මං ඉපදුනේ වැව්බැඳි රාජ්‍යයේ.. ඔන්න ඉතින් ඒ නිසාම මගේ නම "රුවන්මාලි" වුනා.මම ඒ නමට හරීම ආසයි. ම්ම්.. ඇයි දන්නෙ නෑ.
අනුරාධපුරේ ඉපදිලා එහෙ අවුරුදු දෙකක් තුනක් ඉදලා ඊට පස්සේ ආවේ ගල්කිරියාගමට.ගල්කිරියාගම තියෙන්නේ දඹුල්ලෙනේ.ඉතින් මට හොඳටම මතක බාලකාලේ එහෙ තමා ගත කලේ.අපි හිටියේ වෙදනිලනිවාස වල. ඒ නිලනිවස ඉස්සරහා ලොකූ මිදුලක් තිබුනා.අයියායි මායි උදේ ඉඳන් හවස්වෙනකම්ම ඉතින් එක එක පිස්සු වැඩ ගොඩයි. නිවාඩු දවස්වලට අප්පච්චි ,අපි දෙන්නයි ළඟ පාත තිබුන වෙල්යායකට යනවා දං කඩන්න.මට තාමත් මතක් වෙනකොට පුදුම සතුටක් දැනෙන්නේ.වියපු තොප්පි දෙකකුත් දාගෙන නිවාඩු දවස් පුරා අපි වෙලේ නටනවා.හවස්වෙලා ගෙදර එනකොට අම්මා මොනවාහරි රස බීමක් හදලා තියනවා.අනුරාධපුර පැත්ත කට්ට රස්නෙයි තමා.ඒත් ඒ වියලි හුළඟ , ප්‍රබෝධමත් හිරුකිරණ මට නම් හිතෙන්නේ "මා බාල කාලේ" තවත් උණුසුම් විනෝදමත් එකක් කරා කියලා.
හැම සති අන්තයකම උඩමළුවට ගිහින් ,රුවන්වැලි සෑය ලඟ රෑබෝ වෙනකම් ඉදලා ආව ඒ කාලෙට මම පුදුම ආසයි,ආදරෙයි.
ඒ හැමදේම දාලා අවුරුදු හතරක් පහක් වෙනකොට මාතලේට ආවනේ.මෙහෙ නම් ආවේ පදිංචියටමයි.ඉතින් ඒ ඇවිත් අවුරුද්දක් විතර හිටියේ,අත්තම්මලා එක්ක... අම්මලාගේ මගගෙදර ,වාලවෙල අළුත්ගම.. ඒත් මාතලේම තමා. අපේ ලොකුඅත්තා හොඳ වෙදමහත්තයෙක්... "අත්තරගම වෙදමහත්තයා" කිවුවම කවුරුත් දන්නවා.ඒත් ඒ වෙදකම ලොකුඅත්තගෙන් පස්සේ ඉදිරියට අරං යන්න කෙනෙක් නොහිටපු එක නම් ලොකු දුකක්... අම්මලා ඉස්කෝලෙ ගියාම අයියත් එක්ක, මම අත්තම්මටයි ලොකුඅත්තටයි හොඳ මලකඩකාපු ඇනට් එකක් වෙන්න ඇති. අත්තම්මා මාව ඒ මුළු වත්ත පුරාම එක්ක යනවා.ඒ වත්තේ නැති දෙයක් නෑ.. පළතුරුද, එළවළු ද , ඔසු වර්ගද.. මොනවද නොතිබුනේ.හැබැයි ඉතින් වත්තේ ඇවිදලා ගෙදරට ගොඩ වෙනකොට අනිවාර්යෙන් කූඩැල්ලෙක් දෙන්නෙක් ඇඟිළිපුරුක් අස්සෙ ඉන්නවා මයි... :-\
ඒ පැත්තට හැමදාම මන්දාරම... මාතලේ නේ.වැස්ස වැස්ස ඉවරයක් නෑ... අනුරාධපුරේ ප්‍රබෝධමත් ඉරඑළියෙන් සතුටට පත්වෙලා හිටිය මං මාතලේ මන්දාරම් අහස දිහා ගොඩාක් දුකෙන් බලන් ඉන්න ඇති.
කොහොමින් කොහොමහරි අපි අන්තිමට හුලංගමුව අපේ වාසභවනට ආවනේ අන්තිමටම... හොඳ වෙලාවට.... හොඳම වෙලාවට අපේ ගෙදරට එහාපැත්තේ කුඹුරක්..:):)...
