උදේම නැඟිටලා බැලුවම ලස්සන දවසක් නෙත ගැටුනා.ඇහැරුනේ ගොඩක් පරක්කු වෙලා.. නැත්තම් දවස ටිකටික ලස්සන වෙන විදිහත් දකින්න තිබුණා.. එහෙනම් මට තේරෙයි මේ ලස්සන ලබන්න කොච්චර වෙලා යන්න ඇද්ද.. කොච්චර ඉවසන්න වෙන්න ඇද්ද කියලා..
ඇති වෙන්න වැහැලා.. මුලු පලාතම පාළු කරලා.. එක පාරටම ලස්සන දවසක් උදා වෙලා.. ඒ කියන්නේ මේ ලස්සන දවසට පස්සේ ආයිත් එන අඳුරු දවස විද ගන්නත් හිත ලෑස්ති කර ගත යුතුයි..
මීට අවුරුද්දකට විතර කලිනුත් ලස්සන දවසක් උදා වුනා.. මම ඒ දවසේ උදේ ඇඳෙන් නැඟිට්ටේ නෑ.. ඇස් තද කරගෙන හිටියා.. අනේ අළුත් දව්සක් එන්න එපා... මේ හීනයක්ම වෙන්න කියලා හිතුවා.. ඒත් ඉතින් ඇත්තනම් ඒ දවස උදා වෙලා..හරිම ප්‍රබෝධමත් ලස්සන දවසක්.
අයියා හිටියේ කොම්පියුටරේ ලඟ ... මම ඉතින් ඒ කාලේ විනෝදෙටවත් මේ පැත්තේ ආවේ නෑ. අයියා දුන්නේ limited time එකක්නේ.. ඒකයි..!!
මම පුළුවන් තරම් සාමාන්‍ය වෙන්න බැලුවා.. පත්තරයක් බලන්න හිතුනා... මොනවාහරි කරලා ඒ දේඅමතක කරන්න.... කොහොමටවත් බැරි වුණා....
මගේ පරණ phone කට්ට... හෝ ගාලා කෑ ගැහුවා.. "sms එකකට ඔච්චර කෑ ගහන්න ඕනෙද ?" මම හිතුවා... මෙන්න පණිවිඩේ..
"Pry.., ඔන්න results out කරලා.. මට CCS.. "ප්‍රතී...
දැන් ඉතින් හිතේ බය හංඟන්න ඕනේ වුනෙ නෑ..
"අයියා..." මට දැන් ඇඬෙන්න වගේ... මේ තත්පර කීපයවත් සතුටින් ඉන්න ඕනේ නිසා.. මම තාමත් බොහෝම සාමාන්‍යයි..
"මොකෝ.. out කරලද..?" අයියා ඉතින් ප්‍රශ්නයක් අහන්නත් නැති නිසා ඇහුවා...
"හ්ම්..."
දැන් අයියා අන්තර්ජාලෙන් හොයනවා මේ ජංජාලේ ගැන..
එයා මුලින්ම බැලුවා.. ඊට පස්සේ මම...
BCC....................... distric rank 85..........
මම ඇඬුවේ නෑ... මොකද මගේ හිත බලාපොරොත්තුවෙන් හිටියා දෙවනි සැරයක් ගැන.. මම අයියා ගැන සතුටු වුනා.. ගොඩක් සතුටු වුනා එදා අපි හැමෝම.. ආරංචිය ආවේ 7ක් merit කියලා...
අපි හිතුවා අයියා med Faculty යයිම කියලා...
අම්මා ගෙදර ආවා.. මගේ යාලූවෝ ගැන කියද්දී... ඔන්න එතකොට තමා මට දුක දැනෙන්න පටන් ගත්තේ හරියට...
දින සති ගෙවී ගෙන ගියා.. අම්මා හැමවෙලේම යම් යම් දේ කිවුවත්.. අප්පච්චී කිවුවේම නෑ.. හැමදේම දරාගෙන හිටියා..
