අපේ අයියව එයාපෝට් එකට ඇරලවන්න කොළඹ ගිහින් එන අතර මඟ,හරියටම කිවුවොත්අර ප්‍රනාන්දු පුල්ලේ ඇමතිතුමා අභාවප්‍රාප්ත වුන ප්‍රදේශය ලඟදී, අප්පච්චිගේ බැච්මේට් කෙනෙක්ගේ ගෙදර යන්න ඕනෙ කියලා යෝජනාවක් අප්පච්චි ගෙනාවා.අම්මා ඒ යෝජනාව ස්ථිර කරාට පස්සේ අපි එතන හන්දියෙන් වාහනේ හරවගෙන මේ යාළුවාගෙ ගෙදර හොයාගෙන ගියා.
අප්පච්චිගේ යාළුවාගේ නම තමා ප්‍රින්සි.අපි හිතුවේ අන්කල් කෙනෙක් කියලා.. නෑනේ... බලනකොට ආන්ටි කෙනෙක්.. ප්‍රින්සි ඇන්ටි,අපි එයාලගෙ ගෙදර ලඟට එනකොට හොයාගන්න බැරිවෙයි කියලා ගේට්ටුව ලඟටත් ඇවිත්..හරිම සිනාමුසු මුහුණින්..(අපි යන්න කලින් එයාලට කෝල් එකක් දුන්නා..)
ප්‍රින්සි ආන්ටිගේ සැමියගේ නම තමා සනත්. ඔන්න සනත් අන්කලුයි,ප්‍රින්සි ඇන්ටි විතරයි ගෙදර.ඒ ඇයි කිවුවොත් එයාලට බබාලා නෑ.ප්‍රින්සි ආන්ටි තලෙලුයි..හරිම ප්‍රසන්න පෙනුමයි.ඒ වගේම හරි කටකාරයි.සනත් අන්කල් සුදුයි,නිශ්ශබ්දයි.දෙවි පිහිටෙන් දෙන්නම හොඳ සතුටින්,.ඒත් ආන්ටිගේ පුන්චි අසනීප ගතියක් තිබුනා,කතා කරනකොට හරි වෙහෙසයි වගේ...
එදා උදේ අසනීප ගතිය නිසා ආන්ටි උදේම නැඟිටලා නෑ.. අන්කල් තමා උදේ තේ එක හදලා තියෙන්නේ... අන්කල්ට දියවැඩියාව...:)..
ඉතින් ඇන්ටි මෙහෙම කිවුවා..
"අද උදේ ඉතින් මට ටිකක් අසනීප ගතියක් තිබුන නිසා සනා තමයි bed tea හැදුවේ..
ඔන්න ඉතින් තේ එක හදන්න ටිකක් පරක්කු නිසා මම කුස්සියට ගියා.. ඒ වෙනකොට තේ හදලා.. මම තේක අරන් බොන ගමන්.. ඉල්ලන් සනාගේ තේක ටිකක් බීලා බැලුවා...
ඔයාට කියන්න චන්දන.....මෙයාගෙ තෙ එක මී පැනී වගේ..."
ඔන්න එතකොට අපේ අම්මා.
"ඔවා කියලා වැඩක් නෑ ප්‍රින්සි,චන්දනත් ඔහොමයි... පැණි රස කන්න පුදුම කෑදරකමක් තියෙන්නේ,..."
අම්මගෙ වැඩේ අප්පච්චිගෙ කාඩ් කුඩු කරල එකමයි..හී..!!
"ඒකනේ යමුනා.. අපි මෙයාලට ඒ දේවල් කියන්නේ ආදරේට කියලා තේරෙන්නෙ නෑ නේ.. ඉතිං මම ඕනෙ දෙයක් කරගන්න කියලා කරබගෙන හිටියා.."
"ආදරේ නෙවේ කෑදරේ... අර හරකුන්ට පුන්නක්කු දිදී තව ටිකක් කල් වැඩිපුර ජීවත් වෙයං වස්සෝ...තව උඹෙන් වැඩ ගන්න තියනවා කියනවා වගේ... කුරක්කන් රොටී කව කවා අපිව තියා ගන්ඩ හදන්නේ.."
