ඔන්න ඒ දවසත් අනිත් දවස් වගේම කැකිල්ලේ රැජිණ(මා මෑණියන්..:D) අපේ රාජ්‍ය රජකම් කරන දවසක්..එදවස මමවහන්සේ PC නැමැති සූදුවට ඇබ්බැහිවෙලා ඒ වෙතම හිත දෑස යොමා සිටිය සැන්දෑවක්.ඔන්න ඔහොම ඉන්නකොට... මමවහන්සේට මෙවැනි හඬක් සවතක වැකුනා රාජ භෝජන ශාලාවෙන්...
"සල බලාන්.... "
එකෙනෙහිම මට වැටහී ගියේ තවත් වටිනාකියන වීදුරු බඳුනක් පරලෝ සැපත් වූ බැව් ය. එයින් හිත කඩාහැලී හඬාවැටී සියලු දේ අනිත්‍ය යැයි මෙනෙහි කරමින් ඒ දෙසට ඇඳුනේ කවුරු අතින් ඒ බඳුන බිඳුනද ඒ පුද්ගලයාගේ හිත සුව පිණිසයි. එහෙම යනකොට නෙත ගැටුනේ කැකිල්ලේ රැජිණ අතින් බිම වැටුන වීදුරුබදූනක සුන්බුන් අපේ රාජ්‍යයේ අග්‍රපුරෝහිතතැන(නැගණියන් :P) විසින් අහුලමින් ඉන්න ආකාරයයි.
"බලන්ඩ.. හොඳම වීදුරු 6න් 2වනි වීදුරුව..... " රැජිණ කියන්නට විය
"අනේ අම්මා ඕවා බිඳෙන බඩු නේ.... " මමවහන්සේගේ හිත උණු විය.
"කිසි දේක අගයක් නෑ.." ඒ රැජිණ යි.
මම අන්දුන් කුන්දුන් විය. කොහේ යන දේවාලයක් හිසේ කඩාපාත් වෙන්ඩ යන්නේදැයි මට නොහැඟිනි.
"කාටද අගේ නැත්තේ..?"
"ඊයෙ අර නැන්දම්මලා ආව වෙලේ ඔයා ඔක්කොම වතුර වීදුරු එළියට ඇද්දේ නැත්තම් අද මෙහෙම මේ වීදුරුව කැඩෙන්නෙ නෑනෙ...."
( ආදරණිය අපෙ අම්මා.... )
වදින්න ගිය දේවලේ ඉහේ කඩන් වැටුනා වගේ. අපරාදේ නොකියා හිටියනම් ඉවරයි.
ReplyDeleteපලවෙනි එක බින්දේ කවුද ? ඒකත් රැජිණද ?රජතුමා මොකද කීවේ ?
හරි හරි මම කතාව තේරුම් ගත්තා. ඔයා කියන්න ගියේ ඊයේ නැන්දම්මලා ඔයාලගේ ගෙදර ආවා කියලා නේද? :D
ReplyDeleteඔහොම තමයි අම්මලා හැම දේම ආරක්ශා කරගෙන ඉන්නනේ බලන්නේ......
ReplyDeleteහික්.. "සල බලාන්"
ReplyDeleteවීදුරු බිඳෙනවා වගේ හැමදේම අනිත්‍යයිනේ..,ඔය නඩු තීන්දුවත් ඒ වගේ.. තවත් ලිපි කියෙව්වා. ලියවිල්ල හරි අපූරුයි. ආයෙ එන්නට පාර මතක තියා ගත්තා
ReplyDeleteඇත්තනෙ ඉතින් කියල තියන කතාව. :P
ReplyDeleteදැන් ඉතින් අනික් වීදුරු වලින් වැඩක් නෑ නෙව.. අපරාදෙ .. හික්ස්..
ReplyDeleteමදැයි කොලා!!
ReplyDeleteහෆොයි.. සේම් හියර් අනේ.. ඕව ගැන කියනවනං අවුරුද්දත් මදි.. හික්ස්
ReplyDeleteහේ හේ හේ.... නැන්දම්මට එක දාන්න ගිහිං අම්මගෙන් බිංදුව වැටිලා.... :D
ReplyDelete@මධුරංග අයියා :සහතික ඇත්ත.. ඔය එකම දේ සිද්ධවුනේ මම හිතන්නේ 1001වෙනි වතාවට.. :D
ReplyDeleteපළවෙනි විදුරුවත් මම හිතන්නෙ රැජිණ අතින්ම වෙන්ඩ ඇති.. ඒ ගැන හරි නිච්චියක් නෑ නේ..:/
අපෝ ඕවා අපේ මහ රජතුමාට අදාල නෑ...
