Monday, April 11, 2011

කූඩු වුනොත්..



                                 මිනිස්සු , ගෑනු.. පවුල් ජීවිතේ ගැන මොන මොන කයිකතන්දර කිව්වත් මට නං හිතෙන්නේ කසාද ජීවිතේ හරීම සුන්දර එකක් කියලා.. ඒ මක්කෙයි කියලා වචනෙං වචනේ කියන්ට මට නොතේරුනාට මොකෝ.. ඒක එහෙම තමා..

                                මකුළුස්ස කන්ද පාමුල පොඩි මිටියාවතක යස අගේට ගොම මැටි පිලියං කොරලා අටවලා තියෙන මගේ ගේ පොඩ්ඩ මට මාලිගාවක් ගානයි.මගේ බිරින්දෑ උදේ රැයින් අමදින පොලඅතු රටා මැවුන මිදුල කොනට වෙලා , මිදුල කොනේ බිමට නැමිලා තියෙන පොල් කඳේ ඉඳගෙන මට හිතන්ට දේවල් බෝමයි..

                                මගේ බිරින්දෑ අපේ ගේ පොඩ්ඩට ඇබිත්තං ලේ කැටියෙක් කැන්දං ආ දවසේ ඉදං.. මට රටක් රාජ්‍යක් ලැබුනු ගානයි..


"අප්පොච්චී... අප්පොච්චී... මේං අයියා මට අරියාදු කොරනා.."
ඒ මගෙ පුංචි මැණිකේ..


"කෝ.. මෙහෙට එන්ඩ මයෙ මැණික.. මම කතන්දරයක් කියලා දෙන්ට.."


ඔන්න.. පොඩි කෙලීගෙ මූනෙ ඇඳෙන හිනාව.. අනේ ඇස්වහක් කටවහක් නෑ... කිරිදත් ටික මුතුඇට ගානයි..


"අප්පොච්චී.. නඟාවමයි හුරතල් කොරන්නේ..."
පුතු ඩිංග මුක්කං නහයෙං දොඩයි.


"අනේ ඇත්තට... පුතේ උඹත් නඟා වගේ අප්පොච්චිට හුරතල් වෙන්ටද කල්පනාව... උඹ දැන් ලොකු කොල්ලෙක් නෙව.. මෙහෙ ඇවිත් කොස් ඇට ටික තලන්ට මට උදව් කොරානං.."

"අවුරුදු දහයක් එකොලහක් වුනා කියලා කොහොමෙයි ලොකු කොලුවෙක් වෙන්නේ... එන්ට පුතේ මං උඹලා දෙන්නටම හොඳ රස කතාවක් කියලා දෙන්ට.."

"අප්පච්චී,පුතාලා ,දූලා ඕනෙ දෙයක් කොරගන්ට එහෙනං.."
ඇය මුවට නඟාගත් මදහාසයෙන් යුතුව බොරු අමනාපයක් මවාගෙන ගෙට යයි.


පොඩි දුව සිනා වැලයි
පොඩි පුහුගේ කතා පෙළයි
ප්‍රිය බිරිඳගෙ සෙනෙහෙ වැලයි
මගේ නිවන මගේ පැල්පතයි




                     පැටවු දෙන්නා ඔඩොක්කුවේ කටවල් ආයගෙන කතාවක් කියනකං බලාගෙන ඉන්නා දොහේ මං ආයෙත් කල්පනාවක..

                     කටුමැටි ගාලා වරිච්චි බිත්ති වැහුවට මොකෝ.. අතරින් පතර උදේ ඉර මුදුන් වෙන්ට කලියෙන්.. ගෙබිමේ ඇඳෙන ඇබිත්තං එළි බිංදු හරි අගේ.. හරියට මැටි බිත්තිය මැණික් කැට අල්ලලා ලස්සන කොරා වාගේ..

ගේ වට දඬුවැට..වැට අයිනේ දෙහි දොඩං ගස් ගෙඩි වලිං බර වෙලා.. අනේ වාසනාවන්..!!!

ගෙදර ඉස්තෝප්පු කෑල්ලයි..ගෙබිමයි අවුරුද්ද ලං ලං නිසාද කොහෙද යස අගේට ගොම පිලියං කොරලා..

කටුමැටි ගෑ බිත්ති පුරා
පළිඟු මැණික් එළිය දිලේ
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පියවිලි බුමුතුරුණු වගේ

"අප්පොච්චී... කතාව කෝ..?"
පුංචි කෙලීට ඉවසිල්ලක් නැති ගාණයි.. පැටවු දෙන්නට කතාවක් ගොතන්ට වෙන විත්තිය මගේ කල්පනාවට ආවේ එතකොට...


"ඔන්න පුතේ එකෝමත් එක කාලෙක...."


                                සියදොරිස් මිදුල කොනට වෙලා දරුවන්ට කතන්දරයක් කියලා දෙනට පටන් ගත්තා.. වී මිල ඉහළ පහළ යන ගානට.. කර වටක් ප්‍රශ්න කන්දරාවක මිරිකිලා පණ ඇද්දත්.. පවුල් පන්සල් වුනාට පස්සේ සියදොරිස්ගේ වගේම බබුංගේ ජීවිතේටත් දෙයියෝ බැලූ ගානයි කියලයි ගමේ උදවිය කතාව..

