Tuesday, July 26, 2011

ඕනෙනං කාපන් නැත්තම් නිකං හිටපන්..



                                 ලඟදි දවසක මමයි අම්මයි අප්පච්චී ගියා අප්පච්චිගේ යාළුවෙක් බලන්න.මොකෝ කිවුවොත් මේ අන්කල්ට heart attack එකක් ඇවිත් ඔපරේෂන් එකක් එහෙම කරලා හිටියේ.ඔන්න ඉතින් සල්ලි බාගෙත්තියන උදවිය තමයි ඒ. අපි ගෙදරට ඇතුල්වුනා. ලොකූ TV එකක නම් තිබුනා ගේ සාලේ.අපිව පිලිගත්තේ අන්කල්. දැන් අප්පච්චි අන්කල් එක්ක හරි හරියට කතාව. ඒත් ඇන්ටි පේන්න නෑ. 

"නදීෂා..."
අන්කල් කතා කරා. 

එක සැරයක් නෙවේ කීප සැරයක්... කතාවක් නෑ. 

ඔන්න ඉතින් ඒ අතරේ අන්කල්ගේ පම්පෝරිය.

"මට කිසි ලෙඩක් තිබුනේ නෑ මචං.. අවුරුදු එක හමාරකට සැරයක් ෆුල් බොඩි චෙකප් එකක් කරනවානේ.. ඒකෙදී තමා කිවුවේ ටෙන්ට් එකක් දාමු කියලා..."
(එතකම් කතා කරන ටිකටත් අන්කල්ට සෑහෙන්ට හති... )

ඔන්න පැය භාගෙකට විතර පස්සේ ඇන්ටි උඩතට්ටුවේ ඉඳන් ආවා..  

                                 ඇවිත් කතා කරකර හිටියා. ඒ ගෙදර අතට පයට උදව්වට අය නිසා තේ හදන්නවත් ඇන්ටි කරදර වුනේ නෑ.ඊට පස්සේ සාලෙ තිබුන ට්‍රොලියක තේ , කෙසෙල් තිබ්බා.. ඒ වගේම අතට අරං ආව බිස්කට් ටික ටොලියේ තිබුන පොඩි බන්දේසියට දැම්මා... දාලා අපි හිටපු පැත්තට තල්ලු කරා... හරියට "ඕනෙනං කා.. නැත්තං නිකම් හිටු" වගේ... :):) 

                                 සල්ලි බාගේ තියන ඉහල පැලැන්තියේ උදවිය එහෙම වෙන්න ඇති.. නමුත් ඒ ආගන්තුක සත්කාරය තුල ලෙන්ගතු කමක් තිබුනද කියලා දෙසරයක් හිතන්න මට සිද්ධ වුනා... 

ඒ එක කතාවක්..

                                අපි මීට අවුරුදු ගාණකට කලින් අනුරාධපුරේ ගියා. ඒ අප්පච්චි එහෙ ඉන්න කාලේ අඳුරන අයගේ ගෙවල් වලට ගිහින් ටිකක් කතා බහ කරලා එන්න.ඒ ගෙවල් මහ ලොකු ඒවා නම් නෙවේ... එයාලා ගොඩක් සල්ලි තිබුන අය නම් නෙවේ...
එයාලා අපිට ලොකු ලොකු දේවල් වලින් සංග්‍රහ කරෙත් නෑ..

ඒත් හිතට දැනෙන උණුසුම් පිලිගැනීමක් එහෙදී අපිට ලැබුනා.. ආයෙත් එහෙ යන්න හිතවන තරම්... 



හිතට දැනෙන්න දෙයක් කරන්න ලොකු ලොකු දේවල් අවශ්‍ය නෑ... හැබැයි පොඩි දේ ගැනත් එතනදි අපි සැලකිලිමත් වෙන්න ඕනෙ.

14 comments:

  1. ඒ ගැනනම් කවර කතාද....

    ReplyDelete
  2. ඔය ලොකු ලොකු උදවියගේ ගෙවල් වල ගියාම මාත් අත් දැකපු දෙයක් තමයි ඔය. උන්දැලා ලොකු ලොකු වෙනකොට පොඩි පොඩි දේවල් අමතක වෙලා ගිහිල්ලා. ගමේ මනුස්සයින්ගේ ආගන්තුක සත්කාර නම් උපරිමයි. අතේ සතේ නැතත් ණයවෙලා හරි සංග්‍රහ කරනවා.....

    ReplyDelete
  3. ඕකට කියන්නේ පුහු මාන්නේ කියලා.... හිතාන ඉන්නේ අපි එයාලගේ යටත් වැසියෝ කියලා,,,, මම නම් ඔය වගේ තැන් වලට යනවා අඩුයි.... ගමේ තියන සුහදත්වය නගරේ මිනිස්සුන්ගෙන් ගොඩාක් ඇතට ගිහින්

    ReplyDelete
  4. අහල ඇතිනේ ...කොක්කාගේ ගෙදරට ගියපු ඉබ්බාට උන වැඩේ.ගණන් ගන්න දෙයක් නැ..උලත් එකයි පිලත් එකයි....

    ReplyDelete
  5. ඒක නම සහතික ඇත්ත.