අපේ අප්පච්චිට ඕනෑ ඕනෙ දෙයක් විහිළුවට හරවන්නටයි.
"චන්දන නං ෆැකල්ටි හිටියා වගේ මයි කට.. තාම වෙනස් වෙලා නෑනෙ යමුණා.."
ප්‍රින්සි ආන්ටිට හිනා..:)
සනත් අන්කල් කලේ හිනා වෙලා නිහඬව ඉන්න එක විතරයි.
එයාලා අළුත් ගේ පොඩ්ඩ්ක් අරන් තිබුනා,හරිම පියකරුයි... මැද මිදුලකුත් තිබුනා..පුන්චි දියඇල්ලක් ගලාගෙන එන විදිහට හැදුව....
ගේ ඉස්සරහා මල් වවලා.. හරි ලස්සනයි. ඒ මල් වවන්නෙත් ප්‍රින්සි ඇන්ටි ලු.. හරි ෂෝක් පවුලක්..මම එයාලගෙ සතුට හැමදාම රැඳෙන්න ඕනෙ කියලා ප්‍රාර්ථනා කලා හිතෙන.
අපිට දවල්ට කන්නත් ඉන්ඩ කිවුවා.. ඒත් ඇන්ටිටත් මහන්සි වගේ නිසයි ,ගෙදර එන්න ගොඩාක් වෙලා යන නිසයි..(අපේ ලොකුඅත්තයි අත්තම්මයි ගෙදර තනියෙන් නේ..) අපි එහෙන් පිටත් වුනා...ඉක්මනින්.
මඟ එන ගමන් අපිට කතා කරන්න දේවල් ගොඩායි..
"අප්පච්චි සනත් අන්කල් මොනවද කරන්නේ..?"
මටත් ඕනැ නැති දෙයක් නැත.
"නෝ ජොබ්... "
"අහ්..?? ඇන්ටි ඩොක්ට ,අන්කල් නෝ ජොබ්.. මාර කපල් එකක් නේ.. අනේ හරිම ෂෝක්.. ආන්ටි අන්කල්ට ගොඩාක් ආදරේ පාටයි.."
"ඔව්..ඔව්.. කතා කරන්නෙත් සනා බබා කියලනේ.."
ඒ අම්මා..
අපෙ අම්මට ජෙලස් ඇති.. එදා ඉදන් අපෙ අම්මා අප්පච්චිටත් බබා..බබා.. කියන්නෙ ඔය නිසා වෙන්න ඇති... අප්පච්චි නම් කියන්නෙ අම්මා "බබා" කියනකොට හීන් දාඩිය දානවා කියලා.. මොකද ඒ බටර් වලින් අප්පච්චිගෙ පොකට් එකට එක සැරේට සෑහෙන්ඩ තට්ටු වෙනවා..:):)
"ඔව්..ඔව්.. ඉස්සර ප්‍රින්සි ඉස්කෝලෙ යනකාලේ එයාලා ඉදලා තියෙන්නේ කැකිරාවේ.. සනත් ඒ ගෙදර බෝඩින් වෙලා ඉදලා,සනත් බෞද්ධ,ගර්ලි ක්‍රිස්තියානි..( මේ දත්ත නම් මට හරියට මතක නෑ,,:\) ඉතින් ප්‍රින්සි සනත් එක්ක යාළු වෙලා... ඒ කාලේ ප්‍රින්සි ගොඩාක් ස්පෝර්ට්ස් එහෙමත් කරපු කෙනෙක්.. ඒත්
A/L කාලෙ තමා දැනගෙන තියෙන්නේ...
එයා 'හෝල් ඉන් ද හාට්' කියලා"
"ඇත්තද මෙයා..?"
අම්මට අප්පච්චි ඔය කතාව කී සැරයක් නම් කියලා ඇද්ද..? ඒත් මැදට පනිනවනේ..:)
"ඔව්... ඒත් එයාලගෙ affair එක බ්‍රේක් වෙලා නෑ.. ප්‍රින්සි ෆැකල්ටි ගියාට පස්සේ තමා දැනෙගෙන තියෙන්නේ සනත් & ගර්ලි අතරේ සම්බන්ධේ ගෙදර අය..
