භූමිකාවට පණ පොවා ඇත...)
ජීවිතේට රිද්මයක් වුවමනායි.. ඒ දේ නැති වුණාම නොදැනීම තමන්.. වටේ ඉන්න අයත් රිඳවනවා.. ඈත්තම ඈත්ත..
ReplyDeleteමම හිතාගෙන හිටියේ මේ වගේ සටහනක් ඉස්සෙල්ලාම මගේ අතින් ලියවෙයි කියලා.නමුත් ඔයා ඒ දේ කරලා තියෙනවා.
ReplyDeleteමමත් එක පාරක් නෙමේ දෙපාරක්ම ඔය තත්වෙට මුහුණ දීපු කෙනෙක්....මටත් සිද්ධ වුනා රැවුල ද කැඳද කියන දේ තෝරාගන්න....හැබැයි මම ඒ එක අවස්ථාවකදිවත් ගෑණු ළමයට මම මගේ කැමැත්ත ප්‍රකාශ කලේ නෑ.හොඳම යාළුවෙක් පමණක් යන හැඟිම දැනෙන විදිහට හැසිරුණා.මොකද ගෙදරින් සම්බන්ධය නවත්වන්න කියලා කිව්වොත් ඒක අපි දෙන්නටම දුකක් වෙන හින්දා....දෙවෙනි සිද්ධිය සිද්ධවෙලා දැනට සති කීපයකට වඩා ගිහින් නෑ.අපරාදේ කියන්න බෑ තරිඳුගෙ දෙබස් ටික ඔය විදිහටම මායි අම්මයි අප්පච්චි අතරෙ හුවමාරු වුණා...අවාසනාවන්ත විදිහට මටත් ඒ දෙන්නට ජයග්‍රහණය ලබා දෙන්න සිද්ධ වුණා......පස්සේ දවසක මමම ඒ ගෑනු ළමයා මූණුපොතේ දී අහපු ප්‍රශ්නයකදී මම එයාට කැමැත්තෙන් හිටියේ නෑ කියලා හිතට එකඟනොවී ප්‍රකාශ කරා....අදටත් එයා මගේ හොඳම යාළුවෙක්....මම දැන් කල්පනා කරන්නේ මොන කෙහෙල්මලකට මේ ලෝකෙට එක ආගමක් එක ජාතියක් විතරක් බිහිවුණේ නැත්තේ කියලා.එහෙම වුනා නම් මේ ලෝකේ මීට වඩා සෑහෙන්න සුන්දර වෙන්න තිබ්බා....
සෑහෙන ලස්සනට ඔයා මේක නිර්මාණය කරලා තියෙනවා....හැමදාම කියනවා වගේ දිගමට ලියන්න.මකුළු විමසිල්ලෙන්.....
"ජීවිතේට රිද්මයක් වුවමනායි.. ඒ දේ නැති වුණාම නොදැනීම තමන්.. වටේ ඉන්න අයත් රිඳවනවා.."
ReplyDeleteඒ කියන්නේ ජීවිතයේ රිද්මය කියන්නේ අනුන්ගේ සතුට අනුන්ගේ සමයන් කතා වෙනුවෙන් තමන්ගේ ජීවිතය සතුට ආදරය නැතිකරගෙන සදාකාලිකව පසුතැවෙන එකද?
ස්තූතියි නොදැන සිටි මට කියලා දුන්නට නංගියෝ...!!!
(ම්ම්ම්ම්ම් හොදටම ෂුවර්ද නංගියෝ අර වචන ටික කිව්වේ හදවතට එකඟව කියලා...?)
ඔය කාලකන්ණි අදහස් තියෙනකන් අපේ රටවලට බෑ දියුණු වෙන්න...
