"මියෑව්..මියෑව්..."
"අම්මා අන්දර වැට අස්සේ පූස් පැටියෙක් කෑ ගහනවා ඇහෙනවා"
අපේ ගෙදර පූසෙක් සිටී.. එමුත් තවත් පූස් පැටියකු වැඩි නැත.
"අනේ අම්මා අපි ගෙදර ගේමු.."
අපේ ගෙදර අවට ලේන් පැටියෙක්,ගිරා පැටියෙක් ,උකුසු පැටියෙක් ,පූස් පැටියෙක් , බලු පැටියෙක් අසරණව ගැවසෙන වාරයක් ගානේ අම්මට ඔය වැකිය අහන්නට ලැබේ.
"තමන්ගේ වැඩක්වත් තනියෙන් කරගන්ඩ බැරුව තව පූසෝ ගෙදර ගේන්ඩ කතාව.."
එහෙම කිවුවත් අපෙ අම්මගේ හිත වෙඬරු පිඬකි. සටස් ගා උණුවෙන සුළු ය.
"ම්ම්.. එහෙනං ගේන්ඩකෝ.. කිරි ටිකක් වත් හදලා දීලා කාටහරි ගිහින් දෙන්ඩ.."
පූස් පැටවුන් බලු පැටවුන් මෙන් නොව.. බලු පැටවුන් ලේන් පැටවුන් මෙන් නොව ..ලේන් පැටවුන් උකුසු පැටවුන් මෙන් නොව..
පූස් පැටවුන් ඉක්මනින් පැන දුවයි.අල්ලා ගන්න අමාරුයි.බලු පැටවුන්.. සෙනෙහසක් දුටු තැනට ඉක්මනින් එති..ලේන් පැටවුන් ඉතා බියසුළුයි.. උකුසු පැටවුන් ඔය එක ආකාරයක් වත් මෙන නොව.. උන් වෙනස්ම ගති පැවතුම් දක්වයි.
"චූටි පූස්.. මෙහෙට එන්න... කෝ..කෝ... හැංඟෙන්නෙ නැතුව එන්න.. වැස්සකුත් එන්න ළඟයි.. ඔයාට හොඳටම තෙමෙන්න වෙයි.."
මේ දඟ පූස් පැටියා අන්දර වැට අස්සේ එහෙමෙහෙ දුවයි.. ඈතින් ඈතට දුවයි.අල්ලන්න යනකොට අත පහුරුගාන්නට මාන බලයි..
අන්තිමට පුංචි පුළුන් බෝලෙ කොහොමහරි මම අල්ල ගත්තා...
සතර දෙසින් වැහි කළුවර ආ වේලේ
නතර නොකර නුඹ මරහඬ දෙනු ඇසුනේ
අන්දර වැටට නුදුරින් නුඹ සැඟවූයේ
දෙපාවන්ට ඇති බියටැයි මා සිතුවේ
මුදවා කටුරොදින් නුඹ ගෙන මා අතට
පිසදා තෙතබරිත නුඹ සම ලෙස හොඳට
රඳවා තුරුලේම නැති උණුසුම දෙන්ට
පියවා නෙතුපියන් නිදි දූ වෙත යන්ට
තුරුණු නුඹ මවුන් පෙර පෙම් කරන්නැතී
කරුන ලෙසින් නුඹ මෙලොවට එන්න ඇතී
කරුම ලෙසින් නුඹ තිරිසන් වෙන්න ඇතී
කුරිරු ලෙසින් නුඹ මෙහිලා යන්න ඇතී
මව්කිරී නොබී ගවකිරි බී වැඩුනු නුඹ
කැප ආහාර වෙනුවට බත් කැවෙනකොට
හොරෙන් කරවලත් කා පැන දුවනකොට
විස්කෝපයට වැඩියෙන් එයි හිනා මට
කිසිදින තෙත්නොවූ නිල්වන් සුනිල් නෙතූ
කන්දෙක සමඟ ඔසවාගෙන ලෙස අමුතූ
කිමැයි ඇසිමි දැනගන්නට සියල් තතූ
මව මෙන් නුඹත් මෙනි පෙමකට වෙලා නතූ
එහෙම අල්ලන් ආපු පුළුන් බෝලෙ... අද මොකද මේ..???