එයාලා ඒකට උඩින්ම විරුද්ධ වුනාලු..
එකක් තමා සනත්ට ජොබ් එකක් නෑ..
අනික තමා ආගම් ප්‍රශ්නේ.."
" ඉතින් ඉතින් අප්පච්චි.."
මාර ලව් ස්ටෝරි එකකි.. මට මෙච්චර කාලෙකට මේ වගේ කතාවක් කියවන්නට නොලැබුනී..
"ඒත් ප්‍රින්සි ටිකක් මුරණ්ඩුයි ලු.. එයා කොහොමහරි කැමැත්ත අරන්..
සාමාන්‍යෙන් හදවතේ සිදුරක් තියන අයගේ හදවත දුර්වලයි නේ.. ඒ අයට බබාලා හදන්න එපා කියලයි ඩොක්ටර්ස්ලා නියම කරලා තියෙන්නේ.."
"එ ඇයි අප්පච්චි..?"
මේ ගම් මිරිස් ඇටේගෙ මොලෙත් ඒ sizeමද (ගම්මිරිස් size :P) කොහෙද..
"අයියෝ.. නංඟා එච්චර දෙයක්වත් තේරෙන්නෙ නැද්ද?.. heart එක weak නම් කොහොමද තව බබෙකුත් දරාගෙන ඉන්නේ.. ඒකට ශක්තිය ඕනෙ.. ඔක්සිජන් වෙඩිපුර ඕනෙ.. ඩිලිවරි එකටත් කොච්චර ශක්තියක් ඕනෙද.."
අපේ නංඟී හැමවෙලේම කියන්නේ මට මොළේ නෑ කියලා.ඉතින් මේ වගේ අවස්ථාවකින් උපරිම ප්‍රයෝජන ගත යුතු ය.
"ඒ ගැන සනත් අන්කල් දන්නවද අප්පච්චි..?"
"ඔව්.. ඒ විතරක් නෙවේ.. ප්‍රින්සිගේ ජීවිතේ අවධානම්.. ඒ ගැනත් සනත් දන්නවා.. එයාලා ඒකටත් සූදානම්.. ඒ හැමදේම තියාගෙන එයාලා හරිම සතුටින් හා ආදරෙන්.."
මට තවත් අහන්න ප්‍රශ්න හිතට ආවේ නෑ.. මගේ හිතට ඒ යුවල ගැන ඇතිවුනේ පුදුමාකාර උතුම් බවක්.. ගොඩාක්ම සනත් අන්කල් ගැන..අපි තමා ජීවිතේ අපිට නොලැබුනු පොඩි දේවල් ගැන හිත හිත විදවන්නේ.. එයාල ජීවිතේට කොච්චර හොඳට මුහුණදෙනවද..?
ප්‍රින්සි ආන්ටි පවුලේ ආර්ථිකය ගොඩ නඟනවා තමයි.ඒත් බබාලා නැති කමින් කැඩෙන කොච්චර සල්ලිකාර පවුල් තියනවද..? සනත් අන්කල් ආදරය වෙනුවෙන් කරලා තියෙන්නේ කොච්චර ලොකු කැපකිරීමක්ද..?
ප්‍රින්සි ආන්ටිත් එයාට කොච්චර ආදරේ ඇද්ද..? මම එහෙම කපල් එකක් ගැන ඇහුවමයි...
අපි ගෙදර ඇවිත් සති දෙකක් විතර ගතවුනා..
එදා හවස මමයි නංඟී "ජය හෝ.." සිංදුවට පොඩි ස්ටෙප්ස් ටිකක් අත්හදා බල බලා හිටියේ..ගොඩාක් හිනා වෙවී..කාමරේ දොරත් වහගෙන..
අම්මා ඇවිත් දොරට තට්ටු....
"මොකක්ද අම්මා..? අපි මේ සිංදුවක් අහනවනේ... "
අපිට ටිකක් තරහා ආවා.. :)
"ලොකු දෝණි.. මේ... ප්‍රින්සි ආන්ටි....."
