Saturday, March 26, 2011

මම කැමති කුමන ආකාරයේ පෙම්වතෙක්ටද?..

                                 මම අද පෝස්ට් එකක් ලියන්න කියලා හිතාගෙන පතාගෙනමයි හිටියේ.. ඒ අපිට වස වදයක් වුන කලවැද්දෝ ගැන.ඒ වෙනුවෙන් ලොකු සල්ලි කන්දරාවක් යටකරන්න වුනු තරහටත් එක්කයි මම එහෙම ලියන්න හිතුවේ.ඒත් එහෙම හිතන් මම අන්තර්ජාලෙට ගොඩ වදිනකොටම... වදිනකොටම කිවුවට මුහුණුපොතට මූණදාලා බලනකොට මෙන්න වැඩක්...

                                 සුදු පූස් අළුත් ප්‍රශ්න විචාරාත්මක..ම්ම්.. නෑ... ඒක නිකම් පුංචි ඡන්දයක් වගේ දෙයක් පටන් අරං... අහලා තිබුනේ මේකයි..එක එක ඡන්ද ගොඩයි..ඒ අතරේ එකක් තමා මේ,

"ඔබ කැමති කුමන ආකාරයේ පෙම්වතෙක්ටද?"

වරණ තුනයි..
1.අවංකව ආදරය කරන
2.කඩවසම්
3.සල්ලි තියන

                                      ඔන්න ඉතින් මට උත්තරයක් හොයාගන්න බැරුව ටිකක් හිටියා.අන්තිමට හිතුවා මට හරියන උත්තරේ නැතිනිසා මගේ ඡන්දේ පාවිච්චි නොකර ඉන්න.. ඒත් අන්තිමට හිතලා හිතලා මමත් මොකක්ද වරණයක් තෝරගත්තා..._____

                                 ඇත්තටම මං කැමති කොයිවගේ කෙනෙක්ටද..? ඒක ටිකක් බැරෑරුම් ප්‍රශ්නයක් ,මොකද ඔය ප්‍රශ්නෙට මේ වනතුරු නිසි පිළිතුරක් හොයාගන්න මට බැරි වුනා.හැබැයි හොයාගන්න සෑහෙන්න උත්සාහ කරා. මෙන්න මේ විදිහට..

                                අංක එක ගැන කතා කරොත් ඒ දේ අනිවාර්යයි.ඒත් හිතේ ගංඟන් බුම්මාගෙන ඉන්න ආදරයකින් නම් මට තඹසතේක වැඩක් නෑ.මම හිතන්නේ කෙල්ලො හැමෝම එහෙම හිතනවා ඇති.ඒ කියන්නේ ආදරේ අඟවන්න ඕනේ.. ඔහොම වරණයක් මම අතනට එකතු කරා..ඒත් ඔන්න පිරිමි අය ආදරේ අඟවන්න දරණ උත්සාහය අතින් දුර්වලයි කියලා පූස් කිවුවනේ.. ඔන්න මගේ බලාපොරොත්තුව ඇලේ... දුකම තමා... දුකට මට ඇඬුනෙ නෑ..:)

                                 අංක දෙක ගැන කිවුවොත්,මම නම් ඒ ගැන සලකන්නෙම නෑ.. ඒකට හේතු ගොඩායි.අම්මියෝ..!! ඒවා කියන්න ගියොත් මටම හිනා යයි.කොල්ලෙක්ගේ කඩවසම් කම නෙවේ මම නම් හිතන්නේ ගොඩාක් විට හිතට වදින්නේ වැදගත්කමට .කතාබහ කරනකොට,හැසිරෙනකොට... අවංක වෙනවා නම්.. විවෘත වෙනවා නම් ඒ දේ තමා වටින්නේ... 

                                 අංක තුන ගැන කියනවා නම්... සල්ලි තියන... සල්ලි තියෙන්න ඕනෙ.. ඒක තමා ඇත්ත.. රට යන විදිහට සල්ලි නොතිබුනොත් දිවිනසාගන්න තමා වෙන්නෙ.. හික්ස්..!

