Wednesday, December 29, 2010

ඔබ නොදනී මුළු ලොවම දනී.. ( 02 කොටස )


 
 
                                                      ඊට හේතුව ඇත්තෙන්ම තුෂීට හිතා ගන්න බෑ.. හිතන්නත් බයයි.ඒත් ඇත්ත නම් ඇය හදවතින් ඔහුට ආලය කරයි.එවන් තරුණයෙක් කෙදිනකවත් තමන් වැනි තරුණියකට පෙම් නොකරන බව ඇය හොඳාකාරවම දනී.ඒත් හිතට වැට කඩුළු නැත.. හිත ඔහේ හිතයි.එපා කියන විට වැඩිපුර සිතයි.ඒ හිතක ස්වභාවයයි.ඒ සිතිවිල්ල සිත ඇතුලේම මරා දැමීමට තුෂී දැඬි උත්සාහයක නිරත වෙයි.ඇය ට චමත් කැමති ඇයි..? ඔහු නිහඬයි.හොඳ ගති පැවතුම් ඇත්තෙක් ලෙස හැසීරිමෙන් දිස් වේ.ඒත් ඒ කැමැත්තෙන් වැඩක් නැත.

                                                          විකුම්ගේ නොසැලකිලිමත් කියවිල්ලෙන් තම මිතුරිය පත් වූ අපහසුතාවය චතුරිකා දැක්කා.

"හරි හිනා යන කතානෙ විකුම් ඔයා කියන්නෙ.. දැන් ඔය කතාවේ කොයි කෑල්ලටද ඔච්චර හිනා යන්නෙ දන්නෙ නෑ..."

"කියන්න ලැජ්ජයි නේ චතූ.. මතක් වුනොත් පස්සේ වෙලාවක කියන්නම් කෝ.."

                                                         එදා හවස නේවාසිකාගාරයට විත් තුෂී ඇති තරම් හැඬුවා.ඒ වන විටත් කාමරයට මිතුරියන් කිසිවෙක් පැමින හිටියෙ නෑ.. එය ඇයට සහනයක් වුනා. පෙම්වතෙක් නැති අඩුව ඇයට දැඬිව දැනුනා.

"තුෂී...????... මොකද මේ..? මූණත් රතු වෙලා... "
කවුළුවෙන් ඉවත බලාගෙන බර කල්පනාවක සිටි තුෂීට චතුරිකා ඇය අසලටම එන තුරුත් ඇනුනෙ නෑ.

"න්..නෑ.. මුකුත් නෑ චතූ. මේ නිකම්.. මට අද හවස ටිකක් දුක හිතුනා"
ඇය කඳුළු පිසිමින් තම මිතුරියට කිවුවා.

"මම හිතුවා.මට සමාවෙන්න තුෂී.. විකුම් වෙනුවෙන් මට සමාවෙන්න.. එයාට මම කොච්චරවත් කියනවා කටට එන හැම දේම කියවන්න එපා කියලා.please.. අනේ.. ඔයා ඒ ගැන හිතන්න එපා තුෂී.. "

"නෑ චතූ.. විකුම් වැරදි නෑ.. එයා මූනටම කිවුවා.. අනික් අය මම නැති තැන කියනවා ඇති... "
ඇයට ඉකි ගැහෙන්න වුනා..
චතූ,ඉකි ගසමින් හඬන ඇයව වලක්වන්න ගියේ නෑ.. ඇය දැන හිටිය විදිහට හැඬීමෙන් කෙනෙක්ට ලොකු සැහැල්ලුවක් හිතට දැනෙනවා.ඇය එහෙම හිතුවා..

"මම මහ කැත කෙල්ලක්.මම එහෙම ඉපදුනාට මම මොනවා කරන්නද..? ඔයාම කියන්න. එහෙමයි කියලා boy කෙනෙක් නැති එක මම හිතලා කරපු දෙයක් ද..? ඇයි මට හැමෝම මෙහෙම කියන්නෙ චතූ..?"

"ඒයි ළමයෝ... මේ බලන්න.."
චතූ..තුෂීගේ  මුහුණ නිකටින් අල්ලා තමන් ඇගේ දෙනෙත් දිහා බැලුවා.

"කවුද කිවුවේ ඔයා කැතයි කියලා.. අහ්..?.. 
ඔයාට තරම් ලස්සන ඇස් දෙකක් වෙන කාටද තියෙන්නෙ.. 
ඔයා ටිකක් පාට අඩුයි.. ඒ කියන්නෙ ඔයා කැතයි කියන එකද..? 
ඔයා ටිකක් මහතයි.. ඒ කියන්නෙ ඔයාට කෙට්ටු වෙන්න බෑ කියන එකද..? 
මම ඔයාට උදව් කරන්නම්.. ඒත් එකක් කියන්නම්.. ඔයාට .. ඔයාගෙ සිතුම් පැතුම් වලට ආදරය කරන කෙනෙක් මේ කොහේ හරි ඇති.. එයාගෙ ආදරේ අගේ ටිකක් වැඩි කරන්න දෙවියෝ එයාව පමා වෙලා ඔයා ලඟට එවයි.. ඔයා ඒ වෙනකම් ඉවසන්න ඕනෙ.. තේරුනා ද.?"

තුෂී. ටික වෙලාවක් චතූගෙ මූන දිහා බලන් කල්පනා කලා..

"හ්ම්..".. ඇගේ හිතට ලොකූ අළුත් බලාපොරොත්තුවක් ආවා.. ඇගේ වත ලස්සන හිනාවකින් පිපෙන්නට වුනා..