හිතලා බලන්න දුප්පත් අඩු කුලයක පවුලක ළමයෙක් ඉපදුණ ගමන් යම් හේතුවක් නිසා පොහොසත් පවුලක් දරුකමට හදාගන්නවා.දැන් ඔය සිද්ධිය කවුරුත් දන්නේ නැතිනම් හැමෝම අර ළමයට සලකන්නේ උසස් කුලයක උපන්න පොහොසත් ළමයෙක් කියලා නේද? ඒත් ඔය ළමයා අර පවුලෙම හිටියනම්...?
(ඕකම තමයි අනිත් පැත්ත වුනත් ඔය සිද්ධියේම....)
අපි හැමෝගෙම තියෙන්නේ රතුපාට ලේ...අපි හැමොම එකම ඝණයකට විතරයි අයිති...ඒ මනුස්ස ගණයට...
(මනුස්ස වෙසින් ඉන්න තිරිසන්නුත් ඉන්නවා...ඒක වෙනම කතාවක්....)
අනිත් සියළු දේ අපිම අපේ වාසියට හදා ගත්ත බොරු පුහු මනස්ගාත වලට බින්න බැහැගෙන හදාගත්ත ඒවා....
පෝස්ට් එකේ මුල් හරිය ඇත්තටම වටිනව අපේ හණමිටි අදහස් තියෙන ඈයන්ට, අදුරෙන් එළියට එන්න...ඒත් අන්තිමට ආයෙත් අදුරේ හිටපු අය අදුරටම යන්න හොද උදව්වක් දුන්නා කියලා හිතුණා...
(මෙය මගේ අදහස පමණකි.)
@නිපූ : හ්ම්.. මම අදහස් කලේ ඒක තමයි..
ReplyDelete@ මකුළුස් ; ම්ම්... ඔයා ලියනවා නම් ලියන්න.. මෙ මගේ දෘෂ්ඨි කෝණය... ඒත් ඔයා වෙන්ස් විදියකට දකින්න පුළුවන්..
ReplyDeleteමමත් මේ හණමිටි අදහස් වලට විරුද්ධ ඒත් කවදාහරි අත්වුනොත් ඔය ඉරණමම අත්වෙන කෙනෙක්... දෙමවුපියන්ට හිස නමන්නම් වෙනවා..
@ හසි අයියේ : මට ඕනේ දේ මෙකෙන් කියවෙන්නෙ නැතුව ඇති.. ඒත් ඇත්ත ඇති සැටියෙන් කියන්නයි ගියේ.. ඔඅය ගීතයට පාදක වුනු සිද්ධිය ඒකයි...
ReplyDelete"ජීවිතෙට රිද්මයක්...." කියමන ඔයා තෙරුම් ගත්ත විදිහට නෙවේ මම හිතුවේ.. ඇත්තනම් දැන් ඒ සුජිත් බැන්ඳ කෙනා සුජිත් නිසා විදවන්න ඇති නෙද? හොඳයි නැද්ද..? ඒක එහෙම විය යුතුයි.. ඒකයි මම කිවුවේ.. නැතුව වෙන දෙයක් නෙවේ..
රිද්මය කියන්නේ ආදරය වගේ දෙයක් කියලත් කියන්න පුලුවන්.. තමන් රවට්ට ගත්තට ඒකෙන් වටේ ඉන්න අය වේදනාවට පත් වෙනවා.. ඔයාට තරහ ගිහින් වගේ අයියා... ඒත් මම බලාපොරොත්තු වුණ දේ හිතට ගිහින් නෑ...
ඔයාගේ කොමෙන්ටුවෙ මැද කොටසට මාත් එකඟයි
අවසාන කොටස ගැන කිවුවොත්.. ඇත්ත සිදුවීමයි මම කිවුවේ...
ඔයාට කැමති මතයක් දරන්න පුළුවන්.
ඒත් කෙනෙක් අඳුරෙන් අඳුරටම නොයා මීට වඩා සානුකම්පිත විදියට මේ ප්‍රශ්නේ දිහා නොබලයිද..?