මම 2සැරයක් කරන්න වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කලේ පලවෙනි සැරේ වින්ද දුක විදින්න අකමැති නිසා..
chem පන්තිය මතක් වෙනකොටත් හීන් දාඩිය දැම්මා.. උදේ 3.30ට නැඟිටලා මාතලෙන් 4.15 බස් එකේ නැඟලා 5.00 ඉඳන් 5.30 වෙනකං card පෝලිමේ ඉදලා සීතලේ .. උදේම paper ලියලා.. දවල් වෙනකොට වහලේ රත්වෙනකොට 3000ක් විතර ඉන්න පන්තියේ අපිරිමිත සැප විඳලා.. රෝස් කරන්න දාපු කුකුල් පැටවු වගේ හෙම්බත් වෙලා.. 1.30ට පන්ති ඇරිලා... අනුරාධපුර බස් එකක නැඟ්ඟහම.. අල්ලගන්න ඕනේ නෑ.. සැමන් pack කරා වගේ තමයි ඉතින්.. මාතලේ ටවුන් එකෙන් බහිද්දී.. කොණ්ඩෙ ස්ථිති විද්ය්‍යුතයෙන් ආරෝපණය වෙලා වගේ... වංගු ගොඩක් තියන පාරේ බස් එක ආපු විදිහට.. බැස්සට පස්සෙත් ටිකක් වෙලා කැරකෙනවා වගේ මුලු ලෝකෙම..
ඒ කට්ට මතක් වුනාම ... මම පැතුවෙම.. මැරෙන එක හොඳයි 2සැරයක් නැතුව කියල..
මට ආයෙත් ඒ පන්තියටම යන්න වුනා.. තවත් මම යන්න බෑම කිවුව පන්තියකට අඬ අඬා යන්න වුනා.. ඒත් පාඩුවක් වුනෙ නෑ.. ගොඩක් දේවල්.. පලමුවතාව වගේ නෙවේ හොඳින් තේරුණා...
ඒත් හැමදාම හිටියේ හිතේ කිසිම සතුටකින් නෙවේ... දවසට එක සිද්ධියක් හරි වුනා.. මට ලෝකෙම එපා වෙන්න..
එක්කෝ යාළුවෝ ගැන අම්මා මොනවාහරි කියයි.. නැත්තම්.. මට නින්ද ගියොත්... එදාට ඉදලා ඉවරයි.. කොහොම කිවුවත් මගේ අම්මලා හරිම පව්.. මම වගේ දුවක් ලබන්න..එච්චරයි..
අවුරුද්දක් ගතවුනා... අදත් හරි ලස්සන දවසක්.. අද හවස අම්මලත් එක්ක ගමනක් යන්නයි ඉන්නේ.. ඒත්............ හිත හරි බයෙන්.. ගොඩාක් සතුටින් ඉන්න එපාලු.. ගොඩාක් දුක් වෙන්න වෙයිලු..
අද හෝ හෙට.. ලඟදීම.. ආයෙත් results එනවා...
ඒදවස කළුවර වෙයිද නැත්තම් ලස්සන වෙයිද මම දන්නෙ නෑ.. හිත හරිම වියවුල්... ඒත් මගෙ හිත මෙහෙමත් කියනවා..
"plan කරන් සතුටින් ඉන්න ජීවිතෙ ඔයාට කවදාවත් ඉඩ දෙන්නෙ නෑ.. දුකක අවදානමත් එක්ක ඔයා ලඟට ජීවිතේ විදින්න අවස්ථාවල් ලැබෙයි.. දුකක් අතලඟ කියලා ඒ අවස්ථාවත් මඟ ඇරගෙන ජීවිතේ විදවනවාට වඩා.. ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තොත්.... එදාට තමයි කියන්න පුළුවන් ඔයා ජීවිතේ විදවන්නේ නැතුව වින්දා කියලා ..."
නැව ගිලුනත් බෑන්ඩ් චූන්..
තව ගිලුනොත් තවත් චූන්...
