Sunday, December 25, 2016

මගේ හිමිසඳ

නුවනඟට හසු වූ
නුඹේ නිවුනු දෙනයන
හදවතට සිහිලක් වූ
නුඹේ සොඳුරු සිතිවිලි

මල් පියල්ලක් සේ
මගේ මාවත සරසමින...
යන මේ ගමන් මඟ..

විඩාවක් කොහිද?
මගේ හිමියනි....

ලදල්ලක් සේ
නුඹ ලඟ දැවටෙමින..
අතෝරක් නැති
කතාබස් කියමින..

සඳට හිනැහෙන
තරු නයන සිඹිමින..
ගෙවන හෝරා ගණන්
මම ඉඳිමි ගණිමින...

හදවටා පවුරු නොතනා..
රිසි අයුරු සරණට ඉඩ හසර දෙන
පෙළෙන ගිනි සෙමින් පිඹ
අත්ලෙන් පිරිමැද සනහන

නුඹේ සොඳුරු ඔය හද මඬල...
මටම කැපවීම..
ඇදහිය නොහැකි..
මගේ හිමිසඳ...

5 comments:

  1. සොදුරුසිතDecember 25, 2016 at 10:50 AM

    හරීම අගෙයි ප්‍රාර්තනා නංගී...එදා වගේම අදත් ඉස්තරම් ඔබේ සිතුම්...තව ලියන්න!!සුභපතනවා ඔයාට��

    ReplyDelete
  2. සුන්දරයි.. සන්සුන් ප්‍රේමයකට ගෙතිච්ච කමටහනක්..

    ReplyDelete
  3. Soduru sitha ; bohoma sthuthi akkee
    .... jiwithe sathutin inna
    Bohoma podi deyai one...

    ReplyDelete
  4. Wesi deriya : hmm... senasumaka soduru satahan...

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...