ජීවිතේ කොච්චර ලස්සන ගඟක් ද?
ගල් පර,දිය ඇළි..
විටෙක හරිම පටුයි...කවුරුත් නෑ හුදෙකලයි..
ඒත් සතුටෙන් පෙණ කැටි විහිදුවනකොට බයක් සැකක් කිසිත් නැතිව ශාකා එකතුවෙනවා හරි හරියට...
කුරුල්ලෝ කෑ ගහන්නෙ නැති,
රැහැයියෝ මහ හයියෙන් සද්ද බද්ද කරන මූසල අන්ධකාරය පහු කරන් ....
හඳ පායපු ...
ගල් තලාවක් මත්තේ පෙම් සුව විදින පෙම් යුවලක් පහු කරන් යන්නෙත්..
ඊට හෝරා ගණනකට කලින් අර මූසල රැය පහු කරපු නිහැඬියාවෙන්මයි..
උදේ පාන්දර කළගෙඩිවලට ගොජ ගොජ ගාලා පිරිලා ඉතිරිලා යන්නෙත්,
පවුරු බැඳලා නල කරාම වලින් එළියට විහිදෙන්නෙත්,
අර නිවුනු සැනැහුනු ගංඟාවමයි.
ජීවිතේ... හ්ම්ම්ම්ම් ඇත්තටම හරිම සොඳුරුයි ජීවිතේ!!!
දුර්වල වෙන්න වෙන්න අපව දාලා අහසට යන ජල බිංදු වගේ
අපෙන් ඉවතට ඇඳෙන සෙවණැලි....
අපි හිනාවෙනකොට අපි එක්ක හිනාවෙන දිය රැළි...
රැහැයි හඬින් මුසපත් වෙන අන්ධකාර රාත්‍රී...
අළුත් ඉරක් පායනකම් බලන් ඉන්න පාලු තෙත් වන ඉම්...
වගේම සෙනෙහෙන් නැලැවෙන පෙම් දසුන්..
අතර ඔහේ ගලාබසින...
ජීවීතේ..
ම්ම්ම් නෑ නෑ
ගංඟාවෝ....
මා අහුවෙන සුළි කුණාටු
පසුව නැගෙන වැගි කෝඩෙට
තෙතබරිතව නොවී කිසිත්
සිනා සෙමින් ඉන්නා විට...
සිනා සැලුව වසන්තයේ
මාත් එක්ක හිනා කෑව
මගේ හිතේ අහුමුළු හැම
ඕනෑවට වඩා දන්න
කිසිම කෙනෙක්
නොඅසනු මැන
"ඇයි ද ඔයා
නාඬන්නේ ???"
අම්මෝ... සෑහෙන කාලෙකට පස්සේ... දැන් ඔයා අවුට්ද නංගි ? අපේ මලයා නම් මේ ලඟදි අවුට් උනේ !
ReplyDeleteලස්සන ලියවිල්ලක්...))
ReplyDeleteකවිය ලස්සනයි.. සෑහෙන කාලෙකින්.. කැම්පස් ඉවරයි වගේ දැන්..
ReplyDeleteහිතන්න දෙයක් නැත්තෙමත් නෑ
ReplyDeleteදැක්ක කල්....
ReplyDelete