Wednesday, April 23, 2014

බෝසත් නුඹ...

හිමිදිරිය උදා වී ඇත.දින කිහිපයකට පෙර මිසිස් ජේන් කිවු පුවත සිහිවේ.

"මම බේවිඩ් බඳිනකොට දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්.මේ හසරක් නැති මිටියාවතේ තනිවෙනවට වඩා ඒ සරණ හොඳයි කියලා මිස මගේ කිසිම ඇල්මක් ඔහු ගැන තිබුණේ නෑ.. ඔයා දන්නවද ඊවන්,සමහර වෙලාවට ආදරේ ක්ෂණිකව ගහන අකුණක් වගේඒන්නෙ නෑ..සමහර විට ආදරේ හිමින් සීරුවේ අපටත් නොදැනීම අපේ හිතට එන්න පුළුවන්.."

හ්ම්... මීට මාස 10කට කලින් මම ජෝන් එක්ක ගැල් පේලියක මේ නිම්නයට ආ හැටි.අපි ආදරෙන් බැඳී හිටි හැටි.දින කීපයකට පස්සේ ඔහු පාළු මිටියාවතේ අසුගෙන් වැටී මියැදුනු හැටි...අනේ මගේ ආදර ජෝන්!!!!!
තෙරක් නැති කතරේ තනි වූ විට ආගන්තුක රොබට් පැමින විවාහ යෝජනාවක් කල හැටි... සැබවින්ම එය ගනුදෙනුවක්...!

ඔහුගේ බිරිඳ මියගොසිනි.13වියැති ඔහුගේ දියණිය ලිලීට මවකගේ උණුහුම ඕනෑවී තිබුණි.මම 10 මසක් ඔහුගේ නිවසේ සිටියහො‍ත් මේ මිටියාවත හරහා යන ගැලක මා නිවසට පිටත්කර හැරීමට ඔහු පොරොන්දු විය.මා නිවසට යෑමේ දැඩි පිපාසාවෙන් සිටියෙමි.

ලිලී පිලිකුල් සහගත දඩබ්බර දරුවෙකු සේ පලමුව මා දුටුවද ඈ කෙතරම් දයාබරිත සුරතල් දැරියකදැයි දිනෙන් දින මට වැටහුණු හැටි..
මා මගේ පලමු සැමියාගෙන් ගැබ්බර වී දරුවකු බිහිකල් සැටි...
ඒ මුලු කාල වකවානුවේ තම දරුවෙකුට පරිදි ඩේවිඩ් මට සුව පහසුව සැලසූ සැටි...
දරුවන් දෙදෙනාට එකසේ ස්නේහ කල සැටි..
මුලින් මා ඔහු දැකීම පවා නොරිස්සුව මුත් රොබට් මාගේ සියලු අතපසුවීම් ඉවසූ හැටි..

නොදැනීම මා සිතේ ඔහු කෙරේ....
සෙනෙහසක් ඉපදී ඇති සැටි!

"අනේ රොබට්,
අන්තිම ගැල හෙට උදේ පිටත් වෙනවා
මට යෑමට දැන් නුවුමනායි...
මට ඔබ හා සිටින ලෙස අයදින්න...

     මීට
        ආදරණීය
        ඊවන්....

සකල දන දුදන වෙත
මෙත් සිතම වඩවන..
මිතුරු කැල , සතුරු සිත
එකට ගෙන සනසන..
බෝසතුන් සතු ගුණෙන්
හද මඬල පුරවන..
නුඹ සිතට කිම්ද මා
බාධා පමුණුවන..

කතර කටුකව බොහෝ
දුරයන්න තනමින..
සිටිය මා වෙතට දුන්
පැන් දෝත ඔබමය..
අකල් මහ වැසි වලින්
හෙබී මැලවී ගිය..
මෙමට නුඹ තුරු මුදුන
කරයි සෙත සෙවණින..

ඔය නුවන් ඔය මනස
මුදුව රූරා යන..
පුවත් මින් මතුනොවේ
මේ මුවින් පිටවෙන..
සදා ඔය හද මඬලෙ
පෙමල පීදී එන..
වීම සෑහේ මෙමට
වැජඹෙන්න තුටුයෙන..

Love come softly සිනමා පටිය ඇසුරිනි....

7 comments:

  1. ජීවිතය කියන්නේ නොහිතන දේවල් පිරුණු, නොදැනුවත්ව අඳින සිත්තමක්..
    අද තමයි මුලින්ම ආවේ, දිගටම එන්නම්..

    ReplyDelete
  2. ලස්සන ලියවිල්ලක්

    ReplyDelete
  3. කතාව කියෙව්වාම ෆිල්ම් එක ඩවුන් ලෝඩ් කරගෙන බලන්න හිතුනා . . අද ම ඩවුන් ලෝඩ් කරගන්නවා . .. .ස්තූතියි ඔත්තුවට

    ReplyDelete
  4. දැන් බ්ලොග් එක ලියන්නේ වැස්සට වගේද :P

    ReplyDelete
  5. ෆිල්ම් එක බැලුවා. . පටන් ගත්තු වෙලාවේ ඉඳන් අවසානය දක්වාම ඒ ෆිල්ම් එකේ සිදුවීම මගේ ඇස් කඳුලු වලින් පිරෙව්වා .. බොහෝම ස්තූතියි ඒ ෆිල්ම් එක ගැන කිව්වට . .

    ReplyDelete
  6. දැනෙන්න ලියලා තියනවා ... නියමයි

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...