Monday, March 14, 2011

දෙපා වාරු නැත ඔබ හැර යන්නට..

                                මීට අවුරුදු 6කට විතර කලින් මම ආවා පුංචි සුන්දර ලෝකෙකට. ඒ ලෝකෙනම් හරිම සුන්දරයි,රංඩු දබර වලත් අඩුවක් තිබුනේ නෑ.. ඒ නිසාම ඒ ලෝකෙ තවත් ලස්සන වුනා. ඒ පුංචි ලෝකෙ තිබුනේ මාතලේ ඉස්පිරිතාලෙ ලඟ ,පොලෝසියට අල්ලපු වැටේ වගේ.. හික්ස්..  

                                  පුංචි සංදීයේ ඉදං මම ඔය පාරේ එහාට මෙහාට යන වතාවක් ගානේ හරිම ආසාවෙන් ඒ පුංචි ලෝකෙ දිහා බලං ඉදියා.හරිම ගාම්භීර පාටයි.හරියට පුංචි විශ්වවිද්‍යාලයක් වගේ.හරියට දැන් මම හන්තානෙට යන්න හීන මවනවා වගේ එදා මම හීන මැවුවේ ඒ ලස්සන ලෝකෙට යන්න.

                                 අද වගේ පුංචි කඳුළු බිංදුවක් දෑසඟ තියාගෙන හන්තාන දිහා බලං ඉන්නා වගේ නැති වුනත් හිතේ ආසාව දෝරෙ ගැලුවා.අපෙ අම්මා , ලොකුඅම්මා , අප්පච්චී(එක දවසක ආදිශිෂ්‍යයෙක්) , අයියලා තුන්දෙනා... ඔක්කොමලා එහෙ කාලයක් විසුව අය.මම තමා ඊලඟ සාමාජිකයා.(දැන් නං ලොකු නංඟා හා ගම්මිරිස් ඇටෙත් ඒ ඉස්කෝලෙ නෙව).

                                 ඒ ලොකෙට කට්ටිය ගන්නේ පුංචි පහේ විභාගයකින්.(පුංචි කිවුවට 700ක් විතර මුහුනදෙන විභාගයක්).ඔයින් මෙයින් 2005 ජනවාරි 31 වෙනකොට මම ඒ සුන්දර ලෝකෙ නිත්‍ය සාමාජිකයෙක් වුනා.. එදා පටන් තමා ඔය ලොකුකම් "ඒ මගේ ඉස්කෝලෙ" කිය කිය.. මම ඇයි ඒ ලෝකෙට මෙච්චර ආදරේ.. කැන්ටිමක් වත් නැති , මුල් කාලෙ බුදුකුටියක්වත් නොතිබුන , පිට මිනිස්සුන්ට අලයෝ වගේ පේන.. ඒ ලෝකෙට ඇයි මම මෙච්චර ආස..? ආදරේ..?

                             කවුරු කොහොම කිවුවත් අපි ගොඩාක් විනෝද කාලයක් ගතකරා.ඒකයි ඒකට හේතුව.ශ්‍රමදානයක් කරොත් ඒකෙන් පුළුවන් උපරිම වින්දනය ලැබුවා.ගත කරපු අවුරුදු පහට මුලු ජීවිත කාලෙකට සරිලන දේවල් මම ලබා ගත්තා.

                              හැමදෙයක්ම හරිම විනොදයි.. 
අද මම ඉස්කෝලෙන් පිට.. අයෙත් යන්න ඕනෙ කියන්නෙ නෑ.. මොකද කිවුවොත් මට ඉස්කෝලෙන් ලැබුන දේවල් හොදටෝම ඇති.

                          
මම මගේ ඉස්කෝලෙට ආදරෙයි..ගොඩාක්.....
හැමදේටම ස්තූතියි..!!

