Friday, June 17, 2011

ජීවිතේ හැරවුම් ලකුණක් මුළ හිඳ..



                               ආයෙත් කාලේ ගෙවෙන වේගෙ අඩුවෙලා,මහා පාළුවක් හිතට දැනෙන්න පටන් අරං..දවස් 21ක් තිස්සේ චණ්දමණ්ඩලෙන් මිදුනු සඳ සාවියක් වගේ මාදුරුඔය කැලේ ඇතුලට වෙලා කල්දේරම් බත් කකා,උදේ ඉදන් රෑ වෙනකම්ම සෙල්ලම් කර කර, සිංදු කිය කිය,නාට්‍ය කර කර, ගෙවපු කාලෙත් හිතාගන්නත් බැරි තරම් වේගෙන් ගෙවිලා ගිහින්... ඒ සුන්දර මතක සටහන් ගැනත් ඉදිරියේදී බිඳක් ගෙත්තම් කරන්නම්..මේ ඒ ගැන නෙවෙයි..

                                හන්තානේ හඳේ මිහිර විදින්න පුල පුලා බලාගෙන හිටිය මගේ හිතට රාගම හඳ බලලා සැනසෙන්න වෙලා.. මොන බොරුද...මම කොහොමත් රාගම යන්න සැදී පැහැදී තමයි හිටියේ.. ඒත් එක සිතුවිල්ලක් තියනවා..ඒ සිතුවිල්ල හිතට බර වැඩී... :'(.

                                අම්මා දැන්ම මට ඇඳුම් ගන්න ලෑස්ති..සපත්තු සෙරෙප්පු ගන්න ලෑස්ති.. ඒ හැමදේකින්ම මතක් කරන්නෙ මට දැන් ගෙදරින් ඈතට ඇඳිලා යන්නත් කල් ලං වෙනවා නේද කියලා හිතෙනකොට නම්.... මට දරාගන්න අමාරුයි.. ඒ නිසා මම තව සති දෙක තුනක් යනකම් "කැම්පස්" තහනම් වචනයක් කරලයි තියෙන්නේ.. 

                                අපි කවදාහරි ගෙදරින් පිට වෙන්න ඕනෙ.. ඒකට දවසක් එනවා,අනිවාර්යෙන්ම.. ඒ විතරක්ද.. මේ සරීර කූඩුවෙනුත් අපිට කවදාකහෝ යන්න වෙනවා.. හමුවීම්..සමුගැනීම්... අපි හැමෝටම උරුමයි.. ඒකයි ලෝක සොභාවය..

                                මෙන්න මේ පුංචි..නමුත් ගොඩාක් පැහැදිලි න්‍යාය තේරුම් ගන්න තරම් මගේ මොළේ මෝරලා නැති එකනේ ප්‍රශ්නේ..

                                මාදුරුඔය ගියේ නම් ලොක්කා වගේ.. ඒත් "අන්දර යායේ.." හෝ "ගමට කලින් හිරු.." ඇහුන ගමන් 

                                හංඟගන්න බැරි කඳුලකට මගේ ඇස් දෙකේ ඉඩ පෑදුනේ කොහොමද කියලා මට අදටත් හිතාගන්න බෑ.. 

                                හිතේ සියුම් ම තැන් වෙන් වෙලා තියෙන්නේ අපිට වැඩිපුරම ආදරේ කරන... අපි වැඩිපුරම ආදරය කරන අයටද කියලා මට ඒ වෙලේ හිතුනා.

                                ඔයාලට හිතෙන්නේ මොකක්ද..? දැන් දැන් මට ආසයි අතීතෙට ඇඳිලා යන්න... ඒත් එහෙම බෑ,ජීවිතේ අපිව හසුරුවනවා..ඒ විදිහට අපි ඒ අත ..මේ අත වැනෙන්න ඕනෙ.

                               කවුරු කොහොම කිවුවත්,මම එක දෙයක් හිතාගත්තා... ගෙදර ඉන්න මේ කාලේ,පුළුවන් තරම් විනෝදෙන් ගතකරනවා..ආයේ දුක් නොවෙන්න...:)



මම යන්නෙ නෑ,ආයෙත් එනවා..මඟ බලන් ඉන්න..!