                                  "සල්ලිකාර"  කියන දේ නෙවේ.. නමුත් ජීවත්වෙන්න ප්‍රමානවත් තරම් සල්ලි තියෙන්න ඕනෙ.. දෙමවුපියන්ගේ සල්ලි ගැන නෙවේ මේ කියන්නේ... ඇත්තටම අවුරුදු 25ක් 26ක් වෙනකම්... ගොඩාක් විට අවුරුදු 30ක් විතර වෙනකම්... කෙනෙක්ට තමන්ටම සල්ලි උපයාගෙන ලොකු ස්ථාවරයකට එන්න අමාරුයි.එතනදී වැදහත් වෙන්නේ ඒ පුද්ගලයා "බුද්ධිමත් " ද.. හා "උත්සාහවන්ත"ද කියන එකයි. මම දැනට හිතන විදිහට උත්සාහවන්තකම තමා වැදගත්ම.. එතකොට ඒ කෙනා දියුණුවෙන දිහා බලලා සතුටුවෙන්න පුළුවන්.. පුංචි පුංචි දේවල් ගොඩනඟා ගන්න පුළුවන්..

මගේ මිතුරියක් ලඟදී කියනවා 

"අනේ රුවන්,මට නම් බඳින්න වෙන්නේ 35දී විතර තමා.."

"ඒ මොකෝ..? ඩොක්ටර් කෙනෙක් වෙලා එලියට එනකොටම 26 පැනලා නිසාද..?" 
මම ඇහුවා.

"නෑ අනේ... _____ට ඉස්සෙල්ලාම ගෙයක් හදන්න ඕනෙලු... ඊට පස්සේ වාහනයක් ගන්න ඕනෙලු.. ඊට පස්සෙලු බඳින්නේ..."

මටම හිනා... ඉතින් දන්නවද මගෙ යාළුවා එයාට දීලා තියෙන උත්තරේ..

"අනේ මේ.. මට නම් එච්චර කල් බලං ඉන්න බෑ.. ඔයා එහෙනම් වෙන කෙනෙක් හොයාගන්න..හි..හී.."
ඒ ජීවිත වල තියෙන හීන.. හැමෝගෙම ජීවිත වල තියන බලාපොරොත්තු... ඒ දේවල් සම්පූර්ණ කරගන්න අතේ සල්ලි ටිකක් ගැවසෙන්න ඕනෙ.. අන්න ඒකයි මම අංක තුන ගැන එහෙම කිවුවේ..

                                 මම නම් හිතන දේ තමයි.. බඩට බඩගිනි දැනෙනකොට,ජීවිතේ දුක් කම්කට්ළු වලින් විදවනකොට මුලින් තිබුන ආදරය කියන හැඟීම පලායන්න ඉඩ වැඩී.. ඒත් අපි ආර්ථිකය අතිනුත් ශක්තිමත් නම් මම හිතනවා ගැටළු අඩුයි කියලා.. ඒකෙන් කියන්නෙ නෑ සල්ලි වලින් හැමදේම විසඳනවා කියලා... 

අන්තිමට හැමදාම වගේ අදත් මට බැරිවුනා "මම කැමති මොන වගේ පෙම්වතෙක්ටද?" කියලා හොයා ගන්න..

එක දෙයක් නම් දන්නවා... ඒ කෙනා තුල මම අගය කරන හොඳ ගතිගුණ වගේම මම අකමැති ගතිගුණත් තිබියයුතුමයි... මොකද කිවුවොත් ,

අපි ඔක්කොම මිනිස්සුනේ...          

39 comments:

  1. අන්න නියම මොලයක්...

    අවංකව ආදරේ කරන්න ඕනේ, ඇත්ත
    කොච්චර කඩවසම්/ලස්සන උනත් වැඩක් නෑ හැසිරීම අන්තිමනන්. අර ලස්සන තියෙන්නෙ ඇතුලෙ කියන කථාවනන් සහතික ඇත්ත...
    බොන බයිල ගැහුවත් අවුලක් නැතුව ජීවත් වෙන්න සල්ලි ඕනෙනේ.. ලුනුයි බතුයි කනව කියලත් හැමදාම කන්න බෑනේ...

