Tuesday, April 5, 2011

පලමුවර වැරදී..

සිනා කැන් කැන්දා
දිය කඳුළු අරන් දා
දිසි පැතුම වරද්දා
හද නිති තැවුල් ලද්දා

එකල මේ ලන්දා
මුව මදහසක් රන්දා
නෙත් පොතට වද්දා
දිය කිතු නිතින් ලද්දා

චතුර මුව ලද්දී
කොවුලිය මුව සරින් දී
හද නද ගිගුම් දී
සදිසි පැතුමක් සිතින් ගද්දී

අත වැරදී නොදී
තැත් මුත් පලක් නොලදී
අත වැරදී බිඳී
පැතුම තූ තූ සරින් සිත් රිදී

බිඳුනු මුත් ඇහිදී
ඵල ඉන් නැතැයි දනිද්දී
ගත් සිප් ලෙස නිසී




2010 - 11 - 20.. දෙවනිවර විභාගයට සුදානම් වන අතර..

16 comments:

  1. ඔයගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  2. මමත් ඔයාගේ වැඩ කටයුතු ඔක්කොම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  3. ලස්සන පද ගැලපුමක්. ඔයාගේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා එක සිතින්ම පතනවා !!!!

    ReplyDelete
  4. ලස්සනයි ප්‍රාර්ථනා...සොදුරුයි...

    ReplyDelete
  5. මට මිස් වෙනා තිබ්බ බ්ලොග් එකක්. අදයි අහු උනේ මේක. නිවි හැනහිල්ලේ ප‍රණ පෝස්ට් කියවලා බලන්න ඕන. අත‍රින් පත‍ර එකක් දෙකක් බැලුවා. තියෙනවා අමුතු ගතියක්. අප‍රාදේ හොද නිර්මාණශීලි බ්ලොගයක් මිස් වෙලා තිබිලා තියෙන්නෙ. ආයෙ එන්නම් දිගටම. :D

    ReplyDelete
  6. @ඉෂාර මල්ලී : ස්තූතියි මල්ලී... දෙවනවර නම් කොහොමහරි ගොඩ දාගත්තා..

    ReplyDelete
  7. @බීටා : ස්තූතියි ඹිටා ... :):)..

    ReplyDelete
  8. @මධුරංග අයියා : හි..හී.. බොහොම පරණ නැති වුනත් ටිකක් පරණ පද වැලක්.. 2010 නෙවේ මට හිතෙන්නේ 2009 11 20 තමා මම ඕක ලිවුවේ..

    ReplyDelete
  9. @Dinesh අයියා : ^_^... ස්තුතියි අයියා..

    ReplyDelete
  10. @අනුරාධ සොයුරා : ^_^... මට හරි සතුටක් දැනෙනවා මගේ බ්ලොග් එක ගැන කෙනෙක් ඔහොම කියනකොට... ස්තූතියි කොමෙන්ටුවට අයියා..

    ReplyDelete
  11. ගොඩක් කාලෙකින් ඔයාගෙ කවියක් කියෙව්වෙ ප්‍රර්තනා..ලස්සනයි

    ReplyDelete
  12. @නිසල් : :):).. ඔව් ඔව්.. ලියපු නිසඳැස් නම් බොහොමයි.. ඒත් බ්ලොග් එකේ දැමෙන්නේ අඩුවෙන්..

    ස්තූතියි නිසල්.. :)

    ReplyDelete
  13. ඒකනේ දැන් ළමයා හොඳා............යි :)

    ReplyDelete
  14. @කතා හසී අයියා : ළමයා කවදත් හොඳයි..:):).. දැන් සතුටින්නිස්සර දුකින්..:D

    ReplyDelete
  15. ලියන්න ලියන්න ...... හැම තිස්සෙම බැරි වුනත් පුලුවන් වෙලාවට හරි කියවන්නම්.......

    ReplyDelete
  16. @කල්හාර අයියා : අනිවාර්යෙන්ම ලියනවා.. කියවන්නත් කට්ටිය ඉන්නවා නම්..

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...