Thursday, October 7, 2010

දන්සැල් මතකය..


                                 ඔන්න මම college යන කාලේ අපිට දවසක් එකපාරටම හිතුනා දන්සැලක් දෙන්න...!ඒ වෙනකොට වෙසක් පහුවෙලා.ඉතින් අපි හිතා ගත්තා පොසොන් දන්සැලක් දෙන්න. ඇත්තටම කිවුවොත් අද හවස ඉස්කෝලෙදි හිතුනා..හෙට දන්සැල දුන්නා.ඒ වගේ දෙයක් තමා එදා වුනේ..

                                  ඉතින් ඒ වෙනකොට A/L ලඟපාතකවත් නෑ...හැබැයි මම හිතුවා අම්මා යන්න දෙන්නැති වෙයිද දන්නෑ කියලා..මොකද මම දැනන් හිටියා ඒ දවස්වල පොල්ගහකට නැංඟත් දෙබලක් කියලා.

                                ඉතින් එදා උදේම මම යන්න ලෑස්ති..ඉවසිල්ලක් නෑ..!ඒ අතරෙ අම්මා කාටදෝ කියලා තැඹිලිගෙඩි ටිකක් කඩාගෙන තැඹිලි වතුර පුරවපු ලොකු බෝතල් 3ක් විතර හදලා දුන්නා....".පිං අතේ වැඩක් නේ..........".
එහෙම තමා අම්මයි අත්තම්මයි කිවුවේ....

                                 ඉතින් කට්ටිය එකතුවුනා යාළුවෙක්ගෙ ගෙදරට..එයාට අපි කියන්නේ පොඩිදෙයියෝ කියලා..
සමහරු කෝඩියල් බෝතල්,සමහරු "බීම පිටි"(එවාට මොනවාද කියන්නේ...?),සීනි,ලුනු,දෙහි...ලොකු ප්ලාස්ටික් බාල්දි ගෙනත්...
අපිට දන්සැල දාන්න තැනක් තිබ්බා..ඒත් අපි හිතුවා හදාගෙන එතන්ට යන්න ඕනෙ කියලා...යාළුවෝ එකතු වෙන්න ටිකක් වෙලා ගියා...කෙල්ලො,කොල්ලො....ගොඩක් එකතු වුනා...

                                 අපිට සීතකල බීම වුනත් එදා දෙන්න තිබ්බා .මොකද එතන හොඳ අයිස් පප්පලා,පප්පිලා ටිකකුත් හිටියා.
ඒත් දන්සැල ඉවර වෙනකොට හැමෝම මොකක්හරි වැඩක් කරලා............
                    අපි කණ්ඩායම් දෙකකට බෙදුනා.හදන අය හා බෙදන අය කියලා..

                     මම හිටියෙ බීම හදන කණ්ඩායමේ.ඔන්න අපි බීම හදාගෙන,හදපු තැන එතන බීම හදපු බවට සලකුණු ඉතිරි කරලා පයින්ම බාල්දි උස්සගෙන පාර ළඟට ආවා.(අපි පස්සේ ඇවිත් ඒ හැමදේම අස් කලා හොඳේ?)

                                   එතකොට තැඹිලි...දැන් ඉතින් මොකද කරන්නේ.....කිය කිය ඉන්නකොට අපේ කොලුරැල කිවුවා තැඹිලි ගැන එයාලා බලාගන්නම් කියලා..
                                අයෙ ඉතින් "හා..." කියන්නවත් වුනේනෑ තැඹිලි වාෂ්ප වුනා...මම ඒ වෙනකන් දැනන් හිතියෙ නෑ තැඹිලි වතුර එච්චර වාෂ්පශීලී කියලා............හි...හි..

                                 ටික වෙලාවක්.....බොහොම ටික වෙලාවක් යනකොට අපි අරන් ආව බීම ඉවර වුනා....ඒ වෙලේ අපිට උදවුවට ආවේ අපේ යාළුවෙක්ගෙ බාප්පා කෙනෙක්...කොහොමින්හරි දන්සැල නිසා ඒ බාප්පට රු.2000 විතර වියදම් වුනාලු කියලා යාලූවා කිවුවා...අද ඒ මාමා ජීවතුන් අතර නෑ....ගිය අවුරුද්දේ ඒ  මාමා නැතිවුනා.

                                 ඔන්න ඉතින් දන්සැල අතරෙ වලි ඇවිලෙනවා..නිවෙනවා...කොඩි අරන් "බෙදන" අය දුවනවා...
බන්දේසි වලට කට්ටියක් පොරකනවා...සමහර බස්, බන්දේසි නොදීම අද්දනකොට"හෝව්..හෝව්..."කිය කිය කෑ ගහනවා....බීම හදන අපි බාල්දි අරන් එහාට දුවනවා.....හැදි,දෙහි අරන් මෙහාට දුවනවා....එකම බාජනේට දෙන්නෙක්ම සීනී හලනවා...එත්කොට ඒවා  මී පැණි!තව දෙන්නෙක් බීම එකට ලුනු දැම්මද කියලා...නිකටෙ අත තියන් කල්පනා කරනවා...........එකම කාලගෝට්ටයක්..........

                                 කොහොමහරි වැඩි සූදානමක් නැතිව එදා දන්සැල ඉවර කලා...සියලු දෙනා ආයෙත් පොඩි දෙයියොගෙ ගෙදරට එකතුවෙලා සතුටින් විසිර ගියා...අපි  කතාවුනා 2010 ආපහු ඒ දන්සැල තියන්න (ඒ 2008).ඒත් මේ සැරේ අපිට දන්සැලක් තියන්න බැරිවුනා..ලබන අවුරුද්දේ හරි කොහොමහරි ආයෙත් දන්සැල තියන්නයි කල්පනාව............