"ප්‍රින්සි ආන්ටි......... කවුද චුම්, ප්‍රින්සි ආන්ටි කියන්නේ..?"
"අනේ මැට්ටි... අර අපි සතියකට දෙකකට කලින් ගියේ.."
නංඟගේ මතකය එළ.
"අහ්.. ඔව්මයි.. ඉතින් ඇයි අම්මා..?"
"ප්‍රින්සි ආන්ටි අද නැතිවෙලානේ දුව.."
අම්මාගේ මූණ අඳුරු වුනා..
මගේ හිතට දැනුන වේදනාව.. ක්ෂණික කම්පනයක් තරම්... මට හිතාගන්නත් බැරි තරම්.. (අනේ මේ හීනයක් වෙන්න..!!!!..)
එදා ඇන්ටියි අන්කලුයි කොළඹ මහගෙදර ඉදන් එනගමන් තමා අමාරු වෙලා තියෙන්නේ.. ඒ වෙනකොට ආන්ටිට අවුරුදු 50යි..
අප්පච්චි ඊළඟ දවසෙම මළගෙදර ගියා.අන්කල් හොඳටම අඬනවලු.එදයින් පස්සේ අන්කල් තනිවෙන නිසා වෙන්නැති.. අන්කල් ආන්ටිට ගොඩාක් ආදරේ කරපු නිසා වෙන්නැති.. ඒ හැමදේම නිසා වෙන්නැති...
ගර්ලි ආන්ටි නැතිවුනාට පස්සේ ඒ හැමදේම අයිතිවෙන්නේ අන්කල්ට කියලා හැමෝම කියනවා ඇති.රස්සාවක් නැති සනත්අන්කල් ඔච්චර කල් සැපෙන් සතුටින් හිටියේ ප්‍රින්සි ආන්ටිගේ ආර්ථිකේ නිසා,ඒ නිසා සනත් අන්කල් හරි වාසනාවන්තයි කියලා මිනිස්සු කියන්න ඇති...
ඒත් මගේ මෝඩ මොළේට..ම්ම්.. නෑ..නෑ.. මගේ බොළඳ හිතට හිතුන විදිහට නම්.. තමන්ගේ ආදරය වෙනුවෙන් පිරිමි කෙනෙක් ඒ තරම් කැපකිරීමක් කරයිද? තමන්ගේ ආදරය වෙනුවෙන් ගැහැනු කෙනෙක් ඒ තරම් කැපකිරීමක් කරයිද..? ආදරය කියන්නේ කැපකිරීම්,කළගුණ සැළකීම් වල එකතුවක්ද කියලා මට හිතුවා..
conditons වලින් තොරව ඒ වගේ ආදරය කරන්න මටත් පුළුවන් නම් කියලා මට හිතුනා..
ඒ තරම් උතුම් ආදරයක් මම දැක්කා මයි... මට නම් තාමත් හිතාගන්න බෑ...
ඒ ආදර කතාව වචන වලින් කියා නිම කරන්න බැරි තරම් ලස්සන උතුම් එකක්...ප්‍රායෝගික ලෝකෙ කතා ප්‍රබන්ධ වලට වඩා ලස්සනයි කියලා මම කියන්නේ එකයි.
Love is not about how much love you have in the begining,
but how much you build till the end.
හ්ම්ම් මම ඇත්තටම හිතාගෙන උන්නෙ ඇත්ත ආදරෙ කියල ඩෙයක් මී ලොකෙ තවත් ඉතුරු වෙලා නැ කියල රුවන්.. එත් ඔයාගෙ කතාව අහුවමනම් හිතෙනවා හැමතැම නැති වුනත් සමහර අය අතර තාමත් ආදරය ඉතුරු වෙලා තියෙනවා කියලා.
ReplyDeleteමට කියන්න දෙයක් මතක් වෙන්නේ නෑ මේක කියවපුහම....
ReplyDelete:O ඔයා වැලිවේරිය පැත්තේ ආවද?........
ReplyDeleteඅනේ..කතාව ඉවර උන විදිහට නම් මම කැමතිම නෑ.:(:(:(:(:(.ඒත් මොනව කරන්නද...
ReplyDeleteමීනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුලුවන්..උන්ට සල්ලි විතරයි පේන්නේ...ආදරේ කරපු හැටි පේන්නේ නෑ..
හ්ම්....
ReplyDeleteමමත් මේක දාපු ගමන්න කියෙව්වා. ඒත් කියන්න දෙයක් හිතාගන්න බැරිවුනා.
ReplyDeleteහොඳ මිනිස්සුන්ට ආයුෂ අඩුයි කියන්නෙ මේ හින්ඳ වෙන්න ඇති නේද
හ්ම්..කොයිතරම් නම් වෙදනාවක් දැනෙන්න ඇත්ද..මට නම් හිතාගන්නවත් බැහැ..
ReplyDeleteමොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.. එ අය ආදරෙන් ඉන්න එකම එයාලට ඇති...
ReplyDeleteඅහ්...ඔය වැලිවේරිය පැත්තේ ඇවිත්...!!
ReplyDeleteලස්සන ආදර කතාවක්....අවසානයට මං කැමතියි...
එහෙම ඉවර උනේ නැත්තම් ඒ ආදරේ පරිත්‍යාගයට එක අඩුවක් වෙනවා...
මං දන්නේ නෑ....නංගෝ මට හිතෙන හැටි...
තව කියන්න දේවල් තිබ්බත්..ඒවා මගෙ හිතේම තිබුනාවේ...
" True love means a great sacrifice without gaining anything in return..."
~ Mahesh4ever ~
හ්ම්ම්ම් වචනයේ අර්ථයෙන්ම nconditional love.. නේ...?
ReplyDeleteමෙහෙම දේ නිතරම කියන්නේ මොකෝ.. :-)
"අපේ නංඟී හැමවෙලේම කියන්නේ මට මොළේ නෑ කියලා.ඉතින් මේ වගේ අවස්ථාවකින් උපරිම ප්‍රයෝජන ගත යුතුය.."
@නිසල් : මටත් හිතාගන්න බෑ නිසල්.. ඇත්තමයි.. මම දැකලා තිබුනෙත් නෑ.. ඊට පස්සෙ අයෙ දැක්කෙත් නෑ ඒ වගේ ආදරයක්..
ReplyDelete@ ඉෂාර මල්ලී : මට වගේම ක්ෂණික කම්පනයක් දැනෙන්න ඇති...
ReplyDelete@thinka : ඔව් යාළුවා..:)
ReplyDelete@රතගමස් : ඔව් ...මමත් කැමති නෑ,ඒත් මොනවා කරන්නද..? :(:(... මිනිස්සුන්ට සල්ලි වල වටිනාකම විතරක් පේන එක සාධාරනයිනේ මිස්ටර්.. මොකද කිවුවොත් සල්ලි වලට කරන්න බැරි මොනවද..කියලනේ හිතන්නේ..
ReplyDelete@මාලන් : :(:(
ReplyDelete@තාරක මල්ලී : ඒක නම් ඇත්ත වෙන්න ඇති..:(
ReplyDelete@නිම්ශා නඟා : හ්ම්... කොයිතරම් දුකක්ද..?
ReplyDelete@දිනේෂ් අයියා : ඔව්.. එයාලට ඒකම සැනසීමක්..
ReplyDelete@mhasantha අයියා : ඔව් අයියා,මම එහෙ ආවනේ..
ReplyDeleteම්ම්... අනේ මංදා දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් කොහොමත් අන්තිමට තනි වෙනවානේ..
@ayas : thanx bro..!!
ReplyDelete@තිස්ස නාගොඩවිතාන අයියා : හ්ම්.. කිසිම කොන්දේසියක් නෑ..:(
ReplyDeleteඒක නම් කියවෙන්නේ වැඩිය හිතලා මතලාමත් නෙවේ.. පොඩි අතිශයොක්තියක් කියන්නත් පුළුවන්.. හැබැයි ඕකෙ ඒ හැටි බොරුවකුත් නෑ..:).. තමන් ගැනම එහෙම කියාගන්න එක හොඳ මදිද මංදා..:-\
හෙහ් හෙහ් හෙහ්...