    ReplyDelete
  2. මම නම් දකින්නේ මේ විදිහට....හැමවෙලේම මධ්‍යම ප්‍රතිපදාව කියනදේ හොඳයි...

    ReplyDelete
  3. මමත් ඔය දේවල් ගැන ගැන හිතලම තමයි ඒ වගේ එකක් හැදුවේ. ඔන්න කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි මට නම් ලස්සන වැඩක් නෑ අවංකව ආදරේ කරනවනම් එච්චරයි කියලා. ඒත් ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නෑ. ප්‍රායෝගිකව අපි ඔය කරුණු තුන ගැනම අඩු වැඩි වශයන් සැලකිලිමත් වෙනවා. ඒ කියන්නේ කෙනෙක් ලස්සන නම් අපි එයාට වැඩිය සල්ලි නොතිබුණත් කැමති වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් කෙනෙක්ට ලස්සන නැතත් ගොඩාක් සල්ලි තියනවනම් ඒත් කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. ඒත් අවංක ආදරේ කියන දේ පිටින් බලලා අදුර ගන්න බෑ. ඒක හරිම පුදුම දෙයක්. සමහරු අවුරුදු 5ක් 6ක් ආදරේ කරලා බැඳලා මාස ගානෙන් වෙන් වෙනවා. සමහරු යෝජිත විවාහයක් කරගෙන ජීවිත කාලෙම කිසිම රණ්ඩුවක් නොවී පුදුම ආදරේකින් ඉන්නවා.
    ඔය මොන දේ කිව්වත් අද කාලේ "සල්ලි" කියන දේට වැඩියෙන් බර වෙලා තමයි මිනිස්සු තීරණ ගන්නේ. හිතන්න ඔයාගේ දොස්තර යාළුවා කවදාවත් ඕලෙවල් ෆේල් වුන අමාරුවෙන් රස්සාවක් කරන කෙනෙක් එක්ක යාළු වෙයිද ඒ කොල්ලා කොච්චර ලස්සන වුනත් කොච්චර අවංකව ආදරේ කළත්?
    මම ඒ වගේ එකක් හදලා උත්සාහ කළේ කට්ටිය නිකම් වචනෙකින් උත්තර දෙනවට වඩා ප්‍රයොගිකව හිතලා උත්තර දෙයිද බලන්න. ඒත් කවුරුත් ඒකේ ප්‍රායෝගිකත්වය ගැන හිතුවේ නෑ.
    මම මාවම උදාහරණෙකට අරන් ප්‍රායෝගිකව හිතුවොත් මෙහෙමයි.
    ලස්සන කෙල්ලෙක් දැක්කොත් මගේ හිත එයාට ඇදිලා යනවා ඒකයි ඇත්ත. එයා එක්ක කොහොම හරි යාළු වුනොත් ඊට පස්සේ තමයි සල්ලි තියනවද නැද්ද දැන ගන්නේ.තව දෙයක් ඔය සල්ලි, ලස්සන ගැන මිනිස්සු තවකෙනෙක්ව මනින්නේ තමන්ට සාපේක්ෂව. ඒ කොහොම වුනත් එයා මට අවංකවම ආදරේ කරනවද නැද්ද කියලා දැනගන්න මට බොහොම කාලයක් යාවි.