13 comments:

  1. මගේ අම්මෝ...නගා රෑ දෙගොඩ හරියෙනේ වැඩ...හිහි...
    ගෙදර ඉන්න කාලේ පුළුවන් තරම් සතුටෙන් ඉන්න නංගී.ගෙදරින් පිට වුනාම තමා ඒ සතුටේ අගේ දැනේනනේ....අපි කොච්චර කයිවාරු ගැහුවත් ගෙදර වගේ තැනක් ලෝකේ කොහේවත් නෑ....ඇත්තටම කිව්වොත් අපි ස්වභාව ධර්මයාගේ රූකඩ.ඒ ලණුවලින් ගැලවිලා අපිට ඕන විදියට නටන්න බෑ....ආපහු හැරිලා බලන්න විතරයි ඉඩ දෙන්නේ ‍ඒ දිහාට යන්න දෙන්නේ නෑ,...

    ReplyDelete
  2. ගඟක් උනහම ගලන්න ඕන නංගි..එක තැනම රැදෙනකොට ඒක මෙලෝ ලස්සනක් නැහැ..ඒත් සමහර දේවල් දාලා ඉස්සරහට යන්න අපි ටිකක් බයයි තමා..දුකත් හිතෙනවා..ඒත් ඒ දෙවල් වෙන්න ඕන දේවල්..යන ගමන හැම වෙලාවෙම ආසාවෙන් යන්න ඕන...

    සුභ පතනවා අළුත් ආරම්භයට...

    ReplyDelete
  3. අපි හිතන හැම දෙයක්ම ඒ විදිහට ඉටු වෙන්නේ නෑ නංගි. ඒ වගේම කතාවටත් කියනවනේ කැමති දේ ලැබෙන්නේ නැත්නම් ලැබෙන දේට කැමති වෙන්න කියලා. කමක් නෑ නංගි පේරාදෙණි එන්න නොලැබුනාට දුක් වෙන්න එපා.

    නංගි කියන කතාව හරි. මේ ලෝකේ තියෙන්නේ හමුවීම් වෙන්වීම් විතරයි. හමුවීමක් උනොත් කවදාහරි වෙන්වීමකුත් තීයෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. වෙන්වීමක් නැති තැන හමුවීමක් නෑ. සෑම හමුවීමකම වෙන්වීමක් සිද්ද වෙන්නේ ඒ හමුවීමේ මතකයන් ඉතුරු කරලා. අන්න ඒ මතකත් එක්ක අපට ගොඩ කාලයක් ජීවත් වෙන්න පුලුවන්.

    ප. ලි. - නංගි රාගමටද සිලෙක්ට් උනේ ? අපේ මල්ලිත් රාගම මෙඩිකල් ෆැකල්ටි එකේ ඉන්නේ.කවද්ද පටන් ගන්නවා කියලා තියෙන්නේ ?

    ReplyDelete
  4. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. නංගිගේ ඉදිරි ගමනට එකසිතින්ම සුබ පතනවා.

    ReplyDelete
  5. සුභ පැතුම් (මේ අපිත් එක්ක ගෘපියේ වැට් කරන ඇන්ටියා නේද හි හි...)

    ReplyDelete
  6. මටත් යන්න වෙනවලු.... පරිගනක තාක්ශනය පැත්තෙන් යන්න හිතන් හිටියට දැන් නිකන්ම නිකන් උපාදියක්ල් ගන්න තමයි සෙට් වෙලා තියෙන්නේ.. මොනා කරන්නද ඒකවත් ගන්නව... වෙන කරන්න දෙයකුත් නෑනෙ....

    අක්කට ඔන්න මගෙනුත් සුභ පැතුම් ඉක්මනට ඩොකෙක් වෙන්න

    ReplyDelete
  7. ඇත්තටම ගෙදර කියන්නෙ කොයි තරම් ආදරණීය තැනක්ද කියලා තේරෙන්නෙ පිට තැනක ඉන්න ගියාම... මට ඉස්සර හැම ඉරිදාම උණ හැදෙනවා, දවස් පහක් ගෙදරින් පිට ඉන්න වෙන නිසා...ගිය දවසේ ඉදලා සිකුරාදා වෙනකන් මග බලන් ඉන්නේ... කොයි තරම් හොඳ අත්දැකීමක් උනත් අලුත් ළමයි එක දිගට සති තුනක් පුහුණුවෙ කොහොම හිටියද මන්දා...