ReplyDeleteමටනම් හිතෙන්නේ පිස්සු ලෝකයක් වාගේ :-)
ඒ ඩිංගට මගේ නමත් වෙනස් කරලා... හප්පේ...!
අම්මෝ නංගි මේ කතාව දෙපාරක්ම මම කියෙව්වා. හරිම ලස්සනයි
ReplyDeleteමමත් ප්‍රාර්ථනා කරන්නේ සතුටින් ඉන්න පුලුවන් ජීවිතයක්. සල්ලි තිබුනට වැඩක් නෑ සතුටක් නැත්නම්.
@තිස්ස අයියා : සමාවෙන්ඩ ඕනෙ.. මගේ කණ්ණාඩි කුට්ටම මේ දවස්වල අළුත්වැඩියා කටයුත්තක..:):)... ආයේ වරදින්නෙ නෑ ඔන්න.. :D
ReplyDeleteඅයියෝ.. ඉතින් මූණටම ඔහොම කියන එක හරිද..?:D
@මධුරංග අයියා : ස්තූතියි අයියා..^_^
ReplyDeleteමම ඔයාට පතනවා සතුටුදායක ජිවිතයක්..(ප්‍රාර්ථනා කරන විදිහේ..)..!!! :)
ඇත්තටම හිතට වදින කතාවක්. මේක කියෙව්වම මටත් ගොඩක් දුක හිතුන. අපේ කොල්ලො කෙල්ලො ආදරේ ගැන ගොඩක් ලොකුවට කතාකලාට අපිට හිතාගන්නවත් බැරි තරම් ආදරයක් ලොකු අය අතරෙ තියනවා. වෙනස එයාල ඒක පෙන්නන්නෙ නෑ. ඒත් ඒක ගොඩක් ලොකුයි, ගොඩක් බලවත්.
ReplyDeleteඅද ඉදලා දිගටම එන්න තියාගත්තා. කමක් නෑ නේ ?
ReplyDeleteමම මගේ රීඩර් එකටත් දාගත්ත ඕං
@කසුන් අයියා : ඔව් අයියා.. මමත් හිතුවේ එහෙමයි.. ඒත් එයාලා පරිණතයි.. ආදරේ කරන විදිහ වෙනස් ඇති.. අන්තිමට මම තේරුම් ගත්තේ ඒක..
ReplyDelete@මධුරංග අයියා : හි..හී.. කමක් නැද්ද කියලත් අහනවා.. මට ඒක කොච්චර සතුටක් ද..? :)
ReplyDeleteඅන්න ආදරේ...... මං කාලෙකට පස්සේ මේ බ්ලොග් බලන්නේ........ :D :D
ReplyDelete@හා පැටික්කි අක්කා : හ්ම්... අන්න ආදරේ..:)
ReplyDeleteඇත්තටම දුක හිතෙන අවසානයක් නඟා. මම හිතුවේ ගර්ලි ආන්ටිලා ඔයාලව බලන්න ආවා කියලා. කොහොම වුණත් හැමදේම සල්ලිවලින් මනින සමාජෙක තවමත් ඇත්ත ආදරේ කියන එක සුළුවට හරි තියෙනවා. ඒක එහෙම තියෙන නිසා තමා ඒකේ වටිනාකම වැඩි වගේම හුඟාක් අය ඒක හොයාගෙන යන්නේ............
ReplyDeleteඒ වගේම ඔයා මේකට දාලා තියෙන topic එකට මම එකඟයි. ආදරයක් නම් එතැන කොන්දේසි තියෙන්න විදිහක් නැහැ. කොන්දේසි තියෙනවා නම් එතැන තියෙන්නේ ගිවිසුමක්
ReplyDelete@කතා හසි අයියා : මමත් ආස ඒ වගේ අවසානෙකට තමා අයියා.. ඒත් මේක ඇත්තම ඇත්ත කතාවක්නේ.. "පරිත්‍යාගයක්.."
ReplyDeleteඅවංක ආදරේකට කරන්න බැරි කැප කිරීමක් නැහැ නංගි.....
ReplyDelete@කල්හාර අයියා : ඒ දේ මං දැනගත්තේ මේ සිද්ධියෙන් පස්සේ අයියා..
ReplyDelete