    ReplyDelete
  4. හ්ම්--හ්ම් ... ඇත්තට මමත් හිතන්නේ නම් මම කැමති පෙම්වතාට අවංක ආදරය උඩින්ම තියෙන්න ඕනේ..එහෙම නැත්නම් ලස්සන ,සල්ලි මොනා ජාති තිබ්බත් වැඩක් නැ එවා පැරදෙනවා... කඩවසම් බව නම් මම නම් ටිකක් එ අතින් කැමතියි එහෙම කෙනෙක්ට ..හැබයි එකත් වෙනස් ලස්සනක්.. ( එක මටම තමයි ඉතින් හොයාගන්න වෙන්නේ ගලපන්න දන්නැහ්.හෙහ්) හැබයි ඔය අවංක ආදරේ තියෙනවා නම් පුද්ගලයා ව අපි ටිකාක් කල් දන්නවාත් නම් එයා සමන්‍ය හෝ ලස්සනක් එහෙම්ම නැතත් උනත් ආදරයක් ඇති වෙන්න ඉඩ කඩ වැඩියි..අනික මම හුගාක් දැකපු දෙයක් තමයි ලස්සන කොල්ලො තම්න්ට වඩා ටිකක් අඩු ලස්සනක් තියෙනව කෙනෙක් එක්කත් ලස්සන කෙල්ලෙක් උනත් තම්න්ට වඩා අඩු ලස්සනක් එක්ක යාලු වෙන එක .. සල්ලි නම් අක්කා ඔයා කියන එක ඇත්ත.. ලුණුයි බතුයි කන කතා සින බෝල කතවක්..කාටත් එහෙම ඉන්න බැහැ...පුලුවන් ඉන්න තමන්ට අවශ්‍ය ප්‍රමාණයට හම්බ කරගන්න අනාගතය ගැන හිතන බුද්ධියයි උත්සහවන්තකමයි තියෙන කෙනෙක්.. අනික මමත් හිතන දෙයක් තමයි තමන්ට 100& ගැල්පෙන කෙනෙක් කියල කියන්නෙ හම්න් වගේම හිතන පතන කෙනෙක්ට නෙමේ..තම්න්ට වඩා වෙනස් කෙනෙක් සිතුම් පැතුම් වලිනුත් වෙන්න පුලුවන් කියන එක ..මොකද එකම අදහස තියෙන කෙනෙක් එක්ක ඉද්දි ඇති වෙන්න පුලුවන් එයාත් එක්ක මතයක් උනත් රණ්ඩුවක් උනත් අල්ලන්න පුලුවන්ද ...හ්හෙහ්..මට නම් ඕනේ ඔහොම කෙනෙක්...


    හොද ලිපියක්... හුග කලේකින් දිග කොමෙන්ටුවක් දැම්මෙ..

    ReplyDelete
  5. හම්.... හිතට වදින ලිපියක්.. මම ගාව නම් තියෙන්නෙ ඔයා කියපු පලවෙනි එක විතරයි.. ඒ නිසා වුන දෙයක් තමයි මේ.. Click

    ReplyDelete
  6. @ ගීත් | Geeth - තව නොබෝ දිනකින් 2nd Interview call කරයි. සුබපැතුම්!.....

    ReplyDelete
  7. මාත් කාලෙකට කලින් සමීක්‍ෂණයක් කළා -වඩාත් තාත්වික

    කොල්ලා - පෝසත්
    කෙල්ල - දුප්පත්
    කොල්ලා - දුප්පත්
    කෙල්ල - පෝසත්

    ලව් ස්ටෝරීස් වලින් මොකක්ද කියලා හොයන්න.

    ප්‍රථිඵල තියෙනවා මගේ බ්ලොග් එකේ.

    ReplyDelete
  8. මටනම් ඕනෙ ලස්සන, අවංක ආදරේ කරන කෙල්ලෙක්..

    ReplyDelete
  9. @ ඉෂාර - මමනම් එහෙම හිතන්නෙ නැ.. මොකද මට තියෙන්නෙ ඉහල කියපු කරුණු 3න් 1වෙනි එක විතරයි. 2 වෙනි එක පොඩ්ඩක්වත් නැ.. 3වෙනි ඒවනම් ඉතින් රස්සාවක් කරල හොයාගන්න බැරියැ..

    ReplyDelete
  10. Me post eka dakkama nam kiyanna godak dewal hithuna....
    Eth galapa ganna therenneth na kohoma liyannada kiyala...
    Kohoma unath ada kale mehema hithana ganu lamai nam mama thama wadiye dakala na
    Ewagema punchi suggetion eak thiyenawa ,ada kuda hoyanawa kiyala hithanna epa.... puluwan nam me blog eke red colour font ekata light colour ekak danna ...red colour eka echchara contrastive na background colour ekak ekka..
    thanks

    ReplyDelete
  11. මයේ කොම්න්ට් එක ඩිලීට කරාය??

    ReplyDelete
  12. මම ආසයි අන්ධ කෙනෙක්ට ආදරය කරන්න

    ReplyDelete
  13. නංගිට ජීවිතේ ගැන හොඳ අවබෝධයක් තියනවා.