ඉස්සර අවුරුද්ද ලං වුනාම අපි හයදෙනා(ලොකු අයියා,චූටි අයියා ,අපේ අයියා ,මම,ලොකු නංඟා , මගෙ නංඟා) කුඹුරෙමයි. හොඳට මඩනාඟෙන ගෙදර එනකොට අම්මගෙ රතුකට්ට පැනලා..:):)... ඒ කාලෙ කොහොමත් හවස්වෙනකොට ගෙදරට ගොඩවෙන්නේ කලවැද්දෝ වගේ තමා...
මම පහ වසරෙදී අපේ ප්‍රියතම ක්‍රීඩාව තමා රොබින්හුඩ්... කොළඅතු වලින් මාල හදාගෙන ,දුනු ඊතල හදාගෙන කොලරොඩු වලින් පුංචි ගිනිගොඩවල් ගහගෙන නටලා නටලා ගෙදර එනකොට හොඳටම ගස්ගඳ... ඒකට හරියන්න ටිකක් ලොකු වත්තක් ගේ ළඟ තිබුන නිසා හොඳට ගියා වැඩේ..
අපේ අම්මා ඉතින් අපිව හෝදලා හෝදලා යාන්තම් මිනිස් ලමයි ගානට අපුල්ලලා ගන්නවා.. :P:P.. වැඩක් නෑ.. ඊලඟ දවසෙත් ඔහොමමයි...
ශිෂ්‍යත්වෙ නොතියෙන්න තව ගොඩාක් පිස්සුවැඩ කරන්න තිබුනා.. කෝ ඉතින් ඒකට ඉඩක් තිබුනේ නෑ නේ..
ඉස්සර නිවාඩුදවස් වලට අපි ඇහැරෙන්නේ අප්පච්චි නැඟිට්ටනකොට.. කොහොමත් පක්ශාත්භාගයට අව්ව වැටෙනකම් ඒ කාලේ නිදාගත්තා.. ඉතින් ඊට පස්සේ උදේ දහය එකොළහ වෙනකම්.. කෑ ගහ ගහ ඉන්නවා.. අප්පච්චී, අපි හතර දෙනයි.... හවසට බැල්කනියට වෙලා රෑ නවය විතර වනකම්ම සිංදු කියනවා.. හ්ම්.. ඒ කාලේ ආයේ එන්නෙම නෑ නේ..:)
ටික ටික ලොකු වෙනකොට ,විභාග වලින් බෙල්ල හිරවෙනකොට, ඒ ඔක්කොම නැති වෙලා ගියා.ගිය අවුරුද්දේ විදපු දුකේ තරම මතක් වෙන්නේ එතකොට තමා. අම්මලා අප්පච්චිලා එක්ක කතා කර කර ඉන්න වෙලාවක් නෑ.. සිංදුවක් අහන්න වෙලාවක් නෑ.. පොතටම ඔළුව බරකරගෙන , ඉස්සාට තියන චරපාද ගාණයි,ප්ලව පාද ගාණයි ගැණ ගැණ , බස් එකකට දුවගෙන ගිහින් නඟින මිනිහෙක්ට බස් එකට සාපේක්ෂව තියෙන්න ඕනෙ වේගෙ හොය හොයා , ලවෝෂියර්ද හරි,නැත්තම් ප්‍රවුෂ්ට් ද කිය කියා හොය හොය... විඳපු දුක නම් හොඳටම ඇති... ඒත් අනේ මන්දා ඒ ඉගෙනූම තුලත් අන්තිමට වින්දනයක් තිබුනද මංදා..
කොහොමත් දෙවනිපාර විභාගෙ කරන්න ලංවෙනකොට මට ජීවිතේ ගැන වෙනස් අවබෝධයක් ආවා.හිත හරිම සැහැල්ලු වුනා. ඒකෙත් හැටි..:):)
මම ටිකක් ආපහු මම මෙතෙක් ගතකරපු ජීවිතෙ ගැන හිතලා බැලුවා.එහෙම බැලුවාම පසුගිය අවුරුද්දේ ටිකක් දුකෙන්ම කාලය ගතවුනත් ඉතිරි අවුරුදු 19ම හරිම සතුටුදායකයි.. ඉදිරි ආනාගතය ගතකරපු ජීවිතේට වඩා සිය ගුණයක් වෙහෙසකර වුනත් මට පුළුවන් නම් සතුටින් ඉන්න...
අනේ කරුණාකරලා සතුට මං ලඟම ඉන්න... මාව දාලා නොයන්න... :):)
මේ ලිපිය ලියවගෙන යනකොට හිතෙන්නේ ඔයාගේ බාල කාලේ ගොඩක් සුන්දර එකක් වෙන්න ඇති කියලා.
ReplyDeleteඒත් අපට කවදාවත්ම ආයේ බාල කාලෙට යන්න බෑ නේ. ඒක මතක් වෙද්දි දුක තමා....