මම හැමදාම නංගියට කිව්වේ විභාගේ කියන්නේ ජීවිතේ නෙවේ...ඒක අපේ ජීවිතේ තවත් එක් කොටසක් විතරයි.පාස් වුනොත් හොදයි.කැම්පස් යන්න පුළුහන් වුනොත් තවත් හොදයි.
ReplyDeleteමෙඩිකල් ෆැකල්ටි ගිය අය ඕනි කරම් ඉන්නවා ජීවිතය සාර්ථක නොවුණු....ඒ වගේමයි කැම්පස් තියා A/L පාස් නැති අය ඉන්නවා ජීවිතය හුගාක් සාර්ථක කරගත්ත....
මගේ යාළුවෙක්ගේ අයියා කෙනෙක්ට එයා යාළුවෙලා හිටපු පෙමිවතියගේ ගෙදරින් ගොඩක් බලපෑම් ඇතිවුනා ඒ දවස් වල.හේතුව තමයි ඒ අයියට A/Ls නෑ.ඒ අයියගේ පෙම්වතියනම් කැම්පස් ගියා.ඒත් මේ දෙන්නා කොච්චර බාධක ආවත් දෙන්නා එකටම හිටියා.දැන් ඒ අයියා වැඩ කරන්නේ මාස් හොල්ඩින්ග්ස් එකේ ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් විදිහට...ඒ අයියා A/Ls නැතිවුනාට වෙනත් මාර්ගවලින් තමන්ගේ සුදුසුකම් හදාගෙන ඉදිරියට ගියා.දැන් ඉතිං හොද තැනකත් ඉන්නවනේ.ඉතිං අර ගෑණු දැරිවිගේ ගෙදරටම ගිහින් ගෙදර අයගෙන් මේ අයියා ඇහුවලු දැනුත් දුව දෙන්න A/Ls ඕනිද කියලා....ළගදී දෙන්න බැන්දා.හොදම දේ ඒ අයියා පස්සෙයි දන්නේ..ඒ අයියගේ පෙම්වතියගේ ගෙදර අයව කුලප්පු කරලා තියෙන්නේ ඒ ගෑණු දැරිවිට බැල්ම දාගෙන හිටපු මස්සිනා කාරයෙක් තමයි.මිනිහට A/Ls තියෙනවා.ඒත් තාම හරි ජොබ් එකක් නම් නැතිලු....
බය වෙන්න එපා නංගියෝ....ඔයා වාසනාවන්තයි...ඒ වගේමයි දක්ෂයි.මේ බ්ලොග් එක කියවන හැමෝටම ඒක තේරෙනවා.
ඔයාට හිතනවටත් වඩා හොද ප්‍රතිඵලයක් ලැබෙන්න කියලත් ජීවිතය හුගාක් සාර්ථක වෙන්නත් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා, ප්‍රාර්ථනා නංගියාට.
බයවෙන්න එපා...දැන් ඔයා විභාගේ ලියලා ඉවරයි.දැන් ප්‍රතිඵල ආපුවහම සතුටු වෙන්න බලන් ඉන්න...මොකද ඔයා හොදට පාස්නේ....(මම තමයි පේපර් එක බැලුවේ ඔයාගේ....චෝයි අකුරු....)
A/l එකපාරක් කරපු මට දෙවනි පාර කරන එකේ අමාරුව ගැන හිතාගන්න පුලුවන්. result එන දවස ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteබය වෙන්න එපා අලෝ... ඔය දවස ගැන සතුටු වෙන්න පුලුවන් වේවි.. අනික විභාගය නෙවේ නේ මුලු ජීවිතේම.. ඒක එක දෙයක් විතරයි.. මම නම් දෙවෙනි පාර කරන්නෙත් නෑ කියලාමයි හිතාගෙන උන්නේ.. ඒ වුනාට කරන්න වුනා.. කොහොම වුනත් සුබපතනවා.. ඉහලම ප්‍රතිඵල ලැබීලා ඇති.... :D
ReplyDeleteවිභාගේ බයක් කරගන්න එපා . ඒ ගැන දුක් වෙන්නත් එපා . ජීවිතේ දිනන්න තව ඕන තරම් ක්‍රම තියනවා. හැබැයි ඔයාගේ පලවෙනි වතාවේ result දැක්කම , දෙවනිපාර result ගොඩාක් හොඳ වෙන බව නම් මට කියන්න පුලුවන්
ReplyDeleteබය වෙන්න එපා ! ඔයා අනිවා දිනනවා ඔයාට ජය වේවා !!