මුලින්ම සමාවෙන්න හිත රිදුනනම් ටිකක් ආවේගශීලීව කතා කරලා.එහෙම හිතකින් නෙවේ කිව්වේ....දැනුම් තේරුම් ඇති ඔයත් මේ විදිහට හිතනවා ඇති කියලා ඇත්තටම දුකක් දැනුණා.මට සමාවෙන්න හිතරිදුනානම්....
ReplyDeleteහ්ම්ම්ම් නංගි කියන එක ඇත්ත...ඒත් නංගියෝ සුජිත් බැදපු කෙනා විදවනව කියන්නේ ඊට වඩා අනන්ත වාරයක් සුජිත් සහ සුජිත් ගේ අහිංසක පෙම්වතිය විදවන එක නෙවේද?එතකොට නංගියෝ අපි අපිවම රිද්දගෙන නේද?
එකම මතේ දරන කෙනා කවදාවත් මේ විදිහට වෙනස් කරන්න අමාරුයි නේද නංගියෝ....
මම දන්න හොද සර් කෙනෙක් ඉන්නවා...(මගේ තාත්තිගේ හොදම යාළුවෙක්) එයා උගන්වන්නේ කොළඹ ප්‍රසිද්ධම පාසලක (ලංකාවේම කිව්වත් වරදක් නෑ...)මේ සරුත් ඔය නංගි කිව්ව වගේම කෙනෙක්...හැබැයි ඒකාලේ යාළුවුනේ ටිකක් වලව් පවුලක ගෑණු දැරිවියක් එක්ක...ඉතිං ගෑණු දැරිවිගේ පැත්තෙන් ගොඩක් බාධක ආවා.දෙන්නට එක්වෙන්න ලැබෙන්නේ නෑ කියලා දැනුණාම අර සර්ගේ නෝනා ඒ කාලේ ආවා මේ සර් එක්ක.(ගෙදර බලපෑම් මැද)
දැන් ඒ දෙන්නා ගොඩක් සතුටින් ඉන්නවා.ඒ වගේමයි ඉංජිනේරු පුතෙකුයි දුවෙකුයි, දොස්තර දුවෙකුයි ඉන්නවා....
ඉතිං ඒ කාලේ අර සර්ගේ නෝනා මේ කිව්වා වගේ තීරණයක් ගත්තානම් අද සමහරවිට ඔය මම කියන සර් ඔතන නැතිවෙන්න ඉඩතිබුණා බොහෝදුරට....
(පම්පෝරියක් නෙවේ...ඔය වගේ මම දන්න කියන ගොඩක් අය ඉන්නවා...)
ඉතිං මම නම් හිතන්නේ තැනට සුදුසු නුවණ පාවිච්චි කරන එකතමයි හොදම දේ.....
මට මේක කියවගෙන යද්දී දැනුනේ මම මගේම කතාවක් කියවනවා වගේ.. වෙනස මේ කථාවේ "කුලය" වෙනුවට මගේ කතාවේ "ජාතිය" ඇතුල් වෙලා තියෙන එක.. අහ්.. ඔය කිව්වට මම තාම අම්මා එක්ක ඕවා කතා කරන්න ගියේ නෑ.....
ReplyDelete"ඇය නොමැති ලෝකෙක ඔහුටත්.... ඔහු නොමැති ලෝකෙක ඇයටත් සැනසෙන්නට සිදුවුණා..."
මේක නම් ගොඩක් අමාරුවෙයි මට කරන්න වුනොත්..
ආදරයේදී විවාහයේදී කුලය ගැන ජාතිය ගැන හොයන එකනම් දැන් අනිවාර්යය දෙයක් වෙලානේ.. ඕක තමා විවාහයකදී බලන වැඩකටම නැති දේ.. ඔය අදහස ලංකාවෙන් පන්නන්න නම් ලේසි වෙන එකක් නෑ. මේක නිසා අද කොයි තරම් අය දුකින් පසුතැවෙමින් ඉන්නවා ඇතිද?