26 comments:

  1. මමත් මගේ ඉස්කෝලෙට ආදරෙයි අම්බානෙක...
    කොහොමද පෙන්නන්නේ........මේන්න මෙච්චර..........ක් ආදරේ

    ReplyDelete
  2. Mechchra watina iscolayak nam gihillama balanna one... Eth ithin mama hambuna yaluwo okkoma Diha baluwama iscole oye kiyanawatath wada hondai kiyala hithenewa

    ReplyDelete
  3. මාත් මගේ ඉස්කොලෙට මාර අදරෙයි...1කනිසා තමා ඔයලගේ ඉස්කොලෙට එන්න හිතුව මම පුංචි පහේ විභාගය දවසේ බොරු ලෙඩක් හදා ගත්තේ.ඔයාලගේ ඉස්කොලේ බුදු මැදුරට මම හරිම අසායි...ඉස්කොලේ ඉස්සරහා තියන මල් ගස් වල මල් වැටුනම පුදුම ලස්සනක්,,ඉස්කොලෙන් හැම දෙම ලබුනත් මට අයෙත් ඉස්කොලෙ ‍යන්න ඔනි.....

    ReplyDelete
  4. කැන්ටිමක් නැති ඉස්කෝලයක් ගැන හිතාගන්නට නොහැක....

    ReplyDelete
  5. සුන්දර මතකයක් නෑවත මතක් කලා..පාසෑල් සමය කියන්නේ අත්තටම සුන්දරයි,

    ReplyDelete
  6. පාසැල් මතකය කාටද ජිවිතෙන් අමතක කරන්න පුළුවන්...

    ReplyDelete
  7. හ්ම්ම්ම් ඉස්කෝලේ කොහොම අමතක කරන්නද.........

    ReplyDelete
  8. @රත්ගමස් ; කොල්ලන් කොහොමත් තමන්ගේ ඉස්කෝලෙට අම්බානට ආදරේය. (ශානි නඟා වැනි කෙල්ලන්ද එසේමය)..
    අනික නම් රත්ගමයා යනු සංවේදී එකෙකි..( දැන් ඔළුවෙන් හිටගෙන කියන් සංවේදි නැතැයි) ... මුල අමතක නොකරන ඈයෝ රට්ට ජාතියට වැඩදායකය..:)

    ReplyDelete
  9. @ධනු අයියා : හ්ම්.. බලන්ඩ වටින ඉස්කෝලේ.. ඇවිත් බලන්න.. අපෙ ඉස්කෝලෙ අය එහෙම තමා අයියා..

    ReplyDelete
  10. @ශානී නඟා : ඔයා නම් ඉස්කෝලෙට අම්බානේ දෙගුණෙට තරම් ආදරේ බව මා දනිමි.ඉස්කෝලෙට යන්න ආස නැත්තෙ ඇයි දන්නවද ශානි නඟෝ... මට ආයෙත්
    A/L කරන්න බෑ අනේ.. ආයෙ ඉගෙන ගන්න බෑ.. ඒවා නැත්තම් මම ඉස්කෝලෙ යන්න මාර ආසයි තමා අයෙත්..:)

    ReplyDelete
  11. @මාලන් ; හේ..හේ.. කැන්ටිමක් නැති පාඩුව නම් දැනුනෙම නෑ කියන්ඩ පුළුවන්.. සල්ලි ටික boy කෙනෙක්ට දුන්නම පොඩි මාටියා පාරක් ගැහුවත් එයාලා කෑම ගෙනත් දෙනවානේ..:) කැන්ටිමක් තිබුනා නම් අගනෙ.. අපි වත් කවදාහරි ඉස්කෝලෙට කැන්ටිමක් හදලා දෙන්න ඕනෙ..

    ReplyDelete
  12. @අසංක ; තාමත් මට ඒ මතක සුවද දැනෙනවා අසංක.ඒ හමුවුන යාළුවෝ නිසා තාමත් මම හරි සතුටින්..:)

    ReplyDelete
  13. @දිනේෂ් අයියා : හ්ම්... ඒ කාලේ එච්චරම සුන්දරයි..