අනේ යාලුවා දැන් ඉතින් ඔක ගැන දුක් වෙන්නෙ එපා..කොහමත් රිසල්ට්ස් එනවා..එක පාස් වුනා හරි නැතා ජීව්තෙ එතනින් නතර වෙන්නෙ නෑ..මොන දේ වුනත් එක දිගටම ගලාගෙන යනවා :)
ReplyDeleteපාසල් කාලය අපේ සුන්දරම කාලය... එත් ඉතින් විභාග ගැනනම් මොන කතාද... මටත් පලවෙනිපාර BCC..... දෙවෙනි පාරත් මේ දුක විදින්න බෑරි නිසයි තාත්තට කොහොමහරි කියල ඉතාලියට පැන ගත්තේ.....
ReplyDeleteකොහොම උනත් මම හිතනවා අක්කා මේ පාර නම් කැම්පස් යන්න ලකුණු ගනීවි කියලා.... මගෙන් උණුසුම් සුභ පැතුම් අක්කට....
වචන දෙකයි මං ලියන්නේ....
ReplyDeleteජයෙන් ජය....!!!!
මුලින්ම අක්කේ මම ඔයාට ඉහලම ප්‍රතිඵලයකට සුබ පතනවා..
ReplyDeleteඔයා දරපු මහන්සියට ඔයාට උපරිම ප්‍රතිඵල ලැබෙයි!!!!
මමත් මේ සැරේ A/L කලා . ඒත් ලියපු දවසෙම දැනගත්තා හොදටම ඇන ගත්තා කියලා.
මට Exam 1 දෙවෙනි පාර ලියන්න no chance.
ඒ කාලෙ කිසිම දෙයක් serious ගත්තේ නෑ. යාලුවොත් එක්ක පිස්සු කෙලියා.
ඒත් දැන් තේරෙනවා exam 1ක් ලියන්න ඔනෙ කොහොමද කියලා. ජීවිතේ ලියන්න තියෙන අන්තිම විභාගෙ මෙක නෙමේනෙ.
ඔයාගෙ Blog කලාවටත් මම සුබ පතනවා. ඔයාගෙ අදහස් ගොඩක් ලස්සනයි. දිගටම ලියන්න. මේක මම blog 1 කට දාපු පලවෙනි comment 1 වෙන්න ඇති.. (වැරදි එහෙම තියෙනවනම් කියලා දෙන්න..)
@හසි අයියා : අනේ අයියණ්ඩි.. ඔයාද මගේ paperඑක බැලුවේ.. එහෙනම් ඉතින් බයවෙන්න දෙයක් නෑ..:)
ReplyDeleteඔයාගේ වච්න ටිකට ගොඩක් දේවල් කරන්න පුළුවන් වුණා අයියා.. ගොඩාක් පිං.. මට හොඳ යාළුවෙක් වුනට..
ළමයෝ... ඔයාටත් වුණේ මගේ වැඩේමයි එහෙනම්.. අකමැත්තෙන් හිටියාට තිත්ත කසාය බොන්න වුණා නේ.. දැන් නම් අසනීපේ නිට්ටාවටම සුව වෙලා ඇති.. ප්‍රතිඵල ආවම අපි ඒ සතුටට කිරිබතුත් හදමුකෝ..
ReplyDeleteස්තූතියි යාළුවා.. ඔය වචන මට ගොඩක් වටිනවා..
@හිස් අහස : යාළුවා ඔයා නම් මට හිස් අහසක් නෙවේ..තරු පිරුනු,හඳ පායපු අහසක්.. බෝහෝම ස්තූතියි.. කියලා තියෙන හැම දේටම..හොඳේ,..?