සතා සිව්පාවා උනත් සෙනෙහස ආදරය කරුණාව කියන ඩ්ජේවල් වලට ලෙන්ගතුයි.වුන්ට උනත් ඒවා හොදටම දැනෙනවා.
ReplyDeleteඅපි ගෙදරත් පූසෝ දෙන්නෙක්ම ඉන්නවා එකෙක් මල්ලිගේ ඌට කියන්නේ කහ පූසා කියලා. ඒ කහපාට හින්දා. මල්ලි හොස්ටල් එකේ ඉන්න දවස්වලට ගේ පැත්ත පලාතෙවත් ඉන්නේ නෑ. මල්ලි ආපු දවසට ගෙයින් එලව ගන්න බෑ.ඒ තරම් ම මල්ලිට එකතුයි.
අනිත් එකා මගේ ඌට කියන්නේ තඩි පූසා කියලා. මං වගේම ඌ මාරම මහතයි. ඕන දෙයක් කාලා ඉන්නවා. මල්ලිගේ එකා වගේ නෙමෙයි ඌ ෆුට් බෝල් කාරයෙක්.
බළල් යුවතී කිව්වාම මම දුවගෙන ආවේ බලන්න :D
ReplyDeleteමට නම් බලල්ලුන් පේන්න බැරි උනේ ලොකු බඩකුත් එක්ක ලේන් අම්ම කෙනෙක් ඔලුවෙන් අල්ලාගෙන ආ දවසේ.. ගොරව ගොරව ඇඳ යටට රින්ගල අන්තිමට ඔලුව නැති කඳ දාල දිවුව. එයින් පස්සේ මගේ බළල් ආදරේ ඇවරයි දැවරයි තුන් ඇවරයි ඔන්න !
ReplyDeleteප්‍රර්තනා හුරතලේට සත්තු කීයක් ඇති කරනවද? :D
ReplyDeleteමම පොඩි කාලෙත් හැම සතෙක්ම ඇති කලා. වැඩියෙන්ම හිටියේ බල්ලොයි, පූසොයි තමයි. එක පාරකට ගෙදර බල්ලෝ දෙතුන් දෙනෙකුයි, පුසෝ දෙතුන් දෙනෙකුයි හිටියා.
ReplyDeleteදෙපාරක් විතර ලේන්නුත් ඇති කරා ගෙදර පූසො නැති කාලවල් වල. උන් නිදහසේ ගේ ඇතුලේ එහෙ මෙහෙ දුව දුව තමයි හිටියේ. ටික කාලයක් ගියාම උන් පවුල් පන්සල් වෙලා ගෙදරට එන්නෙ නැතිවම යන්න ගියා.
පහුගිය 18වෙනිදා හදීසියේ ලංකාවට ආපු වෙලාවෙ වත්තෙ මැරිලා ඉඳලා ලොකු ලේනෙක්ව අපේ මල්ලිට හම්බ වෙලා තිබුනා. පහු වෙනිද ලේන් පැටව් වගයක් කෑගහනවා ඇහිලා මල්ලියි, නෑනයි හොයලා බලනකොට අර මැරිච්ච ලේනිගෙ පැටව් තුන් දෙනෙක් කූඩුවක ඉඳලා හම්බ උනා. උන් තුන් දෙනාම ඇස් ඇරලා.... දැන් අපේ ගෙදර අය උන්ට කිරි දීලා ඇති කරනවා. මට ඉතින් ඉක්මනටම ආපහු එන්න උනු නිසා ලේන් හුරතල් බලන්න බැරි උනා....
අනේ පූසො නම් හරිම ෂෝය් අනේ...
ReplyDeleteඅපේ ගෙදරත් පස් දෙනෙක්ම ඉන්නවා සූටි සූටි අය
අපේ ගෙදරත් ඔහොම තමා හැබැයි ලේන්නුන්ට කුරුල්ලන්ට විතරයි. බල්ලෝ ගේන්න බෑ අර බැරැක් ඔබාමා නිසා. පූසෝ නම් උක්කුන්ට වහකඳුරු. දැක්ක තැන ගසනු ලැබේ.(ඒ එයාගේ ලේනෙක්ව දවසක් කාලා. එදා ඉඳන් පරම හතුරෝ පූසෝ.)
