පොඩ්ඩැත්තං ඇවිලෙන්
සුටුස් ගා නිවෙන
මල් මදහසින් පිපෙන්
ඇබිත්තං ගම්මිරිස් ඇටේ...
පොතට යෙදවෙන හිතට
වෙහෙසක් දැනෙන හැමවිට
කුමක් හෝ කියා ගැලවෙන
කටකාරියකි නොනවතින
"මං ගැන නොලියවෙන
කුමට අක්කේ කවි මට"
නොකියා කියන කියවෙන
සෙවණැල්ලකි අඳුරේ වුව මැකී නොයන
(මං දන්නවා නංඟෝ ඔයා ගැන මට ගොඩක් දේවල් තියනවා ලියන්න..ඒත් ඒක ලේසි නෑ.
හිතේ දොරටුව ඉඩමදි..හැම සිතිවිල්ලක්ම පොරකනවා කවියක ඔයාගැන ලියවෙන්න..............)
නියමයි....නoගාට ආදරණීය අක්කා කෙනෙක් තමයි ලැබිලා තියෙන්නේ.
ReplyDelete.''හිතේ දොරටුව ඉඩමදි..හැම සිතිවිල්ලක්ම පොරකනවා කවියක ඔයාගැන ලියවෙන්න'' ඒක මෙතනින් හිතා ගන්න පුලුවන්.....හොදට ලියලා....හැමදාමත් වගේ ලස්සනයි
බොහොම ස්තූතියි රත්ගම අයියා..නංඟා හැමදාම අහනවා "ඇයි මම ගැන මුකුත්ම ලියන්නැත්තේ "කියලා.එයා දන්නෑනෙ ඒක කොච්චර අමාරුද කියලා...
ReplyDeleteපුංචි වුණත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ, චූස් චූස් කෑවා නේද ගම්මිරිස් ඇටේ :)
ReplyDeleteඔයා දන්නවද Hasitha අයියා නංඟි නිසදැස දැක්කම වුන දේ..
ReplyDelete"වහාම ඒක අයින් කරන්න"කිවුවනේ..එයා ගම්මිරිස් ඇටයක් නෙවේලු..පුංචි මී පැණි බිංඳුවක්ලුනෙ...
:) මී පැණි, ගම්මිරිසුයි දෙකටම ඔයා ආසයි කියල එයාට කියන්න :)
ReplyDeleteහරි ස්වප්නා අක්කේ..මම එහෙම කියලා හරි මගේ නිර්මාණෙ බේරගන්න බලන්නම්කෝ...
ReplyDeleteආදරනිය අක්කා කෙනෙක් ....
ReplyDeleteලසනයි කවිපද...?
ස්තූතියි...ඉලන්දාරි අයියා..!
ReplyDeleteමට හිතෙන විදියට අක්කත් නංගි වගේම ඉන්න ඇති..... ;)
ReplyDeleteඅක්කයි නංගියි 2නම ගැනම කියනවන ලස්සන ර්‍නමාණයක්..!!
හෙ..හේ.. ඒ ගැන නම් කියලා වැඩක් නෑ මල්ලී.. ස්තූතියි හොඳෙ..?
ReplyDelete