Thursday, September 1, 2011

ප්‍රාර්ථනා අලිපේර බීම හැදුවා වගේ..



                                මේ ලිපිය ලියන්නේ අපේ අම්මගේ බලවත් ඉල්ලීම මත.. කැකිල්ලේ නඩුවක්.. නිසා අම්මට පුංචි මඩක් වැදුනා කියලයි අම්මා හිතන්නේ,ඒකට return එක විදිහට තමයි මේ සිද්ධිය ඔයාලට කියන්ඩ කිවුවේ.. අම්මගෙත් ආසාවනේ ඉතිං.
                                ඇත්තටම කිවුවොත් කාලෙකට කතාවෙවී හිනාවෙන්ඩ පුලුවන් විදිහේ සිදුවීමක් සිදුකිරීම ගැන විතරක් අම්මා මට ස්තූතිවන්ත වුනා.මෙන්න එහෙනම් සිද්දිය....

                                ඔන්න ඉතින් මේ පලතුරු කාලෙ නේ.අඹුටං , පේර , අනං මනං ගොඩාක් තියනවා අපි හැමෝටම කන්න. ඔහොම ඉන්නකොට ඊයේ පෙරේදා ලොකුඅම්මා දුන්නා අලිපේර ගෙඩි කීපයක් .. මාතලේ නම් පලතුරු යුෂ වීදුරුවක් රු:80 ත් 100ත් අතර වෙනවා.. සමහරවිට ඊටත් වැඩී.
                               ඒ විතරක්ද අලිපේර කියන්නේ ලස්සන වීමෙ රහස :P:P... ඔය හැමදේම නිසා අලිපේර කියන්නේ සෑහෙන නොසෑහෙන වටිනාකමක් තියෙන දිව්‍ය ඖෂධයක් වගේ දෙයක් (අතිශයෝක්තිය වැඩිද මංදා..:D)

                               ඔන්න ඒ තරං වටින අලිපේර ගෙඩියක් අරං , මදේ බ්ලෙන්ඩරේට දාලා වතුරත් එක්ක , සීනි ලුනුත් ඒකටම දාලා බ්ලෙන්ඩ කරා.(මෙන්න මෙහෙමයි juice හදන්නේ ,හරිද ළමයි..? :))

                               හරි, දැන් බ්ලෙන්ඩ කරලා ලොකු වීදුරු ජෝගුවට මිශ්‍රනේ දැම්මා කියමුකෝ.. සෑහෙන ලොකු ජෝගුවක් නිසා ඒකට සෑහෙන දිග මිටක් තියන හැන්දක් ඕනෙ මිශ්‍ර කරන්න.ඉතින් ඕකට යොදාගත්ත උපකරනේ තමා දෝෂ සහගත වුනේ.. 
                               මම මේ සඳහා යොදා ගත්තේ ප්ලාස්ටික් ස්පැරියුලා එකක් . ඒක  ටිකක් හයියයි..:):)..ඕනෙම පරීක්ෂනයක් දෝෂ සහිතයි කියන දේ හැමෝටම තේරුම් ගන්න බැරි එකනේ මෙතන තියන ප්‍රශ්නේ..:):)

                               ඇත්තටම සෑහෙන රසටත් බීම එක තිබුනා. මම ඒ සතුටටත් එක්ක රිශ්මයානුකූලව බීට් එක ටිකක් වේගවත් කරලා මිශ්‍ර කරා..

ගතවුනේ නිමේශයයි..!!!!

                               වීදුරු ජෝගුවේ අඩිය ලගින් කෑලි කීපයක් විසිවුනා.. ද්‍රවස්ථිතික පීඩනය මුලින් වැඩිනිසා සෑහෙන වේගෙන් අලිපේර යුෂ  එළියට ඇදුනා.. 

මම හිතාගන්නවත් බැරුව බලන් හිටියා.

                              මේ දැන් පිපාසය නිවාගන්න තිබුන බීම ඔක්කොම ස්ලැබ් එක උඩයි , බිමයි හැලිලා කුස්සිය එකම අපායක් වුනා.. :(.... 

අලිපේර ජලාශයක් මැද ඉන්නවා වගේ හැඟීමක් තමා මට ඒ වෙලේ දැනුනේ..:P:P

                               ඔන්න ඔය වගේ තත්වෙක මම ගල්ගැහිලා ඉන්නකොට අපේ ගෙදර "නිසිබලධාරි උතුමිය" එතන්ට සැපත් වුනා. 

අනේ... වාසනාවන්... 

"හෙට අනිද්දා විශ්වවිද්‍යාලෙට යන්ඩ හිටියට මොකද මොලේ කලඳක් නෑ.. බ්ලා...බ්ලා..බ්ලා..."

සාමාන්‍ය ජනතාව(අයියා සහ නංගී) සිද්ධිය සිදුවූ තැනට පිරෙන්න පටන් ගත්තා.

තවත් සමහර විද්වතුන් (අත්තම්මා) ජනමාධ්‍යට කරුණු ඉදිරිපත් කරන්ඩ පටන් ගත්තේ මෙහෙම..

