Thursday, December 1, 2016

බොහෝ කලකට පසු...

බොහෝ කලකට පසුව රාගම රෝහලේ වාට්ටු කොනක සිට මම මෙසේ කියමි.මෙතෙක් මා ලියා නැවතූ දේ උඩින් උඩින් කියවා බැලූකල මට වැටහුනේ... ලිවීමට තිබූ බොහෝ දෑ මා නිරායාසයෙන් මඟහැර ඇති බවයි.සැබවින්ම ගෙවුණු අවුරුදු කීපය බ්ලොග් අඩවියෙන් මා ඈත්කල බැව් සැබෑය.ඒ කාලයේ මා ලබාගත් දෑ ද මට අහිමි වූ දෑ ද ඒ අතර වේ..

බ්ලොග් අඩවියට පිළිපන් දිනසිට සෙනෙහස,විරහව කවිය කතාවට මූලාශ්‍රය වූ ඒක් හැඟීමක් සිත විය.ඒ නිසාම හැඬූ ලතැවුණු තරම් සිහි වන්නේ බ්ලොගය සිසාරා සැරි සැරූ විටයි.. සතුටට කරුණ නම්... බොහෝ ගිරිදුර්ග  තැනිතලා පසුකර ඒ සෙනෙහෙ ගඟුල එය බලාපොරොත්තු වූ අරමුණට ලඟාවිය..

තවදුරටත් තැවුලකට.. කඳුළකට ඉඩක් නොතිබෙනු ඇත...

සෙනෙහස නම් වූ බඳුන... මැටි අනා... සකසුරුවමට තැනුවද.. සෙනෙහස ගැන කිසිවක් මම නොදැන සිටිබැව් දැනෙන්නෙ දැන් දැන්‍ ය.
ආදරය නම් පෙන්විය යුතු සිතිවිල්ල ඒ තරම් සජීවීව.. මටසිළුටුව පෙන්වීමට හැකි දෙයකැයි මා සිතා නොසිටියෙමි.. කවුරුත් කියා දී තිබුණේද නැත...

ඒ ආදර සැනහිල්ලෙන් සිත වෙළුනු දා සිට... මුළු ජීවිතයම සොඳුරු කවියක් වී ලියැවේ... දෙසවන ලඟ වැයේ... නුඹටත් ඒ හැඟීම එසේ දැනී තිබේද?

වෛද්‍ය විද්‍යාව මගේ සිහිනයම වී තිබුණි... ඒ වරම ලැබුණු දිනටත් වඩා මා අද ඒ ගැන තෘප්තියෙනි. මේ අවුරුදු 5 තුල මා ලැබූ දෑ බොහෝය... සැබවින්ම මා පැතූ ලොකුම සිහින දෙකම ඉටු වී තිබීම.... පුදුමයක් ම පමණී..!!

මේ අවසාන වදන් කීපය "ඔහු " ගැනය.

ඔහු .... සිතා සිටියාට වඩා ආදරණීය හදවතකි
සිතා සිටියාට වඩා නිදහස මහදට ලබා දෙන්නෙකි
නිවුණු වදනින් අමතන්නෙකි...
මේ වෙහෙසකට දිවියේ සිතට බට ලොකුම ලොකු සැහැල්ලුවකි....

11 comments:

  1. ජීවිතේ ඔහොම තමා........

    ReplyDelete
    Replies
    1. හ්ජ්ිීජ්ිීJeewithaya metharam soduru bawa nodena me blog adawiyata paa thebuu dina sita kiyawana oba siyalla sithata hayyak.. sthuutiiiiහ්

      Delete
  2. හරීම ලස්සනයි ප්‍රාර්ථනා....ලියන එක නවත්තන්න එපා...අපි ගොඩක්කල් බලා හිටිය ඔබේ පන්හිද යලි පන නැගෙනකල්...හ්ම්ම් ඔහුත් ඔබවගේ හරි අපූරු කෙනෙක් වගේ��

    ReplyDelete
  3. සුන්දර හිනාමල් සගවා ඉන්න එපා
    පින්බර ඔහුට කිසිම දුකක් දෙන්න එපා
    පන්නර ලබා ගත් පන්හිඳ තියනු එපා
    සුන්දර බ්ලොගේ ලිපි නොලියා ඉන්න එපා.....

    ජයවේවා!!!

    ReplyDelete
  4. ලියන්න....ලිවීම බෙහෙතක්. ඒත් ඇඩික්ශන් එකක් වුනාම ඒකටත් බෙහෙත් හෝ ප්‍රතිකර්ම හොයන්න වෙනවා. මම කිව්වේ බ්ලොග්ස් පිලිබඳව පමනයි. බ්ලොග්ස් ලිවීමට වඩා කියවීම ඇඩික්ශන් එකක් :D
    හැඩකාර හැන්දෑවෙන් පසු රාත්‍රිය සුන්දරම තමයි. හැඩකාර හැන්දෑව හරි සුන්දර යෙදුමක්. ඒක හැඩකාර සන්ධ්‍යාව කියනවාට වඩා හරි සමීපයි.

    ReplyDelete
  5. ඒකනේ... සෑහෙන කාලෙකට පස්සේ

    ReplyDelete
  6. කඳු තැනිතලා සියල්ල මැද්දේ ජීවිත ගමන යාමට සුබ පතනවා.. ඒ වගේම ඉඩ ලද විටක බ්ලොග් එක ලියන්නත් අමතක කරන්නෙපා.සුබ පැතුම් අක්කේ..

    ReplyDelete
  7. අඬන්න නොලැබෙන දේට නොව ලබා ගන්න පුලුවන් කම තියෙද්දි ලබා නොගත්ත දේවල් වලට.. ජිවිතයේ සිහින දකින එක නතර කරන්න එපා මියෙන තුරු... හැඩකාර හැන්දැවන් හැමදාම හමුවේවී.. :)

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...