    ReplyDelete
  14. @පූසා : අපෝ කොහොමටවත් බෑ..

    ReplyDelete
  15. කොහොම අමතක කරන්නද ඉගෙනගත්තු ඉස්කෝලේ.. ඒ කරපු දේවල්..

    හනේ හෙට යනවා ඉස්කෝලෙට.. පොඩි වැඩ වගයකට.. ඒත් ඉතින් දැන් අපි "පිට මිනිස්සු" නේ.. :(

    ReplyDelete
  16. @චතුවා : හ්ම්..හ්ම්..:(:(... අපි දැන් පිට මිනිස්සූ... ආයේ යුනිෆෝම් එක අදින්නවත් බෑනේ... දුකයි තමා ලමයෝ.. ඒත් ජකරන්න දෙයක් නෑ..

    ReplyDelete
  17. මිනිහෙක්ගේ ජීවිතේ අමතක නොවන කාලය තමා පාසල් කාලය....ඒකේ තියෙන සුන්දරත්වය කියලා නිමකරන්න බෑ...මට නම් තාම මගේ ගමේ ඉස්කෝලේ වගේම නගරේ ඉස්කෝලෙත් එකවගේ මතකයි....නමුත් ඔය කිව්වා වගේ දැන් අපි පිට මිනිස්සුනේ...කාලය මැවු වෙනසක අරුමේ........

    ReplyDelete
  18. ඉස්කෝලේ කාලේ.. මට ආයේ යන්න දෙනවා නම් මම යනවා උඩින්ම....ඒ තරම්ම ආදරේයි..හුගාරියක්...

    ReplyDelete
  19. @මකුළු අයියා : ඔව්.. හැම පාසල් කාලයක්ම සුන්දරයි.. ගොඩාක්ම සුන්දර අද්දැකීම් කියලා මට නම් මතක අපි කරපු අමනම වැඩ..හික්ස්.. ඒවා ගැන කතා කුමටද..? අනේ අයියා කාටවත් බැරිද කියන්න විශ්වවිද්‍යාල කාලෙත් ඔය තරම්ම සුන්දරයි කියලා :(:(... මට දැනම ලොකු බයක් දැනෙනවා..:O

    ReplyDelete
  20. @නිම්ශා : හැමෝටම ඕනෙ අයෙත් ඉස්කෝලෙ යන්න වගේ.. හික්ස්.. එතනින් එහාට ජීවිතේ..?? අතරමඟ නවත්තගන්නද ඕනේ..? :)

    ReplyDelete
  21. ඒකට ඉතින් ඇතුලට ඇවිල්ලම බලන්න කියලා තමා කියන්න තියෙන්නේ....ළඟ පාතම තියෙන සක්වල තක්සලාව ගැන නම් ඉතින් කියලා වැ‍ඩක් නෑ...මල් 7යි!

    ReplyDelete
  22. @මකුළු අයියා : හේ..හේ.. ගිය ආත්මෙක කරපු පිනක් වත් පෑදුනොත් ඔය තක්සලාව පැත්තේ එන්නයි මගේ කල්පනාව අයියා..:)

    ReplyDelete
  23. මමත් මාරම ආසයි ආයෙත් ඉස්කෝලේ යන්න තියෙනවනම්.

    ReplyDelete
  24. @මධුරංග අයියා : කවුරුත් ආසයි වගේ..:)

    ReplyDelete
  25. ඇත්තටම අපි හැමෝම අපේ ඉස්කෝලවලට ආදරෙයි. මේ සාගා ප්‍රසංගයේදී ගායනා කරපු සිංදුවක් අහලා බලන්න. ඉස්කෝලෙට තියෙන ආදරේ තව වැඩිවෙයි...........

    http://www.youtube.com/watch?v=2D6vuyV1Avs

    ReplyDelete
  26. හ්ම්... හරී...ම හැඟුම්බරයි අයියා..:(

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...