මට නුඹ අවැසි නැති
එක් වසන්තයක
සිහිල් වදන් පොදක් වී
මා සිතට එබෙන්නට
නොතිබුණා නුඹට....
දිනකින් දෙකෙන්
නුඹ ගැන සිතන්නට
නොතිබුණා මට
මගේ හිතට...
හුඟ කලෙකින්...
නොදුටු වතකට
ඒ හිමි වූ සිතට
ඇලුම් නොකරන්නට
හිතුනානම් මට....
විසල් හදක් මුල
අයදිමින් ඇලුම්කම
නාඩා හිදින්නට
එසේනම් හැකි
නොවනුඇද්ද මට....
මටම හිමි මගේ හිත මටත් නැතිකල...
හොඳ කවිකාරියක් බව පේනවා :)
ReplyDeleteස්තූතියි..Hasitha අයියේ.
ReplyDeleteකියවන්න ආසයි....දිගටම ලියන්න.වෙනස් මාතෘකා වලටත් පද ගලපන්න.........
ReplyDeleteහ්ම් හ්ම්........
ReplyDelete" නොදුටු වතකට
ඒ හිමි වූ සිතට
ඇලුම් නොකරන්නට
හිතුනානම් මට...."
ආ අමතක උනි නංගා.....
ReplyDeleteලස්සනයි ගොඩක් දැනුනා......
@ රත්ගමයා අයියේ,
ReplyDeleteහොඳයි මම උත්සාහ කරලා බලන්නම්කෝ.
@හා පැටික්කි අක්කේ,
ReplyDeleteඔයාට මොකක්දෝ හිතිලා වගේ...
මේ මම එහෙම නෙවේ එහෙම හිතුවේ ඔන්න....
හි....හි...
ස්තූතියි හොඳේ...!
ReplyDeleteඔයා අනුන්ට හිතෙන ඒවත් ලියනවද නංගා?????
ReplyDeleteහිතිල නෙමේ මතක් වෙලා නංගියෝ....... :)
හා පැටික්කි අක්කෝ...
ReplyDeleteමම ලියුවේ මට හිතුන දෙයක්.මම එහෙම කිවුවේ විහිළුවට......
ඔයටත් සිද්ධියක් "මතක්" වුනාද?...........
මටත් උනේ ඕකමනේ...
ReplyDeleteලස්සන පද පෙලක්.
priyanth.ඒබී අයියණ්ඩිය...
ReplyDeleteඑහෙනම් මේ මට විතරක් වුනු දෙයක් නෙවේ නේද....