කාටහරි තුවාල නොවී තිබුනොත් ඒ ඇති...
@පූස් අයියා : ඔන්න මොලේ... :P
ReplyDelete@වෙලාව ලඟයි : ඇත්ත... අම්මලා , අක්කලා නංඟිලා ඔක්කොමලම අප්පච්චිලා , අයියලා , මල්ලිආට වඩා ටිකක් තණ්හාව නේ.. :)
ReplyDelete@චතුවා : ඇත්තට චතුවෝ... වීදුරු බිදෙන්ඩ ඒ සද්දෙ ගැලපෙන්නෙ නෑ නේද..? :/..:D
ReplyDelete@Anithkona : ඇත්ත.. ඒ දේ තේරුම් ගන්න අපිට ටිකක් අමාරුයිනේ.. ස්තූතියි... ආයෙත් එන්න.. ^_^
ReplyDelete@kasun අයියා : ඒකනේ මම එතනින්ම සංවාදේ නැවැත්තුවේ අයියා.. :) :)
ReplyDelete@Roshan Herath : ඕවත් බිඳෙනකම්ම වැඩක් තියෙයි නේ.. :)...
ReplyDelete@Chandika : ඒකනේ.. මදි නොකියන්න ලැබුනනේ return එක.. :D
ReplyDelete@හිම කුමාරි අක්කා ; :):)..කොහෙත් එකයි එහෙනම්.. :D
ReplyDelete@සොරෝ අයියා : අපොයි අපොයි,... නැන්දම්මා නොකියා ලොකුඅම්මා කිය්ලා වත් ලියන්ඩයි තිබුනේ.. :P
ReplyDeleteමෙහෙත් සේම් ම තමා!!
ReplyDeleteහිකිස්... ඔන්න මාත් ආවා මේ පැත්තේ, කියෙව්වට කමෙන්ට් කරන්නේ නම් අද?
ReplyDeleteඅම්මලා නම් ඔහොම තමයි නංගා, අපෙත් ඔය වගේ නඩු තීන්දු තමයි තියෙන්නේ, ඔන්න මේ දැනුත් එහෙමයි.. හෙ හෙ
හරි හරි නංගි....... නංගිගේ තමා වැරැද්ද. ගිහිල්ලා බලලා ආවනම් ඉවරනේ වගකිවයුත්තා අතින්ම වැටුන නිසා. හික්ස්......
ReplyDeleteහැක් හැක් අම්මා මරුනේ
ReplyDeleteපහත් තැනින් යයි ගලා ජලේ නේ නංගි...ගණන් ගන්න එපා....හි හි...
ReplyDeleteමුළු බ්ලොග් එකම වගේ කියෙව්වට අද තමයි කොමෙන්ට් 1 ක් දාන්නේ...හිකිස්.ප්‍රාර්ථනා කුමරියගේ මේ බ්ලොග් පෝස්ට් එක රැජින දැකලා මොකද කිව්වෙ?
ReplyDelete@තාරක මල්ලී : මම දනිමි මලේ මම හොඳාකාරවම දනිමි... :)
ReplyDeleteප්‍රාර්ථනා අක්කා : එහෙනම් මේ නඩු තීන්දු සර්ව කාලීනයි..???...:D
ReplyDelete@හා පැටික්කි අක්කා : එහෙම ආවානම් ඔතන පොඩි වෙනසයි වෙන්නේ... ලඟපාත හිටිය නිසා බැනුම් හඩේ තීව්‍රතාව අඩුයි.. මම PC එක ලඟ හිටියා නම් තීව්‍රතාවත් වැඩී... තව ලුණු ඇඹුල් ටිකකුත් ඕකට එකතු වෙයි.."දවසම කම්පියුටරේ ඉස්සරහට වෙලා ටොක ටොක ගගා ඉන්නවා.. ගෙදර මෙලෝ දේක අගයක් දන්නෙ නෑ.."like this,,, :D
ReplyDelete@කීඩෝ සහෝදරයා : නැතුව නැතුව... :)
ReplyDelete@මකුළු අයියා : එහෙම හිතලාවත් හිත හදාගන්නං අයියා..:)
ReplyDelete@රොෂාන් : රැජිණට තාම කියවන්න හම්බුනේ නෑනෙ bro.. මොනවා කියයිද දන්නෙ නෑ..:D
ReplyDelete