පරඩැලක් පවනේ එතීගෙන
ඈත මෑතට පාවි යයි
මා නොසිතු මා කිසිත් නොපැතූ
සියල් දේ අද එළිබසී
සිතට දී නිවනක්...
මම සිටිමි මොහොතක්..
සුදන දුදනන් සිටී නම් ලොව
මම අඩකි එකෙකින්
මුළු එකෙකි එ දෙකෙන්..
ඇලී වුන් උන් ඇදී ඈතට
ඈත සිටි උන් ලඟයි මා හට
හොඳ උනුත් අද නරක් වී
නරක උන් ගැන හොඳ පෙනී....
අතීතය අමතකද අද මට
ගෙවූ අමිහිරි තැන් ඔහේ...
සුන්දරලු මා ගෙවු පුරන් කල්
නොදුටු හෙට දිනටත් වඩා...
හිතට දී නිවනක්...
මම සිටිමි මොහොතක්...
මගේ යයි සිතූ මුත්... එසේ නොවූ ... සිතා ගෙවන්නේ යැයි සිතූමුත්... මගෙන් මිදී තමන් රිසි සේ ගෙවෙන "මගේ ජීවිතය" ...මදක් වටහුණි.
සිතට නිවනක් ලබන මොහොතක්... සොයා ලැතැවෙමි ඔහේ ඇවිදිමි
ReplyDeleteලවි ටික නම් ගොඩක්ම ලස්සනයි. මොනවද කියන්නේ කියලා හිතාගන්න බැරි උනා.
ReplyDeleteම්ම්ම්... මේ ජීවිතය නම් හිතුවක්කාරයි තමා.
ලස්සනයි කවි පද ටික..ටොප්..
ReplyDeleteලෝකේ පට්ටයි....
ReplyDelete"හිතට දී නිවනක්...
ReplyDeleteමම සිටිමි මොහොතක්..."
මී ටූ......... :D
පස්සෙනෙ දැක්කෙ :D
ReplyDeleteලස්සනයි..
මගේ ජීවිතේම අන්තිම කවිය වගේ :P :P
@විසිතුරු : ඇත්ත.. සිතට නිවනක් ලැබෙන මොහොතක්... ම්ම්... කල්පිතයක් පමණක්ද මන්දා..
ReplyDelete@මධුරංග අයියා : හරිම හිතුවක්කාරයි මේ ජීවිතේ නම්...
ReplyDelete@නිම්ශා නංඟා ; ස්තූතියි නංඟී..
ReplyDelete@රත්ගමයා : අපෝ... වෙන නැත්තම්.. :D
ReplyDelete@සොරෝ අයියා : මී ඩබල් ටූ... :D :D
ReplyDelete@මදුශාන් මල්ලී : අපි හැමෝටම එහෙමයි.. කට්ට අමතක වෙනවා.. "හරි ෂෝක්" කියලා හිතෙනවා..
ReplyDelete"අතීතය අමතකද අද මට
ReplyDeleteගෙවූ අමිහිරි තැන් ඔහේ..."
මේ පද දෙක නම් සුපිරි.....
මිහිරි තැන් විතරක්ම නෙමේනේ මතකයේ සැරිසරන්නේ....
@මකුළු අයියා : ඔව් අයියා..මම මෙතනින් කියන්න හැදුවේ මට ජීවිතේ අමිහිරි ම්තකයන් ඔක්කොම අමතක ඇයි කියලා..
ReplyDelete