    ReplyDelete
  14. අහ්හ් රුවන් කැමති මේ වගෙ කෙනෙක් ට එහෙනම් නෙ ;) පෙම්වතියක් ගැන මාත් ලියල දාන්න ඔන පොස්ට් එකක්

    ReplyDelete
  15. @ඉෂාර සොයුරා : අවංක ආදරේ,වැදගත් පෙනුම, උත්සාහවන්තකම...
    පෙනුම කන්නද නේ..?
    ගොඩාක් ස්තූතියි ඉෂාර ඔයාගෙ කොමෙන්ටුවට..

    ReplyDelete
  16. @මකුළු අයියා : ඔව්.. මැඳුම් පිළිවෙත හොඳයි.. ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕනෙ නෑ...:)

    ReplyDelete
  17. @පූස් අයියා :
    ඔයා හරියටම අහ්‍රි.. අවංක ආදරේ මතුපිටින් බලන්නත් බෑ.. මේ තමා අදරේ කියලා නිර්වච්නය කරලා පෙන්නන්නත් බෑ.. සල්ලිකාර කෙල්ලෙක්ට එච්චර සල්ලි නැති කොල්ලෙක්ටාඅදරය කරොත් හිතන්නේ සල්ලි පෙරේත කමට ඒ පිරිමි ලමයා ගෑනු ළමයට කැමති කියලා.. එයාට කැමති වෙන්න එක සාධයක් ඒක වුනාට.. ඒකෙන් කියන්නෙ නෑ ඔහු ඇයට ආදරේ නෑ කියලා.. ඔයාගේ ප්‍රශ්නවිචාරත්මක වැඩේ අපිට ටිකක් හිතන්න ඉඩ සැලැස්සුවා.. ස්තූතියි අයියා..
    ඔයාගේ කොමෙන්ටුවේ අන්තිම ඡේදෙත් හරියට හරි... ඔය පිළිවෙලට තමා ස්වාභාවිකව ආදරයක් ඇති වෙන්නේ.. හා ආදරයක් තේරුම්ගන්න පුළුවන් වෙන්නේ..

    ReplyDelete
  18. @නිම්ශා නඟා : ඔව්.. අපි එක එක්කෙනා කැමති වෙනස් විදිවල ලස්සන වලට,දෘෂ්ඨිකෝණ සාපේක්ෂව වෙනස්.. ඒකයි ඔයා ඔය කිව්ව විදිහට ගොඩාක් ලස්සන කොල්ලෝ ඒ තරම් ලස්සන නැති අයටත්,ගොඩාක් ලස්සන කෙල්ලෝ ඒ තරම් ලස්සන නැති අයටත් ආදරය කරන්නේ..
    ඔව්... තමන්ට 100% හරියන කෙනෙක් හොයන එක මහා මෝඩ වැඩක්.. දෙන්නගේ අදහස් ටිකක් ගැලපෙන්න ඕනෙ.. ඒ ඇති..
    හි..හී... රණ්ඩුවක් නැතුව ආයේ යාළු වෙන්නේ කොහොමද..?
    ගඟක් වුනත් ගල්පර අතරෙන් යනකොට තියෙන ලස්සන වෙන කොයු තැනකදිවත් තියනවද..?:)

    ReplyDelete
  19. @ගීත් : ඔයාට ඇය අවංකව ආදරය කරනවා කියන දේ විතරයි ඔයා ලඟ තියෙන්නේ කියන්නේ කොහොමද.. bro..?ඔයා එයාව දැක්ක පලඋ දව්සේම වගේ හිතට වැදිලානේ.. ඒ කියන්නේ ආකර්ශනය වෙලානේ.. ඒ කියන්නේ ඔයා දෙවනි කරුන ගැනත් හිතලානේ.. ඒක වැරදි නෑ.. ඒ දෙකම තියනවා නම් කොච්චර හොඳද මල්ලී..?