හැබැයි ජාති කුල නිසා තමන්ගේ ආදරයක් නැති කරගන්න එකනම් මහ මෝඩ වැඩක්.. එහෙමයි කියලා දෙමව්පියෝ නැති කරගන්නත් බෑ.. රැවුලත් ඕනි.. කැදත් ඕනි.. මට නම් හිතා ගන්න බැරිව ඉන්නේ..
අච්චාරු කමෙන්ටුවක්.... :D
හරිම දුක්බර කතාවක්... මේ ජාති භේදය ගෑන කියපු නිසා මට එක කියමනම් මතක් උනා...මේ ක කියල තියෙන්නේ A. Powell Davies කියලා කෙනෙක්.....
ReplyDelete"Religion is not something separate and apart from ordinary life. It is life -- life of every kind viewed from the standpoint of meaning and purpose: life lived in the fuller awareness of its human quality and spiritual significance."
කොච්චර හදවතට දැනෙන කතාවක්ද . ?
ReplyDeleteමේක කියවද්දී ලොකු බයකුත් නොදැනුනාම නෙවේ . මම හිතන විදිහට හැබෑවටම (බොක්කෙන්ම ) ආදරේ කරන අයට විතරයි .කරදර , බාදක, දුක් ආදී දේවල් දැනෙන්නේ .
හරිම ලස්සනට ලියලාතියනවා .
ජයවේවා !!
හ්ම්ම් කවදාවත් නැති වෙන්නෙ නැති ප්‍රර්ස්නයක් ඔය කුල බේදයනම්
ReplyDeleteසමහර විට මගේ කතාවත් මේ විදිහට ඉවර වෙන්න තිබුනා..
ReplyDeleteප.ලි බොහොම පින් ආයේ මාව ගෙන්න ගත්තට මේ පැත්තට
@හසි අයියා : ටිකක් හිත රිඳුනා තමයි.. ඒත් අයෙත් කියෙව්වම ඔයා වැරදි නෑ කියලා හිතුනා..:)..කරන්න දෙයක් නෑ අයියා හැම කතාවටම ලස්සන අවසනයක් නෑනේ..
ReplyDeleteඕකට උදාහරන ඇති තරම් මටත් තියනවා අයියා.. තව ටික කාලෙකින් හණමිටි අදහස් නැතිම වෙයි කියලා මම හිතනවා..
(නෑ..නෑ.. පම්පෝරි නෙවේ.. ඒ ඇත්ත සිද්ධි වටිනවා)
ඔව් එඩිතර කමත් තැනට සුදුසු නුවණ එක්කම තියෙන්න ඕනේ..
නේද හසි අයියා..?
:)
@ළමයා : ඇත්ත කියමනට කිවුවට ඒක් අමාරුයි.. බොහොම අමාරුයි..
ReplyDeleteකුල මල බලන එක තරම් වැඩක් නැති දෙයක් නෑ තමයි..
අපේ පැත්තේ නම් ඩොකෙක් වුණත් වංශෙ නැත්තම් අකමැති.. ඒත් හිඟන්නෙක් වුණත් වංශෙ තියනවා නම් එළ... ඔන්න තත්වෙ,...
සාමන්‍යෙන් වයසක අයගෙ වැඩේ වංශෙ කබල ගාන එකනේ... අපෙ අත්තම්මානම් දැන් අපි කියලා කියලාම ඒක අඩු කරගෙන...:):)
වෙන දේවල් නැතුවට මිනිස්සු මනින්න...
අච්චාරු කොම්මෙන්ට් එකක් නෙවේ ළමයෝ ඕක තමා ඇත්ත .. හිත එක පැට්තකට කතා කරනවා.. ආයෙත් අනික් පැත්තට යන්න බලනවා.. ඒක ස්වභාවික්යි.