    සුභ පැතුම්...

    ReplyDelete
  8. @මකුළු අයියා : හෙ..හේ..මට ගොඩාක් වෙලාවට ලියන්න දේවල් හිතට එන්නේ රෑ දෙගොඩහරි අයියා..ඒකයි මේ..:):)
    ජීවිතේ ඉඩ තියෙන්නේ අපිව හැසිරවුව විදිහ කොහොමද කියලා හැරිලා බලන්න විතරයි.. අන්තිමට අපි හිතනවා ඒ අපේ වාසනාව හෝ අවාසනාව කියලා.. හරිම අමුතුයි.. හරිම පුදුමාකාරයි..

    ReplyDelete
  9. @මාරයියා : මම මාදුරුඔය ඉඳලා ගෙදර ඇවිත් ඔලුව කෙලින් කරගන්න පුළුවන් වුන ගමන්ම ආවේ බ්ලොග් එකට..ඒකෙ comments බැලුවම මගේ "දිග කතාවට" අයියා දාලා තිබුන කොමෙන්ට් එක දැක්කා..
    අයියා තරම් බ්ලොග් ප්‍රවීණයෙක්ගෙන් මට ඒ ලැබිලා තිබුන වචන මට ගොඩාක් වටිනවා.. මට පුදුම සතුටක් දැනුනේ..බොහෝම ස්තූතියි..!!!!

    මේ ජීවිතේ ගැන කියනවා නම්... මටත් අකමැත්තෙන් වුණත් ඉදිරියටම යන්න වෙනවා... ඒකෙන් මට හොඳක් වෙයි... හැමදේම වෙන්නේ හොඳටනේ..ඒකයි...

    ReplyDelete
  10. @මධුරංග අයියා : අපි කැමති දේ නොලැබෙනවා නම් අපිට ලැබෙන දේට කැමති වීම තමයි නේද අපි ජීවිතේ ගොඩාක් විට කරන දේ අයියා?..මට නම් හිතෙන්නේ ඒකත් නරකම නෑ.. අන්තිමට බලනකොට කොහොමහරි අපි සතුටින්..:)
    ස්තූතියි අයියා... පේරාදෙණි එන්න තමයි ආසාවෙන් හිටියේ.. ඇත්තමයි දවසක්.. (කැම්පස් select වෙන්නත් කලින්..) පේරාදෙණියේ English course entrance exam එකක් ලියන්න ගිය වෙලාවක... ඒ කැම්පස් එකට යන්න තියෙන ආසාවට ඇස් වලට කඳුළු ඉනුවා.. ඒත් ඉතින් කොහොමහරි දැන් මම යන්නේ රාගම..
    ගෙදර එන්න වෙන්නේ කාලෙකින් තමා ඉතින්..

    අහ්.. අයියාගේ මල්ලිත් රාගම ද..? මට register වෙන්න තියෙන්නේ ජූලි 15... හැබැයි අපිට පටන් ගන්නකොට ඔක්තෝබර් වෙයි.

    ReplyDelete
  11. @කිඩෝ : හෙ..හේ..ස්තූතියි යාළුවා..!.. මොන ගෘපියේද අප්පේ..??? :D

    ReplyDelete
  12. @මාලන් මල්ලී : මේ මොකෝ මේ කොලුවට වුනේ..? ඔයා අද දුකෙන් හිටියට..කැම්පස් ජීවිතේට වැටුනම ගිනිකණ වැටුන පලගැටියෙක් වගේ ඒ ගැනම කියව කියව ඉඳී.. බයවෙන්න එපා මලේ..හැමදේම වෙන්නේ හොඳට කියනවනේ..

    ReplyDelete
  13. @මන්තරකාරී : හෙ..හේ..ඔය ලෙඩේ නම් මගේ ගොඩාක් කැම්පස් යාළුවොන්ට තියනවා.. Home sick...නේද..?
    අපි හැමදේටම හුරුවෙන්න ඕනෙ නේ..නැත්තම් කෝ අපට පැවැත්මක්..
    ස්තූතියි මිතුරිය..යාක්කෙක්ද නඟෙක්ද..?)

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...