ReplyDeleteඅනික් සත්තු නම් අසරණ අනාත උනාම නොමිලේම මට ලැබෙනවා දන්න කියන අයගෙන්. කොච්චර වුනත් කටවල් වැඩි නෑ ඉතින්. හික්ස්........
එහෙම අල්ලන් ආපු පුළුන් බෝලෙ... අද මොකද මේ කිව්වෙ ඇයි?
ReplyDeleteඅපොයි අපේ පූසාගේ බලාපොරොත්තු.... මේ ඇත්තට මොකද මේ කිවුවේ මොකෝ?
ReplyDelete@මධුරංග අයියා : :):).. පූසෙකුගේ ඔය වගේ ගතිගුණ තියනවා කියලා ඇහුවාමයි අයියා.. සාමාන්‍යෙන් ඔහොම ලෙන්ගතුකමක් තියෙන්නේ බල්ලොන්ගේ මිසක් පූසොන්ගේ නෙවේ.. පූසා ආදරේ ගෙදරටලු නේ.. ඒත් අයියා කිවුවා වගේ සමහර පූසෝ වෙනස් ඇති..
ReplyDeleteඒක නෙවේ අයියා.. අර ඔයාගෙ පූසාට තියන නම වෙන්ස් කරන්ඩ හොඳේ..? .. එයාට ලස්සන නමක් දාන්ඩ..:)
@පූස් අයියා : අයියෝ සොරි !!!... බලාපොරොත්තු බිඳි සිඳි ගියා නේ..??? :):)...
ReplyDelete@Lankapriya : :(:(.. අපේ පූසත් ඔහොම වැඩ ඉදලා ඉදලා කරනවා... එදාට ඊට පස්සෙ දවසට බැන්නට,ගෙට නොගත්තට,ගණන් නොගත්තට... එයත් ඉතින් අපේ එකෙක්නේ කියලා ඊට පස්සෙ කරපු පව් වැඩේ අමතක වෙලා යනවා..
ReplyDeleteඔයා සාධාරණයි සොයුරා..
@නිසල් : දුක තමා නිසල්.. :(:(.. දැන් ඉන්නේ එක්කෙනයි.. පූස් පැටියෙක් විතරයි.. පැටියෙක් කිවුවට දැන් අවුරුදු හයයි.. එයා හරි ආඩම්බරකාරයා.. පණ්ඩිතයි.. හොරගෙඩියෙක්.. කෑමක් කොතනද එයා එතන.. හරිම කපටියෙක්.. :):)
ReplyDeleteඋකුසු පැටියෙක් මම හතර වසරෙදී දවස් 10ක් විතර අපේ ගෙදර හිටියා.. එයාව පූසෙක් තුවාල කරලා තිබුනේ.. ඒ තුවාල වලින්ම එයා මැරුනා..
ලේන් පැටියෙක් මම පහේ ශිෂ්‍යත්වෙට පාඩම් කර කර ඉන්නකොට මේසෙ උඩට වැටුනා.. ඇස් වත් ඇරලා තිබුනේ නෑ.. එයත් පුංචි වැඩි නිසා සතියකින් විතර මගේ අතේදිම නැතිවුනා..:(
ගිරා පැටියෙක් දවසක් අයියා ගෙනාවා.. එයාගෙ යාළුවෙක්ගෙ ගෙදර ලඟ වැටිලා ඉදලා.. ඒ ගිරවත් ටික දවසකින් මැරුනා..
මේ වෙනකොට සුනඛපෝතකයෝ (ඩිංකි , බ්ලැකී ) දෙන්නයි එක සුනඛ ධේනුවකුයි ( ලකී ) අපේ ගෙදර ඉදලා තියනවා.. පිරිමි සත්තු දෙන්නම නැතිවුනේ වාහන වලට හැප්පිලා.. ගෑනුසතා නැතිවුනේ ගොළු පිස්සුව හැදිලා..:'(
පූසෝ නම් ගොඩාක් ඉදලා තියනවා.. ඒත් එක සැරේකට එක්කෙනයි ඉදලා තියෙන්නේ..