ReplyDelete@නිසල් : ඒකත් ඇත්ත.. මගේ හිත ඕක තේරුම් නොගන්න එක තමා මට තියෙන එකම දුක.. (ඇත්තට දුක් තියෙන්නේ එකක්ද,..?:):))
ReplyDelete@Kaniya.info : බොහෝම ස්තූතියි ඔයාගේ ප්‍රාර්ථනාවට මල්ලී..
ReplyDelete@Denesh : හ්ම්.. බොහෝම ස්තූතියි මල්ලී.. ඉතින් ඔයා දැන් ජීවිතේ ගැන සතුටින් කියලා හිතනවා.. එහෙම පතනවා හොඳේ..?
ReplyDelete@චතුර අයියා : බොහොම ඉස්තූතියි අයියා..
ReplyDelete@Tharaka : මල්ලී.. ඔයාගේ ප්‍රාර්ථනාවට බොහොම ස්තූතියි හොඳේ..?
ReplyDelete1 සැරේ ඔහොම තමා මල්ලී.. ඔහොම හිතුවට හොඳට කර්ගෙන ඇති.. !
ඔයාගෙ අදහස් ඉදිරිපත් කිරීමේ කිසිම වැරැද්දක් නෑ මලේ.. ඔයාට බ්ලොග් එකක් නැද්ද..? මම හෙව්වා පේන්න නෑනේ..
නැතෝ.....
ReplyDeleteමට එච්චර අදහස් නෑ කියලයි මගේ හැගීමනම්..
බැරි වැඩ වලට අත නොගහ ඉන්න එක හොඳයි කියල හිතෙනවා.... :D
මුහුණු පොතේ නම් මූණ තියෙනවා....
www.facebook.com/tharakadilshan
nangi samawenna ona man singlish walin comment eka liyanawata..ekatawath wela na mata..nangi dannawane man south korea nisaa mata nidanna tiyenne paya 4ne..paya 14 night..ea nisaa mewa balanna wenne hugak aduwen..eth nagige me sithuwili diha baladdi noliya innath ba..thanikara awanka hadawathin ena saba kathaawak liyala nisaath nagige risult ekata suba pathannath nisaa me ikmanin liyanne..nangige sithuwili ahase paayana hama tharuwakma babalenna wagema oyath hada wage babalenna kiyala prarthana karala oyata suba pathmak thiyanne me liyala thiyena eka gana kiyanna mata wadanin asdeeru nisaA.BS NANGI
ReplyDelete@Tharaka : මල්ලී.. මූනූ පොතේ ඔයාගෙ මූනෙන් භාගයක්.. කාලක්.. අරික් කාලක් විතර තියනව දැක්කා...
ReplyDeleteමුලින් අදහස් කාටත් නැතෝ....
කියවන්න මැස්සෙක්වත් එන්නෙත් නැතෝ..
ඔහොම හිටියොත් කවදාවත් ලියන්න හිතෙන්නෙ නැතෝ..
ඉතින් දැම්ම පටන් ගත්තොත් නරකද මලෝ...?
@Ruwan අයියා : අනේ අයියා වැඩ කන්දක් අස්සේ.. කාලය අල්පයක් තිබුනත් මගේ බ්ලොග් එකේ සටහනක් දාන්න ආවට ඔයාට ගොඩාක් පිං..
ReplyDeleteබොහෝම ස්තූතියි ඔයාගෙ ලස්සන සුභපැතුමට අයියා..
මේ මම? පටන් ගන්න???
ReplyDeleteඅනේ මනදා අක්කේ......
තාම ඒ ගැන කිසිම අදහසක් හිතේ කොනකවත් නෑෑෑෑෑ.......
මට ඔයාලට වගේ කවි සිතුවිලි නැතෝ.
හෝ ගා ගලා ගෙන එන අදහසුත් "නැත" තමා ඉතිං...
එහෙම එකේ මොනවද ලියන්නේ මම?????