    ReplyDelete
  20. @කතන්දර අයියා : ම්ම්.. මම නම් හිතන්නේ
    කෙල්ල දුප්පත් - කොල්ලා පොහොසත් ලව් ස්ටෝරිස් කියලා..
    කෝ ප්‍රතිඵල මම ඔයාගේ බ්ලොග් එකට ගියාට හොයාගන්න බැරි වුනා නේ.. පුළුවන් නම් ලින්ක් එක දෙනව්ද අයියා ඔයා ඒ ගැන ලිවුව පෝස්ට් එකේ..?

    ReplyDelete
  21. @තාරක මල්ලී : කෙල්ලෙක්ට නම් ඒ කරුණු දෙක තිබුනම හොඳටම ඇති වගේ තමා මල්ලී.. ඒ වගේ කෙනෙක් ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. එහෙම කෙනෙක් ඉන්නවා නම්.. සුභ පතනවා ලස්සන අනාගතයකට.. (ආව්..මල්ලීගෙ හිනාව..:))

    ReplyDelete
  22. @ගීත් මල්ලී :
    ඔහ්.. ඔයා කියන්නේ මේ තමන් ගැනද..? සොරි හොඳේ..? මෝඩ මල්ලී... ඔයා හිතන්නේ ඔයා ලස්සන කොල්ලෙක් නෙවේ කියලද..? එක් එක්කෙනාගේ ලස්සන වෙනස්.. අනික් අයට එයාව පේන විදිහත් වෙන්ස්.. දෘෂ්ඨිකෝණ වෙනස්.. ඒ නිසා ඔය විදිහට හිතන්න එපා.. ඒකට කියන්නෙ හීන මානෙලු..( මල්ලී මම මේ ලොක්කා වගේ ඔයාට ටෝක්ස් දුන්නට මට තියෙන්නේ අංක එක විතරයි.. අපේ අම්මලත් ඒ බව දන්නවා.. ඒත් මට අඟවන්නේ නෑ.. )

    @ තාරක මල්ලී :
    මට කියන්න අමතක වුනා.. මම අසුරුකරන මගේ යාළුවෝ(ගොඩාක් ලස්සන ගෑනු ළමයි) ලඟත් හිත පුරා පුදන්න බලාපොරොත්තුවෙන අවංක ආදරය කියන හැගීම තිබුනා.. ඒ නිසා ඔය කරුණු දෙකම එක්කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන එක වෙන්න තියන ඉඩකඩ වැඩී..:)

    ReplyDelete
  23. සසින්ඳු : ඔව්.. මම ටිකක් පටු විදිහට හිතනවා ඇත්තේ..:\.. ඒ මගේ හැටි bro.. :)...
    ඔයාගේ අදහසට ස්තූතියි^_^

    දෙන්නෙක්ම රතුපාට ගැන කිවුව නිසා.. දැන් දැන් මටත් හිතෙනවා මේ පාර වෙනස් කරන්න.. එහෙම අදහස් දක්වන එක කොච්චර දෙයක්ද..? ඒකටත් ස්තූතියි හොඳේ..?

    ReplyDelete
  24. @මිස්ටර් රත්ගමස් : නැත... මට නම් හිතෙන්නේ ඔයා අතින්ම ඩිලීට් වෙන්ඩ ඇති.. ලියපු දේවල් මතකද දන්නෑ..?

    ReplyDelete
  25. @thinka : කොච්චර හොඳ ද..? එයාලා ලෝකෙ දකින්නේ හිතෙන්.. ඒ අය එ නිසා ගොඩාක් සංවේදී ඇති..

    ReplyDelete
  26. @කසුන් අයියා : නොපෙන්නුවට ගොඩාක් කෙල්ලො හිතන්නේ මෙහෙමයි මං හිතන්නේ... පිරිමි ළමයිනුත් වෙනසක් නෑ.. නේද..? ස්තූතියි අයියා..:)

    ReplyDelete
  27. @නිසල් : ඔව්..ඔව්.. මම කැමති මේ වගේ කෙනෙක්ට..:):) .... ;)
    ලියන්ඩකෝ බලන්න..:P

    ReplyDelete
  28. වෙලාවක ලියන්නම්කො :)

    ReplyDelete
  29. මේ මේ අක්කේ...
    අර යාළුවො කිව්වෙ...
    එයාලත් අක්කලද දන්නෙ නෑ නේ...