    ReplyDelete
  6. ඕක ගැන එච්චර හිතන්න එපා නංගී, ඔයාලා ගියේ ලොඩා බලන්නනෙ එයලගෙන් තේ බොන්න නෙමේනෙ, සමහර මිනිස්සු හිතලත් කරනවා ඔය වගේ වැඩ නොහිතත් කරනවා. සමහර විට ඒක ඒ අයගේ ක්‍රමේ වෙන්න ඇති .......

    දැන් දැන් මිනිස්සුන්ගේ මනුස්සකම කියන එක නැති වෙලා තියෙන්නෙ .....

    ReplyDelete
  7. අපේ ගෙදරට ආගන්තුකයෙක් ආවොත් මමත් දක්වනවා සත්කාර... :D

    ReplyDelete
  8. මේ කතාව කියෙව්වම තමයි මට මතක් උනේ. දවසක් මම් අවුරුද්දට කෑම පිගානක් අල්ලපු ගෙදරට අරන් ගියා. ඒ ගෙදර ගෑනු කෙනා තමයි පිගාන ගත්තේ. පිගාන අරං කෑම දිහා බලලා මේ එකක්වත් මට කන්න හොද නෑ කියලා කිව්වා. මගේ මූන හතරැස් උනා. ඇයි වදේ අවුරුද්දට ආසවෙන් දෙන කෑම පිගානනේ.

    මම ඇහුවා ඇයි ඒ කන්න හොද නැත්තේ කියලා. ඒ ගෑනු කෙනා මාරම උජාරුවෙන් "අනී...මට ඩයබිටිස් නේ !!!!" කියලා කිව්වා.
    මම් හරිම අමාරුවෙන් තමයි හිනාව තද කරගත්තේ !!!!

    ReplyDelete
  9. නිහතමානිත්වය ජීවන මූලධර්මයක් කරගෙන තමයි බිල් ගේට්ස් ලා වගේ විශිෂ්ට මිනිස්සු නම් ලෝකේට බිහිවෙලා තියෙන්නේ..මට හොඳට මතකයි අපි ඉස්සර ඉස්කෝලෙ බාලදක්ශ වැඩ සති කරන කාලෙ වැඩිගානක් ආධාර ගන්න කියලා කට්ටියත් එක්කම ගියා ලොකු හෝටල් අයිතිකාරයෙක් ගේ ගෙදරට..එහෙන් අපි ට වැඩක් විදියට පැවරුවේ එයාලගේ වත්තක දර එකතු කරන්න..හපෝ ඒක හෙන ෆත කැලේ.මාර චාටර් එක.අපි ටික වෙලාවක් බොරුවට දර අතගගා ඉඳලා ,ආධාරත් එපා මුකුත් එපා කියලා මාරුවුණා..ඒක කරන්න ගිහිල්ලා කොල්ලොන්ගෙ කටු ඇණිලා, හීරිලා කහඹිලියා ගෑවිලා මාර යුද්ධේ. පොඩි කොල්ලො සෙට් එහෙකට ගැලපෙන වැඩක් පවරන්න නොතේරෙන ඒ වගේ ආත්මාර්ථකාමි සල්ලි කාරයෝ මම නන් සත පහකට ගනණ් ගන් නෑ .

    ReplyDelete
  10. කොච්චර කිව්වත් නංගී ගම් වල මිනිස්සුන්ගේ ළඟ තාම ඔය හොඳ ගතිගුණ තියෙනවා....එහෙම හිටපු අයගෙන් අතලොස්සක් සල්ලි බාගේ හොයාගෙන ලොකු තැන් වලට ගියාම ඒ දේවල් අතෑරලා දානවා....ඒවා නිකම් මදි පාඩු වගේ.....ඒකයි ඕකට හේතුව...

    ReplyDelete
  11. ආගන්තුක සත්කාරයේ හැටි තමයි. හැබැයි, තවම ඒ ලෙංගතු කම අපේ ගම්වල උදවිය සහ වැඩිහිටි අය අතරේ තියෙනවා. මමත් ඒ වෙනස හොඳින්ම අත්විඳලා තියෙනවා. ඒනිසා වතාවක් කොළඹ තරුපහේ හෝටලේ තිබුනු කවදාවත් උන්නාද මලා ද නොදත් නෑදෑ මගුලට නොගොස් මම එදිනම අනිත්කොණේ හිටි අපේ සාත්තු සේවිකාවගේ මගුලට තකහනියේ ගෙදර ඉඳන් ආවේ.

    ReplyDelete
  12. අපේ ගෙදරට එන අයට ආගන්තුක සත්කාර කොරන්නේ ඉතින් මම නේ... උපරිමයි තමා.. :D :D :D

    ReplyDelete
  13. ඔය සිද්ධිය මේ වගේ රට වලත් වෙනවා.. ඒත් එක කමක් නෑ කිව්වැහැකි මුන් ඉතිං සුද්දොනේ කියලා...

    ReplyDelete
  14. @තාරක මල්ලී : ඒක ඇත්ත මල්ලී.. ලංකාවේ කට්ටිය වෙච්ච මෙයාලා මෙහෙම කරද්දී සුද්දෝ ගැන කතා කුමටද..?

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...