"ඇත්තටම නොතේරෙන කමක මහත.. ඔය වගේ හයිය හැන්දකින් කූරු ගානකොට වීදුරු භාජනයකට ඔරොත්තු නොදෙනවා කියන එක තේරෙන්නෙ නෑනෙ.. කිසිම පට්ටලයක් නෑ..." ( මේ දේවල් කියන්නෙ සිද්ධියට මුහුණදුන් ගැත්තීට නෑසෙන්නට බවත් නිසිබලධාරියාගේ දැනගැනීම සඳහා පමණක්ම බවත් කරුණාවෙන් සළකන්න)

මේ අතර සාමාන්‍ය ජනතාවගෙන් සමහරක්(නංගී) සිද්ධියට මුහුණ දුන් ගැත්තීට උපකාර කිරීමට ඉදිරිපත් වුනා.

මේ සිද්ධියේ අතුරු පල විපාක තාම පටිසන් දෙන්න පටන් ගත්තා විතරයි.. ( හැමෝම ඉදිරියේ bite වීම..)

                                අන්තිමට කියන්න තියෙන්නෙ මේ දවස්වල මාව අවුස්සන්න පුලුවන් ලේසිම ක්‍රමය විදිහට ප්‍රථම ස්ථානයට පත්වෙලා තියෙන්නෙ..

"මට අලිපේර juice එකක් හදලා දෙන්ඩ පුළුවන් ද..? " කියලා අහන එක විතරයි.. (simple plan එකක්..:P)


ඔන්න ඕකයි කතාව..

16 comments:

  1. ane matath ona ali pera juice ekak pleaseee! *kitty face*

    ReplyDelete
  2. නංගි අලිපේර ජූස් එකක් වත් බොමුද ආ...හරීඊඊඊඊ තිබහයි!

    ReplyDelete
  3. හිකිස්... අලි පේර ජූස් එකක් ඕනේ මටත්...

    ReplyDelete
  4. නංගි බිම වැටුනු ටිකක් අරන් මුනේ ගාගන්න තිවුනනේ.. හික් හික්.. සීනියි ලුනුයි නැත්නම් නියම බේත සුදු වෙන්න ;)

    ReplyDelete
  5. හික්ස්............ මදෑ ඉතින්......

    ඒක නෙමෙයි නංගි.... මටත් අලිගැට පේර ජූස් එකක් හදලා දෙන්ට බැරිද......?????

    ReplyDelete
  6. අයියො වැඩේ අනල නේද නගෝ? ඔන්න ඔහේ ආයෙත් පරක් හදන්න.

    ReplyDelete
  7. මම නම් අලිපේර බිම මොන්නේ නැති නිසා හොදයි.
    කොටින්ම මට අලිපේර අරහන් !!!!! :)

    ReplyDelete
  8. හපොයි,,,, අයෙ පාරක් හදල අපිටත් එවන්නකෝ.....

    ReplyDelete
  9. @Pubudu අයියා : අනේ බොරු අහිංසක පූස් මූණු දැම්මට මට යකා නඟින එක නම් යකෙක්ටවත් නවත්තන්න බෑ අයියණ්ඩී... :P:P
    හොඳා හොඳා..මේ පැත්තේ ආවනං,අලිපේර බීමක් බොන්න ඇහැකි.. :D

    ReplyDelete
  10. @ඉන්දික අයියා : eeeeeeeeerrrrr... ඔන්න ඉතින් මට ආගන්තුක සත්කාරත් අමතක වේගෙනයි එන්නේ..:D:D..
    හරි හරි ඉතින්.. මේ පැත්තේ ආව හැමෝම ටිකක් ඈදි ගත්තනං,පංකාදු අලිපේර බීමක් බීලම යතැහැකි.. :)

    ReplyDelete
  11. @ප්‍රාර්ථනා අක්කා : අනේ හැබෑට , අක්කත් අලිපේර වලට එච්චරටම ආසද එහෙනං..? ;););).. එහෙනං ඔයත් බීම වීදුරුවත් බීලා ගියානං.. "පොඩි ලමයගෙ ආසාවනේ.." :D

    ReplyDelete
  12. @සුදු හංසි අක්කා : අක්කේ,ඔයා සුදුම සුදු හිම වගේ වුනේඅලිපේර ගාලද..? තරහ නැතුව මටත් කියන්නකෝ... ඔයා කිවුව නිසා ඔන්න මම අද මූණ පුරාම අලිපේර ගෑවා... :P:P... දැං මං සුදු වෙයි නේද..? :D.. සුදු වුනේ නැත්තං මං එනවා අක්කලාගෙ ගෙදර දිහා.. ලඟ පාතමනේ ඉන්නෙත්.. :v:v

    ReplyDelete
  13. @හා පැටික්කි අක්කා : අපෝ අක්කේ.. ඔයාගෙ ප්‍රතිපත්තියත් මගෙ අලිපේර නිසා බිඳිනවද..? ඔයා කන්නේ කැරටටුඳුපියලිය විතරයි නේද..? කෑම වෙනස් වුනාම බඩේ අජීර්ණයක්වත් හැදෙයිද දන්නෙ නෑ.. එහෙම වුනොත් ඔන්න මම එහෙම දන්නෙ නෑ හොඳෙ..? :P:P

    ReplyDelete
  14. @Kasun අයියා : ඔයා හිතනවද අයියා මම වැඩේ අත ඇරියා කියලා..? දැං මම දිනපතා අලිපේර බීම හදනවා.. :P:P... නව ආරකින්.. :D

    ReplyDelete
  15. @මධුරංග අයියා : ම්ම්.. එහෙනං ඔයාට පැණි කොමඩු බීමක්..??? මොකද කියන්නේ..? :P

    ReplyDelete
  16. @නඳුන් : අනිවාර්යෙන්ම.. ^_^

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...