    ReplyDelete
  30. @නිසල් : ඔන්න අනිවාර්‍යෙන් ලියන්න ඕනෙ.. (ඕක ඔයාට ගොඩාක් අමාරු මාතෘකාවක්,පුළුවන් නම් ලියන්න..:))

    ReplyDelete
  31. @තාරක මල්ලී : ඔව්.. හැබැයි මම ඒකෙන් කිවුවේ ඔයාගෙ වයසෙ අයත් එහෙම ඇති කියලා..:P:P

    ReplyDelete
  32. අමාරු? හ්ම්ම් එ මොකො?

    ReplyDelete
  33. @ප්‍රාර්ථනා
    හැබැයි ඉතින් ගොඩක් කොල්ලො ටිකක් කෙල්ලන්ට වැඩිය ලස්සන කියන දේ ගැන වැඩිපුර බලනවා.

    තව දෙයක් නගෝ, හැම කෙල්ලම ඔයා වගේ නම් හිතන්නෙ නෑ. පෝසත් කම කියන එක ප්‍රධානම සහ එකම සාධකය විදියට සලකන කෙල්ලො සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා.

    ReplyDelete
  34. @තාරක මල්ලී : :D

    @නිසල් : නෑ ඉතින්.. මට නම් ඒක අමාරු මතෘකාවක් ඒකයි..:)

    @කසුන් අයියා : අහ්.. ඔව්,මට කියන්න බැරි වුනා.. කොල්ලො එතනදී වෙනස්.. එයාලා ලස්සන බලනවා..

    පෝසත් කමමද..? වැදගත් කමද..? ම්ම්.. වෙන්න ඇති අයියා... ඇත්තටම කිවුවොත් කෙල්ලො දකින හීන වල හැටියට සල්ලි තියන කොල්ලෙක් ගැන එයාලා හිතන්න ඉඩ වැඩී තමා.. මම කිවුවේ මම අහලා දැකලා තියෙන දේවල් ගැන අයියා.. :D

    ReplyDelete
  35. "නෑ අනේ... _____ට ඉස්සෙල්ලාම ගෙයක් හදන්න ඕනෙලු... ඊට පස්සේ වාහනයක් ගන්න ඕනෙලු.. ඊට පස්සෙලු බඳින්නේ..."

    මම ආදරය කරපු කෙල්ලෙකුත් ඔහොම හැම දේම සම්පූර්ණ කරගෙන එන්න ඕනේ කියලා කිව්වා.
    මමත් දුන්නේ අර උත්තරේ තමයි.

    සල්ලි ගොඩක් තිබ්බට වැදක් නෑ හිතේ සතුට නැත්නම්. සල්ලිත් තියෙන්න ඕනේ ඒත් ගානට.....

    මට නම් හිතෙන්නේ රුවන් කුමාරි අර වගේ අවංකව ආදර කරන කෙනෙක් හොයා ගත්තොත් හොදයි කියලා.

    ReplyDelete
  36. @මධුරංග අයියා : :):).. කතාව ඇත්ත අයියා...
    බලමුකෝ... !!

    ReplyDelete
  37. අවංක ආදරය සහ තේරුම් ගැනීම දෙන්නට දෙන්නා තියනවා නම් මම හිතන විදියට සල්ලි කියන එක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ......... කඩවසම් කියන එකත් ටිකක් හරි බලන්න ඕන.......

    ReplyDelete
  38. @කල්හාර අයියා : ම්ම්..... සල්ලි වැදගත්ම නෑ කියලද ඔයා හිතන්නේ.. ඒ අදහසත් හරි ඇති..
    ඒත් මං හිතන්නේ සල්ලි ප්‍රමාණවත් තරම් තියෙන්න ඕනෙ කියලා..

    ඒ වගේම ඔයා කියන්නේ කඩවසම් කම තියෙන්න ඕනෙ කියලා.. ඒක ඇත්ත.. එකිනෙකා තව කෙනෙක්ගේ කඩවසම් කම හෝ ලස්සන දක්න්නේ වෙනස් විදිහට නිසා.. සමහර විට ඔය කතාව ඇත්ත ඇති..

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...