අන්න හරි නංගි ජීවිතයේ සතුටට අපිව දාලා යන්න දෙන්න එපා. බැදලා හරි තියාගන්න !!!!
මාත් කියන්නේ හැමදාම සතුට ඔයා ගාව ඉන්න කියලා...
ReplyDelete:) අලෝ,,,රුවන්මාලි...
ReplyDeleteදැන් ඉතින් සතුටු ඇති නේ..අවුරුදු තුනක් තිස්සේ කට්ට කාපුවට දොස්තර කෙන්කෙ වෙන්න ඇහැකි නේ,,,
ඔන්න් අපි ආවොත් නීකන් බෙහෙත් දෙන්න ඕන හොදේ...
චැනල් කරන්න බෑ,,,,
පැනඩෝල් පෙති දෙකක් හරි නිකන් දෙන්න ඕනා
(සිතිවිල්ලක් - අම්මෝ...යන්තම් නිකන් බෙහෙත් ටිකක් ගන්න වැඩෙත් හරි ගියා..තව කෙනෙක් හොයා ගෙන බැන්කුවේ වැඩ ටිකත් ගොඩ දාගන්න ඕනා..)
ප.ලි - ෆොටෝ ටික නම් එල කිරි...මගේ එව්ව එකක් වත් නෑ..සුනාමි ප්‍රශ්න නේ...එකම එක ඇල්බම් එකක ෆොටෝ දෙකක් විතරක් තිබිලා හම්බුනා,,,ඒකත් පුස් කාලා...
ReplyDeleteඉතින් අනුන්ගේ පොඩි කාලේ බල බල මම ඉන්නවා :)
ඔයත් පොඩි කාලෙ හිටියෙ අනුරාධපුරේද? මගෙ ගමත් අනුරාධපුරේ. අනුරාධපුර නගරෙනුත් ටිකක් ඇත.ඔයාගෙ පොඩි කාලේ ගෑන කියවද්දි මටත් මගෙ පොඩි කාලෙ මතක් උනා. ඒවගේ නිදහසක් දෑන් කාලෙ ළමයින්ට නෑ.
ReplyDeleteඔයාගෙ පොඩි කාලෙ ගැන කියවද්දිත් හරිම සතුටුයි ප්‍රර්තනා.. අපි ඉතින් මේ කොන්ක්‍රිට් පොලවෙ හැදිලා ඔය වගෙ ලමා කාල නැ නෙ :(
ReplyDeleteමගේ නම් ලමා කාලෙ ගැන සතුටු වෙන්න තරම් දෙයක් මතක් වෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට තනියමම තමයි. සතුටකින් හිටියනම් ඒ යාළුවො කට්ටියක් එක්ක පිස්සු කෙළපු වෙලාවක තමයි..
ReplyDeleteඒ නැතිවෙච්ච සතුට මම කොහොම හරි ලබාගන්නවා.
මොන දේ තිබ්බත් සතුටක් තිබ්බෙ නැත්නම් වැඩක් නෑ.
ඔයාගෙ සතුට ඔයා ලඟම තියෙයි අක්කේ..
ලස්සනයි ෆොටෝ ටික.. මම ඉපදුනෙ ගාල්ලෙ.. හැදුනෙ කොළඹ.. දැන් ඉන්නෙ ඉතාලියේ..
ReplyDeleteජීවිතය ගලා ගිය හැටි හරිම සුන්දරයි.. දැන් ජීවිතේ තියෙන තැන ගැන සතුටුයි වගේම පුන්ච් කඳුළකුත් තියෙනවා..
අද අපි ගන්න හැම පියවරක්ම අපේ අනාගත්ය වෙනුවෙන්නේ.. ඒ නිසා ප්‍රාථනාගේ අනාගතය සුභ වෙන්න කියලා මම පතනවා...:)
@මධුරංග අයියා : ඔව් අයියා සතුටින් මතක් කරන්න පුළුවන් බාල කාලයක් මට තිබුනා.. ඒ වගේම මම දන්නවා ඔය වගේම ආසාවෙන් මතක් කරන්න පුළුවන් වෙන තරුණකාලෙකුත් ගොඩ නැඟෙමින් තියනවා කියලා.. හැමදේම හොඳින් සිද්ධවෙයි කියලා මට හිතෙනවා..:)
ReplyDelete@ඉෂාර මල්ලී : ස්තූතියි හොඳේ..? ඔයාටත් එසේම වේවා..!!!
ReplyDelete@රත්ගමස් : හලෝ මිස්ටර්... මම ප්‍රාර්ථනා.. මතක නෑ වගේ..:P:P
ReplyDeleteහා...හා... ශානිටත් වැඩක් භාරදෙන්න වගේ ලෑස්තිය..:)
හ්ම්.. ෆොටෝ නැතුවට මොකෝ.. සුන්දර බාල කාලයක් ගැන මතක සටහන් ඔයා ළඟ ඉතුරුවෙලා ඇති නේ..:).. දුක් වෙන්න එපා..