(දක්වා ඇති නම් දැන් කටට ආ ඒවා මිස අන්වර්ථ නාම නොවන බව සලකන්න)
(බලන්නකො..!photo අරන් තියෙන්නෙ බෙදන අයගෙ විතරනේ...හි..හි..)

16 comments:

  1. මටත් දන්සැල් මතක නම් බොහොයි...

    ReplyDelete
  2. සොරෝ සහෝ...
    හේ....හේ....ඇත්තද?
    අහන්නත් සතුටුයි...මොකද මම දන්නවා ඒක කොච්චර විනෝදජනකද කියලා.

    ReplyDelete
  3. වැඩි වැඩියෙන් දන්සල් තියන්න වාසනාව ලැබේවා...!!!!!!!1

    ReplyDelete
  4. දන්සල් දෙන එක නම් මරු වැඩක් තමා.... එක පැත්තකින් විනොදයි... අනිත් පැත්තෙන් පිනක් නේ,,,,,,,

    ReplyDelete
  5. @රත්ගමයා අයියණ්ඩි....
    බොහෝම ස්තූතියි ප්‍රාර්ථනාවට...........!!!!!!1

    ReplyDelete
  6. මට උපදේශයක් අවශ්‍යයි...new post එකක් හදන්න ගිහින් මම අතින් එතන උඩ තියන buttons 2න් compose button එක එබුනා..ඒක යථාතත්වයට ගන්න edit HTML බොත්තම එබුවත් ඒක select වෙන්නෑ...එහෙම වුනොත් මම ඉදිරියට new posts දාන්න බැරි වෙනවා.මම අද මගේ පිටුව ලස්සනට හැදුවේ ඉදිරියට තව ගොඩක් post දාන බලාපොරොත්තුවෙන්....පුළුවන් නම් මට උදවු කරන්න....

    ReplyDelete
  7. අපිත් දන්සල් දීලාත් තියෙනවා ඊටත් වඩා දන්සල් වැඳලා තියෙනවා. නඟාත් පින් අතේ වැඩ කරන පාටයි :)

    ReplyDelete
  8. ඔයාගේ ගැටළුවට මට නම් දෙන්න තියෙන උත්තරේ තමා restart කරලා බලන්න කියන එකයි.

    ReplyDelete
  9. ඔයාගේ ගැටළුව විසඳුනාද..?

    ReplyDelete
  10. ඊයේ මට එන්න බැරිවුනානේ... ඉතින් අද තමා මේක බලන්නේ... හ්ම් දන්සැල් කෙරිල්ල හා වන්දනාවනම් කියලා වැඩක් නැහැ... අපිනම් මේ වෙසක් එකටත් දන්සලක් දුන්නා ෆයිඩ්රයිස්... වැදිල්ලත් එලටම කලා...

    ReplyDelete
  11. @නිමාශා .....ඔව් ඔව්..ඒ දෙකම තමා.

    @Hasitha අයියා..තාම ප්‍රශ්නෙ එහෙමමනෙ අයියා..
    මාරයියගෙ මාර මොළෙන් වත් නැද්ද විසදුමක්?

    @පොඩ්ඩා මල්ලි...අනේ කොච්චර පිනක්ද?

    ReplyDelete
  12. යේ.....නංඟගෙ පිහිටෙන් මම ගොඩ ආවා..........

    ReplyDelete
  13. @Hasitha අයියා...මම ඔයාගෙ කලින් comment එක දක්කේ නෑනේ..ඔයා හිතන් ඉන්නේ බෝධි පූජා වගේ පිං අතේ වැඩ කරන්නේ ඔයා විතරයි කියලද හ්.?
    මේ post එක මගේ යාළුවෝ කියවලා එයාලට ආයෙත් දන්සැලක් දෙන්න ආස හිතිලා..

    ReplyDelete
  14. නියමයි නියමයි එහෙමනම් අපිත් එන්නම් ඔය දන්සල වන්දනා මාන කරලා පිනක් දහමක් කරගන්න :))

    ReplyDelete
  15. වැඩේ නම් එල...
    දන්සැල් කථා නම් එමටයි. ගොඩක් ඒව විනෝදයි. එක සැරයක් මෙහෙ කොල්ලො කුරුට්ටො ටික ගම මැද්දෙ දන්සැලක් දීල ඉස්පිරිතාලෙත් හිටිය. :p කට්ටියට පැනි බීම බීල වැඩිවෙලා...

    නමුත් මම නම් දන්සැල් දෙන එකට එච්චරම මනාම නෑ. ඒ සල්ලි එකතු කරල ඉස්පිරිතාලෙකට මොනව හරි අරන් දෙන්න වගේ වැඩක් පුළුවන් නම් වඩා හොදයි කියල හිතනවා. විශේෂයෙන් තැලසීමියා ඒකකයන් සහ පිළිකා ඒකකයන් ගොඩක් මුදල් අර්බුද වලින් පෙළෙනවා.

    ReplyDelete
  16. @Madhuranga සහෝ...
    ස්තූතියි..!
    අපේ කට්ටියට එච්චර බොන්න බැරිවුනා..ගොඩක්ම කලේ දෙන එක තමා...හේ..හේ.."පැනිබීම බීලා වැඩි වෙලා.."
    ඇත්තටම කිවුවොත් අපේ දන්සැල කාගෙන්වත් සල්ලි එකතු කරලා කරපු දෙයක් නෙවේ..අපිට පුලුපුලුවන් විදියට දුන්නු දෙයක්..
    ඒත් ඔයාගෙ කියමනත් හිතට ගතයුත්තක් තමා....

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...