Saturday, July 16, 2011

හිතුවක්කාරයි දිවිය ඔයා..



පරඩැලක් පවනේ එතීගෙන
ඈත මෑතට පාවි යයි
මා නොසිතු මා කිසිත් නොපැතූ
සියල් දේ අද එළිබසී
සිතට දී නිවනක්...
මම සිටිමි මොහොතක්..

සුදන දුදනන් සිටී නම් ලොව
මම අඩකි එකෙකින්
මුළු එකෙකි එ දෙකෙන්..

ඇලී වුන් උන් ඇදී ඈතට
ඈත සිටි උන් ලඟයි මා හට
හොඳ උනුත් අද නරක් වී
නරක උන් ගැන හොඳ පෙනී....

අතීතය අමතකද අද මට
ගෙවූ අමිහිරි තැන් ඔහේ...
සුන්දරලු මා ගෙවු පුරන් කල්
නොදුටු හෙට දිනටත් වඩා...
හිතට දී නිවනක්...
මම සිටිමි මොහොතක්...



මගේ යයි සිතූ මුත්... එසේ නොවූ ... සිතා ගෙවන්නේ යැයි සිතූමුත්... මගෙන් මිදී තමන් රිසි සේ ගෙවෙන "මගේ ජීවිතය" ...මදක් වටහුණි.

14 comments:

  1. සිතට නිවනක් ලබන මොහොතක්... සොයා ලැතැවෙමි ඔහේ ඇවිදිමි

    ReplyDelete
  2. ලවි ටික නම් ගොඩක්ම ලස්සනයි. මොනවද කියන්නේ කියලා හිතාගන්න බැරි උනා.
    ම්ම්ම්... මේ ජීවිතය නම් හිතුවක්කාරයි තමා.

    ReplyDelete
  3. ලස්සනයි කවි පද ටික..ටොප්..

    ReplyDelete
  4. "හිතට දී නිවනක්...
    මම සිටිමි මොහොතක්..."

    මී ටූ......... :D

    ReplyDelete
  5. පස්සෙනෙ දැක්කෙ :D
    ලස්සනයි..
    මගේ ජීවිතේම අන්තිම කවිය වගේ :P :P

    ReplyDelete
  6. @විසිතුරු : ඇත්ත.. සිතට නිවනක් ලැබෙන මොහොතක්... ම්ම්... කල්පිතයක් පමණක්ද මන්දා..

    ReplyDelete
  7. @මධුරංග අයියා : හරිම හිතුවක්කාරයි මේ ජීවිතේ නම්...

    ReplyDelete
  8. @නිම්ශා නංඟා ; ස්තූතියි නංඟී..

    ReplyDelete
  9. @රත්ගමයා : අපෝ... වෙන නැත්තම්.. :D

    ReplyDelete
  10. @සොරෝ අයියා : මී ඩබල් ටූ... :D :D

    ReplyDelete
  11. @මදුශාන් මල්ලී : අපි හැමෝටම එහෙමයි.. කට්ට අමතක වෙනවා.. "හරි ෂෝක්" කියලා හිතෙනවා..

    ReplyDelete
  12. "අතීතය අමතකද අද මට
    ගෙවූ අමිහිරි තැන් ඔහේ..."

    මේ පද දෙක නම් සුපිරි.....

    මිහිරි තැන් විතරක්ම නෙමේනේ මතකයේ සැරිසර‍න්නේ....

    ReplyDelete
  13. @මකුළු අයියා : ඔව් අයියා..මම මෙතනින් කියන්න හැදුවේ මට ජීවිතේ අමිහිරි ම්තකයන් ඔක්කොම අමතක ඇයි කියලා..

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...