දැන් ඉන්න එක්කෙනා හරිම වසයි.. හරියට එයාගේ ස්වාමිදුව (එකම සහ හොඳම මිතුරිය) වගේමයි.. මට හිතෙන්නේ පැටීත් අපේ නංගි වගේම පවුලේ බඩපිස්සා.. එකයි ඒ..:):)
ඔන්න විස්තරේ..
@දුමී අයියා : හරි ෂෝක් නේ අයියා..^_^.. මට හිතාගන්ඩ බැරි එයාලට සාත්තු සප්පායම් කරේ කොහොමද කියලා.. දෙන්නා තුන්දෙනා ඉන්නකොට ලේසි නෑනෙ..
ReplyDeleteලේන්නු නම් තවත් ෂෝක් ඇති.. හරි හරි.. අනික් සැරේ අයියා ගෙදර එනකොට එයාලා පවුල් පන්සලි වෙලා ඉදී.. නේද..?
අපේ ගෙදර කාලයක් මාළු හිටියා.. මාළු පිස්සුව ඉස්සෙල්ලාම ගැහුවේ අයියට..
තව කාලයක් lovebirdsලා හිටියා..
තව කාලෙක ladybird කුරුමිණියොත් ඇතිකරා..:):)
@බීටා : සුටි කාලෙ තමා අනේ එයාලා ෂෝයි ම.. හරිම හුරතල්... පස් දෙනෙක්..??? දෙගටම තියා ගන්නවද..? කාටහරි දෙනවද..?
ReplyDelete@හා පැටික්කි අක්කා : මම දන්නවා අක්කේ ඔයා සත්තුන්ට හරි ආදරේ කියලා.. ඒ වගේ යාළුවෙක් ඉන්න එක කොච්චර දෙයක්ද..
ReplyDeleteමේ.. ඔයාගෙ ඔය අසරණ සත්ව එකතුවේ චුට්ටං හා පැටියෙක් දෙන්නෙක් හෙම නැද්ද.? ^_^
@ඉෂාර මල්ලී : ඇයි කියලත් අහනවා.. එයා පවුල් පන්සල් වීමෙ මුල් අදියරේ නෙ මල්ලී.. එයාල බළල් තරුණයෙක් මුණගැහිලා.. :P:P
ReplyDelete@ලමයා : ඇයි ඇයි හපොයි කියන්නේ... බළල් යුවතියට මීට් වුන බළල් තරුණයා "පූසා" ද කවුද දන්නේ..:D
ReplyDeleteආහ්හා!.... දැන්නේ මගේ සූටි මොලේට තේරුනේ...
ReplyDelete@ඉෂාර මල්ලි : නෑ..නෑ.. මලේ.. ඒ ඔයාගෙ මොලේ හැටි නෙවේ.. මගේ කවි ලිවීමේ නිපුණත්වය..:D
ReplyDeleteසමනලී වගේම සමනලීගේ අයිතිකාරයත් චූටි පූස් පැටවුන්ට හරිම ආසයි....
ReplyDelete@පුන්චි සමනළි : අනේ හරි ෂෝක්..^_^
ReplyDeleteKawda ane danne
ReplyDeleteඇත්තටම ඔයානම් කවි ලියන්න හැබෑම නිපුනයෙක් තමයි. ඒ බව කියන්න මැලි වෙන්න ඕන නෑ. ඔයා භාවිතා කරන ශෛලිය, වචන, කවියේ හැඩය, ඒ හැම එකකම මොකද්දෝ අමුතු ලස්සන බවක් තියෙනවා. ඇත්තටම හැබෑම ලස්සනයි.