ලබන නමුත් දුක් පීඩා
කූඩු වුනොත් පුංචි පැලේ
අඹුදරුවන් අතරතුරේ
මට නිම්නැති සුවය දැනේ

                            වෙල්යායක් අයිනේ හුරුබුහුටියට පුංචියට ගොඩනඟාගෙන ඉන්න ඔවුන්ගේ ගෙදර හැමවෙලේම පිරිසිදුවට පිළිවෙලට තියාගන්නයි බබුංගේ උත්සාහය.. ගෙදරට ඕනෙ බත සරිකරන අතරේ සියදොරිස් උයන පිහන වෙලාවට බබුංට පොල් ටිකක් ගා දෙයි.. පලා මිටක් සුද්ද කර දෙයි.. පුංචි පැටවු දෙන්නත් හැකි හැකි ආකාරයෙන් උදව්..



මේ පවුල දිහා බලන් ඉන්න ලස්සනයි... දියුණුවෙන හැටි...
ජීවිතේ විදින හැටි...

18 comments:

  1. My compliments for your blog and pictures included,I invite you in my photoblog "photosphera".

    CLICK PHOTOSPHERA

    Greetings from Italy

    Marlow

    ReplyDelete
  2. ඔයා කියන දේවල් ඒ විදියටම මගේ දෙනෙත් ඉස්ස‍රහා මැවිලා පෙනුනා. ඇත්තටම ඕක මාත් ආස සිංදුවක්. අද ඒ සිංදුවේ වීඩියෝ එක බැලුවා වගේ. හ‍රිම අපූරුයි.

    ඒ වගේම ඔන්න සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා ඔයාට වගේම ඔයාගෙ පවුලේ හැමෝටම.....

    ReplyDelete
  3. නියමයි අක්කා... ලස්සනට ලියලා තියනවා...

    ReplyDelete
  4. හරිම ලස්සනයි නංගියේ....

    ReplyDelete
  5. ඒ නියමයි අලෝzz.. මට මැවිලා පෙනුනා මේ කියපු දේවල්...

    ReplyDelete
  6. මාත් හිතන්නේ ඔයා හිතපු විදිහ හරි...

    ReplyDelete
  7. @Ivo Serentha & friends : thnx frnd.. & ur 4toblog s amazing.. ^_^

    ReplyDelete
  8. @අනුරාධ අයියා : ස්තූතියි අයියා..:):)
    ඔයාටත් ඔයාගෙ පවුලේ අයටත් සුභම සුභ නව වසරක් වෙන්න ඕනෙ.. අනාගතයම විදින්න පුළුවන් අනාගතයක් වෙන්න ඕනෙ....!!!

    ReplyDelete
  9. @මාලන් මල්ලි : ස්තූතියි මල්ලි.. ^_^

    ReplyDelete
  10. @දිනේෂ් අයියා : බොහොම ස්තූතියි අයියා..!

    ReplyDelete
  11. @ළමයා : අනේ ළමයෝ.. එකමයි මටත් ඕනෙ වුනේ..

    ReplyDelete
  12. පවුලක් සතුටින් ඉන්න සල්ලි තියෙන්නම ඕන නෑ නංගියෝ......

    ලගකදි බදින්න ඉන්න මමත් පතන්නේ ඔය වගේම සතුටින් ඉන්න පුලුවන් ජීවිතයක් !!!!!

    මේ ලිපිය කියවද්දි ඒ ආසාව වැඩි උනා. ජීවිතය සුන්දරද මෙතරම්.........

    ReplyDelete
  13. @මධුරංග අයියා : සල්ලී ප්‍රධානම සාධකය නෙවේ.. ඒත් අප්‍රධාන සාධකයක්..
    සල්ලි ජීවිතේම නෙවේ කියලා හිතන එක නම් ලොකු දෙයක් අයියා.. මොකද කිවුවොත් සල්ලි වලට කරන්ඩ බැරි දෙයක් නෑ කියලයි හැමෝම හිතන් ඉන්නේ..

    එහෙනම් අයියේ ඔයාට කලින්ම "ජය මංගලම්" කිවුවා එහෙනම්..!!!

    ReplyDelete
  14. @ඉෂාර මල්ලී : ස්තූතියි මල්ලී..^_^

    ReplyDelete
  15. ඇත්තටම ලස්සනට ජීවත් වෙන්න ලොකු ගෙවල් දොරවල් ගොඩක් සල්ලි ඕන නැහැ......... ආදරෙයි තේරුම් ගැනීමයි තියනවා නම් එතන තමා ජීවිතේ තියෙන්නෙ.... ලස්සනට ලියලා තියනවා නංගි..... අපේ තාත්තා බලාපොරොත්තු වුන නොලැබුන ජීවිතේ තමා ඔය සිංදුවෙ තියෙන්නෙ.........

    ReplyDelete
  16. @කල්හාර අයියා : "ථෙරුම් ගැනීම" තියනවා නම් කිසිම ප්‍රශ්නයක් මතුවෙන්නේ නෑ තමා..ඒක ඇත්ත..
    ස්තූතියි අයියා..
    තාත්තට කරන්න බැරිවුන දේ ඔයාට කරන්න පුළුවන්..

    ReplyDelete
  17. අපූරුයි . . හරිම අපූරුයි . . .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අයියා..^_^ ^_^

      Delete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...