Tharaka මල්ලී... හරි පුංචිකාලේ වෙච්ච සිද්ධියකින් පටන් ගන්න.. නැත්ත්ම් ඉස්කෝලේ වුණ සිද්ධියකින් ලියන්න පටන් ගන්න.. එක්කෙනා දෙන්නා comment කරනකොට ඔයාට නිකම්ම ලියන්න හිතෙයි..
ReplyDeleteමටත් දැන් හිතෙනවා හිතේ හිරවෙලා තියෙන ගොඩක් දේවල් කියාගන්න පුලුවන් වෙයි කියලා...
ReplyDeleteකොහොම වුනත් මම දක්ෂ රචකයෙක් නම් නෙමේ. ඔයා කියන් හින්දම මම පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්නම්කෝ...
දැන් වත් තේරුම් ගමුකො නේ යාලුවා..
ReplyDelete@Tharaka : මල්ලී.. සුභ පතනවා ඔයා ලියන්න පටන් ගත්ත එකට..!!!
ReplyDelete@නිසල් : ඔව්.. බලමුකෝ...:)
ReplyDeleteමේ මේ...... මම පටන් ගත්තේ නෑ. පොඩ්ඩක් හිතල බලන්නම් කියල විතරයි කිවුවේ... හොඳද??
ReplyDeleteනංගියෝ අපේ සමාජෙ අද වෙන කොට ළමයින්ව සූදානම් කරන්නේ ජීවත්වෙන්න නෙමේ උගත්තු කරවන්න.ඉස්කෝලෙ යන කාලෙ ළමයෙක්ට පාස් වෙන්න තියෙන්නේ ප්‍රධාන විභාග තුනයි.
ReplyDelete1.5හේ ශිෂ්‍යත්වෙ
2.O/L
3.A/L
නමුත් නිකම් හිතලා බලන්න ඔය විභාග තුන වෙනුවෙන් ළමයි කොච්චර කැපකිරීම් කරනවද කියලා...සෙල්ලමක් කරන්න නෑ,පොතක් කියවන්න නෑ,සිංදුවක් අහන්න නෑ,විනෝද ගමනක් යන්න නෑ,විභාගෙ විභාගෙ විභාගෙ....ඒ කරලා කැම්පස් එකටත් ගියා කියමුකෝ.ඊට පස්සේ එතනින් එළියට එන්නේ පොතේ දැනුමින් සන්නද්ධ වෙච්ච උගතෙක්(බුද්ධිමතෙක් නෙමේ.).ඒගොල්ලෝ ඇන ගන්නේ සමාජෙ ජීවත්වෙන්න ගියාම.අන්න එතකොම හිතනවා අපි අර පාසල් කාලෙ විභාගෙම එල්ලිලා හිටියේ අපරාදෙ කියලා.
හැබැයි ඔය ළමයි අතරෙම ඉන්නවා විභාගෙ කියන අරමුණට වැඩ කරාට ජීවිතේ වින්දනය කරන්නත් අමතක නොකරපු සෙට් එකක් ඒ සෙට් එකෙන් හැමෝම කැම්පස් යන්නේ නෑ.හැබැයි කැම්පස් ගියා නොගියා කියලා වෙනසක් නෑ,අන්තිමට සමාජයේ ඉහලම තැන් වලට ඒ අය ළඟාවෙනවා.ඒ මොකද ඒ අය තුල බුද්ධිමතා කියන චරිතය තමා රඟ දැක්වෙන්නේ....