@ Dinesh : හ්ම්... දෙයක් ලෝකෙ ඇති කරන්නේ හොඳ අරමුනකින් වුණත්.. ඒක කොහොමහරි වැරදි පැත්තට යොදා ගන්න පිරිසක් ඒ අතරෙම ඉන්නවා...
ReplyDeleteආගම... ජාතිය... කුල.. මිනිස්සුන්ටත්... තමන් උසස් කියලා හිතා ගන්න අනික් අය පහත් කියලා හිතන්න.. අපි වෙනස් කියලා හිතන්න මොනවාහරි මිණුම් දණ්ඩක් ඕනෙනේ..
@හිස් අහස : ඇත්ත යාළුවා ඔය කරදර විදගෙනත් නොසැලී ඉන්නකොට අන්තිමට එයාලා දිනනවා..
ReplyDeleteමම අඳුරන අක්ක කෙනෙක් ඉන්නවා.. එයාගෙ අම්මයි,අප්පච්චි දෙන්නම doctorsලා.. සල්ලිත් තියනව... එයා දක්ෂයි..
අපේ ඉස්කෝලෙට ආවට පස්සේ අයියා කෙනෙක් එක්ක යාළු වුණා.. ඉතින් මුලින් නම් අක්කගෙ අම්මලා කැමති වුණේම නෑ.. අයියා පලවෙනි සැරේ faculty තේරුණේ නැතත් අක්කා තේරුණා.. අයියා දෙවෙනි සැරේ තේරුණා.. ඒ හැම දේම එක්ක එයාලාගෙ ආදරේ නොසැලී තිබුණා.. අන්තිමට දැන් අක්කගේ අම්මලා හරි කැමතිඒ අයියට.. හොඳ කෙනෙක්..
එහෙම කතාත් ගොඩක් තියනවා.. නොසැලී ඉන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක් වෙයි..
@නිසල් : ඔව් මමත් එහෙම හිතුවා.. ඒත් අපි ලොකු වුනාමත් සමාජයක් හැදෙනවා නේ.. ටික ටික මේ ගැන කතාකරොත් අපිටවත් පුළුවන් වෙයිනේ මේ දේ වෙනස් කරන්න..
ReplyDelete@රත්ගම "පොඩ්ඩා" : අපි ගොඩක් අයගෙ කතා ඉවර වෙන්නේ මෙහෙම තමා.. ඒත් හැම එකම නෙවේ...එහෙම හිතා ගන්න ඕනේ...
ReplyDeleteනෑ යාළුවා.. අපි කියන දේට බිඳක් හෝ සවන් දීලා ආයෙත් මේ පැත්තේ ආවට ගොඩක් පිං..
තාරකා වාසලමුදලි ලියපු"මැටි" කියන පොත කියවලා තියෙනවාද නංගී ? ඒ පොතේ තියෙන්නෙත් මේ වගේ කතාවක් මීටත් වඩා ඔබ්බට ගිහින් ලියලා.
ReplyDeleteඔයාට කියවන්න පුලුවන්කම්ක් තියෙනවානම් හොයාගෙන කීයවන්න. හොඳ අදහස් ටිකක් ගන්න පුලුවන් වෙයි. ඒ වගේමයි එයා ලියපු කළු, දෙහි කියන පොත් දෙකත්
Hasitha අයියා , මම මැටි පොතයි ,කළු පොතයි කියවන්න හොයනවා අයියා.. කොහොමහරි හොයාගෙන කියවනවා අයියා..
ReplyDeleteඒ පොත් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ සරසවි ප්‍රකාශකයෝ. ඒක නිසා අනිවා සරසවි පොත්හලකින් ඒ පොත් ගන්න පුලුවන්
ReplyDelete@Hasitha අයියා : මම එහෙනම් සරසවි එකෙන් ගන්නම්.. ස්තුතියි.!
ReplyDelete