ReplyDeleteමාත් පොඩි කාලේ ඇති කලා පොඩි ඇත් පැටියෙක්. සුදුම සුදු පාටයි. පුලුන් බෝලේ වගේ. මේන් දළ දෙකේ දිග. මාර හුරතල්. මම උගේ පිට උඩ නැගලා එහේ මෙහේ යනවා. අම්මෝ පමණක් වෙලාවට හෙන දාන්ගලේ. කන්න ගියාමත් කනවා කෑමක් නැති වෙන්න. හොඩ වැලෙන් වතුර අරගෙන මට විදිනවා. මම ඉතින් නෑවිලා යනවා. අම්මා බනිනවා කොයි වෙලේත් ඌත් එක්කම සෙල්ලම් කර කර ඉන්නවා පඩම් වැඩක් කරන්නෙම නෑ කියලා. ඇයි ඉතින් ඉස්කෝලේ ඇරිලා අපූ වෙලේ ඉදන් ඌත් එක්ක සෙල්ලමනේ. ඒත් බලන්නකො මට ඌත් එක්ක ඔය හැමදෙම කරන්න ලැබුනේ එකම එක දවසයි. ජීවිතේ හැටි ඔහොම තමයි.
එකම හීනේ හැම රෑකම පේන්නෙ නෑනේ. :D:D:D
@ධනුෂ්ක අයියා : මේ නිසදැස අන්තිම අසාර්ථකයි වගේ.. මේකෙන් කියවෙන දේ තේරිලා නෑනෙ..
ReplyDelete@අනුරාධ අයියා : :)... ස්තූතියි අයියා මගේ කවි ගැන කතා කරාට.. මොකද කිවුවොත් මම බ්ලොග් එකට කවි දාන්නෙ දෙපාරක් හිතලා.. කවි කියවන්න අනික් අය ආස නෑ කියලයි මට හිතුනේ..^_^
ReplyDeleteඔහ්..?? ඇත් පැටියෙක්..? සුදු එකෙක්..??? ගොඩාක් සුභ හීනයක් අයියා..:):)
අගය කල යුතු දේ අගය කරන්න ඕනනෙ නංගි. අමුතුවෙන් හිතන්න එපා. කෙනෙක් ලියන හැම වචනයක්ම සුවිශේෂියි. අපිට හැම කෙනෙක්වම සතුටු කරන්න බෑ. ඒත් එක පුද්ගලයෙක් හරි සතුටු වෙනවනම් ඒ ඇති. ඒක නිසා ලියන ඕන කවියක් දාන්න. කවි කියවන අය ඕන තරම් ඉන්නවා.
ReplyDeleteමේ... මේ... ඔයා දැන් සුදු ඇත් පැටියෙක් කිය කිය හිතන හේතුවට නෙවෙයි මම ඒ හීනේ දැක්කෙ හරිද? මන් දැකපු ඇතා සුදු වෙලා තිබ්බෙ අලුත හුණු ගාපු බිත්තියක හේත්තු වෙලා... :D
@අනුරාධ අයියා : :P :P හේ..හේහේහේ... සුදු ඇත්පැටියෙක් හීනෙන් දකින එක එක "හේතුවක්"
ReplyDeleteවිතරක් යැයි තියෙන්නේ... ඒක ගොඩාක් සුභ හීනයක්..:P:P
හො..හෝ.. ඇත්තද..? පිස්සු ඇත්පැටියෙක්..:)
පූසා එහෙමත් නැත්නම් බළලා කියන සතාට මගේ නම් කැමැත්තක් ඇත්තේම නැහැ. බළලා හරි ආත්මාර්ථකාමී සතෙක්ලුනේ. මම නම් කැමති බල්ලන්ට
ReplyDelete@කතා හසී අයියා : මමත් වැඩිපුර ආස බල්ලොන්ට තමයි..:D..
ReplyDeleteඒත් ඉන්න පූස් පැටියා අමතක කරන්නෙ කොහොමද..?
ලස්සන කව් පන්තියක්නෙ......... හොඳ අදහසක්.... පන්සල් ලඟ පාරවල් වල අහිංසක සත්තු දාලා යන මනුස්ස ආත්ම ලබපු තිරිසන්නුන්ට හොඳ පාඩමක්...........
ReplyDelete@කල්හාර අයියා : හ්ම්.. අහිංසක සත්තූ... පව් උන්..!
ReplyDelete