@නදී : හ්ම්.. මම තාමත් නිවාඩුවක් ආවම ආස අනුරාධපුරේ යන්න.. trip එකක් ගියත් ආස එහෙ යන්න.. ඒත් අපේ පවුල්වල කවුරුත් trip වලට එහෙ යන්න නම් කැමති නෑ..:):).. රස්නෙයි නේ.. ඒත් අපෙ අප්පච්චි වැඩ කරන්නෙ කැකිරාවේ නිසා මාස දෙක තුනකට සැරයක් වත් එහෙ යනවා..
ReplyDeleteවිභාගයකට ලියන්න කලින් වුනත් මට උඩමළු යන්නම ඕනෙ.. හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ එහෙ ගියාම.. කියලා නිම කරන්න බෑ..^_^
@නිසල් : හ්ම්.. ඒ නැතිවෙච්ච බාලකාලෙට හරියන්න ලස්සන තරුණ කාලයක් ඔයාට ලැබෙයි.. ඔන්න බලන්ඩකෝ..:):)
ReplyDelete@තාරක මල්ලී : අන්න හරි..එහෙම හිතන්ඩ.. ඒ සතුට කොහොමහරි ලබාගන්නවා කියලා.. සමහරවිට ඔයාට නොදැනුනාට ඒ සතුට දැන් වුනත් ඔයා ලඟ ඇති.. වැඩිය වටිනාකමක් දැනෙන්නෙ නැතුව ඇති..:)
ReplyDelete@දිනේෂ් අයියා : හ්ම්.. සතුටත් එක්ක පුංචි හෝ දුකක් අපේ හිතේ ඉතිරි වෙනවාමයි.. ඉතින් ඒ ගැන හිත හිත තැවෙන්නේ නැතුව ජීවිතේ විදින එක තමා ලොකුම දේ.. ඒ දේට මම ඔයාට සුභ පතනවා අයියා..:)
ReplyDeleteසතුට හැමදේකම තියෙනවා නංගී...අපි හිතන විදිහේ,අපි කරන වැඩ වල,අපි ජීවත් වෙන විදිහේ....ප්‍රශ්නේ තියෙන්නේ අපි සතුට අමතක කරලා ඒ දේවල් සමග සංයෝජනය වෙන එක....ජීවිතයේ සෑම (මෙතෙක් අර්ථ දක්වලා නැති)මොහොතක් තුලම සතුටින් ඉන්න බලන්න..කවදාවත් සතුට අපිව දාල යන්නේ නෑ....
ReplyDeleteඔව් මකුළු අයියා,සතුට හැම තැනම... අපි හරියට ඒ දේ අඳුනගන්නෙ නැති එක තමා දුක..
ReplyDeleteඅනුරාධපුරේ මමත් ආසම පැත්තක් තමා. ඒත් වතුර කිවුල් එක තමා මට අල්ලන්නේම නැත්තේ.
ReplyDeleteඉතින් මේ ළඟදී මට මම ශිෂ්‍යත්වේ ලියනකම් ගිය ඉස්කෝලේ යාළුවෙක් හම්බුණා අවුරුදු 15 කට විතර පස්සේ. ඒ කියන්නේ 1999 පස්සේ මට එයාව හම්බුණේම නැහැ. අපි ඉතින් බස් එකෙනෙ බහින කම් කියෝ කියෝ ආවේ පරණ කාලේ ගැනැ. අපේ පොඩි කාලේ ඒ තරමටම සුන්දරයි......
මේ ගැන පෝස්ට් එකකුත් ලියන්න ඉන්නවා බලමුකෝ
@කතා හසී අයියා : අනේ ලියන්ඩ.. මම අනුරාධපුරේට මෙච්චර ආස ඇයි කියලා මට තේරෙන්නෙ නෑ,,:\
ReplyDeleteබැලුවාම ගමේ කෙල්ලෙක්නෙ........ ඕනම කෙනෙක් ජීවිතේ වැඩියෙන්ම කැමති ලමා කාලෙට තමා...... මොකද කිසිම බරක්පතලක් නැහැ.... හැම තිස්සෙම සතුට කියන දේ ලඟ තියනවා.....
ReplyDelete@කල්හාර අයියා : ඔව්..ඔව්.. මම කේතලේ මල්ලක්.ඒ වගේම ගමේ කෙල්ලක්..
ReplyDeleteහ්ම්.. මා බාල කාලේ නම් හරිම සුන්දරයි..හැමෝගෙම වගේ..