මමත් ඔය දෙවෙනි වර්ගයට අයත් වෙන කෙනෙක්.ශිෂ්‍යත්වෙ පාස් වෙලා නූවර ප්‍රධානපෙළේ පිරිමි ඉස්කෝලෙකට ආවා.O/L "A" අකුරු 9ක් අරගත්තා.ඉස්කෝලේ යන කාලෙ රටේ නැති වැඩකරපු එකෙක්.මීඩියා,ඇස්ට්‍රෝ,මත් ද්‍රව්‍ය නිවාරණ, Photography,Choir,ELDA.....ඔය හැම කෙහෙල්මලම කලා.(මාව අතුරුදහන් කියලා ගෙදරින් යාළුවන්ට කෝල් දීපු වෙලාවල් තියෙනවා).A/Lකාලේ අපේ පංතියේ ගණිතාචාර්යතුමා මට කීවේ ග්‍රාමසේවක කියලා(මොකද මම පංතියේ නෑ).හැබැයි ඒ හැමදේකින්ම මම සෑහෙන දේවල් ඉගනගත්තා.අද වෙන කොට මට ඕනම පුද්ගලයෙක් එක්ක කතාබහ කරන්න,නායකත්වය ගන්න ඕන තැන්වල ඒවට මූලිකත්වය අරන් වැඩකරන්න,නිවැරදි තීරණ ගන්න හැකියාව ලැබිලා තියෙන්නේ ඔය දේවල් හින්දා.ඒ වගේම තමා ටියුෂන් ක්ලාස් එහෙම කට් කරගත්තේ නෑ.පාඩම් වැඩ අතපසු කරගත්තෙත් නෑ.පාඩම් කරන්නත් වෙලාව හොයාගත්තා.A/Lවලට මාස 3ක් තියෙනකම් ඉස්කෝලෙ ගියා.මග ඇරුණ පාඩම් අහගන්න.(මුළු ඉස්කෝලෙටම 13 වසරෙන් මං විතරයි.)A/Lවලට මාස 3ක් තියෙද්දි තමා මම විභාගෙට කියලා පාඩම් කරන්න පටන් ගත්තේ(මොකද එතකොට ටිකක් රත්වෙලා හිටියේ.)....
අහලා තියෙනවද කැම්පස් පටන් ගන්න සති දෙකකට කලින් කැම්පස් යන්න ලැබෙනවා කියලා දැනගත්ත එකෙක් ගැන.එහෙනම් දැනගන්න මකුළුවා කියන්නේ එහෙම එකෙක්.නංගි මමත් පළවෙනි පාර A/L ලියලා(2008) ප්‍රතිඵල ආවම B x 3යි.මහනුවර දිස්ත්‍රික්කේ 87.ඉංජිනේරු පීඨයට ගන්න ළමයි ගානෙන්(85) එළියෙ.Re-correction දාලා ක්ලාස් යන්න පටන් ගත්තා 2008 පෙබරවාරි ඉදලා.2009 ජූලි 2වෙනිදා cut-off marks ආවා.කැම්පස් යන්න බෑ(හිතාගන්න පුළුවන්නේ කොහොම ඉන්න ඇද්ද කියලා.).3වෙනිදා Re-correction Results ආවා rank එක 77.කැම්පස් යන්න පුළුවන්.ඒ කරලා ජූලි 21 කැම්පස් පටන් ගත්තා.අද මම පේරාදෙණියෙ ඉංජිනේරු පීඨේ ඉගන ගන්නවා.මම මේ වෙද්දී මම ආපු ගමන ගැන සෑහෙන තෘප්තිමත්......
ඒ වගේම මම අර මම අයිති වෙච්ච සෙට් එකක් ගැන කීවේ.අන්න ඒ වර්ගෙන් කැම්පස් ආවෙ බොහොම ටික දෙනයි.සමහරු මේ වෙද්දී රස්සා කරනවා..තවත් සමහරු වෙනත් ආයතන වල,පිටරට කැම්පස් වල ඉගනගන්නවා.හැමකෙනාම කවදාහරි දවසක ඒ ගොල්ලන් යන මාර්ගයේ ඉහලටම යන්න පුළුවන් පාරවල් වලට මේ වෙද්දි බෙදිලා ගිහින් ඉවරයි.අද කැම්පස් එකේ පළවෙනි වර්ගයට අයත් සමහර යාලුවෝ කියනවා අපරාදේ අපි ඉස්කෝලෙ කාලෙ එහෙම වැඩ නොකලේ කියලා.......
