විසුළු මුහුණ පැලඳන් සුදු
සම ලෙසිනේ
කළුවන් කළු එ වත වැසුමට
ඇයි සිතුනේ
කුසුමක සුවද පැහැයට එන
බිඟු ලෙසිනේ
මී බී කුසුම හැර යයි ඇයි
නොසිතූයේ
ලෙව් තුල සුපතලව වැජඹීමට
ලොල්ව
විරහව ප්‍රේමෙ මුල් කරගෙන
ගී ගැයුම
පමනක් සිත සිතා දඟලන
පණු සේම
අතරින් මැවී මැවී නැඟෙ නුඹේ
ලෝ දැක්ම
ගඟුලේ කිමිදෙනා මින් කැල
ගැන මෙන්ම
නිල්වන් තුරුමුදුන් ගැන හද
පත්ලෙන්ම
පන්හිඳ තුඩින් රූරා වැටි
පද බෝම
කියවයි මුදු හැඟුම්බර මිනිසෙක්
ගැනම
රූතිරයෙන්ම පමනක් දුටුවද
නුඹව
සෑබෑලොව කිසිත් දින නොඇසුවද
නද
නුඹ බෝ දුර ගොසින් බව මා
ඇසූ සඳ
නෙතඟට ලොකුම ලොකු කඳුළක්
ඉනුවෙ කිම
2009 - 06 - 04 ..බොරු මොකටද මේ පද නම් ඉස්සෙල්ලාම ලියවුනේ පතක තමා.. ඒ කාලේ සිතේ දෑ කුරුටු ගාන්න මට බ්ලොග් පිටුවක් තිබුනේ නෑනෙ..
ලස්සන පද ගැලපුමක්. කතා ලස්සනට ලියන්නා වගේ කවිත් ලියන්න පුලුවන් නේ නංගිට.
ReplyDeleteලංකාවේ ගොඩක් අයත් ඔය දවසේ දුක් උනා.
ලස්ස්නට ලියලා තියනවා අක්කේ............
ReplyDeleteආ කියන්න අමතක උනා බුකියේ මාව යාලුවෙක් විදිහට ඇඩ් කර ගත්තට ස්තූති හොඳේ.......
ඇත්තම තමයි ලගක ඉදන් නොදැක්කා උනත් එක පාරටම ඔය ආරංචිය ආවම හිතට මොනාද වෙලා ගියා... අකල් මරණයක්..
ReplyDeleteමම නම් ආස මුලින් හිටිය මයිකල් ජැක්සන්ට.. ලස්සනයි ප්‍රාර්ථනා කවි ටික..
ReplyDelete@මධුරංග අයියා : විභාග ආතතියත් එක්ක ලියවුනේ නා නා විද නිසඳැස් අයියා.. එයින් එකක් තමා ඔය..
ReplyDelete^_^ ලස්සන කොමෙන්ටුවට ස්තූතියි අයියා..
කෙසේ වෙතත් මයිකල් ජැක්සන්ව තාමත් මිනිස්සු විකුනන් කනවා..:(
@බීටා : ස්තූතියි මල්ලි..^_^
ReplyDeleteඅහ්... බ්ලොග් මිතුරෙක් බුකියේ හමුවීමම සතුටක්..!
@නිම්ශා නඟා : හ්ම්.. මටත් ගොඩාක් දුක හිතුනා.. ඒත් මම මයිකල් ජැක්සන්ගේ හොඳ fan කෙනෙක් නෙවේ..
ReplyDelete@දිනේෂ් අයියා : ස්තූතියි අයියා..:)..
ReplyDeleteමයිකල් ජැක්සන් හිටියා නම්........
ReplyDelete@කතා හසී අයියා : එයා පුළුවන් තරම් දේවල් ලෝකෙට ඉදිරිපත් කරලනෙ නැතිවුනේ..
ReplyDeleteලස්සනට ලියලා තියනවා.........
ReplyDelete@කල්හාර අයියා : ස්තූතියි..!
ReplyDelete