"මම මගේ ආදරය කොහොමහරි හොයා ගන්නවා"
තුෂී එහෙම හිතලා තැවුන හිත සනසගත්තා.

 චතූ රෑ නින්දට යනකොටත් කල්පනා කලේ තමන්ගේ මිතුරියගේ හිත හදන විදිහක් ඒත් ඒ ගැන කිසිම අදහසක් ඇයට සිහි වුනේ නෑ.

ඊළඟ දවසේ උදේ දේශනයෙන් පස්සේ පැය දෙකක විවේක කාලයක් තිබුනා.ඒ වෙලාවේ ඇය විකුම් මුණ ගැහුනා.

"පට්ට boring අප්පා..! මෙහෙමත් කට්ටක්.. "

"හ්ම්."

"මීට හොඳයි.. දවල් 12 වෙනකම් හොඳට පොරවගෙන නිදා ගත්තනම් ගෙදට්ට වෙලා."

"හ්ම්.."

"ඒයි බස්සී.. මොකෝ.. හ්ම්.!..හ්ම්..! ගාන්නේ.. මොකක්හරි අවුලක්ද..?"

"ම්ම්.. නෑ.. එහෙමමත් අවුලක් නෑ.."

"එහෙනම් කොහොමමත් අවුලක් ද තියෙන්නෙ?.."

චතුරිකා විකුම් දිහා බලලා ආයෙත් ඈත දේශන ශාලාව දිහා බැලුවා.
"මට තුෂී ගැන දුක හිතෙනවා විකුම්.."

විකුම්ගේ මුහුණට සමච්චල් හිනාවක් නොදැනීම නැඟුනා.
 "ඒ මොකෝ..?"

"එයා හරි upset එකේ ඉන්නේ.. ම්ම්... "
ඇය කියන්න ගිය දේ ගිල ගත්තා.

"ඇයි..? කොල්ලෙක් නෑ කියලද..?.. හේ..හේ.. ඒ බැරල් එකට නම් sorryම තමා.."

"මේ.. මම ඔයාට අය කියන්නෙ නෑ විකුම්.. ඔයා කෙනෙක්ට කතා කරන්න ඉගෙන ගන්න හොඳේ..?"

"හරි..හරි.. "
ඔහු චතුරිකාට තරහා ආ බව දැක..
"ඕකට අපි දෙන්නා රණ්ඩු වෙන්න ඕනෙ නෑ නේ.. " 

"ඔව්.. රණ්ඩු වෙන්න ඕනෙ නෑ.. ඒත් අපි දෙන්නට එයා වෙනුවෙන් මොනවාහරි දෙයක් කරන්න පුළුවන්.."

"මොනවාගේ උදව්වක් ද..? මඟුල් කපු කමක් ද..?.. ඔයාට පිස්සු ද..? මෙන්න මේ පැත්තකට වෙලා ඉන්න චතූ.. "

"කොහොමටත් එයාට ඔහොම තව ටික දවසක් හිටියොත් හොඳ card එකකුත් වැදෙයි.. ටිකක් පරිස්සමින් ඉන්න කියන්න."

"පරිස්සමින්..????"
චතූරිකා විකුම්ගේ මුහුණ දෙස බැලුවා.. ඇයට තේරුම් ගන්න බෑ ඔහු කුමක්ද මේ කියන්නෙ කියලා..

"ඒ ඇයි..?"



10 comments:

  1. OYAGE BLOG EKA MATA MASSAGE KALATA HUGAK STHUTHI ,NANGEE,,,.MATA ME BLOG EKE SODURU NIRMAANA GANA KIYANNA LIYANNA WADAN NATHI THARA,,..EA THARAM PANHIDAK GAWASENA THANAK OBA..PUNSADAK PAAYANA PURAAWATA,,,SITH MALAK PEEDEE WAGEI OBA/...TC.GOOD LUCK.RUWAN KUMARA .

    ReplyDelete
  2. එහෙම කිව්වේ ඇයි?? ලියන්න ඉක්මනට...

    ReplyDelete
  3. ekmanata liyanna kuthuhalaya aussala nathara wenna epaa :D

    ReplyDelete
  4. හපොයි හොඳම හරියෙදී මතුසම්බන්ධයි....

    ReplyDelete
  5. ඉතුරු ටිකත් ඉක්මනට දාන්න. කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. කුතුහලය අවුස්සලා නිකන් ඉන්න එපා. ලස්සනට ලියලා තියෙනවා

    ReplyDelete
  6. @ළමයා : ළමයෝ.. ටිකක් ඉවසුවා නං... හිටින්න මම විගහට කුරුටු ගාන්නං..:):)

    ReplyDelete
  7. @Ruvan අයියා : ඒ වචන ටික මගේ හිතට ලොකුම ලොකු සතුටක් ගෙනාවා අයියා.. ඒකට ගොඩක් පිං..!!!

    ReplyDelete
  8. @ නදී අක්කා : හෝව්..හෝව්.. ඔතනම ඉන්න.. මම ටක් ගාලා ලියලා publish කරන්නම්..

    ReplyDelete
  9. @පූස් : නැතුව නැතුව... ඕක නම් මම copy කලේ මෙගා ටෙලි වලින් නේ..හී..

    ReplyDelete
  10. @මධූ අයියා : නෑ..නෑ.. මම මේ කතාව ඉවර වෙනකම්ම දිනපතා ලියන්නයි හිතන් ඉන්නේ..

    ReplyDelete

මේ ගොළු හදවත
විවර කරනු වස්,
දිරියක් වනු මැන...