ඒ හින්දා නංගියෝ AL කියන්නේ ජීවිතේ නෙමේ.තවත් එක කඩයිමක් විතරයි.ඒක පැන ගත්තොත් සෑහෙන හොඳයි.හැබැයි පැනගත්තේ නැතත් යන්න පුළුවන් තවත් මාර්ග ගොඩාක් තියෙනවා.අධ්‍යාපනය වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කරන්න එපා.ජීවිතේ වෙනුවෙන් අධ්‍යාපනය ලබා ගන්න.බයවෙන්න එපා A අකුරුම ලැබිලා ඇති.සුභ පතනවා.
බුද්ධිමත් කෙනා කොහොමත් ඉහලට යනවා කියන කතාව සම්පූර්ණ ඇත්ත අයියා..ඒ වගේම ඉස්කෝලෙ කාලෙ කරන්න තියන දේවල් නොකලොත් පසුව පසුතැවෙන්න වෙනවා කියන එකත් ඇත්ත..
ReplyDeleteමම 9වසරට එනකම් ගිය පාසල බාහිර ක්‍රියාකාරකම් හැමදේම තිබුන පාසලක්.. ඊට පස්සේ ඇතුලු වුන පාසල හංවඩුගහලා තියෙන්නෙ "පොත්ගුල්ලන්ගේ ඉස්කෝලෙ" විදිහට.වටේ පිටේ තියන ගොඩාක් පාසල් වල යාළුවෝ කිවුවෙත් අපේ පාසලේ ඉන්නේ ආඩම්බරකාරයෝ හා කාරියෝ.. පොත් වලටම එබිලා ඉන්න කියලා.. ඒත් ඉස්කෝලෙ ඇතුලෙ හිටිය අපි විතරඉ දන්නේ අපි මොනවද නොකලේ කියලා..
එකක් ඇත්ත.. අපේ පාසලේ සමාජ එකක්වත් නෑ,අඩුමගානෙ කැන්ටින් එකක්වත් නෑ.. ඒත් අපි හරි සතුටින් හිට්යා.. big match තිබුනා (අපි ඉතින් cheer විතරයි..:)).. කොන්සට් කලා.. ශ්‍රමදාන කලා,දන්සැල් දුන්නා,trip ගියා,උපහාර උලෙලවල් කලා.. ලොකු ලොකු දේවල් කරන්න අපිට වෙලාවක්,අයෝජනයක් තිබුනෙ නැති වුනත් අපි ඇටි තරම් විනෝදෙන් කාලය ගතකරා.. හේ..හේ.. මේවා කියවනකොට හින වෙයි මේ මොන ගොඩේ ඉස්කෝලයක්ද කියලා.. ඒත් අපි ඉගෙනීමත් පුලුවන් විදිහට අමතර ක්‍රියාකාරකමුත් කරා..
පොත් වලම හිටිය යාළුවොත් හොඳ ප්‍රතිඵල අරන් තියනවා.. ඒත් අයියා කිවුවා වගේ පාසල් කාලෙ ඒ විදිහට ගත කරපු අපිට ආයෙ මේ දේවල් අපි කලේ නෑ කියලා දුක් වෙන්න දෙයක් ඉතිරි වෙලා නෑ..
ඒ වගේම මමත් හොදාකාරවම දන්නවා මේ විභාග අපේ අනාගතය මුළුමනින් තීරණය කරන්නෙ නෑ කියලා.ඒක එහෙම විය යුතුයි කියලත් මම විශ්වාස කරනවා..
මම මේ කොමෙන්ටුව දැක්කේ අද අයියා.. කියලා තිබුන දේ කියෙව්ව නිසා.. බොහෝම ස්තුතියි මේ වචන වලට..
ඉන්ජිනේරු ශිෂ්‍යයෙක් වෙලත් වැඩ ගොඩාක් තිබිලත් මකුළු අයියා බ්ලොග් ලියනවා නම් මට ඇයි බැරි කියලා මට දැන් ලැජ්ජා හිතෙනවා. ආයෙත් සැරයක් කියන්න තියෙන්නෙ ස්තූතියි ගොඩාක්..!